Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 19, 2014

ලොව වේගවත්ම භූජලජ රථය



මෙය භූජලජ ( amphibious)  වාහනයකි.  ජලයේ මෙන්ම ගොඩබිම ද යා හැකි අරුම පුදුම වාහනයකි. මෙය ජලයේදී  70 kmph    ක  වේගයෙන් යන රේසිං බෝට්ටුවකි. එමෙන්ම ගොඩබිමේදී 128 kmph  ක වේගයෙන් යන කාරයකි.
ජලයේ මෙන්ම ගොඩබිමද යා හැකි බෝට්ටු මෙන්ම ජලයේ සෙමින් පාවෙන වාහන මීට පෙර නිර්මාණය වී තිබුණ මෙතරම් වේගයකින් යා හැකි ලෙස නිර්මාණය වූ ප්‍රථම  රථය බවට මෙය පත් වී තිබේ.තාක්ෂණික ලෝකයේ පෙරළිකාර වාහනයක් ලෙස “Panther Jeep  රථය මේවන විට එළිදක්වා ඇත.

නිපදවූ අයුරු
මෙම ද්වි මාධ්‍ය රථය අපට දැකගත හැකි වනුයේ පුරා අවුරුදු 13ක් තුල කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම මහා පෙරළිය සිඳු කිරීමට මූලිකව කටයුතු කරන ලද්දේ අමෙරිකාවේ California  ප්‍රාන්තයේ ඩේව් මාර්ච් සහ ඔහුගේ මිතුරු කැළයි. ඩේව් මාර්ච්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ “ fountain valley bodyworks”  නම් සමාගම මේ වන විට මෙකී රථයේ අත්හදා බලන මාදිලි (Proto types) දෙකක් නිර්මාණය කර ඇති අතර පේටන්ට් 27 ක් ලබා ගෙන ඇත. මෙම වාහනය නම් කර ඇත්තේ  “water car python”ලෙසිනි .  මේවන විට මෙම රථය ලෝකයේ වේගවත්ම භූජලජ (amphibious)  වාහනය ලෙස ගිනස් වාර්තා පොතටද ඇතුළත් ව ඇත.

water car python”  රථයේ තාක්ෂණය යොදාගනිමින් කුඩාම මාදිලියේ ජීප් රථයක් ලෙස “Panther Jeep” රථය වෙළඳපළට හදුන්වා දී ඇත්තේ මහජනතාවට මිළදී ගත හැකි වන අයුරිනි. මෙය  jeep cj-8” වාහනයේ ආකෘතියට අනුව නිර්මාණය කර තිබේ. ඒ සඳහා හොන්ඩා මාදිලියේ  v-6 , 3.7L එන්ජිමක් සවි කර ඇත. මෙම රථය අමෙරිකානු ඩොලර් 135000 ට අළෙවි කිරීමට සැලසුම් කර ඇත. අත්හදා බැලීමට සාදන ලද python රථය  96  kmph ක වේගයෙන් ජලය මත ධාවනය වන නමුත්  “Panther Jeep”  රථයේ ජලය මත උපරිම වේගය  70 kmph කි.

 ක්‍රියාකාරිත්වය
“Panther Jeep” රථය ජලයට ගිය පසු එහි රෝද හතර හයිඩ්‍රොලික් තාක්ෂණයට අනුව රථය තුලට ඔසොවා ගනු ලැබේ.ගොඩබිම ගමන් කරන අතර තුර ජලයට ගොස් තත්පර 15 ඇතුළත ජලයට අවශ්‍ය අයුරින් පද්ධතිය වෙනස් කර ගැනීමට මෙයට හැකිය. මෙම රථයේ අඩිය fiber glass  වලින් තනා ඇත. මෙහි කි.ග්‍රෑම් 318 ක බඩු ගෙන යා හැක. දිගින් අඟල් 180 ක් වන අතර පළල අඟල් 72කි. ඉන්ධන ලෙස 91 – octane  භාවිතා  කරයි.
දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයේ “Panther Jeep” රථය තවත් එක් පෙරළිකාර නිපැයුමක් පමණි.


සකසන ලද්දේ
කාංචනා හෙට්ටිආරච්චි
විදාතා කැළණිය

ඩෙංගු මාරාන්තිකයි

 රෝග කාරක වෛරස්වල දක්නට ලැබෙන සුවිශේෂී තත්ත්වයක් වන්නේ ඒ සදහා නිශ්චිත ඖෂධ ප්‍රතිකාර නොතිබීමයි. ඩෙංගු වෛරසයේද මේ තත්ත්වය වෙනසක් නොමැත. ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4 ක් දක්නට ලැබේ. එම හේතුව නිසා එක් පුද්ගලයෙක් සිව් වතාවකදී වුවද රෝගයට ගොදුරු වීමේ අවධානම ඇත.
ඩෙංගු වෛරසය ශරීර ගතවීමෙන් ඇති වන ප්‍රධාන රෝග ලක්ෂණය උණ ඇති වීමයි. ඊට අමතරව රෝගය සමග සබැදුනු හිසරදය , ඇගපත වේදනාව, වමනය, ඇගේ රත් පැහැ ලප ඇතිවීම දක්නට ලැබේ. එය සාමාන්‍ය වෛරස් රෝගයකදී දක්නට ලැබෙන රෝග තත්වයන් පෙන්නුම් කරන අතර දින 3 ත් 5 ත් වැනි කාලයේ දී රෝග ලක්ෂණ පහව ගොස් රෝගියා සුවපත් බවක් පෙන්වයි.
එහෙත් සමහර රෝගීන් ඩෙංගු රක්තපාත තත්වයට පත් වන්නට පිළිවන 
ඩෙංගු රක්තපාත උණ ලක්ෂණ
  •   හම යට කුඩා රතු පැල්ලම් මතු වීම.
  •  ඇස් රතු වීම.
  •   නාසෙන් ලේ ගැලීම.
  •  මළ මුත්‍රා සමග ලේ පිටවීම.
  • වීදුරු මස් වලින් ලේ ගැලීම
  •   වමනය හෝ මල කළු හෝ දුඹුරු පැහැ ගැනීම.
අනතුරු ඇගවීමයි ! ඩෙංගු රක්තපාත උණෙන් පෙලෙන රෝගියකුගේ උණ හිටි හැටියේ බැස යා හැකිය    එහෙත් රෝගියා
ඩෙගු වෛරසය ශරීරගත වී (ආසාධිත මදුරුවෙකු දෂ්ඨ කිරීමෙන් පසු) දින 5 – 7 ත් වැනි කාල සීමාවකදී රෝග ලක්ෂණ පහල වීම දක්නට ලැබේ. මෙහි ප්‍රධාන මෙන්ම පොදු රෝග ලක්ෂණය වන්නේ උණ ඇතිවීමයි. ඊට අමතරව හිස කැක්කුම, මාංශ පේෂිවල වේදනාව, හන්දිපත් වේදනාව හා වමනය වැනි රෝග ලක්ෂණ ද ඇති වේ. සමහර පුද්ගලයන්ට උණ සමග රෝග ලක්ෂණ එකක් දෙකක් ඇති විය හැකි අතර සමහරක් පුද්ගලයන්ට රෝග ලක්ෂණ සියල්ලම දැකිය හැකිය. එම හේතුව නිසා ඩෙංගු රෝගය ගැන සැක කටයුතු අවස්ථාවකදී වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.
බොහෝ අවස්ථාවලදී මුල් දින කිහිපයේ කුඩා දරුවන් නම් නොරිස්සන සුලු බවක් පෙන්නුම් කරන අතර එම හැසිරීම් රටාව ඩෙංගු රෝගය පිළිබදව යම් ඉගියක් ලබාදෙයි. මෙහිදී අවධානය යොමු කල යුතු වැදගත් කරුණක් වන්නේ ඩෙංගු රෝගය ඇති වී මුල් දින කිහිපය තුලදී රෝගයට සම්බන්ද විශේෂිත වෙනස් කම් රුධිරයේ දක්නට නොලැබීමයි. එම හේතුව නිසා රසායනාගාර පරීක්ෂණයකින් වෛරසය පිළිබද හදුනා ගැනීමක් සිදුකල නොහැකියි.
සාමාන්‍ය ඩෙංගු වෛරසය ශරීරගත වී දින 2 ½ කට වඩා වැඩි කාලයක් ගතවන තෙක් මේ සදහා පරික්ෂණ කිරීම අනවශ්‍ය කරුණක් ලෙස සැලකිය හැකිය. එසේම පරීක්ෂණ සදහා නිශ්චිත දින ගණන පිළිබදව සැලකීමට පැය 24 ක කාලය ගණනය කිරීම අත්‍යවශ්‍ය වේ.
දරුවෙකුට උණ තදින්ම පවතින විට එය සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමට පැරසිටමෝල් ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. එය වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමට කටයුතු කිරීම වැදගත් වේ. උණ තදින්ම ඇති විට දරුවන්ගේ ඉකිලි, කිහිලි ප්‍රදේශ සිසිල් ජලයෙන් තෙමීමද උණ පහල මට්ටමට ගෙන ඒමට උපකාරි වේ. දරුවන්ගේ පෝෂණ තත්වයන් වඩාත් යහපත් තත්වයෙන් පවත්වාගෙන යාමද අත්‍යවශ්‍ය වේ. මෙහිදී දරුවාගේ අවශ්‍යතාවය අනුව ඝණ ආහාර ලබාදීම වරදක් නොවන අතර ආහාර ලබාදීමේදී උණ ඇති අවස්ථාවලදී ආහාර ලබාදීමට කටයුතු නොකල යුතුයි.දරුවෙකු ඩෙංගු රෝගයෙන් පෙලෙන අවස්ථාවලදී ආහාර හා පළා වර්ග ලබාදෙන විට විශේෂයෙන් අවධානය යොමු කල යුතු කරුණක් වන්නේ රතු දුඹුරු පැහැති ආහාර කිසිදු විටෙක ලබා නොදීමට කටයුතු කිරීමයි.ඩෙංගු රෝගීන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට රුධිර වහනයක් සිදුවිය හැකි නිසා ඒ පිළිබදව අවධානයෙන් පසු වීම වඩා වැදගත් වේ. සමහර අවස්ථාවලදී ඩෙංගු පරීක්ෂණයේදී අමාශයටද රුධිර වහනය සිදුවන අතර  අනෙක් දෙය වමනය සහ මල සමග පිටවීමේදී අහාරවල එම පැහැය නිසා ඒ පිළිබද යම් ගැටලු සහගත  තත්වයක් ඇති වේ.
ප්‍රතිකාර
දරුවන්ට උණ වැලදී දින 2 ක් 2 ½ ක කාලය තුලදී සාමාන්‍ය තත්වයක පවතී නම් ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර නිවසේ සිට සිදුකල හැක. සාමාන්‍ය උණ පාලනය සදහා පැරසිටමෝල් ඖෂධය ලබාදීමත් එය නිසි පරිදි පාලනය වන්නේ නම් එය වෛරස් බලපෑමක් නිසා ඇති වන උණ තත්වයක් ලෙස සිතිය හැක. එසේම දරුවන් ආහාර කෙරේ දක්වන රුචිය, විශේෂයෙන් දියර ආහාර ලබාගැනීම මෙන්ම මුත්‍රා පිට කිරීම නිසි පරිදි  සිදු කරන්නේ නම් එය කලබල විය යුතු තත්වයක් නොවේ. මෙවැනි අවස්ථාවක ලබාදිය යුතු ප්‍රතිකාර  නිවසේ සිටම ලබාදිය හැකි අතර දින 2 ½ ක කාලයක් ගතවීමත් සමග අදාල රුධිර පරීක්ෂණ සිදුකර ගැනීමටද වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකල යුතුය.
ඩෙංගු රෝගයට නිශ්චිත ප්‍රතිකාර නොමැති නිසා රෝගය සමග බැදුනු සංකූලතා අවම කිරීමටත් පරිවෘත්තිය ක්‍රියාවලින් නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය සත්කාර හා පහසුකම් රෝගියාට ලබාදිය යුතුයි. මුල් දින කිහිපය විවේකය ලබාදීම, ද්‍රව වර්ග ලබාදීම ඉතා අත්‍යවශය කාරණයකි.
එහෙත් මුල් දින කිහිපය තුළ දරුවන් සාමාන්‍ය උණ රෝගයේදී දැකිය නොහැකි සංකීර්ණ තත්ත්වයක් ප්‍රකට කරන්නේ නම් වහ වහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
·         උණ සෑදුනු මුල් දින කිහිපය දරුවා නිතර නිදිබර ගතියෙන් පසු වූ විට.
·         නොකඩවා වමනය ඇති විට හා වමනය සමග රුධිරය පිටවීම.
සාමාන්‍ය දින 3 – 5 අතර කාලයක් ගතවීමත් සමග ඩෙංගු රෝගය ආශ්‍රිත සංකූලතා තත්ත්වයක් ඇතිවීම ආරම්භ කෙරෙන අතර එය ක්‍රමයෙන් වඩාත් තීව්‍ර තත්වයට පත් වේ.
ඩෙංගු රෝගයේ සංකූලතා
  • ·         රුධිර සංසරණය අඩාල වීම.
  • ·         මුත්‍ර පිටකරන වාර ගණන හා මුත්‍ර ප්‍රමාණය අඩුවීම.
  • ·         අක්මාවේ විවිධ සංකීර්ණතා තත්ත්වයන්.
  • ·         රුධිර පට්ටිකා අඩුවීම හා ඒ සමග රුධිරය වහනය වීම.
ඩෙංගු වලක්වා ගැනීමට නම්
  • ·        සතියකට වරක් නොකඩවා ඔබේ පරිසරය ගැන සැලකිලිමත් වී පිරිසිදු කර ගැනීම.
  • ·         මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා ජලය ඉවත් කිරීම හා පිලිසතර කිරීම.
  • ·         ප්ලාස්ටික් බදුන්, ටින්, බෝතල් හා පොල් කටු වැනි දේ ජලය නොරැදෙන සේ තැබීම.
  • ·         වැහි පීලිවල සහ කොන්ක්‍රීට් වහලවල ඇති ජලය ඉවත් කිරීම.
  • ·         ජලය බැස යාමට ක්‍රමයන් සකස් කිරීම.
  • ·         ජල ටැංකි, බූලි, පයිප්ප ආදියට මදුරුවන් ඇතුලු විය නොහැකි පරිදි  වසා තැබීම.
  • ·         පක්ෂීන් නාන තටාක, මල් බදුන්, උද්‍යාණ අලංකරණ භාණ්ඩ සතියකට වරක් අතුල්ලා පිරිසිදු කිරීම.
  • ·         ගස්වල පත්‍ර අතර ජලය රැදෙන විසිතුරු මල් පැළ වර්ග වගා නොකිරීම.
  • ·         ගස් බෙණ, උණ පුරුක් වැනි දේ ජලය එකතු නොවන සේ  පවත්වා ගැනීම
විශේෂයි
  • උණ ගත් විට හැකි පමණ විවේක ගැනීම.
  •  කුඩා දරුවන් පාසල් යැවීමෙන් වලකින්න.
  •  ඇදට වී විවේක ගන්වන්න.
  •  දිවා කාලයේ ඇදට වී විවේක ගන්නා සෑම විටම මදුරු දැලක් භාවිතා කිරීම.
  •  වැඩියෙන් පාන වර්ග බීමට දෙන්න.
  •  ඇස්ප්‍රින් හෝ ඇස්ප්‍රින් අඩංගු බෙහෙත් වර්ග ගැනීමෙන් වැලකිය යුතුයි.
  •  පැරසිටමෝල් ලබාදීම උණ පවතින අවස්ථාවලදී පමණක් සිදුකරන්න.
  •  දින දෙකකට වඩා උණ පවතී නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න. http://www.dengue.lk/   - ආශ්‍රයෙන්

June 18, 2014

මහ සයුරේ "මළ ප්‍රදේශ" (Dead zones )

Dead zone  යනු සාගරයේ  ඔක්සිජන් සාන්ද්‍රණය අවම වු හෝ කිසිසේත්ම ඔක්සිජන් නොමැති වු කලාපයකි. සාගර ජිවින්ට මෙවැනි  ප්‍රදේශ වල ජීවත් විය නොහැකිය.  එමනිසා මේවා ජීවීන්ගෙන් තොර ප්‍රදේශ බවට පත්ව ඇත. මෙවැනි කලාප 400 ක් පමණ දැනට ලෝකය පුරා සාගරයේ තැනින් තැන දක්නට ඇත. (කලාතුරකින් ගංගා හා විල් වලද මෙම තත්වය ඇතිවනු දැකිය හැක.) මේවායේ වර්ග ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් විශාල වෙමින් පවතී. බෝල්ටික් මුහුද ලෝකයේ විශාලම මළ ප්‍රදේශයකි.
සාගර ජීවින්ගෙන් තොර වු "මළ ප්‍රදේශ"  (Dead zone) 

කොරල් පර හා ඒ ආශ්‍රිත ජෛව ප්‍රජාවගෙන් සමන්විත මනස්කාන්ත  මුහුදු පතුලක අසිරිය කෙතරම්ද?

 Algal Bloom  නිසා කොළ පැහැයට  හැරුනු  ජලය

මේවා ඇතිවන්නේ කෙසේද ?
 ü  මිනිසා විසින් කෘෂිකර්මාන්තයේදී  අසීමිත ලෙස නයිට්‍රජන්, පොස්පරස්  අඩංගු පොහොර භාවිතා කරන අතර එම පොහොර වැසි  ජලය සමග සේදීගොස් ගංගාවලටත් එතැනින් සාගරයටත් එක්වේ.
ü  ඇල්ගී මගින් (විශේෂයේන් Cyanobacteria, Green Algae, Dinoflagellates, Coccolithophores
 සහ Diatom Algae යන ජීවී කණ්ඩායම්) එම අමතර නයිට්‍රජන් ප්‍රයෝජනයට ගනිමින් විශාල වශයෙන් වර්ධනය වේ. මෙය Algae bloom ලෙස හඳුන්වයි.
ü  මෙම ඇල්ගී මගින් ජලයේ දියවූ ඔක්සිජන් ප්‍රයෝජනයට ගන්නා අතර එමගින් ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවේ. මෙම Algae bloom මගින් ජලය තුලට ආලෝකය ගමන් කිරීම වලක්වන අතර  එය ජලය තුල සිටින අනෙක්  ජීවී ප්‍රජාවගේ වර්ධනයට බාධා කරයි.
ü  මෙම ඇල්ගී මිය ගිය වහාම ඒවා මුහුද පතුලට ගමන් කරයි. මෙම ඇල්ගී දිරා පත් වීමේ ක්‍රියා  වලියේදී   ක්ෂුද්‍ර ජීවීන්ද (බැක්ටීරියා ) ඔක්සිජන් භාවිතා කරන බැවින් ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය  තවත් අඩුවේ. මෙම බැක්ටීරියා වල වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය බහුල නිසා  බැක්ටීරියා ඝණත්වය සීග්‍රයෙන් වැඩිවේ. (Bacterial mat).
ü  මෙම බැක්ටීරියා මගින් හයිට්‍රජන් සල්ෆයිඩ් වැනි  විෂ වායුද නිපදවන අතර  එම ප්‍රදේශයේ ජලය වෙනත්  සාගර ජීවීන්ට වාසය කල නොහැකි තත්වයට පත්වේ.
ü  කෘෂිකාර්මික අපද්‍රව්‍ය ලෙස නයිට්‍රජන් අඩංගු පොහොර සාගර ජලයට එක් වීම Dead zone ඇතිවීමේ ප්‍රධාන හේතුව වුවත් කර්මාන්ත අංශයෙන්  බැහැරකරන කාර්මික අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සාගර ජලයට එකතු වීම හා  ඇතැම් ස්වභාවික හේතූන් නිසාද මෙම තත්වය ඇතිවිය හැක.

මෙම තත්වය නවත්වන්නේ කෙසේද?
ü   රසායනික පොහොර භාවිතය සීමා කිරීම සහ කාබනික ගොවිතැන සඳහා යොමුවීම.
ü   සාගර ජීවීන්ට අහිතකර නොවන ලෙස මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම. (ඩයිනමයිට් යෙදීම,සයනයිඩ් යෙදීම වැනි ක්‍රම භාවිතයෙන් වැලකීම.)
ü  ප්ලාස්ටික් භාවිතය නතර කිරීම. ඒ වෙනුවට වීදුරු, ලී, ලෝහ  නිෂ්පාදන භාවිතා කල හැක.
ü  විවිධ  කර්මාන්ත ශාලා  වලින් පිටකරන රසායණික අපද්‍රව්‍ය,  ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, සාගරයට මුදා හැරීමෙන් වැලකීම
ü  කොරල්පර සංරක්ෂණය සදහා සහාය වීම

Dead zone  නැවත යථා තත්වයට පත් කිරීම.
 මේවා ඇති වීම සදහා හේතුවන සාධක සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම හෝ අවම කිරීම මගින් මෙම ප්‍රදේශ නැවත යථා තත්වයට පත්කල හැක. මල ප්‍රදේශ නැවත යථා තත්වයට පත් කල හැකි වීම භාග්‍යයකි.

 උපුටා ගැනීම් :-

බර වැඩියි ලෙඩ ගොඩයි ක්‍රමයෙන් බර අඩු කිරීම

අධිබර නැතහොත් තරබාරු බව වත්මන් සමාජයේ තරුණ මහලු වැඩි දෙනෙකු මුහුණපා සිටින බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත. සිරුරෙහි හැඩය නිසි ලෙස පවත්වා ගැනීම අපහසු වීම මෙන්ම බෝ නොවන රෝග වලට ගොදුරුවීමේ වැඩි අවධානමක් පැවතීම යන කරුණු මත තරබාරු බව බොහෝ දෙනෙකු මානසික අසහනයට පත් කරන තත්ත්වයක් බවට පත්ව තිබේ. තරබාරු බව ජානමය බලපෑම මත ක්ෂණික ආහාර පාන බාවිතය මත මෙන්ම පිලිකාවන් වැනි රෝගී තත්ත්වයන් මත හට ගත හැකිය.

නිසි අයුරින් අවශ්‍ය පමණට ආහාර පාන ගැනීමෙන් හා ව්‍යායාමය හරහා මෙම තරබාරු බව අඩුකර ගත හැකිය. මෙහිදී යමෙකුගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාවද වෙනස් කර ගැනීමට අනිවාර්යෙන් සිදුවේ.
සිංගප්පූරුවේ ග්ලෙනිගල්ස් සහ මවුන්ට් එලිසබ‍ට් යන රෝහල් පාලනය කරන පාක්වේ හේල්ත් පේෂන්ට් ඇසිස්ටන්ස් සෙන්ටර් ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාවකට අනුව තරබාරු අයෙකු තම සිරුරෙහි බර අඩු කර ගැනීම කල යුත්තේ ක්‍රමානුකූලවය.

මෙහිදී තරබාරු බවින් පෙලෙන අයකුට තමන් විසින් මෙතෙක් වැඩි වශයෙන් අනුබව කල ආහාරයක් ගැනීම සීමා කිරීමටත් ව්‍යායාමයන් කරන කාලසීමාවන් වැඩි කිරීමටත් සිදුවිය හැකිය. ව්‍යායාම කිරීම හරහා ශරීරයෙහි තැන්පත්ව ඇති මේදය දහනය කිරීම වේගවත් කරන අතර මාංශ පේෂි ලිහිල් වී ආහාර ජීර්ණය පහසු කරවයි. මෙහිදී ලබාගත යුතු ආහාර පෙළ පිරමීඩයක් සේ සකස්කර ගත හැකිය. මේ යටතේ පලමුව අහාරටය ගනු ලබන තෙල් නැතහොත් මේද ප්‍රමාණය අඩු කර ගත යුතුය. මේ යටතේ පරිභෝජනය කරන තෙල් ප්‍රමාණය අඩුකර ගැනීමෙන් කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කර ගත හැකිය. හැකි සෑම විටම තෙලෙන් බැදි ආහාර ගැනීමෙන් වැලකීමෙන් , මස් වර්ග ආහාරයට ගැනීමේදී එහි ඇති තෙල් තට්ටුව ඉවත් කිරීමෙන් සකස් කල මස් වර්ග වලින් තැනූ ක්ෂණික මස් වර්ග නිෂ්පාදනයන් හා බර්ගර් බාවිතයෙන් වැලකීම‍, සෑම විටම සංතෘප්ත නොවන මේදය සහිත තෙල් භාවිතා කිරීම, බටර් වෙනුවට අඩු තෙල් ප්‍රමාණයක් සහිත මාගරින් වර්ගයක් අඩුවෙන් බාවිතා කිරීම, ආහාර පිසීමේදී බටර්, ගී, ලාඩ් ක්‍රීම්,  මාගරින් ඇතුලු මේදය භාවිතා නොකිරීම, පොල් ක්‍රීම් හො පොල් කිරි ව්‍යාංජන සදහා එක් නොකොට අඩු මේදය සහිත කිරි හෝ යෝගට් බාවිතා කිරීම, සුප් වර්ගවලට  මේදය එක් නොකිරීම, සෑම විටම අඩු මේදය සහිත කිරි වර්ග බාවිතා කිරීම , සලාද ක්‍රීම්, මෙයෝනිස්, සෝස් වර්ග, සම්බෝල වැනි දෑ නිරතුරුව ආහාරයට නොගැනීම වැදගත්ය.

අහාර වර්ග පිලියෙල කිරීමේදී තෙල් බිංදු ස්වයල්පයක් බාවිතා කිරීම, ආහාර ස්ට්‍රීම් ක්‍රමයට , ග්‍රිල් හො බේක් කර ගැනීමෙන් සකස් කර ගත හැකිය. බත්, නූඩ්ල්ස්, පාන් හා අල පරිභෝජනය කිරීමට සුදුසු ආහාර වර්ගය. අධි බර අඩු කර ගැනීම සඳහා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර පරිභෝජනය අඩු කිරීම හිතකර නොවේ. කාබෝහයිඩ්‍රේට් ලබාගන්නා ප්‍රමාණය අඩු කිරීමෙන් ශරීරයට තෙහෙට්ටුවක් දැනෙන අතර ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාර නොවේ.

තන්තුමය (කෙදි සහිත) ආහාර වර්ග පෝෂණීය ආහාර වේලක ප්‍රධානම අංශයයි. තන්තු අධික ආහාර වර්ග කැලරි අඩු ප්‍රමානයන්ගෙන් ශරීරයට සපයයි. පරිභෝජනයට ගත හැකි තන්තුමය අහාර වර්ග අතර නොපාහින ලද සහල්, සහල් පිටි නූඩ්ල්ස්,ඉඩ්ලි හා තිරිගු පැස්ටා නොපාහින ලද තිරිගු පිටි වලින් තැනූ පාන් හා රෝල් වර්ග,  චපාති,  ධාන්‍ය ආහාර වර්ග අල, බෝංචි, ඉරිගු වැනි ඇට වර්ග මේ අතර වේ. දිනකට සම සහිත නැවුම් පළතුරු වර්ග 2 ක් ආහාරයට ගැනීම , එළවළු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම යෝග්‍යය.

            සීනි බාවිතය අඩු කිරීම, සීනි වෙනුවට බාවිතා කරන ආදේශක සීනි වර්ග හා රස කල උකු කිරි බාවිතය අවම කිරීමත්  පැනි රසති සියළු කේක් පඩිං, බිස්කට් හා අතුරුපස වර්ග පරිභෝජනය කිරීමෙන් වැලකීමෙන් තරබාරු බව අඩු කර ගැනීමේදී වැදගත්ය. දිනකට වීදුරු 6 – 8 අතර වන ජලය ප්‍රමානයක් පානය කිරීම අත්‍යවශ්‍ය වේ. කැලරි අඩු දියර වර්ග වන තේ කෝපි වැනි දෑ සීනි හා කිරි වලින් තොරව පානය කිරීම, මධ්‍යසාර භාවිතයෙන් වැලකීම සිදුකල යුතුය. උදෑසන ආහාර වේල් මග නොහැර සම බල ආහාර වේලක් උදෑසන ආහාරය වශයෙන් ගැනීම, අහාර සෙමින් අනුබව කිරීම සීමාව ඉක්මවා සවස් කාලයේ ආහාර ගැනීමෙන් වැලකීම ප්‍රධාන ආහා‍ර වේල් අතර මැද අහාර ගැනීමෙන් වැලකිය යුතුය.

            දිනපතා ව්‍යායාම කිරීම සිරුරෙහි බර අඩු කර ගත හැකි මාර්ගයකි. එමගින් සිරුරෙහි පෙනුම මෙන්ම ශක්තිමත් බව වැඩිවන අතර නියමිත බරකින් සිරුරෙහි බර පවත්වාගෙන යාමට උපකාරී වේ.  දිනපතා විනාඩි 20 ක් ඇවිදීම, ගොඩනැගිල්ලක ගමන් කිරීමේදී විදුලි සෝපානය වෙනුවට තරප්පුපෙළ බාවිතය නිවස ආසන්න වෙළෙදසලකට යාමේදී වාහනයකින් නොගොස් ඇවිදීම බර අඩු කර ගැනීම සඳහා සිදු කල හැකි ව්‍යායාමයන්ය. දිනකට මෙම ව්‍යායාමයන් විනාඩි 20 ක් හෝ ඊට වැඩි කාලයක් සිදු කිරීම වැදගත්ය.

            දිනකට දහනය කල හැකි උපරිම ශක්තිය කැලරි 1500 ත් 2500 ත් අතර ප්‍රමාණයකි. ආහාර පාලනය කිරීමෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීමෙන් හා ව්‍යායාමයෙන් ද  සතියකට අඩු කර ගත හැකි බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.5 සිට කිලෝ ග්‍රෑම් 1 දක්වා වූ ප්‍රමාණයකි. මසකට සිරුරෙහි බර කිලෝ ග්‍රෑම් 1 කින් අඩු කර ගැනීමද යහපත් තත්ත්වයකි.