Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 16, 2014

ශාකවලට බුද්ධියක් තිබේද?

ශාක ආලෝකය ආහාරයට ගනියි.
 ශාක වලට සිතිය හැකිද?
ශාක වල කද ආලෝකය දෙසට වැඩෙයි.
ශාක වල මුල් ආලෝකයෙන් ඉවතට වැඩෙයි.
ශාක චලනය නොවන ජීවන රටාවකට හුරැ වී ඇතත් හොදින් වර්ධනය වූ ප්‍රතිග්‍රාහක පද්ධති පරිවහන පද්ධති ශාක තුල ඇත.
ශාක තුල ප්‍රතිග්‍රහන හැකියාවන් 15 -20 අතර සංඛ්‍යාවක් ඇත.
ගන්ධය සහ රසය ප්‍රතිග්‍රහන හැකියාව වාතයේ හෝ දේහය තුල ඇති රසායන ද්‍රව්‍යයක් මගින් පාලනය කරයි.
ආලෝකය සහ අදුර ප්‍රතිග්‍රහන හැකියාව
ස්පර්ශය සහ ශබ්දය ප්‍රතිග්‍රහන හැකියාව
සමනළ කීටයන් පත්‍ර රොල් කිරිම  ශබ්දය ප්‍රතිග්‍රහන  මගින් ශාක විසින් හදුනා ගනියි.ශාකවල ජාන යාන්ත්‍රනයක් මගින් මෙම ක්‍රියාවලියට එරෙහිව ආරක්ෂාකාරි රසායන ද්‍රව්‍යයක් නිකුත් කරයි.
පර්යේෂණ මගින් මෙය පෙන්වා දී ඇත.

ශාක වල මුල් වලට බාහිර නලයක් මගින් ජලය සැපයූ විට ජලය ගලා යන ශබ්දය ශාක වලට හදුනා ගත හැකි බව පර්යේෂණ මගින් මෙය පෙන්වා දී ඇත.
ශාක උත්තේජක
 රසායන ද්‍රව්‍යය , ගුරැත්තවය,ආලෝකය,තෙතමනය,ආසාදන,උෂ්ණත්වය,ඹක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය,පරපෝෂිත ආසාදන,භෞතික හානි,ශබ්දය,ස්පර්ශය
සමහර ශාක යාබද ශාක සමග තොරතුරැ හුවමාරැ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
ආසාදනය වු තක්කාලි ශාක වලින් චලනය වන සුවදක් ස්‍රාවය වේ. methyl-jasmonate ලෙස මෙය හදුන්වා දී ඇත.මෙමගින් යාබද ශාක උත්තේජනය වේ.මෙම ශාක මගින් පරපෝශිත ආසාදනයට එරෙහිව  රසායන ද්‍රව්‍යය සාවය කරයි.
හෝමෝන ශාක වල රෑපිය සහ කාය වර්ධනය සදහා වැදගත් වේ.සත්ව ස්නායු පද්ධති වල  හදුනා ගත හැකි සමාන ප්‍රෝටීන ශාක වලද හදුනා ගත හැක. එනම්
පහත සදහන් උදාහරන මගින් ශාක වල ස්පර්ෂ ප්‍රතිග්‍රහනය මැනවින් විදහා දක්වයි.
ශාකවලට බුද්ධිය හෙවත් මේ විස්මිත හැකියාව විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ගෙන ඇත්තේ නිදිකුම්බා ශාකය පිළිබඳ කළ පර්යේෂණයකින්ය.
නිදිකුම්බා ශාකය තත්පර කීපයක් ඇතුළත සතුන් මෙන් ම අත්දැකීම් තුළින් ඉගෙන ගන්නා බව පර්යේෂණ වලින් තහවුරැ කර ඇත.
ඒ අනුව විද්‍යාඥයන් දැන් කියන්නේ යම්තම් ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන නිදිකුම්බා පැළය වැහි බින්දුවලට එසේ නොකරන්නේ ඒවා තමන්ට අනතුරුදායක නොවන බව තේරුම් ගැනීම නිසා කියලයි.
නිදිකුම්බා ඇඟිලි තුඩු තැබූ පමණින් හැකිළෙන්නේ ඇයි?

නිදිකුම්බා ශාකය විද්‍යාඥයන් හඳුන්වන්නේ මිමෝසා පුඩිකා (Mimosa pudica) යනුවෙනි.
ඇඟිලි තුඩු තැබූ පමණින්ම හැකිළෙන නිදිකුම්බා පැළය තවත් මිනිත්තු කිහිපයකට යළිත් කලින් තිබූ පරිදි යථාතත්වයට පත්වේ. මෙසේ වන්නේ එය ගොදුරු කර ගන්නට එන සතුරන්ගෙන් ආරක්ෂාවක් ලෙසටය.

ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන ශාක අතර නිදිකුම්බා ශාකයට විශේෂ තැනක් හිමි වේ. එහි කොළ රාති‍්‍ර කාලයට හැකිළී නින්දට යන අතර උදේ හිරු එළියත් සමග නැවත යථා තත්වයට පත්වේ.

ඒ ශාකයේ පත‍්‍ර ඇඟිලි තුඩු ස්පර්ශ කළ විගස මෙසේ උණුසුම් වී සැලීමකට ලක් වීම හැඳින්වෙන්නේ කම්පනාසන්නමය චලනයන් (seismonastic movements) නිසා සිදු වන්නක් ලෙසටය.

මෙය සිදු වන්නේ පත‍්‍රවල ඇතැම් කොටස් තුළ ඇති වන ශූනන පීඩනය (turgor pressure) අඩු වීම නිසාය. සාමාන්‍යයෙන් ශාකයක කඳ හා පත‍්‍ර දැඩි බවට පත් වන්නේ ඊට අවශෝෂණය කර රඳවා ගන්නා ජලය නිසාය. බාහිරව සිදු වන ස්පර්ශයක් වැනි දෙයක දී ශාකයේ අභ්‍යන්තර කි‍්‍රයාවලියක් මගින් මෙසේ පත‍්‍ර  බිත්තිවල ඇති වන ශූනන පීඩනය බිඳ වැටීමට හේතු වේ. එවිට නිදිකුම්බා ශාකය හැකිලේ.

තවදුරටත් එම කි‍්‍රයාවලිය විස්තර කළොත්, නිදිකුම්බා ශාකයට කිසියම් බාධාවක් ඇති වු විට, එහි කඳෙහි ඇති විශේෂිත කොටසකින් පොටෑසියම් අයන ඇතුළු රසායනිකයක් නිපදවේ. ඒ මගින් පත‍්‍ර සෛලවල ඇති ජලය ඉවත් කෙරේ. එවිට නිදිකුම්බා ශාකය හැකිලේ.

සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන මාංශ භක්ෂක ශාක හෙවත් විලෝපික ශාක යනු වෙනත් සත්ව විශේෂ හෝ කෘමි විශේෂ හෝ ගොදුරු කර ගෙන ආහාරයට ගන්නා ශාකයි.
බාඳුරා මර උගුල
බාඳුරා (pitcher plant)යනු  අපේ රටේ බහුලව දකින්න පුළුවන් මාංශ භක්ෂක ශාකයකි.  සෙවණ ඇති මඩ වගුරු බිම්වල වර්ධනය වේ.
බාඳුරා හැඳින්වෙන්නේ නෙපෙන්තස් ඩිස්ටිලාටෝරියා (penthes distillatoria) යන උද්භිද විද්‍යා නාමයෙන්. දුර්වල කඳක් ඇති වැල් ශාකයක් නිසා මෙහි මැද නාරටි දිගින් යුක්තයි. ඒවා වෙනත් වැලක් මෙන් ආධාරකයක එතී වෙළී පිහිටන නිසා මේ ශාකයට සෘජුව පිහිටීමේ ශක්තිය ලැබේ. කෘමීන් අල්ලා ගැනීම සඳහා මෙහි එක් පත‍්‍ර තලයක හැඩය  විකරණය වීකෙණ්ඩියක් (pitcher) සැකසී ඇත.
 බාඳුරා මල ලෙස හැඳින්වෙන්නේ මේ කෙණ්ඩියයි.                                           
කෘමීන් ආකර්ෂණය කර ගන්නා හැටි
කෙණ්ඩියෙහි පෙනුම බොහෝ විට රතු මිශ‍්‍ර රෝස පැහැයක් ගනී. එය කෘමීන් ආකර්ෂණය කර ගැනීමට යෙදු උපායකි. කෙණ්ඩියේ  ඉහළ කෙළවරෙහි පියනක් ඇත. කෙණ්ඩිය ළපටි කාලයේ දී මේ පියන වැසී පවති. එය විවෘත වෙන්නේ හොඳින් මේරුණු පසුවය.එය විවෘත වූ විට පියන සෘජුව පිහිටයි. මෙම කෙණ්ඩිය තුළ ඇත්තේ බැක්ටීරියා අඩංගු ජීර්ණ යුෂකි. කෙණ්ඩියට  ඇදී එන කුඩා සතුන් කෙණ්ඩිය තුළට ලිස්සා වැටේ. කෙණ්ඩියේ ඇතුළත බිත්තිද ලිස්සනසුලූ නිසා වැටුණු කිසිවෙකුට යළි ඉන් පිට වීමට නොහැකිව කෙණ්ඩියේ අඩංගු යුෂවල ගිලීමෙන්  කෘමීන් මිය යයි. එම යුෂ ශාකය මගින් අවශෝෂණය කරයි.
ශාක මේ ආකාරයට හැසිරෙන්නට, මතක තබා ගන්නට, ඉගෙන ගන්නේ කෙසේ දැයි තවමත් තේරැම් ගැනීමට
විද්‍යාඥයන්ට හැකියාවක් නොමැත.
 ඒත් ඔවුන් විශ්වාස කරන්නේ සතුන්ගේ මතක කි‍්‍රයාවලියට සමාන දෙයක් ශාක වල ඇති බවය.

උපුටා ගැනීම- http://en.wikipedia.org/wiki/Plant_perception_%28physiology%29

සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදනය


ආහාර මනුෂ්‍යයාට පමණක් නොව සතුන්ට සහ ගස්වැල් වලට ජීවත්වීම සඳහා අවශ්‍යම දෙයකි. පෝෂණය සපයන මහඟු දායාදය රැකගැනීම අපගේ යුතුකමකි. අප සියල්ලන්ටම සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම සඳහා පෝෂණය අත්‍යාවශ්‍ය වේ. ප්‍රධාන පෝෂක වන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද ඛණිජ හා විටමින් ආහාර වල අඩංගු වේ. ධාන්‍ය සහ අල වර්ග මගින් කාබෝහයිඩ්‍රේට් ලැබෙන අතර සමහර ධාන්‍ය,මස්,මාළු,කිරි සහ බිත්තර මගින් ප්‍රෝටීන් සපයන අතර විටමින් සහ ඛණිජ බොහෝවිට එළවළු සහ පලතුරු මගින් සැපයේ.   
හොඳ සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් ගත කිරීම සඳහා දිනකට එළවළු 200g පලතුරු 120g ද අනුභව කලයුතු බව පෝෂණවේදීන් පෙන්වා දී ඇතත් ශ්‍රීලාංකිකයන් අනුභව කරන ප්‍රමාණය එළවළු 90g ක් ද පලතුරු 40g ක්ද වන බව සමීක්ෂණ වාර්තා මගින් හෙළිවේ.

අප රටේ දළ වශයෙන් හෙක්ටයාර 77046ක් පමණ එළවළු ද පලතුරු හෙක්ටයාර 125764ක් පමණ වාර්ෂිකව වගා කරයි. වාර්ෂික එළවළු අස්වැන්න මෙට්‍රික් ටොන් 660012 ක්ද පලතුරු මෙට්‍රික් ටොන් 581297 ක්ද ලැබේ. මෙතරම් අස්වැන්නක් තිබුණද එයින් 25% -40% ප්‍රමාණයක් පරිහරණයේදී අපතේ යන බව නිරීක්ෂණය කර ඇත.

අප රටේ මෙතරම් අස්වනු හානියක් ඇති වීමට හේතු වනුයේ ක්‍රමාණුකූලව අස්වනු නෙලීම ඇසිරීම ප්‍රවාහණය සහ වෙළඳපලෙහි ප්‍රදර්ශණය නොවන නිසාය. නිසියාකාරව අස්වනු පරිහරණය කරන්නේ නම් පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා එය හොඳ පිටුවහලක් වනු ඇත. අස්වනු හානි අවම කරගැනීම සඳහා  ගතයුතු තවත් පියවරක් වනුයේ ලැබෙන අස්වනු වලින් විවිධ ආහාර කර්මාන්ත ඇතිකර ඒවා වෙලදාම් කිරීමයි.

නෙලාගත් කෘෂි භෝගවල නරක්වීමට හේතුවන ප්‍රධාන හේතුසාධකය වනුයේ ඒවායේ පවතින අධික තෙතමනයයි. පෝෂණය හා තෙතමනය නිසා ක්ෂුද්‍ර ජීවීන් ආසාදනයවී ඉක්මනින් නරක් වේ.බැක්ටීරියා පුස් යීස්ට් වර්ග මගින් ආහාර නරක් වේ.නරක් වීමේදී විවිධ විෂ වර්ග සෑදි මිනිසාට අහිතකර බලපෑම් ඇති කරයි. ආහාර නරක්වීම පාලනය කිරීම සඳහා උෂ්ණත්වය හා තෙතමනය පාලනය කළ යුතුය.
ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද කිහිපයක් ඇත ඒවායින් වඩා ප්‍රචලිත ඒවා වනුයේ
v වියලීම
v ටින් කිරීම
v කෝඩියල්/ පළතුරු බීම/ජෑම්/චට්නි වර්ග සෑදීම
v අධි ශීතකරණය හා ශීත කිරීම
v ලුණු දැමීම
v අච්චාරු වර්ග සෑදීම
v පැසවීම
v රසායනික (කල්තබා ගැනීමේ) ද්‍රව්‍ය යෙදීම
v විකිරණයට භාජනය කිරීම
v දුම් ගැසිම
v ඉටි වර්ග ආලේප කිරීම වැනි ඒවාය
ආහාර කල් තබා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ආහාර සකස් කිරිමේ පුරුදු අනුගමනයද ඉතා වැදගත් වේ.එසේ හිතකර ලෙස ආහාර නිෂ්පාදනයේදි යොදා ගනු ලබන සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් මෙලෙස දැක්විය හැක.

¨      පිරිසිදු ඇඳුම්/ඒප්‍රන්/හිස් වැසුම් හා අත් වැසුම් පළඳින්න
¨      ආහාර සකස් කිරීමට පෙර සබන් ගා අත් සෝදන්න
¨      ආහාර සකස් කරන ස්ථානයේ සුරතල් සතුන් සහ කෘමීන් ගැවසීම වලක්වන්න/ ඉවත් කරන්න.
¨      ඇති තරම් පිරිසුදු වාතය සහ කය ලැබෙන්නට සලස්වන්න
¨      සෑම ක්‍රියාවක් සඳහාම පිරිසිදු ජලය භාවිතා කරන්න.
¨      කිසි විටක ගංගා, ඇල, දොල, අමුණු වලින් ලැබෙන ජලය භාවිතා නොකරන්න.
¨      ජලය හා අප ද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවත් සැලැස්මක් සකස් කරන්න.
¨      ආහාර සකස් කරන ස්ථානය අවට වැසිකිලි හා නරක් වූ කුණුබාල්දි නොතබන්න.
¨      රෝගීන් ඇතුලු වීම වලක් වන්න.
¨      කෙල ගැසීම බුලත් විට කෑම දුම්බීම ආදිය නොකරන්න

මෙවැනි ක්‍රියා පිළපැදීම වැදගත් වන අතර ආහාර සකස් කරන ස්ථානය නිතරම කුණු දූවිලි මකුලු දැල් වැනි ඒවාට භාජනය වීම වලක්වා ගත යුතුය. ආහාර සකස් කරන උපකරන සහ භාජන පිරිසිදුව තබා ගත යුතුය.ලෝහ භාජන පාවිච්චි කරන විට ආහාර මගින් ඒවා අතර ප්‍රතික්‍රියාවක් නොවන ඒවා යොදා ගත යුතුය. ආහාර සකස් කිරීමට වඩා යෝග්‍ය භාජන වනුයේ සුදු යකඩ (Sternal steel) භාජන වේ.එමෙන් ම භාජන පහසුවෙන් පිරිසිදු කරගත හැකි විය යුතුය. ආහාර සකස් කිරීමට පෙර හා ඉන් පසු භාජන හොඳින් සේදීම ඉතා වැදගත්වේ.




සැකසුම
S.M.T.K.සමරකෝන්
විද්‍යා හා තාක්ෂණ නිළධාරී
ගඟවට කෝරළය.

පදිකයින්ට ස්වයංක්‍රීය මාර්ගෝපදේශකයෙක්


ගමනාන්තයට ළඟාවීම සඳහා දුරස්ථ හා ආපසු හැරීම් නොමැති කෙටි මාර්ග පිළිබඳව පැහැදිලි උපදෙස් ලබාදීමට මාර්ග සලකුණු වලට හැකිනම් පදිකයින්ට GPS පහසුකම් සහිත යන්ත්‍ර නිරතුරුව භාවිතය අවශ්‍ය නොවේ. එවැනි යන්ත්‍ර සඳහා වියදම් දැරිය යුතු නැත. එම අර්ථයෙන් ඉදිකරන නොලද නමුත් පදිකයින්ගේ නව ස්වයංක්‍රිය මාර්ගෝපදේශකයාට පදිකයා යායුතු ඕනෑම ස්ථානයක දිශාව පැහැදිලිව සහ ක්ෂණිකව ලබා දිය හැකිය.

ස්වයංක්‍රිය මාර්ගෝපදේශනය සහිත නවතම මාර්ග සළකුණු කුළුණක් Breakfast NY විසින් මෑතකදී විවෘත කරන ලදි. Point smart street ලෙස හැඳින්වෙන එය රොබෝ තාක්ෂණයෙන් උපයෝගී කරගෙන 3600c කෝණයකින් කැරකීමට හැකි ඊතල 3 කින් සමන්විතය. මේ සෑම කළු ඊතලයක්ම LED බල්බ 16000 කින් දීප්තිමත් වේ. එමඟින් විවිධ දුම්රිය ගමන් මාර්ග, විශේෂ ක්‍රියා කරම් (ක්‍රීඩා/උත්සව) යනාදිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ. ස්වයංක්‍රිය මාර්ගෝපදේශන සලකුණු කුළුණුට සම්බන්ධ යතුරුලියනය මඟින් හැම කෙනෙකුටම අවශ්‍ය තොරතුර කුමක්ද දැන්විය හැකි අතර ඊට අදාළ පිළිතුර සහ දිශා ඊතල මඟින් පෙන්නුම් කෙරේ.  ස්වයංක්‍රිය මාර්ගෝපදේශන සලකුණු කුළුණු වලට දිව්‍යලෝකයට ගමන් කළ යුතු දිශාව පමණක් දැනුම් දිය නොහැකි බව නිෂ්පාදකයෝ පවසති. වීඩියෝව නැරඹීමෙන් එහි ක්‍රියාකාරීත්වය පහසුවෙන් වටහාගත හැකිය.

මෙම නිර්මාණය ඔබට අවශ්‍ය මාර්ගය පමණක් නොව පුවත්පත් වල විශේෂිත පුවත් ඔබේ අවශ්‍යතාවය පරිදි නිරූපණය කරයි. ස්වභාවධර්මයෙන් එල්ලවෙන විවිධ බලපෑම් වලට මුහුණ දීමටද මෙම නව සලකුණු කුළුණු වලට හැකියාව තිබේ. ප්‍රධානම දුර්වලතාවය නම් ක්‍රියාත්මක වීමට වොට් 500ක විදුලි බලයක් අවශ්‍ය වීමයි. මෙමඟින් පදිකයින්ගේ GPS භාවිතයේ සීමාවීමත් ඇති වේදැයි අනාගතයේදී දැකගත හැකි වනු ඇත.

උපුටාගැනීම:
Points Smart street sign ensures you’ll never get lost again

June 13, 2014

2014 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක පාපන්දු පහර දෙපා නැතිවුණු රෝගියාගෙන්

2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සාමාරම්භක උත්සවය දෙපා නැතිවුණු රෝගියෙකුගේ මූලිකත්වයෙන් වර්ණවත් වන බව වාර්තා වේ. අයන් මෑන් / Irorman” වර්ගයේ තාක්ෂණ ඇඳුම් කට්ටලයකින් සැරසුණු මෙම දෙපා රහිත මිනිසා පාපන්දුවට පා පහරක් එල්ල කර තරඟාවලියේ ආරම්භය සනිටුහන් කිරීම විශ්මයජනක මෙන්ම සතුටට පත්විය හැකි කාරණයකි. තාක්ෂණය සියලු ජීව හා අජීවී වස්තුවල සංවර්ධන සඳහාම විය යුතුය. බ්‍රසීලයේ පවුලෝ නුවර මෙම 12 වෙනි බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිත ලෝවැසි ක්‍රීඩාලෝලින්ගේ අවධානය යොමු වූ 2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ ආරම්භක උත්සවයදී ප්‍රථම වරට exoskeleton (කෘතීම බාහිර සැකිල්ල) නිර්මාණය එළි දක්වනු ඇත.

ලොව පුරා විද්‍යාඥයින් 156 දෙනෙකුගේ කණ්ඩායමක කැපවීම සහ දායකත්වය තුලින් exoskeleton නිර්මාණය වී තිබේ. බ්‍රසීලයේ ස්නායු විද්‍යාඥ මිගෙල් නිකොලෙලිස් එම පර්යේෂණ කණ්ඩායමේ මූලිකයා වේ. ඔහු මෙවැනි exoskeleton නිර්මාණයක් පිළිබ 2002 වසරේ සිට සිහින මවා ඇත. එහි අවසාන අරමුණු පක්ෂඝාත රෝගියෙකුට නැවත ඇවිදීමට සැලැස්වීමයි. ඒ සම බ්‍රසීලය පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව මෙවැනි තාක්ෂණික නිර්මාණ කෙරෙහි යොමු වූ රටක් බව ලොවට හෙළි කිරීමටද ඔහුට අවශ්‍ය වී තිබේ. බ්‍රසීලයේ සාමාන්‍ය ක්‍රම චාර්යාවෙන් බැහැර මෙවැනි තාක්ෂණික නිර්මාණ ප්‍රදර්ශනයක් මින් පෙර පවත්වා නැතැයි ඔහු පවසයි.

කෘතීම සමක් මඟින් මොළයට ඉලෙක්ට්‍රොනික පරිපථයක් හරහා සංඥා නිකුත් කිරීමට exoskeleton හැකිවීම නිසා දෙපා නැතිවුණු රෝගියෙකු පාපන්දු පහරක් එල්ලකිරීම උද්වේගකර සිදුවීමකි.විශාල වුව ද මෙම ශාරීරික ඇඳුම අනාගතය සහා වූ නිර්මාණයකි. ප්‍රථම වරට exoskeleton මොලයේ ක්‍රියාකරකම් මඟින් පාලනය වී රෝගියා වෙනුවෙන් ප්‍රතිචාර දක්වයි.

මෙම නිර්මාණහා පර්යේෂක කණ්ඩායම  200  කට වඩා විද්‍යාත්මක ප්‍රකාශන නිකුත් කර ඇති අතර ගණන් ක නොහැකි තරම් බරපතල චිකිත්සක පර්යේෂණ ක්‍රියාත්මක කර තිබේ. ආරම්භයේදී මෙම කාර්යයට බොහෝ විවේචන එල්ල වූ අතර නිකොලෙලිස් උත්සහය අත්හැර නොමැත.මේසඳහා බ්‍රසීල රජය ඩොලර් මිලියන 14 ක දායකත්වයක් දරා තිබේ. එය ඇමරිකාව යාන්ත්‍රික අතක් නිර්මාණය සහා ආයෝජනය කර ඇති මුදල මෙන් පස් ගුණයක් වේ. 

බ්‍රසීලයේ ගුවන් තරණයේ පියා ලෙස සැලකෙන ඇලිබෙටෝ සැන්ටෝස්- ඩූමන්ට් (Alberto Santos - Dumont) ට උපහාරය කිරීම සහා නව තාක්ෂණික ඇඳුම (exoskeleton) BRA – Santos Dumont ලෙස නම් කර ඇත. ප්‍රායෝගික භාවිතයේ ගැටළු තිබුණද මෙවැනි අවස්ථාවක තාක්ෂණික නිර්මාණ ප්‍රදර්ශනය බාරදූර කාර්යයක් වේ. 

උපුටාගැනීම :
Paraplegic in “Ironman Suit” will take the first kick in The 2014 World Cup – Justine Alford