Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 6, 2015

නිවසේ දී බටර් සාදා ගනිමු

බටර් කිරි වලින් නිෂ්පාදනය කරනු ලබන පෝෂ්‍යදායි ආහාරයකි.බේකරි නිෂ්පාදන වල දි හා ආහාර රසවත් කිරිමට බහුලව භාවිතා කරයි.කිසිම රසායන ද්‍රව්‍යයක් එක් නොකොට පහසුවෙන්  ගෘහාශ්‍රිතව බටර් නිෂ්පාදනය කළ හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
Ø  කිරි වලින් වෙන් කර ගත් යොදය (Cream) 250g
Ø  උණු කර නිවා ගත් ජලයෙන් සාදාගත් අයිස් කැට 500g
Ø  උණු කර නිවා ගත් ජලයෙන් සාදාගත් අයිස් වතුර ලිටර 1 යි
Ø  ලුණු කුඩු ස්වල්පයක්

අවශ්‍ය උපකරණ
Ø  පැති වැඩි ගණනක් සහිත කට ලොකු ප්ලාස්ටික් බෝතලයක්
Ø  ගෑරුප්පුවක්
Ø  මේස හැන්දක්
Ø  පැතලි පිගානක්

සාදන අයුරු
·       පළමුව නිෂ්පාදනයට යොදා ගන්නා සියළු උපකරණ හොදින් පිරිසිදු කර ගැනිම.
·  ඉන්පසු ප්ලාස්ටික් බෝතලයේ පතුලට කිරි වල ක්‍රිම් (යොදය) හැන්දකින් ඇතුළු කිරිම.එයටඋඩින් අයිස් කැට තට්ටුවක් දමා ක්‍රිම් වලින් භාගයක් වන ලෙස අයිස් වතුර එකතු කිරිම.
· බෝතලයේ මුඩිය වසා තිරස් අතට සිටිනසේ බෝතලය විනාඩි 7 ක් පමණ අත් දෙකෙන්ම සෙලවිම.
·          මෙසේ සොලවන විට බෝතලයේ ඉහළින් බටර් කැටිති ලෙස දැකිය හැකි වන අතර එයට පහළින්  සුදු පැහැති වතුර (Butter Milk) දැකිය හැක.
·          (Butter Milk) බෝතලයෙන් ඉවත් කර බටර් කැටිති බෝතලයේ රදවා ගනු ලැබේ.මෙම බටර් කැටිති හැන්දක් ආධාරයෙන් පැතලි පිගානකට දමා ගෑරුප්පුවකින් තද කර එහි ඇති ජලය ඉවත් කරන්න.
·     ඉන් පසු අවශ්‍ය පමණය ලුණු කුඩු එකතු කර බදුනක අසුරා ශිතකරණයේ තැම්පත් කරන්න.
·      ක්‍රිම් 250g කින් බටර් 500g ක් ලබා ගත හැක.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි
නාත්තන්ඩිය

December 3, 2015

නිවසේ භාවිත කරන රසායන ද්‍රව්‍ය

නිවසේ භාවිත කරන රසායන ද්‍රව්‍ය  රාශියකි. පවිත්‍රකාරක (cleaning agen) ,රෙදි සේදුම්කාරක හා විවිධ සබන් වර්ග,  පරිසරය සුවඳවත් කරන වාත නැවුම්කාරක (air freshner) , ආහාර සදහා එක් කරන රසායන ද්‍රව්‍ය, ඖෂධ,රූපලාන්‍ය ද්‍රව්‍ය, තීන්ත, සතුන් පලවා හැරීමට යොදන ද්‍රව්‍ය  ආදිය මේ අතර ප්‍රධාන වේ.
                                                    නිවසේ භාවිත කරන රසායන ද්‍රව්‍ය අපගේ ශරීර ගතවීමට වැඩි ඉඩක් පවතින අතර පරිසරයට ද අහිතකර සංයෝග ඇතුළත් විය හැකිය.විශේෂයෙන් ආහාර සදහා එක් කරනු ලබන රසායන ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.
                                                    ලුණු, සීනි වැනි ආහාර සදහා එක් කරනු ලබන ද්‍රව්‍යද රසායනික ද්‍රව්‍ය වන අතර ඒවා පවා අනිසි ලෙස භාවිතයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග රාශියකට හේතු වන්නකි. මොනො සෝඩියම් ග්ලූටමේට් හෙවත් අජිනමොටෝ අද වෙළද පොළෙහි ඇති සෑම ආහාරයකටම පාහේ එක් කරන රසායන ද්‍රව්‍යයක් වන අතර එය පමණ ඉක්මවීම ශරීරයට බොහෝ අහිතකරය.  මෙම ද්‍රව්‍ය සමහර ප්‍රදේශවල වල් නාශයක් ලෙස යොදා ගන්නා බවටද වාර්තා වී ඇත.වෙළද පොලෙහි ඇති බීම වර්ගද රසායන ද්‍රව්‍ය බහුලව ඇති පාන බවට පත්ව ඇත. සමහර බීම වර්ග වැසිකිළි පවිත්‍රකාරක ලෙසද යොදා ගත හැකි තරමට රසායන දව්‍ය බහුලව පවතී.
                                                    නිවසේ භිවිත කරන සෙසු රසායන ද්‍රව්‍ය කෙරෙහිද අපි සැලකිලිමත් විය යුත්තෙමු. මෙවැනි විවිධ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් පසුව එක්‌ වන්නේ පරිසරයට ය. ඒවායින් පරිසරයේ වෙසෙන සෙසු ජීවීන්ට හා පරිසරයට හානි වේ. 

මේ කරුණු අනුව සැලකූ විට හැකිතාක්‌ දුරට මෙවැනි රසායන ද්‍රව්‍ය අවම ප්‍රමාණවලින් භාවිත කිරීම හා සාපේක්‌ෂ ව පරිසරයට හා සෞඛ්‍යයට හිතකර වූ හරිත රසායන ද්‍රව්‍යවලට යොමු වීම යෝග්‍ය ය. මෙවැනි පිරිසිදු කිරීමක්‌ හරිත පවිත්‍රකරණය (green cleaning) ලෙස හැඳින්වේ. හරිත ඵලදායිතායේදී මෙය ඉතා වැදගත් වනු ඇත.

අපට ගත හැකි පියවර කිහිපයක්‌
හැකි සෑම විමට නිවසේදී පිළියෙළකරගන්නා ආහාර  පරිභෝජනයට හුරුවීම.
කෘත්‍රිම බීම, බෝතල් වතුර වෙනුවට නිවසේ උණු  කර නිවාගත් පානීය ජලය භාවිතය.

නිවසේ සියලු ස්‌ථාන නිතර හොඳින් පිරිසිදු කිරීමෙන් ඒවා අපවිත්‍ර වීම හා කෘමීන් වැනි සතුන් බෝ වීම වළක්‌වා ගැනීම.
අපිරිසිදු බොහෝ දේ ජලය යොදාගැනීමෙන් පිරිසිදු කළ හැකි ය. අවශ්‍ය නම් සාමාන්‍ය සබන් ස්‌වල්පයක්‌ යොදාගැනීම සුදුසු ය. කෑම බදුන් සබන් යෙදූ පසු එම සබන් ඉවත් වනතුරු සේදීම අත්‍යවශයය. විම් භාවිතයේදී එම ද්‍රව්‍ය ඉවත් වනතුරු සේදීම අත්‍යවශයය.

විවිධ බඳුන් හා පොළොව පිරිසිsදු කිරීමට පවිත්‍රකාරක (cleaning agen) ලෙස යොදාගන්නා විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍ය පරිසරයට එක්‌ වීමෙන් කිසියම් බලපෑමක්‌ ඇති වන නිසා ඒ වෙනුවට හැකිතාක්‌ දුරට ස්‌වාභාවික පිරිසිදුකාරක යොදාගැනීමට හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් බේකින් සෝඩා, විනාකිරි හා දෙහි යුෂ වැනි ද්‍රව්‍යයක්‌ හෝ මේවායේ මිශ්‍රණයක්‌ මේ සඳහා යෝග්‍ය ය.

වාත නැවුම්කාරක (air freshners) භාවිත කිරීම වෙනුවට අදාළ ගන්ධය පැමිණෙන මූලාශ්‍රය සොයා එය නැති කර දැමීම යෝග්‍ය යග එසේ ම අදාළ ස්‌ථානයට අවශ්‍ය වාතාශ්‍රය සැපයීම වඩාත් සුදුසය. අනෙක්‌ අතට ඒ සඳහා ස්‌වාභාවික සුවඳකාරක ද භාවිත කළ හැකි ය. සංවෘත පරිසරයක්‌ සඳහා යොදාගත හැකි සැවැන්දරා මුල් එවැනි සුවඳවත් ද්‍රව්‍යයකි.
වැසිකිළි පවිත්‍රකාරක නිතර යෙදීමෙන් එම මළ ද්‍රව්‍ය දිරාපත්කරවන ක්ෂුද්‍රජීවීන් කෙරෙහි අහිතකර ලෙස බලපා දිරාපත් කිරීමේ ක්‍රියාවලිය අඩපණ කරනු ඇත. එබැවින් වෙළද දැන්වීම්වලින් පෙන්නනවා ලෙස නොකර ජලයෙන් වැසිකිලි බදුන් සෝදා සතියකට වරක් පමණක් එම රසායන ද්‍රව්‍ය අල්ප ප්‍රමාණයක් යොදා පිරිසිදු කිරිම සුදුසුය.විෂ ද්‍රව්‍ය හඳුනා ගත්තොත් හා විෂ ද්‍රව්‍ය නිසි ආකාරයට භාවිත කිරීම හා ගබඩා කිරිම සැලකිලිමත්ව කලොත් විෂ වීම.
නිවසේ භාවිත කරන ද්‍රව්‍ය හා බෙහෙත් ඒවායේ මුල් භාජන වල තියා ගන්න. ඒවා භාවිත කරන හැම අවස්ථාවක භාවිතයට උපදෙස් පහසුවෙන් බලාගත හැකි අතර විෂ වීම සිදු වුවොත් ලේබලෙයේ තොරතුරු ලඟින් තිබෙනු ඇත.
භාවිතයට පෙර භාජන වල උපදෙස් කියවන්න. ඒ අනුව භාවිතා කරන්න.
විෂ ද්‍රව්‍ය ,ආහාර හෝ බිම භාජන වලට නොදමන්න.
විෂ වූ හෝ නරක වූ ආහාර විනාශ කරන්න. 

විෂ රසායන ද්‍රව්‍ය භාවිත කරන තැන හොඳට වාතය ඇතුල් වීමට සකස් කරන්න . වායු සාන්ද්‍රණය නොවන ලෙස දොර ජනෙල් අරින්න. 
ඉන්දන  දහනය කරන යන්ත්‍ර හොඳ වාතාශ්‍රය ඇති තැන් වල පමණක් භාවිත කරන්න. ගොඩනැගිලි වලින් පිට භාවිතා කිරීම වඩා සුදුසුය.
බෙහෙත් දීමේ විෂ වීම වළක්වන්නේ බෙහෙත් දීමේ නිවැරදි කරුණු 5 පරික්ෂා කිරීමෙනි.
(නිවැරදි බෙහෙත්, නිවැරදි පුද්ගලයා, නිවැරදි ප්‍රමාණය, නිවැරදි වෙලාව, නිවැරදි ක්‍රමය.)
කුඩා භාජනවල ඇති අවදානම් ලේබල හඳුනා ගෙන ඒවායින් ඇත් වී සිටීමට පුරුදු කරන්න.
නිවෙස් වල ඇති බොහෝ ශාක විෂ සහිතයි. නිවසේ ළමයි සිටිනවා නම් විෂ සහිත ශාක ගෙදරින් ඉවත් කරන්න. හැම ශාකයක ලේබලයක් දමන්න. මෙය හඳුනා ගැනීමට පහසු වේ.
බෑගයක හෝ මේසයක වැනි ළමයින්ට ඒවා ගත හැකි ස්ථානවල බෙහෙත් නොතබන්න.

මෙවැනි සරල ක්‍රම භාවිතයෙන් නිවසේ රසායන ද්‍රව්‍යවලින් සිදු වන බලපෑම අවම කර ගත හැකි වනු ඇත.

පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ.

December 2, 2015

ශ්‍රි ලංකාවේ කඩොලාන

කඩොලාන යනු කාෂ්ඨිය බිජ දරණ අතිශයවිශේෂණය වු පදුරු වල සිට උස් ගස් දක්වා විශාල වන ශාක වේ.සාමාන්‍යෙයන් අන්තර් උදම් මුහුදු තිරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ.වරින් වර මුහුදු ජලයෙන් යටවන ප්‍රදේශ වල හා නිර්වායු සහ ආම්ලික පසෙහි වර්ධනය වීමට ඇති හැකියාව කඩොලාන වල ඇති විශේෂ ලක්ෂණයකි.බොහෝ කඩොලාන  සුවිශේෂි වු අනුවර්තන දරණ නිසා අනෙකුත් ශාක වර්ධනය විය නොහැකි පරිසරයක පවා ඉතා ඉතා සාර්ථකව ජිවත්විමේ හැකියාවක් ඇත.මෙම කඩොලාන ආශ්‍රිතව විවිධ මත්ස්‍ය විශේෂ‚ ක්‍රස්ටේසියාවන් සහ මොලොස්කාවන් දැකිය හැක.


ශ්‍රි  ලංකාවේ දැකිය හැකි කඩොලාන
ශ්‍රි ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂ 25 ක් ද ආශ්‍රිත කඩොලාන විශේෂ 15 ක් ද දැකිය හැක.පුත්තලම‚ මිගමුව කලපු ආශ්‍රිතව සහ නිරිත දකුණු ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව ද දැකිය හැක.
සත්‍ය කඩොලාන ශෘක වර්ග
Rhizophora mucronata (කඩොල්)
Brughiera gymnorhiza (මල් කඩොල්)
Ceriops tagal (පුංකන්ඩ)
Sonneratia caseolaris (කිරල)
Avicennia marina  (මණ්ඩා)
Argiceras comiculatum (හීන් කඩොල්)
Acanthus ilicifolius (කටු ඉකිලිය)
Excoecaria agallocha (තෙල)
Xylocarpus granatum (මට්ටි කඩොල් )
Lumnitzera recemosa  (බෑරිය)

ආශ්‍රිත කඩොල්
Nipa frutican (ගිං පොල්)
Acrostichum aureum (කරන් කොකු)
Dolichandrone spathacea (දිය දග)
Terminalia catappa (කොට්ටම්බා)
Caloplyllum inophyllum (දොඹ)
Hibiscus tiliaceus (බෙලි පට්ටා)
Cerbera manghas (ගොන්කදුරු)
Thespesia populnea (සුරිය)

කඩොලාන ශාක වල අනුවර්තන
·        කරු සහ කයිරු මුල් -කඩොලාන වැඩෙන පරිසරයේ පස බුරුල් නිසා ශක්තිමත්ව පසට සවිවිම සදහා කදෙන් හා අතු වලින් පැන නගින කරු සහ කයිරු මුල් පිහිටි ඇත.
·        ලවන ස්‍රාවි ග්‍රන්ථ-වැඩිපුර ඇති ලවන පිට කිරිම සදහා ලවන ස්‍රාවි ග්‍රන්ථි පිහිටා ඇත.
·        ශ්‍රෂ්ක රුපි පත්‍ර-උත්ස්වේදනය මගින් සිදුවන ජලය පිටවිම අවම කරයි.
·        වායු ධර මුල්-කඩොලාන වැඩෙන පසෙහි ඔක්සිජන් ප්‍රමානය අවම නිසා වායු ගෝලයෙන් ඔක්සිජන් අවශෝෂණය කර ගැනිම සදහා  පසෙන් ඉහළට වැඩෙන වායු ධර මුල් පිහිටා ඇත.

කඩොලාන වල ප්‍රයෝජන
·         වෙරළබඩ වාසින්ගේ ගෘහස්ථ ඉන්ධනයක් ලෙස සහ නිවාස තැනිමේ කටයුතු සදහා කඩොලාන දැව භාවිතා කරනු ලැබේ.
·         ධිවරයන්ගේ ඔරු අනෙකුත් ධිවර ආම්පන්න සහ මත්ස්‍ය උගුල් තැනිම සදහා කඩොලාන දැව භාවිතා කරයි.
·         සමහර මත්ස්‍ය‚ බෙල්ලන්‚ ඉස්සන් විශේෂ වලට වාසස්ථාන සපයනු සපයනු ලැබේ.
·         කලපු‚ මෝයවල් සහ වෙරළ ඛාදනය කඩොලාන මගින් ආරක්ෂා කරයි.
·         ජලයේ ඇති විෂ ද්‍රව්‍ය ඌරා ගැනිම මගින් වෙරළබඩ ප්‍රදේශවල දුෂණය අවම කරයි.

ඒ.ටි.ඩි.සි.පි.කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
නාත්තන්ඩිය

හරිතාගාර ආචරණය හා එහි බලපෑම්

හරිතාගාරයක් යනු ශීත රටවල වගාවන් සඳහා අවශ්‍ය උෂ්ණත්වය රදවා ගැනීම පිණිස සාදනු ලැබූ සංවෘත මුලුමනින්ම වටවූ බිමකි (කූඩාරමකි) ඒ සඳහා යොදා ගන්නා ආවරණයේ විකිරණ අභ්‍යන්තර පරාවර්ථනය හේතුවෙන් උෂ්ණත්වය ඉහල යාම නිසා ශාකවලට අවශ්‍ය මට්ටමට එලබේ. එහෙත් විවිධ හේතූන් නිසා පෘතුවිය සමස්ථයක් ලෙස ගත් කල එහි  වායු ස්ථරයක් වියනක් සේ තැනී එය හරිතාගාරයක් ලෙස ක්‍රියාකිරීමට පටන්ගෙන ඇත. මෙය පෘථිවියේ හරිතාගාර ආචරණය වේ. ‍
සූර්යා සිට එන දෘෂ්‍ය පරාසයේ ඇති විද්‍යුත් කිරණ පෘථිවියේ ඇති සංඝටක මගින්
අවශෝෂණයෙන් අනතුරුව අවසන් වශයෙන් තාපය බවට පත්ව ඉහල අවකාශය කරා පිටවේ මෙහිදී ඊට වායු ගෝලයේ ඇති O2 , N2 වැනි වායුවලින් බාධා එල්ල නොවුවද ප්‍රධානම Co2 හා CH4 , H2O, NO2 , CFC , O3 වැනි වායු තදබල ලෙස බාධා එල්ල කරයි එබැවින් එවැනි වායු හරිතාගාර වායුන් ලෙස හදුන්වයි. මෙම ක්‍රියාවලිය නිසා පෘථිවිය තුල උෂ්ණත්වය ඉහල අගයක පවතී. මෙය පෘථිවි ගෝලය උණුසුම් වීම ලෙස හැදින්වේ. පෘථිවිය හා චන්ද්‍රයා සූර්යාගෙන් බොහෝ දුරට සමාන දුරකින් පවතින නමුත් හරිතාගාර වායු පෘථිවියේ වායුගෝලය තුල පවතින නිසා සාමාන්‍ය උෂ්ණත්වය 15 0C පමණ වේ. චන්ද්‍රයාට මෙවැනි වායු ගෝලයක් නැති නිසා එහි සාමාන්‍ය උෂ්ණත්වය 18 0C පමණ වේ නමුත් වායු ගෝලීය වාතය තුල හරිතාගාර වායුන්ගේ ප්‍රතිශතය පමණට වඩා ඉහල ගිය විට වායු ගෝලයේ උෂ්ණත්වය ඉහලයාමෙන් ජලයේ වාෂ්පීකරණය ඉහල යයි. මේ නිසා රටතුල ඇති මිරිදිය ජලාශ සිදී යා හැකිය. ජල වාෂ්පද හරිතාගාර වායුවක් බැවින් එවිට තවදුරටත් ආචරණය තීව්‍ර වේ. මේ නිසා සාමාන්‍ය උෂ්ණත්වය ඉහලගොස් ධ්‍රැව ආසන්න ග්ලැසියර් හා අයිස් දියවීමට පටන් ගනී මේ නිසා මුහුදු ජල මට්ටම ඉහල යාමෙන් පහත් බිමි ආශ්‍රිතව ඇති වගාවන් හා නිවාස ජලයෙන් යටවේ.
ඉදිරි දශක තුනක කාලය තුලදී පෘථිවයේ උෂ්ණත්වය 3 0C කින් ඉහල යන බවට ගනන් බලා ඇත. එමගින් මාලදිවයින ඇතුලු බොහෝ පහත් ප්‍රදේශ ලෝකයේ රටවලින් ඉවත්වනු ඇතැයි මත පලවේ.
හරිතාගාර වායු එක්රැස්වීමට හේතුව වන්නේ නිවර්තන තෙත් වනාන්තර විනාශ කිරීම, කර්මාන්ත ශාලා රථවාහන ආදියෙන් පිටවන අධික CO2 ප්‍රමාණය, ඉන්ධන දහනය මගින් පිටවන ජලවාෂ්ප, CFC භාවිතය, කසල හා අපද්‍රව්‍ය ගැටලුව(මෙමගින් කසලවල ඇති ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා කසල වියෝජනය වී CH4 සාදයි) යනාදියයි.

හරිතාගාර ආචරණය වැලැක්වීමට නිවර්ථන තෙත් වනාන්තර සංරක්ෂණය, වනාන්තර වාගාව ආරක්ෂා කිරීම, කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය හා කැලි කසල අවම කිරීම, CFC වැනි සංයෝග භාවිතය අත්හැරීම, අදාල නීති රීති පැනවීම, රථ වාහන වලින් නිකුත්වන CO2 ප්‍රමාණය අවම කිරීම හා රථවාහන භාවිතය අවම කිරීම, ලැව්ගිණි අවම කිරීම, තණබ්ම් හා වෘක්ෂලතා ගිණිතැබීම වැලැක්වීමට කටයුතු කිරීම සිදුකල යුතුය.

සකස් කළේ : 
H.E.B.සංජිව 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

කිතුල්

කැරියෝටා යුරෙන්ස්‌ (Caryota urens) යන  උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන කිතුල් ශාකය ඉංග්‍රීසියෙන් Fish tail palm යනුවෙන් හැඳින්වෙයි. පොල් ගසට බෙහෙවින් සමාන වූ කිතුල් ගස්‌ පොල් තල් මෙන්ම තාල වර්ගයට අයත්වෙයි. හොඳින් වැඩුණු කිතුල් ගසක්‌ අඩි 40 ත් 50 ත් අතර උසින් යුතුවෙයි. කිතුල් තෙත් කලාපීය දේශගුණයක්‌ සහිත ප්‍රදේශවල වඩාත් සරුවට වැවේ. පොල් ගස මෙන්ම කිතුල් ගස මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වෙයි.
කිතුල් ගසක වටිනාම අංගය කිතුල් මලය. කිතුල් ගසක්‌ පීදෙන තත්ත්වයට පත්වීමට හෙවත්   මේරීමට වසර 10 ක කලක්‌ ගතවෙයි. මල් පීදෙන තත්ත්වයට පත්වන විට ගසේ කඳ සිහින්වීම අතු කෙටිවීම සහ කෙටි ගොබ දෙකක්‌ වර්ධනය වීම පෙන්නුම් කරයි. මල් හටගැනීම ඉහළ සිට පහළට සිදුවේ. කිතුල් මලෙන් වෑස්සෙන තෙලිදිය පැණි හකුරු කර්මාන්ත සදහා යොදා ගනී.
ගසක හටගන්නා සැම මලකින් ම තෙලිදිය ලබාගත නොහැකිය.. එබැවින් එම මල් සක්‍රිය වන ප්‍රතිකර්ම යෙදිය යුතුයි. ස්‌වාභාවික ප්‍රතිකර්මවලිනුත් සියයට සියයක්‌ ම මල්වලින් තෙලිදිය ලබා ගැනීමට හැකියාවක්‌ නොමැත. එබැවින් රසායනික ද්‍රව්‍ය අඩංගු කැස්‌පර් ප්‍රතිකාරකය හඳුන්වා දීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වේ.
කාර්මික තාක්‍ෂණ ආයතනයේ පර්යේෂකයකු වන ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර විසින් සකස්‌ කරන ලද ප්‍රතිකාරකය ඕනෑ ම කිතුල් ගසකට යෙදිය හැකි අතර එමගින් සරු තෙලිදිය ප්‍රමාණයක්‌ ලබා ගැනීමට හැකි ය. කැස්‌පර් (KASPER) Kithul Activation and Sap Production Enhancing Reagent) යනුවෙන් මේ ප්‍රතිකාරකය හැඳින්වෙයි.

කිතුල් මල අව්වේ නියමිත ප්‍රමාණයට පදම් කිරීමෙන් පසු කැස්‌පර් ප්‍රතිකාරකය යොදයි. සාම්ප්‍රදායික ක්‍රමයේ දී ගසක පීදෙන සැම මලක්‌ ම මැදීමට හැකියාවක්‌ ඇත. මල් මැදීමට නොහැකි ගස්‌ ඇරපු ගස්‌ යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී මලට යොදන කැස්‌පර් ප්‍රමාණය මලේ දිග හා වට ප්‍රමාණය අනුව වෙනස්‌ වෙයි. කැස්‌පර් ප්‍රතිකාරකය යෙදීම සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය භාවිත කරන බෙහෙත් තැබීමට බෙහෙවින් සමාන වන අතර එම ක්‍රියාකාරීත්වයට වඩා සක්‍රිය ස්‌වභාවයක්‌ ගන්නා බැව් පෙනේ.

කිතුල් කර්මාන්ත සංවර්ධනයට අලුතින් හඳුන්වාදී ඇති තාක්‍ෂණයන් ක්‍රමවේද සහ සංකල්ප රැසකි. ඒවායින් කිහිපයක් නම්,
1.කිතුල් කාර්මිකයන් සදහා විශේෂිත හැදුන්ම්පතක් ලබාදීම.
2.නිෂ්පාදන සදහා ජාත්‍යන්තර වර්ගීකරණ සංකේතාංකයක් යොදා ගැනීම.
3.පැණි හා හකුරු නිෂ්පාදනයට කාර්යක්‌ෂ්ම උදුනක්‌ හදුන්වා දීම.
4.උසස්‌ පලදායිතාවක්‌ ඇති නව ප්‍රභේද හදුන්වා දීම.
5.කිතුල් චොකලට් සහ කිතුල් බීම නිෂ්පාදනය සදහා පර්යේෂණ සිදු කිරීම.
6.සීනි මිශ්‍ර කර තෙල්දිය මල හෝ පැණිවල තත්ත්වය බාල කිරීම පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම,
7.පැණිවල සහ තෙලිදියවල බ්‍රින්ස්‌ අගය පරීක්‍ෂා කිරීම.
8.තෙලිදිය රා බවට පත් නොවී කල් තබා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දීම.
9.කිතුල් පිටි නිපදවීම සඳහා යන්ත්‍ර වැඩිදියුණු කිරීම.

පී.ඩී.පී.ධනසේන
 විද්‍යා හා තාක්ෂණ නිලධාරී, අඹන්ගගකෝරළේ

December 1, 2015

අද්භූත ශබ්ද

මිනිසාගේ ප්‍රත්‍යක්ෂ ඥානයේ ඇති වැරදීම හා ව්‍යාජ-විද්‍යාව (pseudoscience) මත අවතාර හෝ අද්භූත ශබ්ද ඇසීම සිදුවේද? යන්න පිළිබද විස්තරයක්, Lafayette College යේ මානසික විද්‍යා පිළිබද මහාචාර්‍ය “මයිකල් නීස්” රචිත මෙම ලිපියෙන් විග්‍රහ වේ.

සම්මත විද්‍යා ගවේශණ වලට පරිබාහිරින් වූ අද්භූත ශබ්ද හා සංසිද්ධි  කෙරෙහි බොහෝ ඇමරිකානුවෝ විශ්වාස කරති. මෙම විශ්වාස නිසා ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට කැපවෙන කණ්ඩායම්වල  ප්‍රචාරණය සීඝ්‍රයෙන් වර්ධනය වේ. රූපවාහිනියේද විවිධාකාර හොල්මන්-අවතාර වැනි අද්භූත සිද්ධී පිළිබද  ගවේශන වැඩ සටහන් ප්‍රගුණනය වන ස්වභාවයක් ඇත. එවැනි අවතාර දඩයමේ යෙදෙන වැඩ සටහන් නිසා සාමාන්‍ය ජනතාවද අද්භූත සිද්ධි අධ්‍යනය සඳහා යොමු වී තිබේ. විවිධාකාර වූ අවතාර දඩයම් උපකරණ හා තාක්ෂණයන් භාවිතා කරන කුඩා කණ්ඩායම් අද්භූත සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වන ප්‍රදේශවල සැරිසරන බවද වාර්තා වේ.
අවතාර දඩයම් කරුවන් සතු ආයුධ මල්ලේ ප්‍රධාන වශයෙන් ශබ්ද පටිගත කරන යන්ත්‍ර දැකිය හැකිය. මයික්‍රෝපෝනයට බොහෝ විට නිරීක්ෂිත පරිසරයේ අවට ශබ්ද හසු වේ. පටිගත කිරීමක ඇති භූතාත්ම  පණිවිඩ හදුනාගැනීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරයි. දුරස්ථ භූතාත්ම වලින් ලැබෙන සාමාන්‍ය සන්නිවේදනයේදී නොඇසෙන ශබ්ද පටිගත කර ගැනීම මෙම උපකරණ භාවිතයේ ප්‍රධාන අරමුණයි.

ඉලෙක්ට්‍රොනික හඬ සංසිද්ධී එනම් Electronic Voice Phenomena (EVP)හි අභිප්‍රාය අද්භූත සන්නිවේදනය වේ. සාමාන්‍යයෙන් මෙම ශබ්ද ඉතා කෙටි වන අතර නොයෙක් වාර්තා කිරීම් වලදී එම ශබ්ද තනි වචනයක් හෝ කෙටි යෙදුමක් ලෙස සඳහන් වේ.EVP වලදී තේරුම්ගත් අන්තර්ගතයන් “ඔබ අපා ගත වෙනවා (You are going to hell.)”වැනි භිය ගැන්වීම් වේ. අද්භූත පර්යේෂකයන්ට පටිගත කළ ශබ්දයේ ආකර්ෂණීය කොටස නම් එයින් විද්‍යාමාන වන අරමුණයි. අපක්ෂපාත  තාක්ෂණ උපකරණයන් මගින් හසුකරගත් ශබ්ද ඛණ්ඩණයක් භූතාත්මයක්  යැයි සත්‍යාපනය කරන්නේ කෙසේද? ඈතින් සිදුවන සන්නිවේදනයක ප්‍රතිවාදන සාක්ෂියක් ලෙස EVP පෙනී යයි. මයිකල් නීස්ගේ පර්යේෂණාගාරයේ සිදුකල නිරීක්ෂණ අනුව EVP ශබ්ද ඇති වීම පිළිබඳව හා ඒවායේ අර්ථ දැක්වීම්හි නිවැරිදි බව පිළිබඳ මිනිසුන්ගේ එකගවිමේ සම්භාවිතාව ඉතා දුර්වල බව පෙනී ගොස් තිබේ.එමඟින් මානව ප්‍රත්‍යක්ෂ ඥානයේ වැරදීම් සිදුවීම පැහැදිලිව විග්‍රහ කෙරේ.තාක්ෂණික ආයිත්තම් තිබුනද EVP අධ්‍යයන ව්‍යාජ විද්‍යාවේ (අවිද්‍යාව/ Pseudoscience) බොහෝ ලක්ෂණ වලින් සමන්විතය.


පහසුවෙන් බැහැර කල නොහැකි උපායන් සහිත බවට සාක්ෂි දාමයක් ඉදිරිපත් කළ හැකි වුවද EVP ශබ්ද ඕනෑකමින් වැරදීම් සිදු නොකරන බව සළකමු. මෙයින් සමහර ව්‍යාජ EVP ශබ්ද, නියමිත ලෙස සුසර නොවූ රේඩියෝ විකාශන ශබ්ද හෝ නිරීක්ෂකයාගේ හඩ හෝ අවට පරිසරයේ අතිධ්වනි ශබ්ද වේ. ගැටලුව නම් ඒවායෙන්  අශුද්ධ දත්ත එකතුවීමක් ක්‍රියාත්මක වීමයි. වඩාත් පාලිත ශබ්ද පටිගත කිරීම් සිදුකරන ශබ්දාගාරවලදී පවා EVP ශබ්ද හදුනාගෙන ඇති බව වෙනත් අධ්‍යයනයන් හි පලවී තිබේ. තවද අත්භූත සිද්ධි ගවේශකයෝ , EVP ශබ්ද විකෙතනය (decode/අර්ථ ගැන්වීම්) සදහා  ඔවුන් අතර  සම්මතකර ගත් ආකෘති යොදා ගනිති.විමසියයුතු කාරණය නම්, EVP ගවේශකයෝ සත්‍ය වශයෙන් තමන්ගෙන්ම විමසිය යුත්තේ “ඒ කටහඩක්ද? ඔබට ස්ථිරවම විශ්වාසද?” යන්නයි. එසේත් නැතිනම් එම ශබ්ද හා ප්‍රතිඵල අන් ගවේශකයන් සමඟ හුවමාරු කරගනිමින් ගවේශකයාගේ පක්ෂපාතී බව දත්ත නිරීක්ෂණයේදී සිදුවීම වැළැක්වීමයි.

උපුටා ගැනීම :
Hearing ghost voices relies on pseudoscience & fallibility of Human Perception by Michael Nees

 http://www.iflscience.com/editors-blog/hearing-ghost-voices-relies-pseudoscience-and-fallibility-human-perception