Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 11, 2016

සූත්‍රිකා විදුලි පහනක කාර්යක්‍ෂමතාවය වැඩි කිරිම

සම්පදායික සූත්‍රිකා විදුලි පහනක (incandescent lamp) ඇති අධික අකාර්යක්ෂමතාවය තුලින් සිදුවන විදුලි අපතේ යාම නිසා මේ වන විට සූත්‍රිකා විදුලි පහන් භාවිතය සීග්‍රයෙන් අඩුවී තිබෙනවා. මීට විකල්පයක් ලෙසින් දැන් භාවිතා කරන්නේ CFL සහ LED විදුලි පහන්. නමුත්, ඇමෙරිකාවේ MIT ආයතනයේ පර්යේෂකයින් පිරිසක් වඩා කාර්යක්ෂම වූ සූත්‍රිකා විදුලි පහන් නිෂ්පාදනය සඳහා පර්යේෂණ සිදු කරමින් යනවා. මේ වන විට මෙම පර්යේෂණ යම් සාර්ථක %තිඵල අත්කරගෙන තිබෙනවා. එම පර්යේෂකයින් පවසන ආකාරයට ඔවුන්ගේ පර්යේෂණ සාර්ථක වුනොත් දැනට පවතින CFL සහ LED විදුලි පහන් වලට වඩා ඉහල කාර්යක්ෂමතාවයකින් යුතු වූ සූත්‍රිකා විදුලි පහන් නිර්මාණය කරන්නට හැකි වේවි.
සූත්‍රිකා විදුලි පහනකින් විදුලිය නිපදවෙන්නේ එහි ඇති සූත්‍රිකා (filament) හෙවත් සිහින් ටන්ස්ටන් කම්බි කැබැල්ල අධික උෂ්ණත්වයකට රත් කිරීම මගින්. මෙහිදී සූත්‍රිකා සෙල්සියස් අංශක 2,700 පමණ අධික උෂ්ණත්වයකට රත් වන අතර මේ නිසා බල්බය සඳහා භාවිතා කරන විදුලියෙන් අති විශාල %මාණයක් තාප ශක්තිය ලෙසින් හානි වී යනවා. (දල්වා ටික වෙලාවක් ගිය සූත්‍රිකා පහනක් අල්ලන්න බැරි තරම් රත් වන්නේ මේ නිසයි). මෙම අධික තාප හානිය නිසා තමයි සූත්‍රිකා පහන් වල බලශක්ති කාර්යක්ෂමතාවය ඉතාම පහල අගයක පවතින්නේ. CFL සහ LED විදුලි බුබුලු වල ක්‍රියාකාරිත්වය සඳහා අධික ලෙසින් රත්වූ සූත්‍රිකා අවශ්‍ය නොවන නිසා එම විදුලි බුබුලු වලින් සිදුවන්නේ ඉතා කුඩා තාප හානියක්.
සූත්‍රිකා විදුලි පහනක ඇති අකාර්යක්ෂමතාවයට හේතුව එහි ඇති තාප හානිය නම්, එම තාප හානියට පිළියමක් සොයා ගත්තොත් ගැටලුව විසඳන්න පුළුවන්. මෙම පර්යේෂකයින් පිළිතුරු හොයන්නෙත් සූත්‍රිකා විදුලි පහනකින් සිදුවන තාප හානිය අවම කරන්නේ කොහොමද කියන ගැටලුවට. මේ සඳහා ඔවුන් බොහොම අපුරු උපක%මයක් යොදාගෙන තිබෙනවා. ඔවුන් පහනේ ඇති සූත්‍රිකා වටා සැකිල්ලක් නිර්මාණය කර තිබෙනවා. මෙම සැකිල්ල නිර්මාණය කර තිබෙන්නේ photonic crystal වලින්. මෙම ෆෝටෝනික් ක්‍රිස්ටල් සැකිල්ල සූත්‍රිකා විසින් විමෝචනය කරන තාප ශක්තිය එකතු කරගෙන ආපසු සූත්‍රිකා වෙත පරාවර්තනය කරනවා. මෙමගින් තමයි තාප හානිය වලක්වා ගන්නේ. මෙම සැකිල්ල තාපය පරාවර්ථනය කලත් ආලෝකය පරාවර්තනය කරන්නේ නැහැ. මේ නිසා ආලෝකයට රිසි සේ විහිදී යන්නට ඉඩ ලැබෙනවා.

ෆෝටෝනික් ක්‍රිස්ටල් යනු විශේෂිත ද්‍රවයක්. මෙයට පුළුවන් එක් තරංග ආයම (wavelength) පරාසයක තරංග වලට එය තුලින් ගමන් කරන්නට ඉඩ දෙන්නටත් එම පාරසයෙන් පිටත ඇති තරංග පරාවර්තනය කරන්නත්. මෙම විදුලි බුබුලේ ඇති ෆෝටෝනික් ක්‍රිස්ටල් වලින් තැනූ සැකිල්ල දෘශ්‍ය ආලෝක පරාසයේ ඇති තරංග එය තුලින් යාමට සලස්වන අතර එයින් පිටත ඇති තරංග ආපසු සූත්‍රිකා වෙත පරාවර්තනය කරනවා. මේ ආකාරයේ ක්‍රියාකාරිත්වයක් මෙම ක්‍රිස්ටල් විශේෂයට ලැබෙන්නේ එහි ඇති ව්යුහයේ ස්වභාවය අනුව. මෙම ව්යුහය ස්වාභාවිකව ලැබෙන්නේ නැහැ. එය නිර්මාණය කල යුතුයි. මෙම ව්යුහය නිර්මාණය කිරීමේ කටයුත්ත ඉතා අසීරු දෙයක්. මෙම පර්යේෂකයින් මුහුණදී ඇති බරපතලම අභියෝගයත් මෙය බවයි සඳහන් වන්නේ.

මොවුන්ගේ පර්යේෂණය මගින් මේ වන විට සාමාන්‍ය සූත්‍රිකා විදුලි පහනක් මෙන් තුන් ගුණයක පමණ කාර්යක්ෂමතාවයක් ඇති සූත්‍රිකා විදුලි පහනක් නිර්මාණය කරන්නට හැකිවී තිබෙනවා. නමුත් තවමත් මෙම කාර්යක්ෂමතාවයට CFL සහ LED විදුලි බුබුළු වල කාර්යක්ෂමතාවය අභිභවා යන්න හැකිවී නැහැ. ඉදිරි වැඩි දියුණු කටයුතු මගින් ඔවුන්ට මෙම ඉලක්ක සපුරාගන්න හැකි වේවි. මෙම ඉලක්කය සපුරාගත්තත් ඊළඟට ඔවුන්ට ජයගන්නට ඇති අභියෝගය තමයි මෙම විදුලි බුබුලු තරගකාරී මිලකට නිෂ්පාදනය කිරීම. එසේ සිදු කරන්නට නොහැකි වුනොත් මෙය කිසිදා වෙළඳපොළට නොපැමිණේවී. මේ අභියෝග සියල්ලම ජය ගන්නට හැකි වූ දිනෙක වෙළඳපොළේ රාක්ක මත සූත්‍රිකා විදුලි පහන් යලිත් වැජඹෙනු දකින්නට හැකි වේවි. (මේ අතරවාරයේ CFL සහ LED විදුලි බුබුලු තව දුරටත් වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ සිදුවෙමින් පවතී.)

පොත පත ඇසුරෙන්
විද්‍යා හා තාක්ෂණ නිලධාරි-හික්කඩුව

July 10, 2016

பயனுள்ள கூகிள் குரோம் (The Great Suspender)

இன்று நாம் பயன்படுத்தும் அனைத்து இணைய உலாவிகளுமே “டப்” வசதியைக் கொண்டிருகின்றன. இது ஒரு இணையத் தளத்தில் இருந்து கொண்டு அடுத்த தளத்திற்கு சென்றாலும் முன்னைய தளத்தில் இருக்கும் தகவல்களையும் பார்க்கவும் பயன்படுத்தவும் உதவுகிறது.

ஒரு tabஇல் முகப்புத்தகத்தை திறந்து வைத்துவிட்டு, அடுத்த tabஇல் செய்தி வாசிக்கலாம், அதே போல இன்னொரு tab இல் ஈமெயில் பார்க்கலம். இப்படி பல tabகளைப் பயன்படுத்துவது உண்மையிலேயே பயனுள்ள விடயம்.
ஆனால் இதில் இருக்கும் பிரச்சினை, நீங்கள் திறக்கும் ஒவ்வொரு புதிய tab இற்கும் மேலதிக ram ஒதுக்கப்படும். ஆகவே நீங்கள் கொஞ்சம் கொஞ்சமாக புதிதாக திறக்கும் tabகள் உங்கள் கணனியில் இருக்கும் ram ஐ செயலிழக்க செய்துவிடும், இது உங்கள் கணணி மெதுவாக இயங்கவும், சிலவேளைகளில் செயலிழக்கவும் காரணமாகலாம். மேலும் நீங்கள் லேப்டாப் பயன்படுத்துபவராக இருந்தால், இந்த மேலதிக tabகள் உங்கள் லேப்டாப் பட்டறியில் உள்ள மின்சார சேமிப்பின் அளவைக் குறைக்கும்.
பயன்படுத்தி முடிந்த tabகளை மூடிவிடுவதன் மூலம் இந்தப் பிரச்சினைகளில் இருந்து தப்பிக்கலாம், ஆனால் மறதி, மேலும் அந்த tab மீண்டூம் தேவைப்படலாம் என்கிற காரணங்களுக்காக நாம் அவற்றை மூடிவிடுவதில்லை. ஆகவே இப்படியாக நீங்கள் பயன்படுத்திக் கொண்டிராத tabகள் பின்னணியில் தொழிற்பட்டுக்கொண்டே இருந்து உங்கள் கணணியின் செயல்திறனைப் பாதிக்கும்.
இதற்கு தீர்வாக வருவதுதான் The great Suspender எனும் கூகிள் குரோம் உதவி நிரல்.

tab suspender

இதனது பெயரே சொல்லுவது போல, நீங்கள் பயன்படுத்தாத tabகளை இது இடைநிறுத்தி வைக்கிறது. நீங்கள் இதன் செட்டிங்க்ஸ் பக்கத்தில், எவ்வளவு நேரத்திற்கு பிறகு பயன்படாத tabகளை இடைநிறுத்த வேண்டும் என்று குறிப்பிட்டுவிட்டால், அதன் பின்னர் நீங்கள் குறித்த tabஐ கொடுக்கப்பட்ட நேரத்தினுள் கிளிக் செய்யாவிட்டால், தானாகே அந்த tab இடைநிறுத்தப்படும். இது அந்த tab ஐ மூடிவிடாது, மாறாக அந்த tab இல் இருக்கும் தளத்தை இடைநிறுத்தி வைத்துவிடும், ஆகவே ram அந்த tabஇல் இருக்கும் தளத்திற்கு பயன்படாது.
மீண்டும் நீங்கள் அந்த tab ஐ கிளிக் செய்தால், அங்கே மீண்டும் அந்த தளத்தை மீள்உயிர்பிப்பதற்கு லிங்க் காணப்படும் அதனைக் கிளிக் செய்வதன் மூலம் அந்த தளத்தை பார்வையிடலாம்.
இந்த உதவிச் செயலி பின்வரும் வசதிகளையும் தருகிறது.
  1. “pin” செய்யப்பட்ட tabகளை இடைநிறுத்தாது தடுத்தல்.
  2. சேமிக்கப்படாத “உள்ளீட்டு படிவங்கள்” உள்ள தளங்களை இடைநிறுத்தாது தடுத்தல்.
  3. இணையத்தில் இணைக்கப்பட்டிருந்தால் மட்டும் இடைநிறுத்துதல்.
  4. பட்டறி சக்தியில் இயங்கினால் மட்டுமே இடைநிறுத்துதல்.
  5. tabஐ கிளிக் செய்தவுடன், இடைநிறுத்தப்பட்ட தளத்தை மீள்உயிர்பித்தல்.
மேலும் நீங்கள் விரும்பும் தளங்களை இடைநிறுத்தாது வைத்திருக்க தேவையான whitelist ஆப்சனையும் இந்த செயலி கொண்டுள்ளது.

July 5, 2016

21 වැනි සියවසයේ ද්‍රව්‍යය - ග්‍රැෆීන් (Graphene)


Figure 1: structural view of Graphene sheet
ග්‍රැෆීන් (Graphene) යනු මිනිරන් ඛනිජයේ එක් සුවිශේෂී  වර්ගයකි. මෙහි ඇති විශේෂ  ගති ලක්ෂණ හේතුවෙන් විශේෂඥයින් මෙය  21 වැනි සියවසයේ ද්‍රව්‍යය’ලෙස නම් කර තිබේ. මෙහි ඇති සුවිශේෂී ගුණාංග ප්‍රමුඛ කොට ගනිමින් විවිධ නව තාක්ෂණික නිෂ්පාදන රැසකට යොදාගන්නා අතරම, එය ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ සිට  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් දක්වා සියලු අංශ ඔස්සේ  පර්යේෂණ රැසක් ලොව පුරා සිදුකෙරෙමින් පවතී.

නැනෝ තාක්ෂණයේ පෙරළිකාර ද්‍රව්‍යයක් ලෙස දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ පහත සදහන් සුවිශේෂිතා හේතුවෙනි.
  •  කාබන් එක් පරමාණුවක ඝනකමින් යුත් ස්ථර ලෙස පැවතිය හැකි වීම.
  •  එය එකම ඝණකමින් යුත් වානේ පතුරක් හා සංසන්දනය කිරීමේදී  එයට වඩා සිය (100) ගුණයක් ශක්තිමත්ය.
  • ඉතා හොඳින් තාපය හා විදුලිය සන්නයනය  කරයි.
  • සැහැල්ලු බැවින් යුක්තය
  • පෘෂ්ඨික වර්ගඵලය වැඩිය    
ග්‍රැෆීන් (Graphene) යොදාගන්නා නිෂ්පාදනයන් කිහිපයක්...
  • මුද්‍රණ යන්ත්‍ර තීන්ත නිෂ්පාදනයේදී  මිශ්‍ර කළ හැක.
  • ගුවන්විදුලි සංඛ්යාත හඳුනාගැනීමේ පරිපථ සඳහා නම්‍යශීලී  කොටස්වලින් යුත් ඇන්ටනා නිෂ්පාදනය.
  • ඉතා සංවේදී මයික්රෆෝන කිරීමට භාවිතා කළ හැක.
  • නැනෝ තාක්ෂණය යොදා ගනිමින් ඉතා කුඩා විද්‍යුත් පරිපථ නිෂ්පාදනය සදහා
  • මෝටර් රථ, ගුවන් යානා කොටස් සෑදීම සදහා
  • figure 2: Fullerene (Buckyball)
  • නම්‍යශීලී, විනිවිද පෙනෙන ස්මාර්ට් ජංගම දුරකථන ආදී උපාංග සදහා


දේශීය වශයෙන් අපට ග්‍රැෆීන් (Graphene) වැදගත් වන්නේ ඇයි ?

ලෝකයේ ඉහල වටිනාකමකින් යුත් මිනිරන් විශේෂයක් වන vein graphite ශ්‍රී ලංකාවේ මිනිරන් අතර තිබෙන අතර එමගින් ඉහල පිරිසිදු තත්වයෙන් යුත් graphene නිෂ්පාදනය කරගත හැකිය. ඇතැම් එක්සත් ජනපද සමාගම්, යුරෝපා රටවල්, චීනය ජපානය වැනි ඉහල ආර්ථිකයන් හිමි රටවල්  මේ වන විටත් නව තාක්ෂණය නිෂ්පාදන සඳහා graphene භාවිතා කරන අතර, අඩු මුදලකට අපනයනය කරන මිනිරන්වලට අගය එකතු කිරීමෙන් අප රට තුලම නිෂ්පාදනයන් සදහා යොදාගැනීමටත්, අපනයනය සදහාත් අවස්ථාවන්  පවතී.
Figure 3: Graphite











අන්තර්ජාල තොරතුරු හා පර්යේෂණ වාර්තා ඇසුරිනි

සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
             විදාතා සම්පත් මධ්‍යස්ථානය -  කුණ්ඩසාලේ

ලෝකයේ විශාලම මාංසල ශාකය ගැන ඔබ දන්නවාද?


විශේෂ හැඩයක් ඇති මෙම අපූර්ව ශාකය බයෝබැබ් වේ. බයෝබැබ් ගස කප්රැකක් ලෙසද හැදින්විය හැක. එයට හේතුව එහි මුලේ සිට කොළය දක්වා සියලුම දේ ආහාර නිෂ්පාදනය හා වෙනත් නිෂ්පාදන  සදහා යොදා ගැනීමයි. ශ්‍රී ලංකාවේ මන්නාරමේද මෙම ගසක් ඇති අතර මෙරටට පැමිණි අරාබි වෙළදුන් එය රෝපණය කළ බව විශ්වාස කෙරේ. 

බයෝබැබ් ශාකයේ ඵල හටගන්නේ වසර 20ක් පමණ ගතවීමෙනි. මෙම ශාකයේ අතුවල ගෙඩි හට ගන්නා අතර ඒවා ඉහළ පෝෂ්‍ය පදාර්ථ සහිත පළතුරකි. මෙම ගෙඩියේ මදය තුළ ඇති “පුඅයි“ ලෙස හදුන්වන පළතුර ඉතා ඝනකම්ය. ගසට නැගීමෙන් හෝ රිටි මගින් එක් පුද්ගලයෙක්ට දිනකට කි.ග්‍රෑ. 50-100 ප්‍රමාණයක බර ගෙඩි කැඩීමේ හැකියාව ඇත. පලතුර හා ඇට වියළා කොටා ගැනීමෙන් පාන වර්ග, ධාන්‍ය ආහාර, චොක්ලට් නිෂ්පාදනය කරයි. වියළි පලතුරේ පිටි තුළ 12%ක් පමණ ජලය ඇති අතර කාබෝහයිඩ්‍රේට්, යකඩ, තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී ඇත.

අතීතයේ සිට බයෝබැබ් ගසෙහි සෑම කොටසක්ම ආහාරයක්, නිර්මාණ සදහා අවශ්‍ය ලීයක්, සම ආරක්ෂක ආලේපයක්, ඖෂධයක් ලෙස යොදාගෙන ඇත. කදේ කොටස් මගින් කඹ සැකසිය හැක.
ඇතැම් බයෝබැබ් ගස්වලට වසර 6000ක් පමණ ජීවත් විය හැක. මෙම ගසේ කදෙහි වර්ධක වළලු නැත. ගසෙහි උස අඩි 100ක් පමණවේ. ගසේ කද මගින් වර්ෂා ජලය ලීටර් 120,000+ ක ප්‍රමාණයක් රදවා ගත හැක. බොහෝ සත්තු ජලය සොයා මෙම ගස වෙත පැමිණෙන බැවින් බෝතල් ගස, උඩුයටිකුරැ ගස, වදුරැ දෙල් ගස ලෙසද හදුන්වයි. 

අප්‍රිකාව තුළ සිදුවූ වනාන්තර විනාශය මෙම ශාක ගහනයේ අඩුවීමට බලපා ඇත. ලෝක වන සත්ව අරමුදලට ආධාර පිණිස 2015 වර්ෂයේ නිකුත් කළ පුංශ ෆ්‍රෑන්ක් 100 කාසියේ මෙම ගස දැකිය හැක.


උපුටා ගැනීම - විජය පුවත්පත
විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල

July 4, 2016

වස විස නැති වගාවකට කාබනික පොහොර....



1956 දී හරිත විප්ලවයත් සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ සීග්‍ර වෙනස්වීම් තුලින් පාරිසරික අසමතුලිතතාවන් රැසක් හටගෙන ඇත. රසායනික පොහොර හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය විධිමත් ක්‍රමවීදයකින් තොරව වගාවන්ට  එක් කිරීම හේතුවෙන් වර්තමානයේ අහිතකර පාරිසරික මෙන්ම සෞඛ්‍යමය තත්වයන්ගේ වැඩිවීමක්ද දක්නට ඇත. 

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ආහාරවලට වස විස එක්වීමෙන් විවිධ සෞඛ්‍ය තර්ජනයන්ට මුහුණ දීමට සිදුව ඇත. එසේම පාංශු හායනය, ස්වභාවික ජල සම්පත් දූෂණය වීම ඇතුළු විශාල පාරිසරික හානියක්ද සිදුවේ. මෙම තත්වයන් යම්තාක් දුරකට පාලනය කරගැනීමට වස විස නැති වගා රටාවන්ට හුරුවීම යෝග්‍ය වේ. මෙහිදී කාබනික පොහොර  සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි.

ශාක සහ සත්ව අපද්‍රව්‍ය අඩංගු කොටස් දිරාපත්වීමෙන් ලැබෙන පොහොර, කාබනික පොහොර ලෙස හැදින්වේ. රසායනික පොහොර හා සැසදීමේදී සුවිශේෂිතා රැසක් කාබනික පොහොරවල දක්නට ලැබේ. එනම්,
  • පසෙහි භෞතික තත්වය දියුණු වීම ( ජලය රදවා ගැනීම/අවශෝෂණය හා පසෙහි ව්‍යුහය දියුණු වීම)
  • පසෙහි රසායනික ලක්ෂණ දියුණු වීම (කැටායන හුවමාරු ධාරිතාව වැඩිවීම සහ පසෙන් උරාගත හැකි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි වීම)
  • හිතකර පාංශු ජීවින් ප්‍රමාණය වැඩිවීම
  • මහා පරිමාණයේ මුලද්‍රව්‍යන්ට අමතරව ක්ෂුද්‍ර මුලද්‍රව්‍ය ද බෝග වලට ලැබේ.
  • පරිසර දුෂණය අවම වේ. ( පරිසර හිතකාමී වේ)
  • ශාක වර්ධක හෝර්මෝන ලබාදෙන මාධ්‍යයක් වේ.
  • පසේ සුවරක්ෂක බව වැඩි වී පස ආම්ලික වීමට ප්‍රතිරෝධීව ක්‍රියාකරයි

 කාබනික පොහොර සකස් කිරීමේදී බෝගවලට අවශ්‍යවන පෝෂක කොටස්වලට අනුව    කාබනික පොහොර සකස් කරගත හැකිය. එනම්, අවශ්‍ය පෝෂක කොටස් බහුලව ඇති කොළ  පොහොර, සත්ව අපද්‍රව්‍ය යොදා කාබනික පොහොර සකස්කර ගැනීමෙන් හා පසෙහි ඌන  පෝෂක අවශ්‍යතා සම්පුර්ණ වන ලෙසට කාබනික පොහොර සකස් කර ගැනීමෙන් බෝගවල  සරුබව වැඩිකරගත හැක.

කාබනික පොහොර වර්ග ලෙස කොළ පොහොර, සත්ත්ව අපද්‍රව්‍ය, බෝග අවශේෂ, කොම්පෝස්ට් පොහොර ආදිය දැක්විය හැක. ග්ලිඩ්සීරියා, වල්සූරියකාන්ත, කොහොඹ, එරබදු වැනි ශාක අතු කොටස්ද කුකුලන්, ගවයන්, එළුවන් වැනි සත්ත්වයින්ගේ මළ අපද්‍රව්‍ය ද ප්‍රධාන වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේදී යොදා ගැනේ. 

මෙහිදී, මුලික වශයෙන් සැලකිල්ලට ගත යුත්තේ කාබනික පොහොරවල තිබිය යුතු පෝෂක කොටස් පිලිබදව නිසි අවබෝධයක් තිබීමය. පසෙහි සංචිත පෝෂක කොටස් අතිරික්තව පැවතීමෙන් පමණක් බෝග වගාවේ සියලු පෝෂක සැපයීම කෙරෙහි සෑහීමකට පත්විය නොහැකිය. එසේම, බෝග වර්ගයේ පෝෂණ අවශ්‍යතාව අනුව යෙදිය යුතු පොහොර වර්ග වෙනස් වේ. නිදසුනක් ලෙස කුඹුරට යෙදිය හැකි කාබනික පොහොර ලෙස පිදුරු, කොළ පොහොර, ගොම හ කුකුළු පොහොර, පිලිස්සු දහයියා ආදිය දැක්විය හැකිය. එළවලු බෝග වගාවන්ට නියමිත පරිදි කාබනික පොහොර භාවිතයෙන් වටපණු හානියද අවම කරගත හැකි බව දේශීය මෙන්ම විදේශීය  පර්යේෂණ මගින්ද පෙන්වා දී ඇත.

රටේ ජනතාව සහ ව්‍යවසායකයින් දිරිමත් කිරීම තුලින් කාබනික පොහොර සහ වස විසෙන් තොර කෘමිනාශක, වල්නාශ ඇතුළු කෘෂි උපකරණ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මගින් නිෂ්පාදනය කිරීම කෙරෙහි විවිධ පර්යේෂණ සහ සමීක්ෂණ රැසක් සිදුකෙරෙමින් පවතී.



 උපුටා ගැනීම: පොත පත සහ අන්තර්ජාලය ඇසුරිනි



සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
               විදාතා සම්පත් මධ්‍යස්ථානය - කුණ්ඩසාලේ





July 1, 2016

සාදික්කා

Myristica fragrans යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන සාදික්කා, Myristicaceae කුලයට අයත් ශාකයකි. සංස්කෘත භාෂාවෙන් ජාතිඵල ලෙසද ඉංග්‍රීසි භාෂාවෙන් Nut meg ලෙසින් ද සාදික්කා ව්‍යවහාරික වේ. ශාකය මීටර් 10-20ක් අකර වේ. පත්‍ර අදුරු කොළ පැහැ දිලිසෙන සුලු වේ. ඵලය මාංසල වන අතර කොළ කහ පැහැතිය. ඵලය තුළ දුඹුරු පැහැ තද ගතියෙන් යුත් බීජය සහ ඒ මත රතු පැහැති වසාවාසි නමින් හැදින්වෙන කොටස පිහිටා ඇත. වේවියළාගත් සාදික්කා බීජය මෙන්ම බීජ ආවරණය ද කුඩු වශයෙන්,කුළු බඩු වර්ගයක් ලෙස භාවිතා වේ. සාදික්කා පැළය නැගෙනහිර ඉන්දුනීසියාවේ බිහිවුන අතර, එය ලංකාවට හඳුන්වා දී ඇත්තේ 19 වෙනි සියවසේ මුල් භාගයේදීය. ශ්‍රී ලංකාවෙ මධ්‍යම කඳුකරයේ බහුල වුවද තෙත් හා අතරමැදි කලාපයේ ද බොහෝවිට දක්නට ලැබේ. 

        සාදික්කා ගසෙහි පළිබෝධ හෝ රෝග කිසිවක් නැත. මෙය බීජ මඟින් ම  පැළ ලබා ගනී.බෝ කර ගනී. අතුපතර විහිදෙන විශාල ශාකයකි.  මිශ්‍ර වගාවක් ලෙස තේ වතු වල ද වගා කල හැකිය.
සාදික්කා ගසක ගෙඩි කීපයක්ම පැලුණු පසු හෝ පැලීමට ආසන්න වූ විට දී ගෙඩි නෙලා ගැනීමේ කාලය එලැඹේ. මෙහිදී සාදික්කා ඇටය ගෙඩියෙන් වෙන් කර ඇටය වටා ඇති රතු පැහැති වසාවාසිය ද වෙන් කර මෙම කොටස් 2ම වෙන් වෙන්ව අව්වේ වියළා ගත යුතුවේ.
         සාදික්කා ගසෙන් කුළු බඩු වර්ග 2ක් ලබා ගත හැකිය. සාදික්කා ඇටයේ මදය හා ඇටය වටා දැලක් සේ ඇති රතු පැහැති වසාවාසි කොටසයි. මීට අමතරව එහි මාංශල ලෙල්ල මඟින් රසවත් කෑම බොහෝමයක් සාදා ගත හැක.

    ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇති කුළුබඩුවක් ලෙස සාදික්කා හැඳින්විය හැකිය. සාදික්කා දේශීය වෙදකමෙහි හා ආයුර්වේදයේ මෙන්ම වෙනත් ඖෂධ නිෂ්පාදන වලදී ද වැදගත් වේ. සාදික්කා බීජ මදය, දෙහි, ලුණු හෝ ජලය බිංදු කීපයක් සමඟ උරගා ගැනීමෙන් උදරාබාධ වලට ඖෂධයක් ලෙසින් පාවිච්චි කල හැක.
 සාදික්කා පිළිබද පර්යේෂණ රාශියක් මෙහෙය වන මාතලේ බණ්ඩරපොළ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මේ  වන විට සාදික්කාවලින්  ජෑම්, පානීය වර්ග,සුවද වර්ග ආදී  නව නිෂ්පාදන රාශියක් හදුන්වාදී ඇත.

පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
අඹන්ගගකෝරළේ