Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 18, 2023

The Five Largest Islands - ලෝකයේ විශාලතම දූපත් පහ?

 අමුතුම සතුන්ගේ නිවහන වන දූපත් පෘථිවියේ වඩාත්ම විවිධාකාර හා ආකර්ෂණීය ස්ථාන අතර වේ. ගොඩබිම් අනුව විශාලතම දූපත් වන මේවායේ පෘථිවි ජනගහනයෙන් සියයට 11 ක් පමණ සිටිති.  ඒ්වා නම් ග්‍රින්ලන්තය, නිව්ගිනියාව, බොර්නියෝව, මැඩගස්කරය සහ බැෆින් දූපත වේ. මිලියන 22 ක ජනගහනයක්  හා ප්‍රමාණයෙන් වර්ග කිමි 65,610 ක් වන  ශ්‍රී ලංකාව, ලොව 25 වන විශාල දිවයින ලෙස ද,  මහා බ්‍රිතාන්‍යය වර්ග කිලෝමීටර් 209,331 ක භූමි ප්‍රමාණයකින් යුත් සමස්ත නවවන විශාලතම දූපත ලෙස ද සැලකේ. එක්සත් ජනපදයේ විශාලතම දූපත, වර්ග කි.මි. 10,430 ක භූමි ප්‍රමාණයකින් සමන්විත අතර එය හවායි හි විශාල දූපත ලෙස නම් කර ඇත

මෙහිදී  මහාද්වීපික ගොඩබිම් ගණන් නොගෙන ඇත. එබැවින් ඇෆ්‍රෝ-යුරේසියාව, ඇමරිකාව, ඇන්ටාක්ටිකාව සහ ඕස්ට්‍රේලියාව බැහැර කර තිබේ. මෙයින් සමහර විශාල ගොඩබිම් සාගර කබොලෙහි දිගුවක් වන හෝ විශාල භූමි ස්කන්ධයක් සහිත මහාද්වීපික තලයක් මත පිහිටා ඇත. එනිසා ඒවා සැබෑ දූපත් වලට ප්‍රතිවිරුද්ධව, ඔවුන්ගේම මහාද්වීපික ලිතෝස්ෆියර් සහ භූ තල මත පිහිටා තිබේ. මිලියන 25.7 ක ජනගහනය සහිත ඕස්ට්‍රේලියාව ප්‍රමාණයෙන් වර්ග කි.මි. 7 692 024 වේ. එය වර්ග කි.මි. 149 450 000 වන ලෝකයේ භූමි ප්‍රමාණයෙන් සියයට පහක් පමණක් වන ලොව කුඩාම මහාද්වීපික භූමි ස්කන්ධයක් සහිත ලොව විශාලතම දූපත වේ..

1)      ග්‍රීන්ලන්තය

ග්‍රීන්ලන්තයේ ප්‍රධාන දූපත පෘථිවියේ විශාලතම දූපත වන අතර වර්ග කිලෝමීටර් 2,130,800  ක විශාලත්වයකින් යුක්ත වේ. එම ප්‍රධාන භූමි ප්‍රදේශය සමඟ ග්‍රීන්ලන්තයේ මුඵ භූමි ප්‍රදේශයට, එහි මායිම වටා විසිරී ඇති කුඩා දූපත් 100 කට වඩා ඇතුළත් වේ.

ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්ක රාජධානියේ ස්වයං පාලන ප්‍රදේශයක් වේ. ග්‍රීන්ලන්තය දැවැන්ත වුවද එහි ශීත දේශගුණය නිසා අතිශයින් විරල ජනගහනයක් සිටියි. වෙරළ තීරයේ දක්නට ලැබෙන ජනාවාස කිහිපයකට සීමා වූ මිනිසුන් 56,000 ක් පමණකගේ නිවහන ලෙස හඳුන්වයි. ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් බහුතරය Inuit වන නමුත් සැලකිය යුතු සුළුතරය යුරෝපීය සම්භවයක් ඇති, මූලික වශයෙන් ඩෙන්මාර්ක ජාතිකයන් වේ. ග්‍රින්ලතයට අමතරව කැනඩාව, ඇලස්කාව, ඈත නැගෙනහිර රුසියාව වැනි රටවල Inuit වරු වෙසෙන අතර සම්පුර්ණ Inuit ජනගහනය මිලියන 1.8ක් පමණ වේ.

2)    නිව් ගිනියාව

ලෝකයේ දෙවන විශාලතම දූපත වන්නේ අග්නිදිග ආසියාවේ නිව් ගිනියාව වන අතර එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 785,753 වේ. දිවයින දේශපාලනික වශයෙන් බෙදී ඇති අතර, දිවයිනේ නැගෙනහිර අර්ධය පැපුවා නිව්ගිනියාවට අයත් වන අතර බටහිර අර්ධය ඉන්දුනීසියාවේ කොටසක් වේ.

ගොඩබිම හරහා තිරස් අතට දිවෙන නිව් ගිනියා උස්බිම් වේ. මීටර් 4,884 (අඩි 16,024) ක උන්නතාංශයක් සහිත ඕෂනියාවේ උසම කඳු මුදුන සහ උසම කන්ද වන පුන්කාක් ජය ඇතුළු කඳු වැටි දාමයකි.

3)   බෝර්නියෝ 

තුන්වන ස්ථානයට පැමිණෙන්නේ වර්ග කිලෝමීටර් 748,168 ක වපසරියකින් යුත් බෝර්නියෝ ය. එයද අග්නිදිග ආසියාවේ නිවර්තන කලාපවල වේ.
                                                                
දිවයින දේශපාලනික වශයෙන් රටවල් තුනක් අතර බෙදී ඇත: උතුරේ මැලේසියාව සහ බෲනායි සහ දකුණින් ඉන්දුනීසියාව.

මිලියන 21 කට අධික ජනතාවක් බෝර්නියෝ හි ජීවත් වෙති. එය සපුෂ්ප ශාක විශේෂ 15,000 ක්, ගස් විශේෂ 3,000 ක්, භෞමික ක්ෂීරපායින් විශේෂ 221 ක් සහ පක්ෂීන් විශේෂ 420 ක් ඇතුළුව තේජාන්විත ලෙස පොහොසත් ජෛව විවිධත්වයකින් යුත් කලාපයකි. ඔරංඔටන් විශේෂ තුනෙන් එකක් වන Bornean orangutan (Pongo pygmaeus) එහි වඩාත් ආකර්ෂණීය සතුන්ගෙන් එකෙකි.

4)  මැඩගස්කරය                                                                    

හතරවන විශාලතම දූපත වර්ග කිලෝමීටර් 587,041 ක වපසරියකින් යුත් මැඩගස්කරයයි.

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති මැඩගස්කරය ග්‍රීන්ලන්තයෙන් පසු දෙවන විශාලතම දූපත් රට වේ. බෝර්නියෝ සහ නිව්ගිනියාව මෙන් එය ජෛව විවිධත්වයෙන් බහුලයි. එහි විශේෂත්වය වන්නේ Aye-aye සහ fossa ඇතුළු ලෝකයේ වෙනත් තැනක දක්නට නොලැබෙන අද්විතීය සතුන්ය

Aye-aye (Daubentonia madagascariensis) යනු මැඩගස්කර දූපතට ආවේණික වූ විශේෂයක් වන අතර ලොව විශාලතම නිශාචර primate වේ. primate යනු වඳුරන්, වානරයින් සහ මිනිසුන් ඇතුළත් වන කාණ්ඩයේ ඕනෑම ක්ෂීරපායි සතෙකු වේ. fossa යනු සිහින් සිරුරක් ඇති බළලුන් වැනි සත්වයෙකි.

5) බැෆින් දූපත

පෘථිවියේ පස්වන විශාලතම දූපත වන්නේ වර්ග කිලෝමීටර් 507,451 ක භූමි ප්‍රමාණයකින් යුත් කැනඩාවේ බැෆින් දූපතයි.

ග්‍රීන්ලන්තයේ සිට කිලෝමීටර් 350 ක් දුරින් පිහිටි බැෆින් දූපත තවත් අයිස් යෝධයෙකි. එහි ඇත්තේ 13,000 ක පමණ කුඩා ජනගහනයකි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් Inuit ය. එය තෝර් පීක් (THOR peak) ලෙස හැඳින්වෙන මීටර් 1,675 උසින් පිහිටි ලෝකයේ උසම සිරස් පිහිටීම වේ.

  IFL ඇසුරෙන් හර් ෂ

October 16, 2023

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය - (James Webb Space Telescope)

 නිරීක්ෂණය කළ නොහැක. එහෙත් එයින් පසු විශ්වයේ පරිණාමය විශ්වය පුරාම ඇත. ඒ්වා ග්‍රහණය කර ගැනීමට මිනිසා සමත්වේද?: මහා පිපිරුමෙන් පසු පළමු දීප්තිමත් දිදුලන අවධියේ සිට මන්දාකිණි, තරු සහ ග්‍රහලෝක සෑදීම දක්වා අපගේම සෞරග්‍රහ මණ්ඩලයේ පරිණාමය සම්බන්ධවත් පෘථිවිය වැනි ග්‍රහලෝකවල ජීවයට සහාය වීමේ හැකියාව දක්වාත් අපට සොයා ගත හැකිවේද? Webb කොස්මික් ඉතිහාසයේ සෑම අදියරක්ම පරීක්ෂා කරයි.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) යනු විශ්වය සහ අපගේ මූලාරම්භය අවබෝධ කර ගැනීමේ අපගේ ගවේෂණයේ යෝධ පිම්මකි. ලොව පුරා තාරකා විද්‍යාඥයින් දහස් ගණනකට සේවය කරන ඉදිරි දශකයේ ප්‍රමුඛතම නිරීක්ෂණාගාරය Webb වේ. Webb
2021 දෙසැම්බර් 25 දින දියත් කරන ලදී. එය හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් පෘථිවිය වටා කක්ෂගත නොවේ - එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් (සැතපුම් මිලියනයක්) දුරින් දෙවන ලග්‍රෙන්ජ් ලක්ෂ්‍යය හෝ L2 ලෙස හඳුන්වන ස්ථානයේ දී සූර්යයා වටා පරිභ්‍රමණය වේ. අධෝරක්ත තාරකා විද්‍යාව මෙහෙයවීම සඳහා නිර්මාණය කර ඇති අභ්‍යවකාශ දුරේක්ෂයකි. එහි අධි-විභේදන සහ අධි-සංවේදී උපකරණ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කළ නිරීක්ෂණයන්ට වඩා පැරණි, දුරස්ථ හෝ ක්ලාන්ත වස්තූන් බැලීමට ඉඩ සලසයි.

ඉංජිනේරුවන් සහ තාරකා විද්‍යාඥයින් වෙබ් දුරේක්ෂයේ විද්‍යාත්මක ඉල්ලීම් සපුරාලීමට නව ක්‍රම මෙන්ම පෘථිවියේ සිට සේවය කළ නොහැකි දුරින් මෙහෙයුමක් නවීකරණය කළහ. හබල් මෙන් නොව ගගනගාමීන්ට දුරේක්ෂය අලුත්වැඩියා කිරීමට සහ වැඩිදියුණු කිරීමට නොහැකි වනු ඇත. Webb හි ඉදිකිරීම් 2004 දී ආරම්භ විය. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ගොඩනැගීමට වසර 30 ක් සහ ඩොලර් බිලියන 10 ක් ගත වූ අතර, දැන්, අපට අවසානයේ එහි බලයේ පළමු දර්ශන රූප එකතුවක් සමඟින් දැකගත හැකිය.

2002 දී, ව්‍යාපෘතිය ජේම්ස් ඊ.වෙබ් (1906-1992) නමින් නම් කරන ලදී. James E.Webb ඇපලෝ වැඩසටහන තුළ නියෝජිතායතනයට නායකත්වය දුන් අතර මූලික නාසා ක්‍රියාකාරකමක් ලෙස මෙම විද්‍යාත්මක පර්යේෂණ ස්ථාපිත කළේය. NASA විසින් Webb සඳහා US$ මිලියන 824.8 ප්‍රමුඛ කොන්ත්‍රාත්තුවක් මුල්වරට TRW වෙත ප්‍රදානය කරන ලදී. Northrop Grumman Corporation සහ Ball Aerospace & Technologies ආයතන ඉදිකළ මෙම දුරේක්ෂයට, එය පිහිටුවාලු ස්ථානය අවට හිරු සඳු ඇතුඵ විශ්වයේ සියලු දේවල් සිදුකෙරෙන දැඩි උෂ්ණත්ව, පීඩන, ආකර්ෂණ යනාදි ආපදා වලින් ආරක්ෂා විමේ හැකියාව ලබා දී ඇත. එවැනි දුරේක්ෂයක් නිපදවා, හකුඵවා පෘථිවියෙන් සැතපුම් මිලියනයක දුරට ප්‍රවාහනය කර නැවත දිගහැර ගැටඵවකින් තොරව ස්ථාන ගත කිරීමම අතිශය විෂ්මයජනකය (documentary බලන්න) මෙන්ම නැවත සිදුකිරීමද ඉතා අපහසු වු මිහිතලයේ පළමු වරට සිදු කළ කාර්යයකි. ඒ් හා සම්බන්ධ වු මිනිසුන් ගැන අප කුමක් කිව යුතුද?   

2022 වසරේ විශිෂ්ටතම විද්‍යා සැකසුම ලෙස පැසසුමට ලක් වු දැනට මීන රාශියේ පවතීන JWST හට ආලෝක වර්ෂ බිලියන 13.6  ( සැතපුම් 79,828,100,000,000,000,000,000) ක් දුර බැලීමට හැකියාව ඇත.  එය අප මෙතෙක් අභ්‍යවකාශයේ දැක ඇති උපරිම දුරම වේ. එහි නිරීක්ෂණ අතර SMACS 0723 මන්දාකිණි පොකුර. මෙම පොකුරෙහි මන්දාකිණි දහස් ගණනක් අඩංගු වන අතර ඒවායින් සමහරක් ආලෝක වර්ෂ බිලියන 13.1 ක් තරම් ඈතින් වේ. තවද වඩාත්ම දුරස්ථ ක්‍රියාකාරී සුපිරි කළු කුහරය හඳුනාගෙන ඇත. එම පැරණි කළු කුහරයට සත්කාරකත්වය සපයන මන්දාකිණිය, CEERS 1019, මහා පිපිරුමෙන් වසර මිලියන 570 කට පසුව, විශ්වයේ ඉතිහාසයේ තරමක් මුල් අවධියේදී නිර්මාණය වුවකි.

 .  

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂ විශ්වය පුරා කළ විස්මිත සොයාගැනීම් 11ක්

1.මැවීමේ කණුවල උපන් තරු - STARS BORN IN THE PILLARS OF CREATION

2. සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝකයක (exoplanet) පළමු සෘජු රූපය - WEBB'S FIRST DIRECT IMAGE OF AN EXOPLANET

3.PHANTOM GALAXY  (ආලෝක වර්ෂ මිලියන 32ක් දුරින් පිහිටි ගැලැක්සිය) නැවත ප්‍රතිරූපණය කිරීම - RE-IMAGING THE PHANTOM GALAXY

4.අද්භූත, බොක්සි රැලි වටේ වුල්ෆ්-රේට් තරුව-MYSTERIOUS, BOXY RIPPLES SURROUND WOLF-RAYETTAR

5.මෙතෙක් පැවති වඩාත්ම දුරස්ථ මන්දාකිණි සොයා ගැනීම - FINDING THE MOST DISTANT GALAXIES EVER

6. exoplanet වායුගෝලයක් දෙස විස්තරාත්මකව බැලීම - LOOKING AT AN EXOPLANET’S ATMOSPHERE IN DETAIL

7.ටයිටන් වලාකුළු දිලිසීම - GLIMPSING TITAN’S CLOUDS

8.දකුණු වළල්ලේ නිහාරිකාවේ රහස් - THE SECRETS OF THE SOUTHERN RING NEBULA

9.වැලි වලාකුළු සහිත දුඹුරු වාමනයා සොයා ගනී - WEBB DISCOVERS BROWN DWARF WITH SAND CLOUDS

10.මන්දාකිණි ගැටීමෙන් සැඟවුණු තරු සෑදීම - HIDDEN STAR FORMATION AS GALAXIES COLLIDE

 වෙබ් පිටුව ඇසුරෙන් හර් ෂ

October 11, 2023

ඉන්දියාවේ පමණක් දකින අසාමාන්‍ය සහ මිල අධික අමුතු දේ 2 - (Unusuals Seen in India)

 7. ආන්තික විදුලි රැහැන් - රටපුරා - ඇස්. පිරිවැය: අදාල නොවේ.

නගරයකට වැඩි පිරිසක් පැමිණෙන හා ජීවත්වන විට වැඩිවන අවශ්‍යතා නිසා අමතර විදුලි රැහැන් අවශ්‍ය වේ. ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් වන සිතාගත නොහැකි තරම් මිනිසුන් නිසා, විදුලි රැහැන් ඇදීම ඔබට සිතාගත හැකි පරිදි සෑම විටම අවුල් සහගතය. කුරුල්ලෙකුට වත් පියාඹිය නොහැකි පරිසරයකි.

කේබල් මත කේබල් ඇති අතර, ඒ සෑම එකක්ම අනෙක් කේබල් දුසිම් භාගයක් (හෝ ඊට වැඩි) සමඟ බැඳී ඇත. මෙය දැකීමෙන් පසු, හෙඩ්ෆෝන් වයර් එතරම් ලොකු ගැටලුවක් නොවිය හැක. මෙවැනි පරිසරයක විදුලි කාර් මිකයන්ට සිදුවන විශාල අනතුරදායක මෙන්ම නිරන්තර තර්ජනය සැලකිල්ලට ගත්විට ඔවුන් ඉන්දියාවේ වඩාත්ම ගෞරවනීය වෘත්තිකයන් නොවන්නේ කෙසේද යන්නද පුදුමයකි.

8. රන් ආභරණ මෝටර් රථය - මුම්බායි - ඇස්.පිරිවැය: $4.57 මිලියන*(ආ.ව. රු. මිලියන 1478)

ඉන්දියාවේ නිෂ්පාදිත ටාටා නැනෝ යනු ලෝකයේ ලාභම මෝටර් රථය වන අතර, එහි නමින්  පැහැදිලිවම ගම්‍ය වන පරිදි, එය කුඩාම මෝටර් රථවලින් එකකි. ඉන්දියානු ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහස්‍ර පහක් සැමරීම සඳහා ගෝල්ඩ්ප්ලස් මගින් එම නැනෝ මෝටර් රථය ස්වර්ණාභරණ වලින් නැවත සකසා වඩාත්ම මිල අධික වාහනයක් බවට එය පරිවර්තනය කළේය.

නැනෝ රාමුව ආලේප කිරීම සඳහා කැරට් 22 රන් ආලේපන රාත්තල් 175 ක් සහ රිදී රාත්තල් 33 ක් භාවිතා කර ඇත. වඩාත් ජනප්‍රිය වීඇත්තේ වාහනයේ පිටත සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඇතුළත් කර ඇති මැණික් 10,000 යි.

9. අමුතු ප්‍රවාහන ශිල්පීය ක්‍රම - ඉන්දියාව - ඇස්. පිරිවැය: අදාල නොවේ

ඉන්දියානු ප්‍රවාහන වාහනයක් යන්තම් එහි බඩු අල්ලාගෙන සිටින බව පෙන්වන මෙම පින්තූරය නිසැකවම අනතුරක් අපේක්ෂා කරන්නකි. මෙවැනි ඡායාරූප දෙස බලන විට, මාර්ග අනතුරුවලින් තුවාල සහ, කණගාටුදායක ලෙස, මරණ සිදුවන ලෝකයේ ඉහළම රට ඉන්දියාව ලෙස සැළකීම ගැන පුදුම විය යුතු නැත. ඉන්දියාවේ වසරකට රිය අනතුරු 450,000 ක් පමණ සිදු වේ.

ඉන් 150,000ක් මාරාන්තිකයි. රට තුළ පැයකට රිය අනතුරු 53 ක් සිදු වන අතර එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සෑම විනාඩි හතරකටම මරණයක් සිදු වන බවයි. Anadolu නියෝජිතායතනයට අනුව, දුර්වල මාර්ග නීති ක්‍රියාත්මක කිරීම, මාර්ග භාවිතා කරන්නන්ගේ නරක හැසිරීම සහ වේගවත් කම්පන සත්කාර නොමැතිකම ඉන්දියාවේ රථවාහන තත්ත්වය මෙතරම් නරක වීමට හේතු වේ. මෙම ඡායාරූපය "නරක මාර්ග භාවිත කරන්නාගේ හැසිරීම" ගණයට වැටෙන බව IFL ලිපියේ මතය ලෙස සදහන් වේ.

10. බස් රථය ඇතුළේ  Hammocks  -  ඉන්දියාව - ඇස්. පිරිවැය: එක් ඇඳ ඇතිරිල්ලක් / දේශීය බස් ගාස්තුව

ඉන්දියාවේ මිනිසුන්ගේ අධික සංඛ්‍යාව සහ පොදු ප්‍රවාහනයේ ආසන ප්‍රමාණවත් නොමැතිකම හේතුවෙන්. දුම්රියවල, මිනිසුන් ගමන් කිරීමට කුඩා ඉඩක් හෝ නොමැතිව එකට ගැවසී සිටිනු දැකීම සාමාන්‍ය තත්වයකි. ශ්‍රි ලංකාවේද එම තත්වය පවතින නමුත් ඉන්දීය බස්රථවල, දේවල් ටිකක් වෙනස් ය. සමහරුට කියන්න පුළුවන්, "අන්න ක්‍රම."

මෙවැනි බස් රථවල ගමන් කරන විට, ආසනය සොයා ගැනීමේදී, තම හිස ආරක්ෂා කරගැනීමට වග බලා ගැනීම මගියාගේ වගකීමකි. මිනිසුන් හිසට උඩින් ඔන්චිල්ලාවල පහසුවෙන් පැද්දෙනු දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ. සමහර බස් රථවල අනෙක් මගීන් දමා ගිය පැරණි ඔන්චිල්ලා තිබේ. නැතිනම් නිවසෙන් ගෙන ආ ඇඳ ඇතිරිල්ලක් ඒ් සදහා යොදා ගත හැකිය. (අන්රටවල් පිටපත් කරයිද?) මෙවැනි ප්‍රවාහන සහ මාර්ග ක්‍රම අතර ලෝකයේ උසම දුම්රිය පාලමද ඉන්දියාව ගොඩනගයි.

11. ලෝකයේ උසම දුම්රිය පාලම - ජම්මු සහ කාශ්මීර.  

ඉන්දියාවේ මිලියන ගණනක ඓතිහාසික ව්‍යුහයන් වසර සිය ගණනක් (දහස් ගණනක් නොවේ නම්) පැවතී ඇත. කෙසේ වෙතත්, මේ සියලු ඉතිහාසය තුළ අහිමි වී ඇත්තේ මේ මහා ජාතියේ නූතන ජයග්‍රහණ විය හැකිය. නිදසුනක් වශයෙන්, රටේ ඈත උතුරේ ලෝකයේ උසම දුම්රිය පාලම වේ.

පාලමේ ඉදිකිරීම් 2004 දී ආරම්භ වූ අතර, සියල්ල හොඳින් සිදුවුවහොත්, මගීන්ට අඩි 1,178 ක් ඉහළින් බක්කල් සහ කෞරි අතර පිහිටි චෙනාබ් ගඟ හරහා දුම්රිය මගින් ගමන් කිරීමට හැකි වනු ඇත. චෙනාබ් පාලමේ සිට භූ දර්ශන පරාසයේ දසුන් ඕනෑම කෙනෙකුගේ හුස්ම ගැනීම වුව වෙනස් කරනු නිසැක ය.

12. Nature’s Toilet Café  (නේචර්ස් ටොයිලට් කැෆේ ) - අහමදාබාද් - ඇස්.පිරිවැය: ආහාර වේලකට $3-$10*(රු.1000- 3300)

අහමදාබාද් හි මෙම කැෆේ එක සාමාන්‍ය කැෆේ වලට වඩා  විශාල වෙනස් වේ. Nature's Toilet Café යනු ප්‍රතිලෝම ආහාර ආපන ශාලාවකි (ශරිරයෙන් ඉවත් කිරීම). එහි ආහාර, තේ සහ කෝපි පිරිනමයි. නමුත් ආසන සැලසුම් කර ඇත්තේ වැසිකිළි ලෙසය. වීදුරු භාජනද වැසිකිළි හැඩැති වේ. අතුරුපස පවා වැසිකිළි හැඩැති වීදුරුවලින් පැමිණේ. Nature's Toilet Café හි වැසිකිලි හෝ වොෂ් රූම් භාවිතා කරන සෑම විටම ඒ් පුද්ගලයාට ඉන්දියානු රුපියල් දෙකක් ලැබේ.

වැසිකිළියේ ඇති සැබෑ වැසිකිළි ජීව වායුව සමඟ සම්බන්ධ වී ඇති අතර, මෙම අපද්‍රව්‍ය මගින් නේචර්ස් ටොයිලට් කැෆේ ක්‍රියාත්මක කිරීමට විදුලිය නිපදවයි. නව දිල්ලි වැසිකිලි කෞතුකාගාරය මෙන්, නේචර්ස් හොඳ සනීපාරක්ෂාව සහ හොඳ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැපවී සිටී.

13. රන් ආලේපිත දෝසා  - බැංගලෝර් - ඇස්තමේන්තු. පිරිවැය: $19*(රු.6200)

දෝසා, සියවස් ගණනාවක් පුරා දකුණු ඉන්දියානු ආහාරවල කොටසක් වී ඇත. සකස් කිරීමට කෙටි කාලයක් ගත වන අතර අමුද්‍රව්‍ය කිහිපයක් පමණක් අවශ්‍ය වේ. මිල අඩුම ආහාර වලින් ඒකක් නිසා ඒවා සියලුම සමාජ කොටස්වල බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ඉන්දියාවේ දකුණේ නගරයක් වන බැංගලෝරයේ රාජ් භෝග් අවන්හල විසින් සම්භාව්‍ය දෝසා ගෙන එයට ග්ලැම් එන්නත් නැත්නම් ග්ලැම් ආලේපනයක් ලබා දී ඇත.

අර්තාපල් මසාලා පිරවූ බත් සහ පරිප්පු පෑන්කේක් එකක මිල ඩොලර් 0.50 ක් පමණ විය යුතුය. කෙසේ වෙතත්, රාජ් භෝග් අනුග්‍රාහකයින්ට කැරට් 24 රන් පත්‍ර වලින් උඩින් ඔතා ඇති විවිධ දෝසා ඇත. මෙම  තෝරා ගැනීමේ විකල්පයන්ගේ මිල  සාමාන්‍ය කඩදාසි එතුම් සහිත දෝසා මෙන් හතළිස් ගුණයකි.

මෙවැනි දේවල් ඉන්දියාවේ අහඹු සිදුවීම් ලෙසද සැලකිය හැකිය.  

IFL science වෙබ් පිටුව ඇසුරෙන් හර් ෂ

October 10, 2023

ඉන්දියාවේ පමණක් දකින අසාමාන්‍ය සහ මිල අධික අමුතු දේ - (Unusuals seen in India)

ඉන්දියාව යනු වසර දහස් ගණනක පොහොසත් ඉතිහාසයක් ඇති අධ්‍යාත්මික හා ඉක්මනින් දියුණු වන රටක් ලෙස සැළකේ. එහි දිනෙන් දින වර්ධනය වන ජනගහනය, දැන් බිලියන 1.4 (මිලියන 1400) ඉක්මවා ඇත. කුඩා ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 22 කි. මුම්බායි, ජායිපූර්, අග්‍රා, නවදිල්ලි, කේරළ හෝ වරනාසි යන වීදිවල ගමන් කරන බොහෝ විට, නව පුදුමයක් අපේක්ෂා කළ හැකි තරම්ය.

ලෝකයේ වඩාත්ම හඳුනාගත හැකි ඉන්දියානු ව්‍යුහයන්ගෙන් 'ලේ වැස්ස හෝ පාවෙන විල හෝ 2,000,000+ හින්දු කෝවිල් යනාදි වලින් එකක් වේවා, ඉන්දියාවේදි දැකීමට ඇති අමුතු දේවල් හිඟ නොවේ. ඒවා සියල්ලම ගැන සදහන් කිරීමට  හෝ දැකීමට විශාල කාලයක්, ශ්‍රමයක්, වියදමක්, කැපවිමක් යනාදිය අවශ්‍ය වේ. කෙසේවෙතත් ඉන්දියාව විසින් පිරිනමනු ලබන අසාමාන්‍ය, මිල අධික හා අමුතු දේවල් 200 ක් ගැන කෙටි විස්තර iFl Science හි ලිපියක සදහන් වේ. එයින් උපුටා ගත් කුඩා කොටසක් පහත දක්වා ඇත. https://za.investing.com/magazine/bizarre-unusual-and-expensive-things-you-only-see-in-india

1.North Sentinel Island /උතුරු සෙන්ටිනල් දූපත -  බෙංගාල බොක්ක - ඇස්.පිරිවැය: අදාල නොවේ

උතුරු සෙන්ටිනල් දූපත බෙංගාල බොක්කෙහි පිහිටා ඇති අතර එය අන්දමන් දූපත් වලින් එකකි. මෙම දූපතෙහි සෙන්ටිනලීස් / Sentinelese ලෙස හැඳින්වෙන ආදිවාසී ජනතාවක් වාසය කරයි. ඉන්දියාවට පැමිණෙන අමුත්තන්ට උතුරු සෙන්ටිනල් දූපතට යෑම තහනම් කර ඇති අතර, සෙන්ටිනලීස් ජනයා ඔවුන්ගේ නිවාස සහ ප්‍රදේශ දැඩි බැදීමකින් ආරක්ෂා කරයි. ඔවුන්ගේ හුදකලා ආදිවාසි ජන ජීවිතය රැකගැනීම සදහා බලය/අවිහිංසාව භාවිතා කිරීමට වුවද ඔවුන් බිය නැත. ලොව පුරා මෙවැනි ප්‍රදේශ තවත් ඇති බව සදහන් වේ.

උතුරු සෙන්ටිනල් වෙරළට පය තැබීම අනෙකුත් ඉන්දියානු පුරවැසියන්ටද තහනම් කර ඇත. එපමණක් නොව, එහි වෙසෙන මිනිසුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමද තහනම් කර ඇත. දිවයිනේ සිට සැතපුම් තුනක් ඇතුළත මායිමට කිසිවෙකුට යාමට අවසර නැත. මෙම නීති බලාත්මක කිරීම සඳහා, ඉන්දියානු නාවික හමුදාව Sentinelese නතාවට ගෙෳරවනිය වන ලෙස මුහුදේ මුර සංචාරයේ යෙදේ.

2.රතු වැස්ස /blood rain -  Idukki, කේරලය. -  ඇස්.පිරිවැය: අදාල නොවේ 

මනරම් වෙරළ තීරයන් සඳහා කේරලයේ නිරිතදිග දිස්ත්‍රික්කය ප්‍රසිද්ධය. එහි පසුගිය වසර දෙසීය තුළ අහඹු ලෙස අහසින් ඇද හැලුණු විශ්මය ජනක රතු වැසි මෙන්ම නිල් මුහුද සහ කළු වැලි විශේෂත්වයකි. රතු වැස්ස,1818 දී එහි පළමු ලේඛනගත කිරීමේ සිට, ‘ලේ වැස්සට’ හේතු විය හැකි දේ පිළිබඳව බොහෝ න්‍යායන් තිබේ.

උපකල්පිත උල්කාපාත පිපිරීමකින් ඇති වූ වැටීම ටික වේලාවක් පුරා විසිරී ගිය එක් උපකල්පනයකි. තවත් එකක් වු හින්දු විශ්වාසයක් නම්, අහස ලේ වැගිරෙන විට, පව් නැති අයගේ ජීවිතය නැති වී ඇති බවයි. ඉන්දියානු රජය ඒ් වෙනුවෙන් බාහිර-ලෝකයට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර ඇත. එනම් දේශීය ඇල්ගී වර්ග වලින් වාතයට එක්වු බීජාණු නිසා රතු වැස්ස ඇතිවේ.

3.තනි පවුලක වෛද්‍යවරු 31+ජායිපූර් - ඇස්.පිරිවැය: $258-$10,000* (ඉන්දියාවේ MBBS පාඨමාලා ගාස්තුව)- *(ආ.ව. රු 85000 සිට මිලි 3.2)

මේ ජායිපූර් පවුලේ වෛද්‍යවරු එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි තිස් දෙකක් ඉන්නවා. Vinamrita Patni 2014 දී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා, වෛද්‍යවරියක් බවට පත් වූ Patni පවුලේ තිස්දෙවැනි සාමාජිකයා විය. ඇගේ දෙමාපියන්, ඥාති සහෝදරියන්, මාමලා, නැන්දලා හැමෝම පාහේ වෛද්‍යවරු වේ. පවුලේ නාරිවේද වෛද්‍යවරු පස් දෙනෙක්, වෛද්‍යවරු හත් දෙනෙක්, අක්ෂි වෛද්‍යවරු තිදෙනෙක් සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක්, උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු, මුත්‍රා, ශල්‍ය වෛද්‍යවරු, විකලාංග වෛද්‍යවරු සහ ව්‍යාධී වෛද්‍යවරු සිටිති.

ඇගේ දෙමාපියන් දුප්පතුන්ට සහ රෝගීන්ට උපකාර කිරීම සඳහා කැපවී සිටිනු බලා සිටි නිසා, පවුලේ සම්ප්‍රදාය අනුගමනය කිරීමට ඇයට කිසිදු බලපෑමක් සිදු නොවීය. ඔවුන්ගේ ආදර්ශය දෙස බැලීමෙන් තමා වෛද්‍යවරියක් වීමට පෙලඹුණු බවත්, කිසි විටෙකත් වෙනත් වෘත්තියක් ගැන සිතීමට පවා තීරණය නොකළ බවත් පන්ටි/ Patni පැවසුවාය. (හොද ස්පිරිතාලයක් වගේ නේද)

4. Gold Face Masks/රන් මුහුණු ආවරණ -  Prune- ඇස්.පිරිවැය: $4,000* (ආ.ව.රු මිලි 1.3) 

 2020 ගිම්හානයේදී, ලෝකය අදෘශ්‍යමාන සතුරෙකු සමඟ දැඩිව මෙන්ම සාර්ථකව සටන් කළ බව අප කවුරුත් දනි. කෙසේ වෙතත්, බටහිර ඉන්දියාවේ Prune නගරයේ මිනිසෙක් ස්වයං ආරක්ෂාව පිළිබඳ කාරණය තම අතට ගත්තේය.

ව්‍යාපාරික ශංකර් කුර්හඩේ, ඔහු වටා ඇති වටිනාම ලෝහය වන රත්‍තරන් අවුන්ස දෙකකින් සාදන ලද කොවිඩ් වෙස් මුහුණක් ව්‍යාජ ලෙස සකස් කිරීම සඳහා ශිල්පියෙකු කුලියට ගත්තේය. ශංකර් පවසන්නේ වෙස් මුහුණ ඉතා තුනී වන අතර ඇදහිය නොහැකි තරම් කුඩා සිදුරු ඇති බව සහ ඔහුගේ අභිරුචි වෙස්මුහුණ ප්‍රසිද්ධියේ පැළඳ සිටින විට ඔහුට පහසුවෙන් හුස්ම ගැනීමට ඉඩ සලසන බවයි.

5.රන් සහ දියමන්ති සම්බන්ධ කළ අක්ෂි කාච -  මුම්බායි - ඇස්.පිරිවැය: $15,000*(ආ.ව. රු මිලි 4.8)

 මුම්බායි හි ශේඛර් අක්ෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය චවාන් ‘ලස්සන ඇස්’ තිබීම යන්නෙහි විප්ලවීය වෙනසක් සිදු කර ඇත. වෛද්‍යවරයා එසේ කර ඇත්තේ එක් ඇසක් වටා කුඩා දියමන්ති කිහිපයක් සහිත රත්‍රන් වලින් සාදන ලද අක්ෂි කාච නිර්මාණය කිරීමෙනි. මැණික් ස්ථානගත කිරීමේදී ඔක්සිජන් ප්‍රශස්ථ ප්‍රමාණයක් ගලා යාමට ඉඩ දීමෙන් අක්ෂි කෝපය සීමා කර ඇති බව පැවසේ.

ඔබ ඔබේ ඇස් වෙත අවධානය යොමු කිරීමට ක්‍රමයක් සොයන්නේ නම්, ලොව වෙනත් තැනකින් සොයාගත හැකි දේ  අමතක කරන්න, මන්ද රන් දියමන්ති සහිත කාච යුගලයකට වඩා කිසිවක් ඔබේ ඇස්වලට අවධානය යොමු නොකරනු ඇත යයි ඔවුන් පවසි. අක්ෂි කාච යුගලයක් ඩොලර් 15,000 ක් වන අතර (වචනාර්ථයෙන්) ඔබේ ඇස් දිදුලනු ඇත.

6.ඇදුම සුවයට මාළු ගිලීම -  හයිද්‍රාබාද් - ඇස්.පිරිවැය: $0 - $0.66* / ප්‍රතිකාර *(ආ.ව. රු 0 -200)

හයිද්‍රාබාද්හි ගවුඩ් පවුල ඇදුම සඳහා නිවෙස් පිළියමක් "ආශ්චර්යමත් ප්‍රතිකාරයක්" ලෙස හඳුන්වන දේ සොයාගෙන ඇත. ඔවුන් එහි ඇති දේ වෛද්‍යවරුන්ට නොකියනු ඇත, ඔවුන් එය පරීක්ෂණයට ගැනීමට ඉඩ නොදෙනු ඇත, නමුත් “ප්‍රතිකාරය” ඔවුන් 100% සාර්ථකත්ව අනුපාතයකට හිමිකම් කියයි.

ඔබ කළ යුත්තේ සෑම වසරකම මෝසම් සමය ආරම්භයේදී (වසර හතක් සඳහා) ප්‍රතිකාර සඳහා පෙනී සිටීම සහ කහ පේස්ට් බෝලයකට (නොහඳුනන අමුද්‍රව්‍ය සහිත) අමුණා ඇති කුඩා සජීවී මාළුවෙකු ගිල දැමීමයි. එවිට ඔබට වියළි අඹ, බත්, සීනි, නිවිති, බැටළු මස් සහ තවත් විශේෂිත ද්‍රව්‍ය 20  පමණකින් සමන්විත ආහාර දින 45ක් ගැනීමට සිදු වේ. පහසුයි වගේ නේද?

මෙවැනි දේවල් ඉන්දියාවේ අහඹු සිදුවීම් ලෙසද සැලකිය හැකිය.  

අන්තර්ජාලයේ IFL Science ඇසුරෙන් හර් ෂ