Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 14, 2017

ආහාර ඇසුරුම්වල සදහන් මොනවද මේ E - අංක?

වෙළදපොලේ තිබෙන පාට පාට ආහාර වර්ගවලට අපේ නෙත සිත ඇදිලා යන්නේ නිරායාසයෙන්. කොහොමද මේ ආහාරවලට විවිධ වර්ණයන් ලබාදෙන්නේ. ඒ විවිධ වර්ණක යොදා ගැනීමෙනුයි.
මෙම වර්ණක සදහා ජාත්‍යන්තර ශ්‍රේණිගත අංකයක් ලබා දී තිබෙනවා. ඒ තමයි E - අංකය. E ශ්‍රේණිගත පරාසය E – 100 සිට E – 180  දක්වා ලබාදී අවසන්.ආහාර වර්ණක දෙයාකාරක් දැකිය හැකිය. එනම් කෘතිම වර්ණක සහ ස්වාභාවික වර්ණක වේ. ආහාර වර්ණ ගැන්වීමට රස ගැන්වීමට සහ සුගන්ධවත් කිරීමට යොදාගනු ලබන කෘතිම වර්ණක බොහොමයක් නිපදවනු ලබන්නේ ගල්අගුරු තාර (Coal tar) ආශ්‍රයෙනි. ඒවා අධික පිළිකා කාරක වගේම රෝග බොහොමයක් සදහා හේතුවන බව සොයාගෙන තිබේ.
කෘතිම වර්ණක යම් ආහාරයක අඩංගු කලහැකි උපරිම ප්‍රමාණය ආහාරයෙන් හෝ පානයෙන් කිලෝග්රූමයට මිලි ග්රූම් 100ක් පමණි. එමෙන්ම ලංකාව තුල භාවිතා කිරීමට අවසර ලැබෙනුයේ කෘතිම වර්ණක 08ක් පමණි.

 අනුමත කෘතිම ආහාර වර්ණක සහ E ශ්‍රේණිගත අංක

අනු අංකය
වර්ණකය
වර්ණකයේ පොදුනාමය
E ශ්‍රේණිගත අංකය
1
රතු
Carmosine (කාමොසින්)
E-122
2
 රතු
Poncean 4R (පොන්සීන් 4 ආර්)
E-124
3
 රතු
Erythroseine  (එත්‍රොසීන්)
E-127
4
නිල්
Indigo Carmine/Indigotine
(ඉන්ඩිගෝ කාමයින්/ඉන්ඩිගෝටයින්)
E-132
5
නිල් 
Brilliant Blue (FCF) (බ්‍රිලියන්ට් බ්ලූ)
E-133
6
කොල
Green S (ග්‍රීන් එස්)
E-142
7
කහ
Tatrazine (ටාට්‍රසින්)
E-102
8
 කහ
Sunset Yellow (සන්සෙට් යෙලෝ)
E-110

ශාක මුලාශ්‍රවලින් උකහා ගන්නා ස්වාභාවික ආහාර වර්ණක මගින් ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති නොවන අතර ශ්‍රීලංකාව තුළ භාවිතය සදහා අනුමත කර ඇති ස්වභාවික වර්ණක පහක සදහන් පරිදි දැක්විය හැක.
අනුමත ස්වභාවික වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය

 
අනුමත ස්වාභාවික වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය
E ශ්‍රේණිගත අංකය
01
Curcumine - ඇතැම් මාගරින් වර්ග
E.100
02
Cochineal (Carminic  acid) ඇතැම් මත්පැන් වර්ග
E.120
03
Chlorophyll
E.140
04
Caramel
E.150 b
05
Carotene (alpha beta or gamma) (From Carrots) චීස් සදහා අනුමත වර්ණකයකි
E.160 a
06
Annatto (From the reddish seed of a tropical tree) චීස් සදහා අනුමත වර්ණකයකි
E.160 b
07
Capsanthin or Capsorubin
E.160 c
08
Licopene
E.160 d
09
Beta-apo-8` Carotenoic acid
E.160 e
10
Methyl or ethyl ester of beta apo-8` Carotenoic acid
E.160 f
11
Flavoxanthin
E.161 a
12
Beetroot red (Betanin)
E.162
13
Anthocyanin
E.1 63
ඒ අනුව කෘතිම වර්ණක අඩංගු ආහාර භාවිතය අවම කොට ස්වභාවික වර්ණක සහිත ආහාර අනුභවයට හුරුවීමෙන් ලෙඩරෝග වැළදීමේ අවදානම අවම කරගැනීමට හැකිවනුඇත.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
කටුවන

 
 

 


 


 


 


 


 


 



 


 



 




 




 





 





 






 







 






 






 






 






 





 




 



 



 



 


 


 


 


 


 


 


 


 

 
 







 
 

 


November 13, 2017

එදා හෙලයන්ගේ රස නහර පිනවූ හත්මාළුව

හත්මාළුව යන වචන ඇසු පමණින් අපට සිහිවන්නේ මාළු හතක් (ව්‍යංජන) යන අර්ථය වේ. නමුත් එහි සැබෑ අරුත නම් අංග හතකින් සැකසුණ ආහාරය යන්නයි. අපේ මුතුන් මිත්තන් අහස උසට දාගැබ් බැන්දහ. මහ සයුර වැනි වැව් ඇල වේලි සැකසූහ. කළු ගල්වලට ජීවය ලබා දුන්හ. ශිෂ්ඨාචාරයන් ගොඩ නැංවූ දස මහයෝධයන් බිහි වූ ලක් පොලවේ ඔවුන් දීර්ඝායුෂ ලැබූහ. ඊට හේතු වූ ප්‍රධාන කරුණු අතර ආහාර රටාවට ප්‍රමුඛස්ථානයක් විවාදයකින් තොරවම ලැබෙනු ඇත. එම සරල ආහාර රටාවට එක්වූ හත්මාළුව වර්තමානයේ අපේ ආහාර රටාවටද එක්කර ගැනීම කෙතරම් දුරට සාර්ථක වේදැයි විමසා බලන්න. එම අංග හත නම්
01        හොද්ද -          
එදා අපේ මුතුන් මිත්තන් ආහාර ගන්නා අවස්ථවේ හෝ ඊට පෙර හොද්දක් පානය කිරීම දක්නට ලදී. මස්වර්ග, කොලවර්ග සහ කුළු බඩු ආදිය ඊට ඇතුලත් වූ අතර වර්තමානයේ ද දක්නට ලැබෙන තැම්බුම් හොද්ද ද  මීට අයත් වේ.
02        ඇඹුල   -          
 පුහුල්, දියලබු, අලකොල වැනි පලා වර්ගයක් යොදා සකස්කල ආහාරයකි. ඉන් ආහාර රුචිය වඩවන බවක් පෙනෙන අතර ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබේ. මේවා සකස් කරන අතර ගොරක වැනි දේ එක් කරයි. මාළු ඇඹුලද මීට අයත් වේ.
03        තියඹලාව        
පුහුල්, කැකිරි, මුං ඇට, කොල්ලු, මියන දළු, කැරම් දළු, මැඩ දළු, ගස්ලබු, කෙසෙල් බඩ වැනි දෑ තියඹලාව සඳහා යොදා ගනී. එයට සහල්, පොල්, ගම්මිරිස්, අබ, හීන්දුරු ආදිය අඹරා එක්කර පිස ගනී.
04        ගොඩමස්        
අවට පරිසරයෙන් හෝ වනයකින් සොයා ගන්නා මස් වර්ග සහ හතු වර්ග මෙයට අයත් වේ.   
05        දිය මස්            
මිරිදිය හෝ කරදිය මාළු වර්ග අයත් වේ.
06        බැදුම               
කබලේ බැදීම හා තෙලේ බැදීම ලෙස දෙයාකාරයකින් මෙම බැදුම දැක්විය හැක. තෙලේ බදින විට තෙල් දැමීම හා ගැඹුරු තෙලේ බැද ගත හැකිය. විවිධ ඇට වර්ග, විවිධ එලවළු වර්ග, මස් මාළු වර්ග, ආදිය මෙසේ බැදුමට එක්කර ගත හැකිය.
07        මැල්ලුම    
 ගෙවත්තෙන් නෙලාගත් නැවුම් කොල වර්ග මෙයට යොදා ගනී. ඊට  අමතරව පොල් මැල්ලුම, කෙසෙල් මුව මැල්ලුම, අටුකොස්, දෙල් අටුකොස්, තිබ්බටු, දියබෙරලිය, හබරල, ලපටි ගස්ලබු ආදියද භාවිතා කරයි
ඉහත හත්මාළුව පිළිබද විමසා බැලූවිට වර්තමානයේ වෛද්‍යවරුන් ලබාදෙන සමබල ආහාර වේලක් පිළිබඳ උපදෙස් හා මනාලෙස ගැලපෙන ආහාර රටාවක් අපේ මුතුන් මිත්තන් අනුගමනය කර ඇත. සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ සංඝටක එහි අඩංගු වූ අතර මස් මාළු ගැනීමේදී වුවද ඔවුන් තුල මනා සංයමයක් හික්මීමක් දක්නට ලැබේ. වර්තමානයේ මෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රොල් වැනි බෝ නොවන රෝග කිසිවක් ඔවුන්ට වැළඳෙන්නේ නැත. ඒ ඔවුන්ගේ නිවැරදි ආහාර රටාව සහ සිරුරට ලැබෙන ව්‍යායාම මගිනි. මෙවැනි ආහාර රටාවක් නිසා රෝග වැළඳීම අඩුවන අතර ශක්ති සම්පන්න, නිරෝගි වැඩි ආයුෂ ලබන ජනතාවක් බිහිවීමට අවස්ථාව ලැබෙනු ඇත.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
කටුවන.

බැලුවොත් වැඩියෙන් රස කන්න වෙනවමයි වස

වර්තමානයේ කාර්ය බහුලත්වය, සිඝ්‍රයෙන් වෙනස්වන සමාජ ආර්ථික පසුබිම, අවිවේකී බව හා කාන්තා රැකියා නියුක්තිය නිසා පහසුවට සහ කාලය ඉතිරි කරගැනීමට කෙතරම් මිල අධික වුවත් ක්ෂණික කෑම වර්ග වලට නැඹුරු වෙමින් සිටී. කලින් සකස් කල මෙවැනි කෑම වල බහුලව ඇත්තේ සීනි, ලුණු, මේද වර්ග(සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය)හා කල්තබා ගැනීමට රසගැන්වීමට හා වර්ණ ගැන්වීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය වේ. මේවායේ කිසිදු පෝෂණීය අගයක් නොමැති අතර අසාත්මිකතා, ස්නායු ආබාධ, පිළිකා වැනි තත්ත්ව ඇතිවීමට හේතු වේ. මෙසේ අප රස කරමින් කෑමට ගන්නා එවැනි ආහාර වර්ග කිහිපයක  ඇති අහිතකර බව මෙසේ හඳුනා ගත හැකිය.
තිරිඟු පිටි පාන්
            තිරිඟු පිටි ලබාගැනීමේදී ලංකාව අනුගමනය කරන්නේ 70% ක්‍රමය වේ. මෙහිදී එහි මැද ඇති පිෂ්ඨය කොටස පමණක් වැඩිපුර නිස්සාරණය වන අතර ප්‍රොටින්, විටමින්,ඛණිජ ලවණ හා තන්තු ඉතා ස්වල්ප වශයෙන් අඩංගු වේ. මෙම පිටි පදම් කිරීමට හා සුදු පැහැ ගැන්වීමට කල්තබා ගැන්වීම විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. පාන් වල තිරිඟු පිටිවලට අමතරව මේදය ,ලුණු, යීස්ට් අඩංගු වේ. මේවා පමණක් යෙදූ පාන් එක් දිනක් පමණක් තබාගත හැකි අතර වර්තමානය වන විට කල්තබා ගැනීමට, පිපුම් කාරකයක් ලෙස සහ පාන් මෘදු වීමට විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම සිදුවේ.
බිස්කට්, ක්‍රැකර්ස් හා කුකීස්
            මෙම ආහාරවලද ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ද තිරිඟු පිටි වේ. ඊට අමතරව අසංතෘප්ත මේද වර්ග, සීනි හා ලුණු අමුද්‍රව්‍ය ලෙසද ඇමෝනියම් බයිකාබනේට් පිපුම් කාරකයක් ලෙසද භාවිතා කරයි. ඊට අමතරව යොදන තෙල්වර්ග මුඩුවීම වැළැක්වීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය ලෙස BHT/BHA යොදන අතර සමහර රටවල් පිළිකා කාරක ලෙස ඒවා ඉවත් කර ඇත. බිස්කට් සඳහා යොදන අසංතෘප්ත මේදය ඉහල උෂ්ණත්ව වලට ලක්වීමේදී හදවතට අහිතකර ට්‍රාන්ස් මේදය බවට පත් වේ. එසේම මේවාට යොදන රස වර්ග ස්වාභාවික නොවන අතර පෙට්ට්‍රෝලියම් ඊතර් හා ක්‍රෝල්ට්‍රාවල නිස්සාරකයන් වේ.
නූඩ්ල්ස්
            සාම්ප්‍රදායනුකූල ක්‍රමයට නූඩ්ල්ස් නිෂ්පාදනයේදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස තිරිඟු පිටි හා ලුණු පමණක් භාවිතා කරයි. නමුත් ක්ෂණික නූඩ්ල්ස් නිෂ්පාදනයේදී රසවත් බව වැඩිකර ගැනීමට රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් කරයි. ඒ සඳහා එක්කර මොනසෝලියම් ග්ලුටමේඩ් (අජිනමොටෝ) භාවිතා කරන අතර අවුරුදු 03න් පහල දරුවන් සඳහා නුසුදුසු බවට ර්‍ශ්‍ර ලංකාවේ ආහාර පනතේ පවා සඳහන් කර ඇත. තවද ඒවා තුල ඇති රසකාරක වල කිසිදු ස්වාභාවික ද්‍රව්‍යයක්  අඩංගු නොවන අතර ඒවා සකසා ඇත්තේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමිනි. ඒවා සියල්ල අසාත්මිකතා, පිළිකා හා ස්නායු ආබාධ වැනි රෝගි තත්ත්වයන් සඳහාද හේතුවේ. එම නිසා සාමාන්‍ය ලෙස සකස්කරන ලද නූඩ්ල්ස් වලට එලවළු වර්ග හා ස්වාභාවිකව රසකාරක යොදා සකස්කර ගැනීම සෞඛ්‍යයට හිතකර වේ.
සුප්කැට හා සුප් මිශ්‍රණ
            සුප්කැට හා සුප් මිශ්‍රණ පෝෂණ ගුණයෙන් හීන අතර මේවායේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ එළවළු තෙල්,කෝන්පිටි,විවිධ වර්ණක, ලුණු වන අතර අජිනොමොටෝවලින් රසගන්වා ඇත. නිවසේදීම එළවළු යොදා අවශ්‍ය නම් මස් මාළු වලින් රසගන්වා සුප්වර්ග සකස්කර ගත හැක.
සකස් කරන ලද මස් වර්ග
            මේයටතේ මීට්බෝල්ස්, සොසේජස් අයත් වේ. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ඉවත ලන සත්ව සම,මේද ස්ථරය,බඩවැල් කොටස් වන අතර දුඹුරු වර්ණය ගැන්වීමට සහ කල්තබා ගැනීමට සෝඩියම් නයිට්‍රේට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. මේවා මස් සමග ප්‍රතික්‍රියා කර නයිට්‍රෝසැමයින් නමැති සංයෝගය සාදන අතර මෙය පිළිකාකාරකයකි. මෙය ආහාරයේ තිබිය යුතු උපරිම අංශු ගණන මස් අංශු මිලියන 1කට මෙම රසායනික අංශු 150ත් 200ත් අතර ප්‍රමාණයකි. තවද එම ආහාර වල සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය ඉහල නිසා නිතර ආහාරයට ගැනීම නුසුදුසු වේ. එම නිසා ප්‍රෝටීන ලෙස මාළු, මේද රහිත මස්, බිත්තර, පියළි ඇට වර්ග හා රනිල බෝග භාවිතා කල හැක.
කාබනීකෘත බීම වර්ග  
            කාබනික බීම බොහොමයක ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ජලය, සීනි,විවිධ වර්ණක හා කාබන් ඩයොක්සයිඩ් වායුවයි. තවද මෙවැනි බීම වල අධික සීනි අඩංගු වන අතර සීනි වෙනුවට සැකරින්, ඇස්පාට්මින් වැනි රසකාරක ද භාවිතා කරයි. එමගින් ස්නායු ආබාධ හා පිළිකා හා තරබාරුව ඇති කරයි. ලෙමනේඩ් වීදුරුවක සීනි හැඳි 3ක් අන්තර්ගත වන අතර විවිධ රසායනික ද්‍රව්‍ය සුවඳ කාරක ලෙස භාවිත කරයි. මෙම ද්‍රව්‍ය මගින්ද පිළිකා, ඇදුම, අසාත්මිකතා ඇති කරයි.
ටින් කරන ලද ආහාර
            ටින් කරන ලද ආහාර සීනි හෝ ලුණු සාන්ද්‍රණ වල බහා ඇති අතර ඉහල උෂ්ණත්වයට රත් කර සකස් කරයි. එම නිසා ආහාර වල ඇති විටමින් වර්ග විනාශ වේ. කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යොදන නිසා පිළිකා තත්ත්ව අසාත්මිකතා ඇති වේ. නිර්වායු තත්ත්ව යටතේ අහුරා ඇති බැවින් එහිදී වර්ධනය විය හැකි බැක්ටීරියා වර්ග විෂ නිපදවන නිසා පිම්බුනු, නැමුණු සහ මල බැඳුනු ටින්වල ඇති ආහාර අනුභවය නුසුදුසුවේ. 
 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය 
කටුවන.   

නීරෝගිව ඉන්න බිම්මල් රස බලන්න


 රසවත් ආහාර වේලක් අපේක්ෂාවෙන් අපි බිම්මල් එක්කරගත්තද එහි රෝග රැසක් සුවකර ගැනීමේ ගුණයෙන් යුක්ත බව බොහෝ දෙනෙක් නොදනී. එහි ඇති විශේෂිත පෝෂණ ගුණය හා ඖෂධීය ගුණය පිළිබඳ දන්නේ නම් ආහාර වේලෙන් බිම්මල් වලට පෙරටත් වඩා සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා නිසැකය.
බිම්මල් එසේත් නැතහොත් හතු යනු සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන පුස් වර්ගයකි. ඉන් මාංසල හතු අප ආහාරයට ගනී. දැනට බිම්මල් විශේෂ 14,000ක් පමණ හදුනාගෙන ඇතත් ආහාරයට ගත හැක්කේ ඉන් විශේෂ 3000ක් පමණි.
මෙ‍සේ අපට ලැබෙන බිම්මල් අතර විෂ සහිත බිම්මල් ද දැක ගත හැක. ඒවා හදුනා ගැනීමට නිවසේදී පහත ක්‍රම අනුගමනය කළ හැකිය.
§  බිම්මල් සහ ලූණු කැබලි තම්බා හෝ කලවම් කර තැබූ විට ලූණු දම්පැහැ වේ නම්

§  රිදී හැන්දක් සමග බිම්මල් ස්පර්ෂ වන ලෙස තැබූ විට හැන්ද කළු වේනම්

§  තද වර්ණයකින් යුත්ක නම්, විශේෂිත සුවඳකින් යුක්ත නම්, කෘමින් ආකර්ෂණය නොවන්නේම් එම බිම්මල් ආහාරයට නුසුදුසු වේ.
පෝෂණීය අගය
බිම්මල් යනු ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස ආහාරයට එක්කර ගත හැකි ආහාරයකි. මස් මාළුවල තරම් ප්‍රෝටීන අගයක් නොතිබුණද මස් මාළු අනුභවයෙන් රුධිරයට එක්වන කොලෙස්ට්‍රොල් ප්‍රමාණය පාලනය කිරීමේ විශේෂ ගුණයක් බිම්මල්වල දැකිය හැක. එසේ වන්නේ බිම්මල්වල ඇති ඊරිටඩෑනින් ලෙස හදුන්වන රසායනික සංයෝගය මගින් කොලෙස්ට්‍රෝල් විනාශ කිරීම නිසාය. එම නිසා කොලෙස්ට්‍රොල් නිසා ඇතිවන අධි රුධිර පීඩනෙයන් පීඩා විදින , විවිධ හෘද රෝග ඇති රෝගින්ට වැඩිපුර බිම්මල් පරිභෝජනය වඩාත් ප්‍රතිපල දායක වනු ඇත. මීට අමතරව කැල්සියම්, යකඩ, තයමීන්, රයිබෝෆ්ලෙවීන්, නියැසීන් සහ විටමින් සී වැනි විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාරයකි.

බිම්මල් වල කැලරි ප්‍රමාණය අඩු වීමත් තන්තු බහුල වීමත් නිසා බර වැඩිවීම නිසා ආහාර පාලනය කරන ඕනෑම කෙනෙකුට බිම්මල් ආහාරයට ගැනීමට බිය විය යුතු නැත. එම නිසා ඔවුන්ට නීරස කෑම වට්ටෝරුවකින් ඉවත්ව රසවත් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් යුක්තව බිම්මල් ආහාරයට එක්කර ගත හැක.   
ලෙඩ රෝග සුව කිරීමේ හැකියාව

වර්තමානයේ පර්යේෂණ මගින් අනාවරණය කර ඇති පරිදි බිම්මල්වල ග්ලුකන් සංයෝග, ෆීනොලික සංයෝග හා ග්ලුකොසිනොලේට් සංයෝග වැනි කාණ්ඩවලට අයත් සංයෝග විශාල ගණනක් අඩංගු වේ. මෙම සංයෝග සතුව පිළිකා, අධිරුධිර පීඩනය, හෘදයාබාධ සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝග සුව කිරීමේ ගුණයක් පවතී. ඇතැම් බිම්මල් විශේෂ වලින් ලබාගන්නා සංයෝග ලියුකේමියාව වැනි රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි. එමෙන්ම හෝමියෝපති චිකිත්සාව, චීන වෙද වට්ටෝරු හා ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෙද වට්ටෝරු වලට විවිධ බිම්මල් විශේෂ යොදා ගැනීම තුළින් බිම්මල් සතුව ඇති ඖෂධීය ගුණය තවදුරටත් පැහැදිලි කරගත හැකිය. උතුරු කොරියාවේ සාම්ප්‍රදායික වෛද්‍ය වරු ද විවිධ බිම්මල් වර්ගවලින් ඖෂධ තනයි. Yeongji නැතහොත් Yungee යන නමින් හැඳින්වෙන බිම්මල් විශේෂයකින් සාදන සියලු නිදන්ගත රෝග සඳහා සුදුසු සර්ව රෝග නිවාරණ ඖෂධය ලෙස හැඳින්වෙන ඖධෂය එවන් ඖෂධයකි.
බිම්මල් දියවැඩියාවට හොඳ ඔසුවක් වන්නේ මෙහෙමයි
රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කිරීමට උපකාරි වන හෝමෝනයක් වන ඉන්සියුලින් වලට දේහ සෛල දක්වන ප්‍රතිරෝධය වැඩිවීම නිසා රුධිරගත ග්ලුකෝස් මට්ටම වැඩිවීම හේතුවෙන් දියවැඩියා තත්ත්වය ඇති වේ. වර්තමානයේ දියවැඩියාව පාලනය සඳහා යොදා ගන්නා “Insulin”, “Pheneformin”, “Troglitazone”  වැනි බෙහෙත් වර්ග වලින් රුධිර ග්ලුකෝස් මට්ටම පාලනය පමණක් සිදුකරන අතර එමගින් එමගින් ඉන්සියුලින් සඳහා දක්වන ප්‍රතිරෝධතාවයේ අඩුවීමක් සිදු නොවේ. එබැවින් දිගින් දිගටම එම ඖෂධ භාවිත කල යුතුය. එහෙත් බිම්මල්වල ඇති Glucaronoxylomannan හා Exopliasachoride වැනි සංයෝග මගින් රුධිර ගත ග්ලුකෝස් මට්ටම අඩුකරන අතර ඉන්සියුලින්වලට දක්වන ප්‍රතිරෝධතාවද අඩුවීම සිදුවේ. එමෙන්ම ඉහත සංයෝග බහුල බිම්මල් නිසා ඉන්සියුලින්වලට සෛල දක්වන පුතිරෝධතාව අඩුවන බවට විදේශීය රටවල සතුන් යොදා සිදුකරන ලද ඇතැම් පර්යේෂණ ප්‍රතිඵල මගින් තහවුරු කර ඇත. එම නිසා බිම්මල් දිගින් දිගට ආහාරයට එක් කර ගැනීමෙන් දියවැඩියා තත්ත්වය පාලනය කරමින් තවදුරටත් වර්ධනය වීම මග හරවා ගත හැකිය.
  බිම්මල් ශරීරයට ප්‍රතිශක්තිකරණයක් ලෙස ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි
පර්යේෂණ ප්‍රතිඵල වලින් අනාවරණය කරගෙන ඇති පරිදි බිම්මල් පරිභෝජනය නිසා වසා සෛල වර්ධනය වීම වැඩිවේ. මෙම වසා සෛල බෝවන රෝගවලට හේතු වන වෛරස් ආසාදනවලින් ආරක්ෂා වීම සඳහා වැදගත් වන අතර ආසාදන හා විෂවීම් වලදීද එම රෝගවලට ප්‍රතිරෝධීතාවක් බිම්මල් මගින් දක්වයි. බිම්මල්වල අඩංගු බීටා ග්ලුකන් සංයෝග මෙම ප්‍රතිශක්ති කරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා දායක වේ. එසේම මෙහි ඇති ග්ලුකන් සංයෝග සහ ergostrol සංයෝගය මගින් පිලිකා ඇතිවීමේ අවදානම අඩුකිරීම සහ සමහර බිම්මල් වලින් පිළිකා සෛල විනාශ කරන සෛල වර්ධනය වන බවටද සාක්ෂි ලැබී ඇත.
 මෙසේ බලන කල රසවත් ආහාරයක් ලෙස භාවිතා කල බිම්මල් රෝගී නිරෝගි සෑම අයෙකුටම කිසිදු බියකින් තොරව භාවිතා කල හැකි අතර, අඩු මේද ප්‍රමාණයක් සහ අන්තර්ගත පෝෂක සංඝටක, ජෛව රසායනික සංඝටක සැලකූ විට බොහෝ රෝග වලින් වැලකීමටත් නිදන්ගත රෝග පවා පාලනයකර ගැනීමටත් හැකිවනු ඇත.
 ආර්යා පුවත්පත ඇසුරිනි.   
 
 
  

November 10, 2017

චන්ද්‍රිකා ගමනාගමන තාක්ෂණය (GPS) මිලි මීටර 1 ක් දක්වා නිරවද්‍ය වීම

ඩරෝන සහ යුද්ධෝපකරණ සදහා සුපිරි නිරවද්‍යතාවයක් ලබාදීමට සමත් චන්ද්‍රිකා තාක්ෂණ ගමනාගමනය (satellite navigation) වෙනුවෙන් චීනය නවතම චන්ද්‍රිකා 3ක් අභ්‍යවකාශ ගත කිරීමට සුදානම් වේ.

සාමාන්‍යයෙන් භාවිතාවෙන GPS ග්‍රාහක වලට වැඩි නිරවද්‍යතාවයක් ලබා ගැනීම සදහා චන්ද්‍රිකා කිහිපයක සංඥා භාවිතා කරයි. නව චන්ද්‍රිකා මගින් ලබාදෙන සංඥා මගින් මෙම නිරවද්‍යතාවය මිලි මීටර 1 දක්වා සියුම්වීමට නියමිතය.

මෑතකදී නිර්මාණය කළ වඩාත් නිවැරිදි පරමාණුක ඔරලෝසු භාවිතය නිසා වඩාත් යථාර්ථ හා සියුම් රේඩියෝ සංඥා නිකුත් කිරීමට මෙම චන්ද්‍රිකා සමත් වේ. නව පරමාණුක ඔරලෝසුව තත්පරයකින් දෝෂ සහිත වීමට අවුරුදු මිලියන 300 ක් ගත වේ. සම්පුර්ණයෙන් නිවැරිදි නව චිප සහිත නව පද්ධතිවලින් සමන්විත Beidou 3 නම් මෙම චන්ද්‍රිකා පෘථිවියේ පාලන මධ්‍යස්ථානවලින් සිදුකරන වර්ධනය කිරීම් වැනි සහය නොමැතිව ක්ෂණික නිවැරිදි සංඥා සපයයි. Beidou 3 ග්‍රාහක වල පරිගණක චිප Allystar Technology හි නවතම නිර්මාණ වේ. Beidou Navigation චන්ද්‍රිකා පද්ධතිය සම්පුර්ණ කළ පසු එමගින් මුළු පෘථිවියම ආවරණය කළ හැකි වන නමුත් ආරම්භයේදී මෙම සංඥා හමුදාමය ඩරෝන සහ යුද්ධෝපකරණ සදහා පමණක් භාවිතා කරන බව සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/Ijl1ArfY3ng

November 6, 2017

විදුලිය භාවිතයෙන් තොරව තොරතුරු ගබඩා කල හැකි ඇඳුමක්.................

පරිගණක විද්‍යාඥයින් පිරිසක් විසින් කිසිදු විද්‍යුත් උපකරණ හෝ සංවේදක වලින් තොරව හදුනා ගැනීමේ පත්‍ර සදහා වන ආරක්ෂක කේත දත්ත රෙදිපිලි හා මෝස්තර ආයිත්තම් තුළ ගබඩා කළ හැකි ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා.Navigation apps  ස්ථාපිත ස්මාර්ට් ජංගම දුරකථන මගින් මෙම කේත කියැවිය හැකි බව තව දුරටත් ප්‍රකාශිතයි.
“මෙය සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික උපාංග රහිත නිර්මාණයක් .එනම් මේ නව ඇඳුම ස්ත්‍රික්ක කිරීමට ,සේදීමට හෝ වියලීමට කිසිදු බාධාවක් නැහැ.” යැයි මේ සම්බන්ධව පර්යේෂණ කල Paul.G.Allen විද්‍යාලයේ සහය මහාචාර්ය ෂ්‍යාම් මහතා පවසා සිටිනවා.තවදුරටත් ඔහු මෙසේ ද පවසනවා.”ඔබට සිතීමට තිබෙන්නේ ඔබ එදිනෙදා කල යුතු වැඩකටයුතු පිළිබද දත්ත ගබඩා කර ඇති දෘඩ තැටියක් ඇගලාගෙන සිටින බවයි.”
මෙම ඇදුම් වර්ගය නිපදවා ඇති සන්නායකිත නූල් තුල ඇති වන චුම්භක ගතිගුණ මගින් මෙම ඩිජිටල් දත්ත හෝ දෘශ්‍ය තොරතුරු ගබඩා කල හැකිය.මෙම දත්ත කියැවිය හැක්කේ චුම්භක මානයක් ආශ්‍රයෙනි. මෙය චුම්භක වල දිශානතිය හා ක්ෂේත්‍ර ප්‍රභලතාවය මිනුම් කල හැකි අඩු මිල උපකරණයකි.එබැවින් මෙම දත්ත කියැවීමට වැය වන මුදල නොගිනිය හැකි තරම් කුඩා වේ.
මෙම ක්‍රමවේදයේ භාවිතාවක් ලෙස ඔබට යම් දොරක අගුලක් විවෘත කල යුතු නම් ඔබේ ෂර්ට් අතෙහි තබා මසන ලද සන්නායක නූල් සහිත රෙදි කැබැල්ල දෙරෙහි සවි කර ඇති චුම්භක මානය ඉදිරියට ගෙන ඒමෙන් ඔබට එම දොරෙහි අගුල විවෘත කල හැකිය.
මෙහි නිර්මාපකයින් සම්ප්‍රදායික මහන මැෂින් හා සන්නායක නූල් උපයෝගී කරගෙන එම්බ්‍රොයිඩර් කරනු ලබන්නේ සසම්භාවී ආකාරයට චුම්භක ධ්‍රැව නිර්මාණය වන පරිද්දෙනි.
මෙය මත ස්ථිර චුම්භක පිරිමැදීම තුළින් පර්යේෂකයින් උත්සාහ දැරුවේ උතුරු හා දකුණු චුම්භක ධ්‍රැව එය තුල වෙනවෙනම නිර්මාණය කිරීමටයි.එවිට සංඛ්‍යංක දත්ත 1 හා 0 එමගින් නිරූපණය ඔවුන්ගේ අපේක්ෂාවයි.මෙහි ඇති අනෙක් වාසිය නම් බොහෝ වාර ගණනාවක් මෙම එක් එම්බ්‍රොයිඩර් මැස්මක් වැඩසටහන් ගත කල හැකි වීමයි.සේදීම ,වියලීම හා ෆැරන්හයිට් අංශක  320 දක්වා ස්ත්‍රික්ක කිරීමකදී පවා මෙහි ඇති දත්ත නොමැකී ,නොනැසී පැවතීමද මෙහි විශේෂත්වයකි.


අන්තර්ජාලය ඇසුරිනි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි.
විදාතා සම්පත් මධ්‍යස්ථානය - මීගමුව.

මූලාශ්‍රය : Materials provided by http://www.washington.edu/. Original written by Jennifer Langston
     

November 1, 2017

පියාඹන,කිමිදෙන මීමැසි රොබෝවෙක්........

ඇමරිකාවේ හාවඩ් හි පර්යේෂණ ආයතනයක් විසින් නිපදවන ලද මෙම නව දෙමුහුන් රොබෝ මී මැස්සාට පියෑඹීමට,ජලයේ කිමිදීමට,මතුපිට පිහිනීමට හා වහා ජලයෙන් ඉවත්වී ආරක්ෂාකාරී ස්ථානයකට ගමන් කිරීමේ හැකියාව පවතී.
නවීනතම පාවෙන උපකරණ මගින් මෙම බහුකාර්ය රොබෝව ජලය මතුපිට ස්ථාවර වීමට සලස්වයි.කලින් නිෂ්පාදනය කල මේ ආකාරයේ රොබෝවන්ට වඩා දහස් ගුණයකින් සැහැල්ලු මෙම නවතම රොබෝ සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුමේ සිට පාරිසරික නිරික්ෂණ හා ජෛව විද්‍යාත්මක අධ්‍යයනයන් සදහා ද යොදා ගත හැක.
මෙම මිලිමීටර ප්‍රමාණයේ රොබෝවකු ජලයේ හා ඉන් පිටත ගමන් කරවීම සෑහෙන තරමේ අභියෝගයකි.සාමාන්‍යෙයන් ජලය වාතයට වඩා 1000ගුණයක් පමණ ඝනත්වයෙන් වැඩි වේ.එබැවින් රොබෝවාගේ අත්තටු ගැසීමේ වේගය මෙම මාධ්‍යයන් දෙකේදී පුළුල් පරාසයක පැතිරී පවතී.අත්තටු ගැසීමේ සංඛ්‍යාතය ඉතා අඩු නම් රොබෝවාට පියෑඹීමට අවකාශ නොලැබේ.එමෙන්ම එය ඉතා වැඩිනම් ජලයේ පිහිනීමට,කිමීදීමට අවකාශ නොලැබේ.
න්‍යයාත්මක අනුරූ හා පර්යේෂණ දත්ත ඒකාබද්ධ කිරීමෙන් පියාපත්වල ප්‍රමාණය සහ අත්තටු ගැසීමේ වේගය තීරණය කිරීමට පර්යේෂකයින්ට හැකි වුණා.වාතයේදී 220 Hz සිට 300Hz සංඛ්‍යතයකින් යුතුව හා ජලයේදී 9Hz සිට 13Hz  දක්වා සංඛ්‍යාතයකින් යුතුව අත්තටු වල වේගය සිදුකළයුතු බවට එහිදී ඒත්තු ගැනිවිණි.
පර්යේෂකයන්ට මීළගට ඇතිවූ ප්‍රධාන ගැටළුව වූයේ මිලිමීටර ප්‍රමාණයේ වස්තුවකට ජලයේ පෘෂඨික ආතතිය ඉතා අධිකව දැනීමයි.මේ සදහා ඔවුන් හරස් දඩු හතරක් ඉපිලීම සදහා යොදනු ලැබුවා.මෙම රොබෝ මී මැස්සා තම ක්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය ඉන්ධන තමාමා සපයා ගනී .ඒ ජල මතුපිටදී එහි පවතින විද්‍යුත්විච්ජේදක පුවරු මගින් ජලය ඔක්සිහයිඩ්‍රජන් බවට පත්කර ගබඩා කර ගැනීමෙනි.අවශ්‍ය විටකදී නවීන පුලිගු උත්පාදකයක් මගින් මෙම ඔක්සිහයිඩ්‍රජන් දහනය කිරීමෙන් මෙම මී මැස්සාට ජලයෙන් ඉවතට පැමිණිය හැක.

වැඩිදුර විස්තර සදහා : Y. Chen el al., "A biologically inspired, flapping-wing, hybrid aerial-aquatic microrobot," Science Robotics (2017). robotics.sciencemag.org/lookup … /scirobotics.aao5619


අන්තර්ජාලය ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,

විදාතා සම්පත් මධ්‍යස්ථානය- මීගමුව