Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 12, 2015

ලොව වැඩිම ආයු කාලයක් හිමි සතුන්

වර්ථමානයේ සතුන්ගේ ආයු කාලය අඩුවීම හා වදවී යාම පිළිබදව විද්‍යාඥයින් කරුණු අනාවරණය කරමින් සිටිති. ඒ අතර දැනට ලොව වැඩිම ආයු කාලයක් භුක්තිවිදින සතුන් කවුරුන්දද යන්න සොයාබැලීම වටියි.

1 Arctica Islandica -මෙම සත්ව විශේෂයට වසර 405ත් 410ත් අතර කාලයක් ජීවත් වීමට වාසනාව තිබෙනවා. මේ වන විට වාර්තාවී ඇති වැඩිම ආයු කාලය අවුරුදු 507කි.




2 Bowhead Whales-මෙම තල්මසුන් විශේෂය වසර 200ක් පමණ ජීවත් වන බව පැවසෙනවා. මෑතකදී සිදු කල  පර්යේෂණ වලට අනුව මෙම තල්මසුන්ගේ ශරීර තුල තිබී 1890 කාලයට අයත් බිලි කොකු වල කැබලි හම්බුවෙලා තියනවා. එමෙන්ම ඇමයිනෝ අම්ල පරික්ෂාවට ලක්කිරිමෙන්ද ඔවුන්ගේ ආයු කාලය වසර 177 සිට 245ක් තරම් වන බව පැවසේ.




    3 Eels (ආඳා)-මෙම සතාට අවුරුදු 150ක් ජීවත් වන බව පැවසේ.




4 Tuataras ( ටු(අ)ට්‍රා )-
මෙම උරඟ විශේෂය නවසීලන්තයටම අවේනික විශේෂයකි. මෙම විශ්මිත කටුසු විශේෂය වසර 100ත් 200ත් අතර කාලයක් ජීවත් වන බවට සැලකෙයි.




5 Galápagos giant tortoise
 ගැලපගොස් දුපත් වල ජීවත් වන මෙම යෝධ ඉබ්බන් අවුරුදු 190ක ආයු කාලයක් තිබේ.


6 Greenland Sharks-
උතුරු අත්ලාන්ටික් සාගරය තම නිජභූමිය කරගෙන අවුරුදු 200ක් පමණ ජීවත් වන බව වාර්තා වේ.





7 Koi (කොයි)-මෙම කොයි නම් මසුන් වර්ගය අවුරුදු 200ක් පමණ ජීවත් වන බවට වාර්තා වේ. මෙම මාළු විශේෂය ජපානයේ ගෘහාශ්‍රිතව පොකුණු වල අලංකාරය සඳහා ඇති කෙරේ.




8 Macaws (මැකෝ)-මැකෝ පාට පාට ලස්සන ගිරව් විශේෂයක්. දිග පිහාටු නැට්ටක් සහිත මෙම ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයට ද ඇතිකෙරේ. මොවුන් අවුරුදු 80ත් 100ත් අතර කාලයක් ජීවත් වන බව පැවසේ.




9 Asian elephants (ආසියානු අලියා)-ලංකාවේ ජීවත් වෙන්නෙත් මෙම අලි විශේෂයම තමයි. අවුරුදු 86ක පමණ උපරිම ආයු කාලයක් ජීවත් වෙන්න වාසනාව තියනවලු.



10 Horses (අශ්වයා)-වර්ගය , පරිසර පද්ධතිය හා කළමනාකරණය යන කරුණු මත වර්තමානයේ ගෘහාශ්‍රිතව ජීවත් වන අශ්වයින් අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. කලාතුරකින් අවුරුදු 40ක් හෝ ඊට වඩා කාලයක් ජීවත් වූ සිද්ධිද වාර්තා වෙයි. 19 වන සියවසේ ජීවත් වුනු “Old Billy ” නම් අශ්වයා වසර 62ක් ජීවත් වූ බවට තොරතුරු වාර්තා වේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී
තිඹිරිගස්යාය
Bux ලන්තය වෙබ් අඩවියෙන් 

පොල් වතුරේ සැඟවුනු රහස්

මේ ලොව ඉපදීමෙන් පසු ආහාර ගන්නා අවධියේ පටන් අපගේ ජීවිත අවසාන වන තෙක්ම අපගේ ජීවිතය හා බැඳි ඇති ආහාරයක් ලෙස පොල් සඳහන් කළ හැක. පොල් ගෙඩියක් දිනකට ආහාරය සඳහා නොගන්නා නිවසක් නොමැති තරම් ය.එම නිසාම සෑම නිවසකම දිනපතා  පොල් වතුර අපතේ යයි.අපතේ දමන පොල් වතුරේ ගුණ පිළිබඳ වැටහීමක් තිබෙන කිසිවෙක් ඉදිරියට එලෙස නොකරනු ඇත.

පොල් වතුර පොටැසියම්, සෝඩියම්, ක්ලෝයිරටි, මැග්නීසියම් අයන වලින් සමන්විතය.ආහාර තන්තු වලින් පොහොසත් පොල් වතුර වල මැග්නීසියම් , අයඩින් ,සල්ෆර් ,සින්ක්, සෙලේනියම්, කැල්සියම්, පොස්පරස් , යකඩ හා විටමින් බී හා  විටමින් ඊ වලින් පොහොසත් ය.

එසේම අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලය, කාබනික අම්ලය ප්‍රති ඔක්සිකාරක හා හිතකර මේදයන් ගෙන් සමන්විත ය. පොල් වතුර පිළිබඳ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වාදී ඇත්තේ ගුණදායක බව ය.පොල් වතුරේ අහිතකර කොලොස්ටරෝල් නොමැති අතර පොල් වතුර පානය කිරීමෙන් හිතකර කොලොස්ටරෝල් මට්ටම  යහපත් වන පරිදි පවත්වා ගත හැකි  ය.

මුත්‍රා උත්තේජන ශක්තියෙන් යුක්ත පොල් වතුර පානයෙන් මුත්‍රා හොඳින් පහවීම නිසා මුත්‍රා මාර්ගයේ ඇති වෙන ආසාදනතාවයන් වළක්වා ගත හැක. එසේම සින්ක් හා සෙලේනියම් මද සරු බව වෙනුවෙන් ගුණ දායක බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. එසේම පොල් වතුර ආහාර සිරවීම පහසු කරන අතර ජීර්ණ ආබාධ , මළ බද්ධයට ගුණ දායකය.

කුඩා දරුවන්ගේ පණු රෝග වලට මෙන්ම ඇසේ සුද , ග්ලුකෝමා තාවයන්ටද ගුණදායකය.වකුගඩු වල රැදෙන විෂ පදාර්ථ අඩු කර වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීමටද පොල් වතුර උපකාරී වේ.එහි අඩංගු වන මොනොලෝරීන් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ව්‍යාධි ජනක බැක්ටිරීයා හා වෛරස් මඟින් බෝ වන ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කෙරෙන බව සොයා ගෙන ඇත.
එසේම තවත් වැදගත් කරුණක් වන්නේ  පොල් වතුරේ අඩංගු සයිකයිනිස් මඟින් දිර්ඝායුෂ විදීම සහ වයසට යෑමේදී මතු වන සංකූලතා අවම වීමටත් යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනබවත් ය. එසේම මෙම සයිකයිනිස් මඟින් පිළිකා ඇතිවීමේ  අවදානමද අඩු කිරීමට හේතු වන බව හඳුනා ගෙන ඇත.

ඉහතින් සඳහන් කළ ගුණ වලට අමතරව පහත සඳහන් ගුණයන්ද පොල් වතුරේ අඩංගු වේ.
  •          දියවැඩියා රෝගය පාලනය කිරීමම වැදගත් වේ.
  •         ලොව තිබෙන විශිෂ්ටතම ශක්ති ජනක පානය වේ.
  •         මවු කිරි වල තිබෙන ලෝරික් අම්ලය ළඳරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර ගුණදායක       ය.
  •         සින්ක් හා සෙලේනියම් වැනි ඛනිජ ලවණ වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් , මඳ       සරු භාවයටත් පොල් වතුර ගුණදායක ය.
  •         සම රැලි වැටීම පාලනය කරන අතර , තුවාල සුව වීමට ද දායක වේ.
  •        පොල් වතුරේ තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසා අප ලබා ගන්නා ඖෂධ වර්ග        ලෙහෙසියෙන් සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත.

·        වමනය යෑම නතර කිරීමේ ගුණයන් සහ ආමාශයේ දැවිල්ල , ග්‍රැස්ටයිටිස් රෝගය ,ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ , බඩ පුරවා දැමීම , අජීරණය , මළ බද්ධය සුව කිරීමේ ගුණයන් ද පොල් වතුරේ පවතී.

උපුටා ගැනීම :-  www.webMD.com
 සැකසුම       :බී.ආර්.ටී.එම්. බස්නායක
                         විද්‍යා හා තාක්ෂණ නිළධාරි
            රඹුක්කන

October 7, 2015

අඩි 800 ක් උස මුහුදු රැළි ඇති කළ සුනාමියක්

වසර 73,000 කට පමණ පෙර අප්‍රිකාවේ බටහිර වෙරළ ඔබ්බෙන් පිහිටි කේප් වර්ඩ් දුපත් වල පිහිටි පුපුරා ගිය ගිනි කන්දකින්  බිදිණු විශාල පර්වත කොටසක් මැතකදී ඒ මතටම කඩා වැටී පසුව මුහුදට ගසා ගෙන ගොස් ඇත.මෙවැනි සුනබුන් සහිත විශාල ගිනි කඳු කැබැල්ලක් නිර්මාණය වූයේ  මහා ගිනිකදු  පිපිරීමක් නිසා ඇති වු අති විශාල සුනාමියෙන්  බව මේ පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.

මෙම මෙගා සුනාමි රළ අඩි 800 කට වඩා උස් වු අතර එමඟින් සැතලුම් 30ක පමණ අවට පිහිටි දුපත් සම්පුර්ණයෙන් ගිල්වා දමා තිබේ.තම දුපත තුල පිහිටි ගිනි කඳු වලින් සිදුවන උපද්‍රව පිළිබඳව අවධානයෙන් පසුවන දුපත් වාසීන්ට මෙගා සුනාමියක් ඇතිකළ හැකි විශාල ගිනි කදු පුපුරායාමක් , ඉතා කලාතුරකින් හෝ සිදු වීම පිළිබඳ තොරතුරු මෙම පරියේෂකයෝ  Science Advances පුවත්පතේ පළකර තිබේ.

සන්තියාගෝ දුපතේ තැනින් තැන විසිර ඇති විශාල පර්වත නිරීක්ෂණ කිරීමෙන් පසු මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතෘ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පිහිටි ඩොහාර්ටි පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුබද්ධ විද්‍යාඥ රිකාඩෝ රැමල්හෝ මෙම අධ්‍යයනට යොමු වී තිබේ. මෙම පර්වත විශාල වන අතර ඒවා දුපත් වෙරළ තිරය අවට හෝ පොලව යට ඇති ජලය මඟින් නිර්මාණය වු හුණුගල් හා සබ්මැරීන ගල් තීරු සහිත ලොකු කුට්ටි වේ. සමහර පර්වත ගල්, මුහුදු මට්ටටමෙන් අඩි 650 ක් පමණ ඉහළ ප්‍රදේශ වල තැන්පත් වී ඇති අතර තවත් සමහරක්‌  භූමියේ සිට අඩි 2000 ක් ඇතට ගසාගෙන ගොස් තැන්පත් වී ඇත.

මේ අනුව කල යථාර්තවාදී නිරීක්ෂණ,වෙහෙසකර ක්ෂේත්‍ර කටයුතු සහ ඩොහාර්ටි පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉතාම නවීන තාක්ෂණික ක්‍රම හා මේවලම් මඟින් ලත් ප්‍රතිපල  අනුව මෙලෙස විසීරි ඇති පර්වත තිබීමට එකම හේතුව අඩි 800 ක් පමණ  උසැති රළ සහිත සුනාමියක් විය යුතු බවත් එවැනි සුනාමියක් නිර්මාණය විමට ගිනි කඳු පිපිරීම හේතු වී ඇති බවත් රැමල්හෝ ඇතුළු පරීක්ෂණ කාණ්ඩායම පවසති.
 


උපුටා ගැනීම : Ancient volcano collapse caused a Tsunami with 800 Foot wave by C.Milliken.     http://www.popsci.com/ancient-volcano-collapse-caused-megatsunami-with-an-800-foot-wave

October 5, 2015

ජලය යටත් වැඩකරන ජංගම දුරකථන

ජලවාරක හෝ ජලයෙන් හානියට පත් නොවන ජංගම දුරකථන අද වනවිට භාවිතයට ගැනේ. මේ කාරණයේදී දෙයාකාරයකින් තාක්ෂණය යොදා ගන්නට මිනිසා සමත්ව සිටී.එක  ආකාරයන් වන්නේ ජංගම දුරකථනයේ තිබෙන සියළුම සිදුරැ වසා එහෙමත් නැත්නම් ද්වාර ^Port සීල් තබා වසා දැමීමේ ක්‍රමයයි. එවැන්නක් කලවිට  ජංගම දුරතථනය තුලට ජලය ඇතුළුවීමට මගක් නැතිව යයි.

ජංගම දුරකථනය ජලයෙන් ප්‍රවේශම් කරන්නට උපයෝගී තරගත හැකි අනෙක් තාක්ෂණික උපක්‍රමය නැනෝ ආලේපනයයි. ^ Nanocoatig   නැනෝ ආලේපනය යනු බහු අවයවයක් සහිත රසායන  ද්‍රව්‍යයකි.
ජංගම දුරකථනය මත එකී රසායනික ද්‍රව්‍ය  යන්ත්‍රානුසාරයෙන් විසුරුවා හරිනු ලැබේ. එම රසායනික ද්‍රව්‍යෙයන් තුනී ස්ථරයක් ජංගම දුරකථනය මත තැම්පත් වේ.ජංගම දුරකථනය මත ඇති නැනෝ ආලේපන ස්ථරය  කෙස් ගසෙන් 1000 න් පංගුවක් තරම් සහිතය. නැනෝ ආලේපනය සහිත ජංගම දුරකථන ජලයෙන් හානිවන්නේ නැත. අලේපනය තුළින් ජලය දුරකථනය තුලට ගමන් ගන්නේද නැත.එසේම ජංගම දුරකථනය පිටත මෙන්ම ඇතුළත කොටස්ද නැනෝ ආලේපනය තුළින් ආරක්ෂාකර තැබීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

නැනෝ ආලේපනය සහිත මතු පිටකට ජලය වැටුනු විට ජලය පබළු මෙන් විසිරී ඉවත පෙරී යනු දක්නට පුළුවනි.  පමණක් නොව අනෙක් ඕනෑම ද්‍රව වර්ගයක් නැනෝ ආලේපනය මතදී මේ ආකාරයට විසිරී පෙරී ඉවත්ව යනු ඇත. නැනෝ ආලේපනය සහිත විට දුරකථනයේ බාහිර පෙදෙස් හෝ එහි අභ්‍යන්තර කොටස් වල ද්‍රව කිසිවක් රැදීමට ඉඩක් නැත. එබැවින් මළ බැදීමක්ද ඇති නොවේ.

නැනෝ ආලේපනය මේ වන විට නිෂ්පාදනය කරන්නේ බ්‍රිතාන්‍යය සමාගමකි.මෙම සමාගම බ්‍රිතාන්‍යයේ  ඩක්ස්ෆෝර්ඩිෂියර්හි පිහිටා තිබේ. එය හැදින්වෙන්නේ Pzi ලෙසය.

යුධ හමුදා පාවිච්චියට ගන්නා උපකරණ ජලයෙන් ආරක්ෂා කරගන්නටද නැනෝ ආලේපනය යොදා ගැනීම තවත් අවස්ථාවකි.විශේෂයෙන් හමුදා නිළ ඇදුම් ආරක්ෂා කර ගැනීමටද නැනෝ ආලේපන යොදා ගත හැකිද යන්න කෙරෙහි අවධානය යොමු වී  ඇත.අනෙක් අතට විද්‍යුත් උපාංග ආරක්ෂා කර ගැනීමටත් මේ ක්‍රමය යොදා ගන්නට හැකි බව අනාවරනය වී ඇත.

 සකස් කලේ - ඒ ඒ සි වි අතාවුද
                     විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                     අරණායක

October 2, 2015

විෂ සහිත ජෙලි ෆිෂ්

තම සිරුරේ ඇති විෂ සහිත කෝෂ උපයෝගී කරගෙන ජෙලි ෆිෂ් උගේ සතුරාට දෂ්ඨ කරනු ලබයි.මේවා cnidocytes ලෙස හදුන්වයි.මෙම විශේෂිත අවයව cnidaria වර්ගයේ සතුන්ට පොදු ලක්ෂණයකි.ජෙලි ෆිෂ් ගේ ඉස්කෙන්දක් ස්පර්ශ කිරීම මගින් දෂ්ඨ කරනු ලබන උපාංග මිලියන ගණනකට ගොදුරේ සම සිදුරු කර විෂ ඇතුළු කරන ලෙසට උත්තේජනයක් මුදා හරී. ඇතැම් ජෙලි වර්ග වල විෂ මිනිසුන්ට හානි දායක තත්වයන් ඇති කිරීමට හේතු වේ.
-මාරක Malo kingi.මරණ රාශියකට වග කියූ විෂ සහිත Box jelly fish වර්ගයකට උදාහරණයකි-
-ජෙලි ෆීෂ්ගේ දෂ්ඨ කරනු ලබන අවයවයන්හි සැකැස්ම-
විලෝපිකයකු හෝ ගොදුර මගින් ස්පර්ශ වීමකින් හෝ ගැටීමකින් උත්තේජනයක් ඇති වූ විට ජෙලි ෆිෂ්ගේ අභ්‍යන්තරය තුල පීඩනයක් ඇති වී එය වර්ග අගලකට රාත්තල් 2000ක් (14000 kPa)  දක්වා සීග්‍ර‍යෙන් ඉහල යාමට පටන් ගැනේ.ඉන් පසු දෂ්ඨ කිරීමට යොදා ගන්නා විෂ සහිත කෝෂ තුල තිබෙන හෙල්ලක් වැනි අවයවය දිගහැරෙමින්,දිගු වෙමින් සත්වයාගේ සම පසාරු කරගෙන සිරුර තුලට ගමන් කර විෂ මුදා හැරීමට පටන් ගනී.

ජෙලි ෆිෂ් සත්වයකු ස්පර්ශ කිරීම හෝ ස්පර්ශ කිරීමට තැත් කිරීම ප්‍රඥාවන්ත කටයුත්තක් නොවේ.ජෙලි ෆිෂ් ගේ දෂ්ඨ කිරීමේ පරාසය බලපෑමක් ඇති නොකරන මට්ටමේ සිට අතිශය වේදනාකාරී මරණයක් ඇති කිරීම දක්වා විහිදේ.වෙරලේ රැදුනු හෝ මියගිය ජෙලි ෆිෂ් සත්වයකුගෙන් වුවද විෂ ශරීරගත වීමේ අවදානමක් පවතී.
-ගොදුරේ සම විනිවිද යන හෙල්ලක් වැනි අවයවය-
Scyphozoan වර්ගයේ ජෙලි ෆිෂ් මසුන්ගේ දෂ්ඨ කිරීමේ පරාසය ස්ථානීයව හට ගන්නා තියුණු වේදනාවක සිට සිරුර පුරාම නලියන දැඩි කායික වේදනාවක් දක්වා පැතිරීමට පුළුවන.
   -විෂ රහිත ජෙලි ෆිෂ් වර්ගයක්-
බොහෝ ජෙලි ෆිෂ් මසුන්ගේ දෂ්ඨ කිරීම් මාරාන්තික ඒවා නොවේ.නමුත් Cubozoa ශ්‍රේණියේ ජෙලි ෆිෂ් මසුන්ගේ හා Box jelly fish මසුන්ගේ දෂ්ඨ කිරීම් (සුප්‍රසිද්ධ විෂ සහිත Irukandji jelly fish වැනි) මාරාන්තික විය හැක.ඒ ප්‍රබල අසාත්මිකතාවයන් හට ගැනීම නිසාය.මේ සදහා ඖෂධ ලෙස පාලනයකට නතු කර ජෙලිෆිෂ් ගේ විෂෙන්ම නිපද වූ ප්‍රති විෂ උපයෝගී කර ගනු ලබයි.    

සිංහ කේශර ජෙලිෆිෂ්-
වෙරලේ රැදුනු මිය ගිය සිංහ කේශර ජෙලිෆිෂ් සත්වයෙක්
2010 වර්ෂයේ දී නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ වෙරළක දී මියගිය සිංහ කේශර ජෙලිෆිෂ් සත්වයකු නිසා පුද්ගලයන් 125 ත් 150 ත් අතර සංඛ්‍යාවක් ආසාදනයට ලක්ව ඇත. වසරකට පිලිපීනයේ පමණක් පුද්ගලයන් 20 ත් 40ත් අතර සංඛ්‍යාවක් ජෙලි ෆිෂ් දෂ්ඨ කිරීම් නිසා මිය යයි.
2006 වර්ෂයේ දී කොස්ටා බ්‍රාවා (Costa Brava) වෙරළ තීරයේ දී පමණක් ජෙලිෆිෂ් ගේ පහර දීම් වලට ලක්වූ කිමිදුම්කරැවන් 19,000 කට ස්පාඤ්ඤ රතු කුරුස සංවිධානය මගින් ප්‍රතිකාර කොට ඇත.
ඕස්ට්‍රේලියානු සාගර ආශ්‍රිතව ජීවත්වන මාරක Box jelly fish වර්ගයක්-
ඕස්ට්‍රේලියානු සාගර ආශ්‍රිතව වෙසෙන මෙම ජෙලිෆිෂ් වර්ගයට හොදින් වැඩුනු නිරෝගී පුද්ගලයකු වුවත් මිනිත්තු කිහිපයක දී මරණයට පත් කිරීමේ හැකියාව ඇත.

ජෙලිෆිෂ් මසුන්ගෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා ගැනීමට දුහුල්,තුනී,රෙදි වැනි අමුද්‍රව්‍යයකින් නිපද වූ ශරීර ආවරණයක් හදුන්වා දී ඇත.මෙය ශරීරයට ඇලුන ස්වභාවයෙන් යුක්තයි.විද්‍යාඥයින් පවසන පරිදි ජෙලිෆිෂ් ගේ දෂ්ඨ කරනු ලබන කෝෂ ක්‍රියාත්මක වීමට මිනිස් සමේ අඩංගු ඇතැම් රසායනිකයන් හේතු වේ.ඉහත සදහන් ඇදුම මගින් ඊට බාධා ඇති කරන නිසා ජෙලිෆිෂ් ගේ පහර දීම් වලින් ආරක්ෂා විය හැක.
දෂ්ඨ කිරීමක දී ගත යුතු ක්‍රියාමාර්ග:
සංකීර්ණ නොවූ දෂ්ඨ කිරීමක දී ප්‍රථමාධාර ලබා දීමේ දී කරුණු 3ක් පිළිබදව අවධානය යොමු කරනු ලබනවා.
  1.   මුදා ගන්නාගේ ආරක්ෂාව.
  2. ජෙලි ෆිෂ් ගේ විෂ රැදුනු කෝෂ ඉවත් කිරීම.
  3. රෝගියාගේ සිරුරේ ඇලී ඇති ඉස්කෙදි ගලවා ඉවත් කිරීම.

මුදා ගන්නන් විසින් ආරක්ෂිත ඇදුම් භාවිතා කල යුතුය.
විෂ සහිත කෝෂ හැකි ඉක්මණින් සිරුරෙන් ඉවත් කිරීමෙන් තව දුරටත් විෂ ශරීරගත වීම වැලකේ.

-දෂ්ඨ කිරීමක දී භාවිතයට ගැනෙන diphenhydramine (Benadryl) ඖෂධය-
විනාකිරි (3%-10% ජලීය ඇසිටික් අම්ලය) Box jelly fish  ගේ පහර දීම් වලින් ආරක්ෂා වීමට පොදු උපක්‍රමයක් ලෙස භාවිතයට ගනී.ඇසට හෝ ඇස වටා දෂ්ඨ කරනු ලැබූ විට විනාකිරි වලින් පෙගවූ තුවායකින් ඇස ආරක්ෂා වන පරිදි ඒ වටා තැවීම සිදු කරයි.විනාකිරි සොයා ගැනීමට අපහසු විට ලුණු වතුර ද ආදේශකයක් ලෙස භාවිතයට ගත හැක.
කරදියේදී දෂ්ඨ කිරීම සිදු වූ විට සාමාන්‍ය පිරිසිදු ජලය මේ සදහා භාවිතා නොකරයි.එමගින් අතිරේක විෂ නිදහස් වීමට පුළුවන. දෂ්ඨ කල ප්‍රදේශය වටා ඇතිල්ලීම,මධ්‍යසාර,ස්ප්‍රීතු,ඇමෝනියා හෝ මුත්‍රා භාවිතා කිරීම විෂ ඉවත් කිරීමේ කටයුතු සදහා ඉතා හානිදායක අයුරින් බලපායි.
තියුණු පිහි දාරයකින්,ආරක්ෂිත රේසරයකින් වැනි දෙයක් උපයෝගී කරගෙන ආසාදිත සම සියුම් ලෙස රැසීමක් සිදු කිරීම තුලින් මෙම දෂ්ඨ කරනු ලබන කෝෂ ඉවත් කල හැක.එන්නත් කරනු ලබන ප්‍රති විෂ අඩංගු ඖෂධ 1970 දී පමණ සිට භාවිතයට ගනු ලබයි.
පරිසර හිතකාමී නිෂ්පාදන සදහා ජෙලිෆිෂ් යොදා ගැනීම.
Cine al නමින් හදුන්වනු ලබන ඊශ්‍රායල් සමාගමක් විසින් ජෙලි ෆිෂ් උපයෝගී කරගෙන සුපිරි අවශෝෂක සංඝටකයක් නිපදවා ඇත.එය Hydro mesh නමින් හැදින්වේ.මෙමගින් තීන්ත පොගවන කඩදාසි,ටිෂූ කඩදාසි හා ඩයපර්ස් වැනි දේ නිපදවනු ලබයි.මෙම Hydro mesh  සංයෝගය මගින් හොදින් දියර අවශෝෂණය කර ගන්නා අතර ඒවා මුදා නොහැර ඒ තුලම රදවා ගනී.මෙය ඊශ්‍රායලයේ Tel Aviv සරසවිය මගින් සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයකි.
Wikipedia ඇසුරිනි.
සකස් කලේ,
K.J.A.V  පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිළධාරි                                 
විදාතා සම්පත් මධ්‍යස්ථානය                       
මීගමුව.