Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 26, 2014

මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ගේ බුද්ධි තරංග කථනයට පරිවර්තනය කිරීමේ උත්සාහය

සර් අයිසෙක් නිව්ටන්,ඇල්බට් අයින්ස්ටයින් වැනි ලොව සුපතල විද්‍යාඥයන්ගේ ඝනයේ භෞතික  විද්‍යාඥයකු වූ මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ගේ සන්නිවේදන හැකියාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ බුද්ධි රටාව ඇසුරෙන් ඇමෙරිකානු විද්‍යාඥයකු විසින් ක්‍රියාත්මක කළ පර්යේෂණ පිළිබඳ තොරතුරු හෙළි කර තිබේ.

දැනට මහාචාර්ය හොකින් අදහස් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා ඔහුගේ කම්මුල්වල මාංශ පේෂී චලනය කථනයට පරිවර්තනය කරන පරිගණක ක්‍රමය වෙනුවට මෙම නව ක්‍රමය නිර්මාණය කිරීම සඳහා පර්යේෂණ පවත්වා තිබේ. එනම් මහාචාර්ය හෝකින්ට තම මොළය පමණක් උපයෝගී කරගෙන වචන ලිවීමේ හැකියාව ලබාදීම මෙහි අවසාන අරමුණ බව පර්යේෂන මහාචාර්ය පිලිප් ලෝ පවසයි. එමඟින් මනසේ ඇතිවන අදහස් ඉදිරිපත් කිරීමට නොහැකිව සිරවන සහලක්ෂණ රෝගය (Locked-in syndrome) වැළැක්වීම නව සොයා ගැනීමෙන් අපේක්ෂා කරන බව පිලිප් ලෝ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ඇල්බට් අයින්ස්ටයින් සම්මානය ඇතුළු බොහෝ විශ්ව සම්මාන වලින් පුද ලද අතිශය සංකීර්ණ භෞතික විද්‍යාත්මක සංසිද්ධි පැහැදිලි කරමින් මුළු ලොවේම ගෞරවයට පාත්‍රවූ අතිශය බුද්ධිමත් මහාචාර්යවරයෙකු වූ හෝකින් motor neuron නම් ස්නායු රෝගයෙන් පීඩා විඳින බව 1963 දී අනාවරණය විය.එම රෝගය නිසා ඔහුගේ ශරීර අවයව එකිනෙක අකර්මන්‍ය වී 1980  දී ඔහු වාක්‍ය  ලිවීමට භාවිතා කළේ දකුණු මහපටැඟිල්ලේ සුළු චලනයක් මඟින් පරිගණක cursor පාලනයෙන් ලිවීමේ ක්‍රමයයි. පසුව ඔහුගේ රෝගී තත්වය තවත් දරුණු වීම නිසා ඇස් කණ්ණාඩියකට සවිකළ අධෝරක්ත සංවේදකයක් මඟින් දකුණු කම්මුලේ මාංශ පේෂී චලනයක් මඟින් ඔහුගේ අදහස් හා දැනුම ලෝකයට ලබාදීම දැනට සිදුවේ.( මහාචාර්ය ස්ටෙෆාන් හෝකින් හා ඔහුගේ ප්‍රකාශන පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ සඳහන්ව ඇත.)

එහෙත් මුහුණේ ස්නායු ක්‍රමයෙන් දිරාපත් වීම  නිසා මාහාචාර්ය හෝකින්ගේ කථා කිරීමේ (පරිගණකය මඟින්) වේගය විනාඩියකට එක වචනයක් දක්වා අඩුවීම මෙම නව අත්හදා බැලීමට හේතුවිය. වඩාත් භියකරු තත්වය නම් එමගින් ඔහුගේ ඉතා වටිනා අදහස් ඔහු තුළම සැඟවී යාමයි.

සැමවිටම තාක්ෂණික සොයා ගැනීම් සඳහා උද්යෝගයෙන් සහය වන මහාචාර්ය හෝකින් ඔහුගේ මොළයේ තරංග පිළිබඳව iBrain උපකරණය හරහා මහාචාර්ය ලෝ කළ පර්යේෂණවලට සහභාගී විය.
iBrain යනු බුද්ධි තරංග EGG කියවීම් මඟින් පටිගත කරන headset උපකරණයකි.එනම් පුද්ගලයාගේ මොළය තුළ සිදුවන විදුලිමය ක්‍රියාකාරකම් ශීර්ෂ චර්මය හරහා පටිගත කිරීමයි. හිස්කබල නිසා හඳුනා ගැනීම අපහසු යැයි පෙර සළකන ලද ඉහළ සංඛ්‍යාතවල සංඥා හඳුනාගැනීමට සහ දත්ත විශ්ලේෂණයට හැකියාව ඇති පරිගණක මෘදුකාංගයක් මහාචාර්ය ලෝ විසින් නිර්මාණය කර තිබේ.

සරල ලෙස දැක්වුවහොත් ප්‍රසංග ශාලාවන් තුල දී බොහෝ වාදන භාණ්ඩවල සංගීතය ඇසේ. එහෙත් ශාලාවෙන් ඈතට යන විට ඉහළ සංඛ්‍යාතයේ සංගීතය (සංඥා)  උපදවන වීණාව සහ වයලීනයේ ශබ්දය නොඇසේ. නමුත් trombone සහ සෙලෝ වාදන භාණ්ඩවල ශබ්දය තවදුරටත් ඇසේ. එනම්  ඈත්වීමේ ප්‍රමාණය අනුව මොළයේ ඉහළ සංඛ්‍යාතයේ සංඥා රටා ද අඩුවේ. අපි මෙම සංඥා රටා සොයාගෙන පරිගණක ප්‍රතිලේඛණයක් මඟින් ඒවා භාවිතා කළ හැකි පරිදි සකස් කළා යැයි මහාචාර්ය ලෝ සඳහන් කරයි.

මීට අමතරව Intel සමාගමේ සහකාර නිර්මාතෘ ගෝඩන් මුවර් ගෙන් මහාචාර්ය හෝකින් කරන ලද ඉල්ලීමකට අනුව මහාචාර්ය හෝකින්ට නව සන්නිවේදන ක්‍රමක් නිර්මාණය සඳහා එම සමාගමද කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

උපුටාගැනීම : Attempt To Convert Prof Hawking’s Brainwaves into speech – By ADMIN

ADSL තාක්ෂණය



ADSL නැතහොත් Asymmetric Digital Subscriber Line යනු රැහැන් සහිත දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්ෂණයයි. මෙමඟින් එකවර දුරකථන ඇමතුමක යෙදී සිටියදීම, අන්තර්ජාලයේ සැරිසැරීමේ අවස්ථාවද පාරිභෝගිකයාට සැලසේ. 






ADSL තාක්ෂණ‍යේදී,                                                                        
  • ඉහල සංඛ්‍යාත පරාසයක දත්ත සන්නිවේදනය සිදුකෙරේ.
  •  Dial up සම්බන්ධතාවයට සාපේක්ෂව, දත්ත සන්නිවේදන වේගය බෙහෙයින් වැඩිය.
  • දුරකථන මාර්ගය භාවිතා වන කාලය සඳහා වෙනම ගාස්තුවක් අය නොකෙරේ.
  • යටි සම්බන්ධතාවයේ(down link) දත්ත සන්නිවේදනය වේගය  උඩු සම්බන්ධතාවයේ(up link) දත්ත සන්නිවේදන වේගය වඩා බෙහෙයින් වැඩිය.
  • දත්ත සන්නිවේදනය සඳහා දුරකථන රැහැන් භාවිතා කරන නිසා වැඩි විෂ්කම්භයකින් යුත්, මලකඩ හා ඔක්සයිඩ් නොබැඳුණු, හොඳින් සවි වූ සන්ධි සහිත රැහැන් මඟින් වැඩි දුරකට සහ වැඩි වේගයකින් දත්ත සන්නිවේදනය සිදුකරයි.   
ADSL සේවාව ලබාගැනීමට මූලික අවශ්‍යතා
  • ස්ථාපිත රැහැන් සහිත දුරකථන සම්බන්ධතාවයක් තිබීම.
  •  දුරකථන හුවමාරු මධ්‍යස්ථානය මඟින් ADSL සේවාව ලබාදීමේ හැකියාව
  • දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට සේවාව අවශ්‍ය ස්ථානයට ඇති දුර 6Km ට වඩා අඩුවීම.
  • ADSL මෝඩමයක්

ADSL මෝඩම
Dial up මෝඩමවලට වඩා මිලෙන් වැඩි අතර වර්ග කිහිපයකි.
  • ADSL USB මෝඩම - පරිගණකයේ USB port  හා සම්බන්ධ කරන මෝඩම
  • ADSL මෝඩම් රවුටර් -  ඊතර්නෙට් කේබලයක් මඟින් පරිගණකයේ Ethernet  port  හා සම්බන්ධ කරන අතර, එකවර පරිගණක එකක් හෝ කිහිපයක් හෝ සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ඇත.
  • USB සහ Ethernet යන ports  දෙකටම සම්බන්ධකිරීමේ පහසුකම් සහිත මෝඩම
  • වයිෆයි(WiFi) පහසුකම් සහිත මෝඩම
ADSL ස්පිලටර්/ෆිල්ටර් 
දුරකථන ඇමතුමක යෙදී සිටියදීම අන්තර්ජාලයේ සැරිසැරීමේදී ඇතිවන ඝෝෂාව අවම කිරීමට සහ ඇමතුම විසන්ධිවීම වලක්වා ගැනීමට භාවිතා කරයි.

ADSL සේවාව ලබාගැනීමට,
  •  ADSL මෝඩමය වින්‍යාස(configure) කල යුතුය.
  • අදාල සේවාව සපයන ආයතනය මඟින් ලබාදෙන පරිශිලක නාමය (user name) සහ මුරපදය (password) ඇතුලත් කල යුතුය.
ADSL2, ADSL2+,  ADSL තාක්ෂණයේ වැඩිදියුණු වූ අවස්ථා ලෙස හැඳින්විය හැක.
  
උපුටා ගැනීම :- 
සහ පොත පත ඇසුරිනි.

සැකසුම : -
ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය


November 25, 2014

පියෑඹිය හැකි කැමරා අත් පළඳනාවක්

අවශ්‍ය වෙලාවට පියෑඹිය හැකි කැමරා අත් පළඳනාවක් පිළිබඳව ඔබ අසා තිබේද ? අයිතිකරුට අවශ්‍ය මොහොතක පියාඹා ගොස් කැමරාවක් බවට පත්වී අදාළ කාර්යය නිම කර නැවතත් අයිතිකරුගේ අතේ  පළඳනාවක් බවට පත්වන මෙය තවමත් වෙළඳපොළට පැමිණ නැති  “ prototype” තත්වයේ පවතින අපූර්වතම නව නිපැයුමකි. මෙම නව නිපැයුම ඉදිරිපත් වී තිබුණේ Intel  සමාගම විසින් සංවිධානය කරනු ලැබූ නව නිපැයුම් තරඟයක් සඳහාය. නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව සංවිධානය කර තිබූ මෙම තරඟය සදහා නව නිපැයුම් ඉදිරිපත් කළ යුතු වූයේ  “පරිගණක පළඳනා ක්ෂේත්‍රයේ ඕනෑම නව නිපැයුමක් ’’ යන තේමාව පදනම් කර ගෙනය. මේ සඳහා විවිධ නව නිපැයුම් ඉදිරිපත් වී තිබුණු අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි  වූයේ නෙක්සි ලෙස තමන්ව නම් කර ගත් තරුණයින් කණ්ඩායමක් කරන ලද අපූර්වතම පරිගණක පළඳනාවකවකටය. නෙක්සි රිස්ට් බෑන්ඩ් ලෙස මොවුන් මෙය නම් කර තිබුණි. එම කණ්ඩායමේ නායකයා වූ Christoph Kohatall   තරුණයා මෙහි නව නිමැවුම්කරු වේ.


     
  මෙම අත් පළඳනාවේ බොත්තමක් එබූ සැනින් එයට ස්වයංක්‍රීයව ඉහළ ආකාශයට  පියාඹා යාමට  හැකියාව ඇත. අඩි පනහක් පමණ ඉහළට ගමන් කර  කැමරාව හෝ වීඩියෝ කැමරාව ක්‍රියාත්මක වී අයිතිකරුගේ ඡායාරූපය ලබා ගෙන නැවතත් අයිතිකරු වෙත පැමිණ ඔහුගේ හෝ ඇයගේ  අතේ පළදනාවක් බවට නැවතත් පරිවර්තනය වේ. අයිතිකරු තනිවම සිටියද සමූහයක් මැද සිටියද තම අයිතිකරු හඳුනා ගැනීමට මෙයට හැකියාව ඇත. Intel සමාගම විසින් නිපදවන ලද Chip එකක් මෙම උපකරණය තුල අන්තර්ගතය.  මෙම නව නිර්මාණය සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මුදල් ත්‍යාගයක් Intel  සමාගම විසින් නෙක්සි කණ්ඩායමට පිරිනමන ලදි.
කැමරාකරුවෙක් නොමැතිව හුදකලාව යම් යම් කාර්යයන් වල නිරත වන, තමන්ගේ ඡායාරුපයක් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට මෙය මහත්  සේ ප්‍රයෝජනවත් විය හැකි බව නෙක්සි කණ්ඩායම පවසයි. කඳු

තරණය කරන්නන්ට, බයිසිකල් ධාවකයින්ට, ජිම්නාස්ටික් ශූරයින්ට මෙය වඩාත් වැදගත් වනු ඇත. විශේෂයෙන්ම නොයෙකුත් වික්‍රමයන් හුදකලාව සිඳුකරන්නන්ට තම අතේ පැළඳිය හැකි නෙක්සි රිස්ටි බෑන්ඩ් එක මහත්  ඵලදායි වනු ඇත.
prototype තත්වයේ පවතින තම නව නිපැයුම  Intel සමාගම සමග එකතු වී වෙළදපොළට නිකුත් කළ හැකි ලෙසට නිෂ්පාදනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව නෙක්සි රිස්ට් බෑන්ඩ් නව නිපැයුම්කරුවන් පවසයි.නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ කාර්ය බහුල වීදියක ගමන් ගන්නා මගියෙකු අතින් ඉපිලී ඉහළ ආකාශයට ඉගිල ගොස් ඡායාරූපයක් රැගෙන නැවතත් ඔහු වෙත පැමිණ අත් පළඳනාවක් බවට පත්වන උපකරණයක් ඔබ දුටුවහොත් ඉදින් පුදුම නොවන්න.

Daily FT news paper ඇසුරින් සකසන ලද්දේ

කාංචනා හෙට්ටිආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැලණිය

November 21, 2014

රුධිර වාහිනී අච්චු ගැසීම (ත්‍රිමාණ මුද්‍රණය)

පටක ඉංජිනේරු විද්‍යාව සඳහා රුධිර වාහිනී නිෂ්පාදනය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන තිබේ.
බ්‍රිග්හැම් හා කාන්තා රෝහලේ (Brigham and Women’s hospital  ) විද්‍යාඥයින් කණ්ඩායමකගේ මෙම ක්‍රියාව ත්‍රිමාණ ජෛව මුද්‍රණයේ සුවිශේෂි ඉදිරි පියවරකි. එම අධ්‍යයනයේ තොරතුරු Labona Chip සඟරාවේ පළ කර තිබේ.

මෑත කාළයේ දී පටක ඉංජිනේරු විද්‍යාව විශාල ලෙස ඉදිරියට පැමිණ තිබේ. විද්‍යාඥයින්ට vascularization  (වැසුකුලම) බාධකය ජය ගැනීම ඉතා අපහසු විය. සෛල මරණයට පත් වීම වැළැක්වීම සහා පටකවල නිෂ්පාදිත අපද්‍රව්‍ය ඉවත් කිරීම යන කාර්යයන් සඳහා පහසුකම් සලසන vascular network (ධමනි /වාහිණික ජාලය ) මඟින් ඉංජිනේරු ඉදිකිරිමේ ජීවකාලය වර්ධනය විම සිදු වේ. තවද මෙම ඉදි කිරිම් බද්ධ කළ විට පටක තුලට රුධිර වාහිනි සෙමෙන් කාවදියි (penetrate). මේ අනුව බද්ධ කිරිමේ  සාර්ථකත්වයධමනි /වාහිණික ජාලයේ  සංවර්ධනය මත රඳා පවති.

හදවත, අක්මාව සහ පෙනහළු වැනි අවයව වල කෘතිම පටක නිර්මාණයේ සුවිශේෂි වර්ධනයන් පෙන්නුම් කරන බව ජ්‍යෙෂ්ඨ කතෘ  Ali Khademhosseni ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් කෘතිම රුධිර වාහිනි  නිර්මාණය පටක ඉංජිනේරු විද්‍යාවේ තීරණාත්මක අභියෝගයකි. මෙම අභියෝගය ජය ගැනීමට vascularization හි හයිඩ්‍රොජෙල ඉදිකිරීම්  (Hydro gel)  සඳහා අසාමාන්‍ය උපාය මාර්ග භාවිතා කර තිබේ. මෙමඟින් ජෛව ද්‍රව්‍ය සහ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ සංවර්ධනයන් ඒකාබද්ධ කර ඇත. 
එක් එක් රෝගියාට අවශ්‍ය හා අවශ්‍ය වු විට බද්ධ කළ හැකි පටක නිර්මාණය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ (අච්චු ගැසීම) තාක්ෂණ ය අනාගතයේදී උපයෝගී කරගනු ඇත. තවද සංකීර්ණ අවයව සඳහා සුදුස ඖෂධ පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා ඒවා බාහිරව නිපදවීමට අවශ්‍ය පටක නිර්මාණයද ප්‍රයෝජනවත්වේ.
 උපුටා ගැනීම:-
 Scientists use 3D printing to produce blood vessels  – Justine Alford

විටමින් B1 (තයමින්)

විටමින් යනු ඉතා අල්ප වශයෙන් සිරුර තුළ නිෂ්පාදනය කරනු ලබන ආහාර මඟින් ලබා ගත යුතු ඉතා වැදගත් පෝෂක කොට්ඨාශයකි. මේවා ශරීරයේ ආරක්ෂාවට සහ වැඩීමට අත්‍යාවශ්‍යය වේ.එසේ වුවද මේවා ශරීරයට ඉතා සුළු ප්‍රමාණයන්ගෙන් අවශ්‍යය වන අතර ආහාරවල අඩංගු වන්නේද ඉතා සුළු ප්‍රමාණයන්ගෙනි. විටමින් A,B,C,E යනු විටමින් වර්ග සඳහා නිදසුන් කිහිපයකි.
මෙම විටමින් වර්ග අතරින් විටමින් B සංකීර්ණයට අයත් වන්නා වූ විටමින් වර්ගද අපේ ශරීරය තුළ විශාල කාර්යය භාරයක් සිදු කරයි. විටමින් B සංකීර්ණයට පැහැදිලිව හඳුනාගෙන ඇති විටමින් වර්ග අටක් හා ඒවාට අනුබද්ධ තවත් රසායනික සංයෝග කිහිපයක් අයත් වේ. එම විටමින් වර්ග අතරින් විටමින් B1 හෙවත් තයමින් යනු අපගේ ශරීරය තුළ වැදගත් කාර්යක් ඉටු කරන්නා වූ විටමින් B සංකීර්ණයට අයත් විටමින් වර්ගයකි.
 
විටමින් B1 හෙවත් තයමින් සොයා ගන්නා ලද්දේ දහනමවන සියවසේදී පමණය. එකල ජාවා දූපතේ වාසය කළ ඹ්ලන්ද ජාතික වෛද්‍යවරයෙක් බෙරි බෙරි රෝගයට ගොදුරු වූ රෝගීන් විසින් ඉතුරු කරන ලද ආහාර වලින් පෝෂණය කරන ලද කුකළු පැටවුන්ට ද දෙපා පණ නැතිවන සේ බෙරි බෙරි රෝගය වැලදී ඇති බව නිරීක්ෂණය කළේය. එම කුකුළු පැටවුනට රෝගීන් ඉතුරු කළ බත් වෙනුවට සම්පූර්ණ කුඩ්ඩ සහිත සහල් ඇට ආහාරය සඳහා දුන් පසු මෙම කුකළු පැටවුන්ට සුවය ලැබෙන බව නිරීක්ෂණය කළේය. මේ අනූව සහල් කුරුට්ටේ සහ බිජාංකුරයේ බෙරි බෙරි ස්නායු රෝගය වළක්වන සුළු සංයෝගයක් තිබෙන බව හදුනා ගන්නා ලදි.සහල් පෑහීම නිසා එම සංයෝගය ඉවත් වන බව හඳුනා ගන්නා ලදි. මෙම සංයෝගය පසුව විටමින්  B1 හෙවත් තයමින් ලෙස හඳුන්වන ලදි. මේ නිසා කුරුට්ට සහිත සහල් අනුභව කිරීම නිසා ආසියාතිකරයේ බෙරි බෙරි උවදුර බොහෝ දුරට අඩුවී ගොස් ඇතත් නොදැනුවත් කම නිසා සමහර ප්‍රදේශවල මෙම රෝගය අදටත් දැක ගත හැකිය.
තයමින් හෙවත් විටමින් B1 වෙනත් එන්සයිම සමඟ එක්ව ශරීර පරිවෘත්තිය ක්‍රීයා උත්තේජනය කරයි. පිෂ්ටය බිඳී ශක්තිය පිට කිරීමේ ක්‍රීයාවලිය සඳහා විටමින් B1 අවශ්‍යය  වේ. තයමින් නොමැති වු විට අර්ධ වශයෙන් බිඳී ගිය පිෂ්ඨය ඉතුරු වේ. ඒවා සිරුර තුළ එකතුවන බැවින් පිෂ්ඨය මඟින් ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවට බාධා වේ. මේ නිසා ස්නායු පද්ධතියේ සහ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය ශක්තිය ලබා ගත නොහැකි වන අතර ස්නායු පද්ධතියට හානි වීමට ද ඉඩ ඇත. එමෙන්ම මේදය හා ප්‍රෝටීන මඟින් ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවටද විටමින් B1 (තයමින්) අවශ්‍යය වේ.

විටමින් B1 (තයමින්) ජලයේ දිය වන සුළු බැවින් තයමින් අඩංගු එළවළු හා පළතුරු කපා සේදීමේදී හා ඉවුම් පිහුම් කිරීමේදී ඒවා ඉවත් වේ. මේ නිසා තයමින් අඩංගු ආහාර බොහෝ වේලා ජලයේ ගිල්වා තැබීම නොකළ යුතු අතර එළවළු හා පළතුරු කැපීමට පෙර සේදිය යුතුය. එමෙන්ම එම ආහාර පිසීමේදී අඩු ජල ප්‍රමාණයක් භාවිතා කළ යුතුය. එපමණක් නොව 1000C උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයක් යටතේ දීර්‍ඝ කාලයක් ආහාර පිසීමද නොකළ යුතුය. කුරුට්ට සහිත ධාන්‍යය, රනිල බීජ, තෙල් බීජ ආදිය සිසිල් ස්ථානවල ගඩඩා කර කෘමීන්ගෙන් සිදු වන හානිවලින් තොරව තබා ගත හැකිනම් ඒවායේ අඩංගු විටමින් B1 ආරක්ෂා කර ගත හැකිය. 
           
යීස්ට් සහ සූර්යයකාන්ත බීජවල විටමින් B1 (තයමින්) බෙහෙවින් අඩංගු වේ.සෝයා බෝංචි, රටකජු, තල හා කව්පි බීජ වල වැඩි වශයෙන් තයමින් අඩංගු වේ. සහල් කුරුට්ටේ තයමින්(වි.B1) බොහෝ ප්‍රමාණයක් ඇතත් සහල් ඇටය සම්පූර්ණයෙන් ගත් කළ අඩු ප්‍රතිශතයක් පවතී. පිෂ්ඨය ප්‍රධාන කොටගත් ආරහාරවලින් ශක්තිය ලබා ගන්නා පුද්ගලයින් හට ශක්ති ජනනය සඳහා විටමින් B1 හෙවත් තයමින් අත්‍යාවශ්‍ය විටමින් වර්ගයකි. එම නිසා සහල් ඹ්නෑවට වඩා පෑහීම සහ සේදීම සිදු නොකළ යුතුය.     

උපුටැ ගැනීම:    http://wikipedia/wiki/Thiamine

                     පෝෂණය පිළිබඳ ප්‍රකාශනය -   කෘෂිකර්ම දෙපාර්තමේන්තුව                                                                                                     

November 20, 2014

මෝඩයෙක්ද? බුද්ධිමතෙක්ද? තීන්දුව ජාන වෙනස්වීමේ වේගය මත

මන්දගාමී ජාන වෙනස්වීම් තුලින් වඩා උසස් බුද්ධි මට්ටමක් ළගා කර ගත හැකි බව වේස් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ අණුක පරාණාම විද්‍යාඥ මොරිස් ගුඩ්මාන් පවසනවා.

ගුඩ්මාන් සහ ඔවුගේ සහයකයන් ප්‍රාථමික සත්ත්ව ප්‍රෙභ්ද දුසිම් තුනකට අධික සංඛ්‍යාවකින් ලබා ගත්, ස්වභාවික තෝරා ගැනීමෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන එනම් කේතායන නොකරන DNA කොටස් විශ්ලේෂණය කළා. මානව වර්ගයා දක්වා පරිණාමය වීමේදී DNA වෙනස් ව්මේ වේගයෙහි විශාල අඩු වීමක් පර්යේෂකයන් සොයා ගත්තා. වඩා වැඩි ඥාණ ශක්තියක් හිමි සත්ව ප්‍රෙහ්ද වල DNA වෙනස් වීමේ වේගය ක්‍රමානුකූලව අඩුයි. විශාලම මොළය සහ දිගුම ජීවිත කාලයක් ඇති මානවයන්ගේ සහ චිම්පන්සීන්ගේ DNA වෙනස්වීම් වේගය අන් සියලු ප්‍රාථමික සත්වයන්ට වඩා අඩු බව සොයා ගැනුණා.


DNA වෙනස්වීම මන්දගාමීවීම නිසා සිදු වන්නේ කුමක්ද?

එවිට වෙනස්වීම් ගණනාවක් එකතු වී සෛල මරණ වැලක් සිදු වීමට අවුරුදු ගණනාවක් ගත වෙනවා. වෙනත් වචන වලින් කියතොත් විශාල මොළයක් සහ එම බුද්ධිය හොදින් ප්‍රෙයා්ජනයට ගැනීමට ප්‍රමාණවත් තරම් දීර්ඝ ආයු කාලයක් ලබා ගැනීමේ රහස DNA වෙනස් වීමට තිරිංග යෙදීම විය හැකියි.

කොහොම වුවත් මානවයාගේ ඉදිරි ගමනට තවත් බොහෝ ඉඩ කඩ තිබෙන බව ගුඩ්මන් විශ්වාස කරනවා. වෙනත් සත්වයන් මෙන් නොව පාරිසරික වෙනස් කම් වලට සංස්කෘතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමට අපට පුලුනි. ඒ තුලින් වර්ධනය කරගනු ලබන චර්යාත්මක හැඩ ගැසීම් ජාන මෙන්ම එක් පරම්පරාවකින් අනෙකට මාරු කළ හැකියි.

ඉතින් අපි කවදා හරි අගහරු ලොවේ මිනිස් ජනපද පිහිටුවන්නට තීරණය කළහොත්, එහි පවතින පරිසරය ජෛව විද්‍යාත්මක පරිණාමයේ නවතම වෙනස් වීම් බිහි කිරීමට ඉඩ තිබෙනවා.
ඒ නිසා පරිණාමය අවසන් වී ඇතැයි සිතීම නුවණට හුරු නැහැ.

ඩිස්කවරි ඇසුරින්