Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 10, 2017

මැලික් අම්ලය. (Malic Acid)

මැලික් අම්ලය ස්වභාවයේ පවතින අම්ලයක්. මෙය පලතුරුවල ඇති සංඝඨකයක්. ඇපල් ගෙඩියක් කනවිට හෝ වෙනත් ඇඹුල් රසැති පළතුරක් හපන විට දැනෙන ඇඹුල් රස ගෙන එන්නේ මේ මැලික් අම්ලය මගින්. පළතුරුවල ඇති සීනි, රසකාරක, වෙනත් අම්ල වර්ග, සහ මැලික් අම්ලයේ සංකලනයක් ලෙසිනුයි පළතුරුවල දිගුකල් පවතින ඇඹුල් සහ නැවුම් රසය අපට ලබා දෙන්නේ. දැනුත් කටට කෙළ උණනවා ඒ බව මතක් වනවිටමැලික් අම්ලයේ ඇති මෙන්න මේ ගුණාංගය නිසා බොහෝ ආහාර වර්ගවල පළතුරු සහ මුඛයේ දිගුකල් පවතින නැවුම් රසය පවත්වාගෙන යාමට රස කාරකයක් ලෙසින් මැලික් අම්ලය භාවිතා කරනවා.
මැලික් අම්ලය ආහාරයට එක් කරන විට එයට E-296 යන අංකය ලබා දෙනවා. මෙය බොහෝ රසකැවිලි, ටොෆී ආදියේ ඇඹුල් රසය ලබා දීම සඳහා භාවිතා කරන රසකාරකයයි. මෙය ඇමරිකානු, එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපය ඇතුළු බොහෝ රටවල ආහාර රසකාරක සඳහා භාවිතා කිරීමට අනුමැතිය දී ඇති රස කාරකයක්.
මැලික් අම්ලය මුලින්ම සොයා ගත්තේ 1785 දි කාල් විල්හෙල්ම් ශීල් නම් විද්‍යාඥයා විසින්. ඒ ඇපල් යුෂවල ඇති සංඝඨකයක් ලෙසින්. නමුත් මෙයට මැලික් අම්ලය යන නම දුන්නේ අපි කවුරුත් දන්නා හඳුනන ලැවෝසියර් විසින් 1787 දි. එහි තේරුම ලතින් භාෂාවෙන් ඇපල් යන්නයි. මැලික් අම්ලය ආකාර දෙකකින් පවතිනවා; L සහ D ලෙසින්. නමුත් ස්වභාවයේ පවතින්නේ L ආකාරය ලෙසින් පමණයි. මේ මැලික් අම්ලය කෙල්වින් චක්‍රයේ සහ සිට්‍රික් අම්ල චක්‍රයේ (ක්‍රෙබ්ස් චක්‍රය, ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය) යන දෙකෙහිම වැදගත් තැනක් ගන්නා සංයෝගයක්. මේ ගැන වැඩිදුර කතා කරන්න යන්නෙ නැත්තෙ කියවනවිට නීරස වන්න පුළුවන් නිසා. නමුත් කෙටියෙන් කියනවා නම් මෙය අපේ ශරීරයෙත් ශාක වලත් නිරන්තරයෙන් නිපදවෙන, භාවිතයට ගැනෙන සංයෝගයක්. සෛල තුළ මැලික් අම්ලය නිපදවෙන්නේ සෛල වලට ශක්තිය ලබා දීමට සහ ඇමයිනෝ අම්ල සහ වෙනත් සංයෝග නිෂ්පාදනයේදී අවශ්‍ය කාබන් ව්‍යුහයන්හි සැකිල්ල නිර්මාණය කිරීම යන කාරණා වලටයි. සාමාන්‍යයෙන් මිනිස් සිරුර තුළ විශාල මැලික් අම්ලය ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා මෙන්ම බිඳ වැටීම ද සිදු කෙරෙනවා.
පැණිරස රස කැවිලි නිෂ්පාදනය කිරීමේදී මැලික් අම්ලය බහුලව භාවිතා කරනවා. මේ සඳහා කරුණු කාරණා බොහොමයක් වැදගත් වෙනවා. මැලික් අම්ලයේ ඇති විශේෂ ගුණ නිසා අනෙක් අම්ලවලට වඩා වාසිදායක නිසාත් බොහෝ ඇඹුල් රසැති රසකැවිලි නිෂ්පාදනයේදී මැලික් අම්ලය භාවිතා කරනවා. මේ ගුණ වන්නේ
·         වෙනත් රස ගෙන නොදෙන, නමුත් පිරිසිදුව ඇඹුල් රස ලබා දීම
·         වෙනත් රසකාරක වල රසකාරක ගුණ ඉස්මතු කිරීම නිසා රසකාරක අඩුවෙන් යෙදිය යුතු වීම (ආර්ථික වාසියක්)
·         අධික ද්‍රාව්‍යතාවය
·         වෙනත් අම්ලවලට වඩා තෙතබරි වීම (Hygroscopic) අඩුකම (මේ නිසා රසකැවිලි තෙතබරියම් වීම දියවීම වලකී)
·         ද්‍රවාංකය අඩු වීම නිසා රසකැවිලි නිෂ්පාදනයේදී වැයවන ශක්තිය අඩු වීම
·         ලෝහ අයන සමග බන්ධනය වීමේ වැඩි හැකියාව
මේ නිසා මැලික් අම්ලය ආර්ථිකවත්, සෞඛ්‍යාරක්‍ෂිත බවෙනුත් රසකැවිලි සෑදීමේදී වඩා වාසිදායක වෙනවා.
මැලික් අම්ලය භාවිතාවන ආහාර/රසකැවිලි/බීම වර්ග
·         සෝඩා බීම වර්ග (Carbonated Beverages)
·         මෙහිදී රසකාරකවල රසය ඉස්මතු කරන නිසා අවම රසකාරක ප්‍රමාණයක් රසකාරක එකතු කිරීමෙන් ආර්ථික සහ සෞඛ්‍යමය වාසි ලැබීම.
·         විශේෂ රසකාරක අනවශ්‍ය වීම නිසා පාරිභෝගිකයාට බීම වර්ගයේ නියම රසය භුක්ති විඳීමට හැකි වීම
·         සෝඩා නොවන බීම (Non-Carbonated Beverages)
·         පළතුරු බීම, අයිස් තේ, ශක්තිජනක සිසිල් බීම ආදියේ රසය ඉස්මතු කිරීම, පී එච් අගය පවත්වාගෙන යාම, මෙන්ම වෙනත් බීම වර්ගවල ඇති අහිතකර රසය නැති කිරීම නිසා මැලික් අම්ලය මේ සඳහා ද භාවිතා කරයි.
·         පළතුරු බීම කුඩු වර්ග
·         පළතුරු බීම, අයිස් තේ, ශක්තිජනක සිසිල් බීම ආදියේ රසය ඉස්මතු කිරීම, අධික ද්‍රාව්‍යතාවය නිසා අවම රසකාරක ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකි වීම.
·         අඩුම කුඩු ප්‍රමාණයකින් වැඩිම රසයක්
·         අඩු කැලරි බීම වර්ග
·         අඩු කැලරි බීම වර්ගවල ඇති පැණි රසගන්වන දෑ නිසි පරිදි තබා ගැනීමට සහ දිගුකල් පවතින ඇඹුල් රසය පවත්වා ගැනීමට සිට්‍රික් අම්ලයට වඩා මැලික් අම්ලය වඩා හොඳ බව සොයාගෙන ඇත. ඒ අනුව බොහෝ බීම වර්ගවලට මැලික් අම්ලය යොදා ගනී.
·          සයිඩර් වර්ග සහ වයින් වර්ග
·         මද්‍යසාරමය සයිඩර් වර්ග සහ වයින් වර්ගවල සැර ගතිය තබා ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි.
·         ආම්ලික කරන ලද කිරි ආහාර
·         සමහර ආම්ලික කරන ලද කිරි ආහාරවල ඇඹුල් ගතිය ඇති කිරීමට මැලික් අම්ලය භාවිතා කරයි
·         පළතුරු රසය ඇති කිරිවල පළතුරු රසය ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි
·         මුදවන ලද සෝයා යෝගට්වල යෝගට් රසය ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි
·         අතිරේක ව ශරීරයට කැල්සියම් ලබා දෙන බීම වර්ග
·         ද්‍රවමය කැල්සියම් පරිපූරකවලට පළතුරු රසය ලබා දෙන අතරම ආම්ලික/භාෂ්මිකතාවය පාලනය කිරීමට මැලික් අම්ලය භාවිතා කරයි.
·         ඒවායේ කැල්සියම් අයන වල ද්‍රාව්‍යතාවය වැඩි කිරිමට සිට්‍රික් අම්ලයට වඩා මැලික් අම්ලය භාවිතා වේ
·         රසකැවිලි / ටොෆි
·         රසකැවිලිවල පළතුරු රසය සහ ඇඹුල් රසය ඇති කිරීමට, චුවිංගම් ආදියට, සීනි රහිත ටොෆි වර්ගවලට, මැලික් අම්ලය භාවිතා කරයි
·         මැලික් අම්ලය භාවිතා කිරීම නිසා වැඩිපුර රසකාරක සහ සීනි ආදිය රසකැවිලි වලට දැමීමට සිදු නොවන නිසා ආර්ථිකවත් සෞඛ්‍යමය අතිනුත් වාසියක් සිදු වේ
·         දිගුකාලීන ඇඹුල් ගතිය පවත්වාගෙන යයි
·         තෙතබරියම් වීම වලකයි
මෙයට අමතරව
·         තද ගතිය ඇති රසකැවිලි
·         මෘදු රස කැවිලි
·         චුවිංගම්
·         පළතුරු රසකාරක සහ සංරක්‍ෂක ද්‍රව්‍ය ලෙසින් (කල්තබා ගැනීමට)
·         බේකරිවල
·         අතුරුපස
·         බෙහෙත් සහ වෙනත් මින්ට් වැනි ටොෆි වර්ගවල
·         කැස්ස සමනයට භාවිතා කරන සිරප්වර්ග
·         කටට කෙළ ඉනීම පහසු කරවන බෙහෙත් වර්ගවලට
·         මුඛ පිරිසිදු කරන දියරවලට
·         සම පැහැපත් කරන ආලේපන වලට

මේ මැලික් අම්ලය අඩු වැඩි වශයෙන් භාවිතා වේ
මැලික් අම්ලයෙන් ශරීරයට ඇති වාසි.

 “An Apple a Day Keeps the Doctor Away” යනුවෙන් සඳහන් කර ඇත්තේ ඇපල්වල ඉතා විශාල වශයෙන් මැලික් අම්ලය අඩංගු වන නිසාය. මැලික් අම්ලයේ වඩාත්ම වාසිය වන්නේ එය පරිවෘත්තීය ක්‍රියා සහ ශක්තිය නිපදවීම සඳහා ශරීරයේ සෛල විසින් භාවිතා කිරීමයි. මැලික් අම්ලය වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ කල් පවතින තෙහෙට්ටුව (Chronic Fatigue Syndrome) ඇති අයට සහ ෆයිබ්‍රොමයැල්ගියා (Fibromyalgia) රෝගය ඇති අයගේ ශක්තිය වර්ධනය කිරීමට සහ මස්පිඬු වේදනාව සමනය කිරීම සඳහා වේ. මේ සඳහා මැග්නීසියම් සහ මැලික් අම්ලයේ මිශ්‍ර ඖෂධ භාවිතා කිරීම මගින් මේ රෝග ලක්‍ෂණ වල පැහැදිලි අඩු වීමක්  පෙන්නුම් කරන බව සොයාගෙන තිබෙනවා. එසේම මාංශ පේශීන් ශක්තිමත් කිරීමට ද මැලික් අම්ලය උපයෝගී කරගන්නවා. ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශීන් ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට ගැනීමට, මාංශපේශි තෙහෙට්ටුව අවම කිරීමට සහ මානසිකව පරීක්‍ෂාකරීව සිටීමට මැලික් අම්ලයෙන් දැඩි බලපෑමක් දෙන බව සොයාගෙන තිබෙනවා.
මැලික් අම්ලය ලෝහ සමග සාදන සංයෝග නිසා ශරීරයේ ලෝහමය විශ නැසීමටත් භාවිතා කරනවා. විශේෂයෙන්ම ඊයම් සහ ඇළුමිනියම් සඳහා එය නඛරයක් (කීලේටයක් -Chelate)  වශයෙන් යොදා ගැනෙනවා. මෙම බැර ලෝහ ශරීරයෙන් ඉවත් වීම නිසා පසුකාලීනව ඇල්ශයිමර් වැනි රෝග සෑදීමේ අවදානම මැලික් අම්ලය භාවිතා කිරීම නිසා අඩු වෙන බවයි සොයාගෙන ඇත්තේ. බොහෝ දන්තාලේප සඳහා  මැලික් අම්ලය භාවිතා කරනවා මෙහි ඇති විශබීජ නාශක ගුණය නිසා සහ ඛෙඨය ශ්‍රාවය කිරීමේ ගුණය නිසා මුඛ සෞඛ්‍යය වර්ධනය කිරීමෙහිලා මහඟු සේවයක් කිරීමට මැලික් අම්ලය භාවිතා වෙනවා. මැලික් අම්ලය ඇපල් වලින් උකහා ගන්නක්, ඒ නිසා එය සමහර විට Fruit Acid යනුවෙන් හඳුන්වනවා. එය සම සුරකින ආලේපනවලට භාවිතා කරනවා. ඒ මගින් සහ මෘදුව, රැලි නොවැටී, තරුණ පෙනුමක් ලබා දෙනවා.
අතුරු ආබාධ
මේ සියළු ආබාධ දැක්වෙන්නේ මැලික් අම්ලය අමතරව ගැනීම පිළිබඳවයි. ස්වභාවිකව මැලික් අම්ලය අඩංගු දෑ ආහාරයට ගැනීමෙන් හෝ පානයට ගැනීමෙන් පැන නඟින අතුරු ආබාධ ගැන සඳහනක් නැහැ.
මැලික් අම්ලය ස්වභාවිකව ශරීරයේ නිපදවෙන නිසාත්, ස්වභාවයෙන්ම ලැබෙන නිසාත් ශරීරය මගින්ම බිඳ වැටෙන නිසාත් සාමාන්‍යයෙන් ස්වභාවිකව සුළු ප්‍රමාණ වලින් ගත් කළ අතුරු ආබාධ රහිත ලෙසිනුයි දැක්වෙන්නේ. නමුත් මැලික් අම්ලය පෙති වශයෙන් පිටතින් අමතරව ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
සාමාන්‍ය අතුරු ආබාධ ලෙස
·         පපුවේ වේදනාව
·         කැසීම
·         සම ඉදිමීම
·         ක්ලාන්තය
·         මාංශපේශි වේදනාව
·         හිරි වැටීම
·         බඩ වේලීම
·         ශරීරයේ ආලේප කළවිට එතැන රතුපැහැ ගැනීම
ආදිය දකින්නට පුළුවන්
දැඩි අතුරු ආබාධ ලෙස
·         ආසාත්මිකතාවයන්
·         පපුව හිරවීම වැනි ගතියක්
·         හුස්ම ගැනීමේ අපහසුතාවයන්
·         සමේ දදයක් වැනි තත්ත්‍වයන්
·         පළු දැමීම
·         උගුර, මුඛය ආදී ස්ථාන ඉදිමීම
දකින්නට පුළුවන්…. නමුත් මේ සියල්ල මැලික් අම්ලය අඩංගු ඖෂධ ගැනීම නිසා සිදු වන දේවල් බව මතක තබා ගත යුතුයි.
වැදගත් සෞඛ්‍යමය තොරතුරු ලෙස ඔබ මැග්නීසියම් අඩංගු ඖෂධ ගන්නේ නම් හෝ ගර්භණී හෝ කිරි දෙන මව් කෙනෙකු නම් වෛද්‍ය උපදෙස් නොමැතිව මැලික් අම්ලය ගැනීම සිදු නොකළ යුතු බවයි දැක්වෙන්නේ.
අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ,
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.

ප්‍රතිකාර සහ රෝගී තත්ව කළමනාකරණයට පරිගණක ක්‍රමලේඛ

සෞඛ්‍ය ආරක්ෂණයේ අනාගතය ඔබගේ සාක්කුවේ විය හැකිය. වෛද්‍යවරු මුණගැසීම සීමා කිරීම සඳහා නිවසේදීම තම සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කර වෛද්‍ය මධ්‍යාස්ථාන වලට වාර්තා කිරිමේ පරිගණක ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක කිරීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 04 කටයුතු කරමින් සිටියි.

දැනටමත්, පරීක්ෂණ මට්ටමින් එක් පරිගණක ක්‍රමවේදයක් එක්සත් රාජධානියේ Oxfordshire හි රෝහල් 04 ක ක්‍රියාත්මක වේ. රෝගීන්ගේ තොරතුරු Smart phone සහ ටැබ්ලට් (Tablet) මඟින් සෘජුව සායන වෛද්‍යවරු වෙත යොමු කිරීම මෙහිදී සිදුවේ. දුරස්ථ වෛද්‍ය විද්‍යාව හා e සෞඛ්‍ය සඳහා වූ වෛද්‍ය සභාවේ රාජකීය සමාජයේ සාමාජික Ilan Lieberman පවසන පරිදි මෙම ක්‍රමය නිදන්ගත රෝග කළමනාකරණය සඳහා විශාල බලපෑමක් සිදු කරනු ඇත.

ගැබිණි මව්වරුන් 10 න් 1 කට බලපාන ගර්භනී අවස්ථාවල ඇතිවිය හැකි දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම කළමනාකරණය සදහා උපකාර වන  පරිගණක ක්‍රමවේදයක් ලෙස මෙම GDm– health හඳුන්වා දී තිබේ. එහිදී ගැබිණි මව්වරුන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පිළිබඳ නිවසේදී ලබා ගන්නා දත්ත Smartphone මඟින් අදාල දියවැඩියා සායන මධ්‍යාස්ථාන වෙත යොමු කෙරේ. දියවැඩියා මධ්‍යස්ථානයේ වින්නඹුමාතාවන් මෙම තොරතුරු ජාලය පරික්ෂාකර අවධානය යොමු කළ යුතු රෝගී ගැබිණි මව්වරුන් කවුරුදැයි හඳුනාගනී. ඒ අනුව අවධානමක් නොමැති ගැබිණි  මව්වරුන් වෛද්‍යවරුන් මුණ ගැසීම බොහෝ දුරට සීමා කළ හැකිය. එනම් එය  25% දක්වා අඩු කළ හැකිබව Oxford විශ්වවිද්‍යාලයේ ජෛව ඉංජිනේරු අංශයේ Lionel Tarassenko  ප්‍රකාශ කරයි. රාජකීය Berkshire ජාතික සෞඛ්‍ය මධ්‍යාස්ථානයෙහි වර්ෂ දෙකක කාලයකට ක්‍රියාත්මක කෙරෙන මෙම පරිගණක ක්‍රම ලේඛයේ ප්‍රධානියා Lionel වේ. 
  
පෙනහළු අවහිර කරන නිදන්ගත් රෝගයක් වූ chronic obstructive pulmonary disease(COPD) කළමනාකරණය සදහා Oxford විශ්ව විද්‍යාලයේ ජෛව ඉංජිනේරු ආයතනය විසින් සංවර්ධනය කළ පරිගණක ක්‍රමලේඛයක් Drayson තාක්ෂණික ආයතනය ක්‍රියාත්මක කරයි. තවද ආරෝග්‍ය ශාලාවේදී සාත්තු සේවිකාවන් විසින් රෝගීන් නිරීක්ෂණය කර ලබාගන්නා දත්ත පරිගණකයට ලබාදි පරිගණක ක්‍රමලේඛ මගින් එම දත්ත ස්වයංක්‍රියව විශ්ලේෂණය කර රෝගියාගේ අසාධ්‍ය තත්ව වාර්තා කිරීමේ SEND නම් ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබේ.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.   

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

March 6, 2017

ශාක තුළ විදුලි පරිපථ නිර්මාණය

ශාක පෘථිවියේ ජිවය පණගන්වයි. පොසිල ඉන්ධන නිර්මාණයේ පදනමට සහ ජිවින්ට ශක්තිය ලබා දීමට අවශ්‍ය මුලික ආහාර ප්‍රභවයන් ශාක විසින් ලබාදෙනු ලැබේ. පොසිල ඉන්ධන මගින් වත්මන් ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයද සපුරාලයි. එහෙත් පොසිල ඉන්ධන ලෙස බොහෝ කාලයකට පෙර මියගිය වනාන්තරවල අවශිෂ්ට දහනය කිරීම නිසා ලොව අනතුරුදායක ලෙස වෙනස් විය හැකිය. එනම් බලශක්තිය ලබා ගැනීම සදහා විකල්ප ලෙස ජිවය සහිත ශාක භාවිතා කිරීමට හැකිදැයි පරික්ෂා කිරීමේ විභවයක් මෙන්ම අවශ්‍යතාවයක්ද පැන නැගී තිබේ.

ඒසදහා ස්වභාවික බලශක්ති මධ්‍යස්ථාන බවට ජීවි ශාක සමුහ පරිවර්තනය කර ගැනීම එක් විකල්පයකි.එමගින් සුර්යාලෝකය වඩාත් කාර්යක්‍ෂමව ජීවි ශාක මගින් බලශක්තිය බවට පරිවර්තනය කළ හැකි වේ. බලශක්තිය ලබා ගත යුත්තේ විදුලිය ස්වරූපයෙනි. ඇත්තවශයෙන්ම  ජීවි ශාක වලින් බලශක්තිය විදුලිය ස්වරුපයෙන් ලබා ගැනීමේ ක්‍රමයක් අවශ්‍ය වේ. ශාක විසින් පොලොව යට තැන්පත් කර ඇති ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ ක්‍රමවේදයක් එක් සමාගමක් විසින් හදුනාගෙන තිබේ. ඊටත් වඩා දියුණු ආකාරයකට පින්ලන්තයේ කරන ලද නව පර්යේෂණ මගින් ශාක වල අභ්‍යන්තර ව්‍යූහය විදුලි පරිපථවලට පරිවර්තනය කර සෘජුව ශාක වලින් බලශක්තිය ලබා ගැනීමට උත්සහ කරතැයි වාර්තාවේ.

ජලය පිරුණු නාල හෙවත් “xylem elements (ශෛලමය මුලද්‍රව්‍ය)” වලින් ශාක සමන්විත වේ. මෙම සියුම් නාල හරහා ජලය මෙන්ම පෝෂ්‍ය කොටස් සහ රසායනික සංඥා වැනි වෙනත් දේ ශාකය තුළ සංසරණය වේ. මෙම ලක්ෂණය ප්‍රයෝජනයට ගෙන විදුලිය ගබඩා කළ හැකි සහ විදුලි සන්නයන කළ හැකි අමුද්‍රව්‍යක් නිර්මාණය කිරීමට සුදුසු රසායනික ද්‍රව්‍යයක් රෝස කැබැල්ලකට කැවීම මගින් ශාක තුළ විදුලි පරිපථ නිර්මාණය කිරීමට පින්ලන්ත පර්යේෂකයන් සමත් වූ බව PNAS සගරාව ප්‍රකාශයට පත් කර තිබේ.

මින් පෙර කරන ලද පර්යේෂණ වලදී ශෛලමය/ xylem/ ශාකය අභ්‍යන්තර නාල  තුළ සන්නයන රැහැන් නිර්මාණය කිරීමට PEDOT නමැති රසායණිකය භාවිතා කර තිබේ. එහෙතේ PEDOT ශාක තුළ ගැඹුරට විහිදී නොගියේය. එනිසා නව පර්යේෂණ මගින් ETE-S නම් අණුවක් පර්යේෂකයෝ නිර්මාණය කළෝය. නව ETE-S අණුව ශාකය තුළදි පෙර පරිදිම විදුලි සන්නායකයක් බවට පරිවර්තනය වු අතර ඊට අමතරව xylem තුළින් ජලය ගමන් කරන ඕනෑම තැනකට ETE-S ද ගමන් කළේය.

මෙලෙස සිදුවන ගලනය ජල අණුවල ආකර්ෂණය නිසා සිදුවේ. ශාක පත්‍ර වලින් ජලය වාෂ්ප වන විට ජල අණු තමා පිටුපස ඇති ජල අණු දම්වැල ඉහළට අදිනු ලැබේ. එමගින් ශාක මුල් වල ඇති ජලය පවා පත්‍රවලට ඇදගැනීමට හැකි වේ. ශාක කැබැල්ලක් ආහාර වර්ණකයක් තුළ තැන්පත් කළ විට වර්ණකය ශාකය තුළ ඇති xylem මගින් ගමන් කරන අයුරු ඔබට වුවද දැක ගත හැකිය. එලෙසම වර්ණක භාවිතා කර ETE-S මගින් ගොඩනැගුණු විදුලි සන්නායකය xylem ඔස්සේ ශාකය තුළ කොපමණ දුර ගමන් කර ඇත්දැයි සොයා ගැනීමද පහසු වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යා ප්‍රභව ඇසුරෙණි. 

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි
https://youtu.be/YATLxSw7BNE?t=50

ප්‍රතිශක්ති සමුහයේ ක්‍රියාකාරිත්වය

යම්කිසි ජන සමුහයක් බෝවෙන රෝගවලින් වැළකීම සදහා ප්‍රමාණවත් මිනිසුන් පිරිසක් එන්නත් කර ඇතිවිට ඔවුන් විසින් එන්නත් නොකරන ලද පිරිස ආරක්ෂා කරන ආකාරය හෝ ආරක්ෂා කිරීමට ඔවුන්ගේ බලපෑම “Herd Immunity” උපයෝගී කර ගොඩනැගු GIF විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.

Herd Immunity” බලපෑම නිසා රෝගය මුලිනුපුටා දැමීම මෙන්ම විවිධ වෛද්‍ය හේතු නිසා එන්නත් කිරීමට නොහැකි වූ අය ආරක්ෂා කිරීමද සිදුවේ. ප්‍රතිශක්තිය යටපත් කරන දරුවන්ට  හා විවධ රසායණික චිකිත්සාවන්ට යටත් වූ පිරිසට මෙලෙස වෛද්‍ය හේතුන් නිසා ප්‍රතිශක්තිය ලබා ගත හැකි නොවේ. මෙවැනි හේතුන් නොමැති වුවද එන්නත් ලබා නොගන්නා පිරිස්ද සිටිති. කෙසේවෙතත් අන් අය කරගන්නා එන්නත් මත යැපීම සුදුසු නොවන අතර එන්නත් කිරීමේ ප්‍රතිශතය හැකිතාක් වර්ධනය කිරීම නිරෝගිමත් ජන සමාජයකට අවශ්‍ය සාධකයකි.

විවධ ප්‍රතිශතයන්ගෙන් එන්නත් වූ ජන සමාජයන් තුල බෝවෙන රෝග පැතිරයාමේ ප්‍රවනතාව එන්නත්වූ ප්‍රතිශතය මත රදා පවතින ආකාරය Reddir Theotheredmand විසින් නිර්මාණය කළ Graphical Interchange Format (GIF/ ප්‍රස්තාරික ස්වරුපයකින් අන්තර්හුවමාරුව දැක්වීම ) මගින් හොදින් පැහැදිලි කෙරේ. Epidemiology Reviews සගරාවේ පළ කරන ලද පර්යේෂණ අධ්‍යනයක දත්ත මෙහිදී අනුකරණය කර තිබේ.

සජිවිකරණය කරන ලද රුපයෙන් අඩු ප්‍රතිශතයක් එන්නත් කළ ජන සමුහයක රෝගය පැතිරයාමේ වේගය ඉතා වැඩි බවත් එය දම්වැල් ආකාරයෙන් වේගයෙන් සිදුවන බවත් පැහැදිලි වේ. එලෙසම වැඩි ප්‍රමාණයක් එන්නත් කළ ජන සමුහයක් තුළ යම් හෙයකින් රෝගය මතු වුවද එය සැලකියයුතු ලෙස පැතිර නොයන බවද පැහැදිලි වේ.

ප්‍රමාණවත් පිරිසක් එන්නත් කර ඇතිවිට රෝගය ඵලදායි ලෙස සිමාවන ආකාරය මෙමගින් තවදුරටත්  විස්තර කළ හැකිය. මෙවැනි අවස්ථාවක රෝගය වැඩිදෙනා අතර පැතිර යාමට නොහැකි වනුයේ රෝගය මුණගැසෙන බොහෝ දෙනා එන්නත් කරගෙන ආරක්ෂා වී සිටීමයි. වෛද්‍යම හේතුවක් නොමැතිව එන්නත් නොකරන බහුතරයකට රෝගය නොවැලදීමට රෝගය පැතිර නොයන එවැනි සමාජීය වාසි හේතු වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

March 3, 2017

இணைய வலையமைப்பில் பயன்படுத்தப்படும்

 சில சாதனங்கள் தொடர்பான விளக்கங்கள்.





HUB

இணைய வலையமைப்பில் பயன்படுத்தப்படும் சாதனங்களில் மிகவும் எளிமையான சாதனம் இவ் HUB ஆகும். இவ் HUB ஆனது தரவுகளை வடிகட்டும் முறையினை செய்யாது இதனால் தரவானது வலையமைப்பில் இணைந்திருக்கும் அனைத்து சாதனங்களுக்கும் இதனுடாக அனுப்பபடும். HUB இனால் தரவு செல்லகூடிய மிகச்சிறந்த வழியினை புத்திசாலிதனமாக தெரிவு செய்ய முடியாத சந்தர்பம் உள்ளது. இதனால் நேர விரயமும் செயல்திறன் இழப்புகளும் ஏற்படுகின்றது. இதன் தரவு பரிமாற்ற வேகம் மிக குறைவு என்ற காரணத்தினால் இது பெரிய இணைய வலையமைப்புகளில் பயன்படுத்தப்படுவதில்லை.

BRIDGE

HUB உடன் ஒப்பிடுகையில் BRIDGE ஆனது மிகவும் சிக்கலான சாதனமாகும். BRIDGE இனுள் தரவு ஒரு வழியில் பெறப்பட்டு பல வழிகளில் வெளிச்செல்கின்றன. BRIDGE ஆனது தரவுகளை அனுப்பும்போது HUB போன்று அல்லாமல் தரவுளை அனுப்பும்முன் இலக்கு நோக்கி கவனம் செலுத்தும். இலக்கு தொடர்பாக ஏதேனும் பிரச்சனை காணப்படும் சந்தர்பத்தில் மற்றைய வலையமைப்பு பகுதிகளின் ஊடாக தரவுகளை பரிமாற்றி கொள்ளும். அத்துடன் இவ் BRIDGE சாதனம் ஆனது இரு வலையமைப்புகளை பிரிக்கும் அமைப்பாக தொழிற்படும் அதேவேளை வலையமைப்பினுள் தொடர்பு கொள்ளாது ஆனால் இது தொடர்ந்து இணைப்பில் இணைக்கபட்டிருக்கும்.



SWITCH

BRIDGE உடன் ஒப்பிடும்போது SWITCH இல் பல Ports கள் காணப்படும். SWITCH ஆனது தரவு பகிர்தலில் முன் பிழைகளை சரிபார்த்து கொள்ளும். இவ் SWITCH வகைகளை  பொருட்டு  இது  இரு விதமான லேயர்களுக்கு ஆதரவளிக்கும். ஒன்று MAC முகவரிக்கும் மற்றையது IP முகவரிக்கும்  ஆகும். பொதுவாக பெரிய வலையமைப்புகளில் இவ் SWITCH ஆனது HUB இற்கு பதிலாக அதே Sub net இல் பயன்படுத்தப்படுகின்றது.


ROUTER

ROUTER ஆனது SWITCH போன்றே IP முகவரியினை அடிப்படையாக கொண்டு தரவுகளை உரிய சாதனங்களுக்கு அனுப்பும். இது வேறுபட்ட WAN தொழில்நுட்பத்தை ஆதரிக்கும் சாதனமாக அமையும் ஆனால் SWITCH அவ்வாறு தொழிற்படாது. பல கணினி வலையமைப்புகள் ஒரே ROUTER இல் இணைக்கப்பட்டிருக்கும் அதேவேளை இது இணையம் முழுவதும் போக்குவரத்துக்கு வழிகாட்டி போன்றும் இது தொழிற்படுகின்றது. தனக்குள் வரும் தரவுகளை IP முகவரியை கொண்டு சரியான இலகு பாதையை தெரிவு செய்து அதன் மூலமாக தரவுகளை உரிய வகையில் அனுப்பிவைக்கும். 


REPEATER

பொதுவாக SWITCH மற்றும் HUB போன்றவற்றில் இவ் REPEATER ஆனது நிரந்தரமாக அமையப்பெற்றிருக்கும். இது தகவல் சிக்னல்கள் ஆனது நீண்ட கேபிள்களின் ஊடக வலுக்குறையும் சந்தர்பத்தில் அதனை மீள பெருக்க மற்றும் சிக்னலை மீண்டும் அனுப்பிவைக்க இது உதவுகின்றது.



மூலம் : http://www.teqlog.com

உலகின் 8 ஆவது கண்டமாக புதிய கண்டம் கண்டுபிடிப்பு

நியூஸிலாந்தைச் சேர்ந்த புவியியல் ஆராய்ச்சியாளரான நிக் மோர்டைமர் தலைமையிலான விஞ்ஞானிகளால் மேற்கொள்ளப்பட்ட ஆய்வில் உலகின் 8 ஆவது கண்டம் நியூஸிலாந்துக்கு அருகில் கண்டுபிடிக்கப்பட்டுள்ளது.
உலகில் 7 கண்டங்களே உள்ளதாக அனைவராலும் அறியப்பட்டுள்ள நிலையில், தென் மேற்கு சமுத்திரத்தில் மூழ்கிய நிலையில் காணப்படும் புதிய நிலப் பகுதியொன்றைக் கண்டுபிடித்துள்ளதாகவும் அதனை 8 ஆவது புதிய கண்டமாகக் கருத முடியும் எனவும் விஞ்ஞானிகள் தெரிவிக்கின்றனர். 

ஸீலான்டியா என அழைக்கப்படும் அந்தக் கண்டத்தின் ஒரு சிறிய பகுதி மட்டும் நியூஸிலாந்துக்கு அருகில் கடலுக்கு மேலாக வெளித் தோன்றிய நிலையில் காணப்படுகிறது. அதன் ஏனைய 94 சதவீதமான பகுதி கடலுக்குள் மூழ்கிய நிலையில் உள்ளதாக தெரிவிக்கப்படுகின்றது.
அந்தக் கண்டப் பகுதி உயரமான மலைகளைக் கொண்டமைந்துள்ளது எனவும் அதன் பரப்பளவு 5 மில்லியன் சதுர கிலோமீற்றர் எனவும் விஞ்ஞானிகள் கூறுகின்றனர். அவுஸ்திரேலிய கண்டத்துடன் அதன் பரப்பளவை ஒப்பிடுகையில் மூன்றில் இரண்டு மடங்கு அளவானதாகும்.