Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 29, 2017

යකඩ(Fe)

ශරීරයට අවශ්‍යය අංශු මාත්‍ර ඛණිජයකි. නමුත් ශරීරයේ පැවැත්ම සදහ අත්‍යාවශ්‍ය.සිරුරට අවශ්‍ය  යකඩ ආහාර මගින්ද රතුරුධිරානු ගෙවීයෑමේදීද,  අක්මාවේ ගබඩාවී ඇති යකඩ මගින්ද ලබාගනී.
වර්ධනයවන අවස්ථාවේදීද, ඔසප්වීමේදීද ,ගර්භනී හා කිරි දෙන අවස්ථවේදීද රුධිර වහනයන් සිදුවූ අවස්ථාවලදීද වැඩිපුර යකඩ අවශ්‍යය වේ.කාන්තාවන්ට යකඩ වැඩිපුර අවශ්‍යය වේ. ළදරුවන් ළමයින් හා වැඩුනු අය දිනකට   මිලිග්‍රෑම් 5-10 ද,තරුණ ගෑනුලමුන් දිනකට මිලිග්‍රෑම් 10-20 ද, ගර්භනී හා කිරි දෙන මව්වරැන්ට දිනකට මිලිග්‍රෑම් 15-30 පමනද ආහාරයට ගතයුතුය. යකඩ ඌනතාතාවය නිසා ඇතිවන නීරක්තිය(Anemia) අද බහුල රෝගයක් බවට පත්ව ඇත.

ක්‍රියාකාරිත්වය

•                        රුධිරයේ හිමොග්ලොබින් සෑදීම, පේශිවල මයොග්ලොබින් සෑදීම, රැධිරයේ පරිවහන               මාධ්‍යයක් ලෙස හා අක්මාවේ ගබඩා මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම.

          ආහාර ප්‍රභව

     පීකුදු, රතු මස් වර්ග, මාළුවල හීම් යකඩ අඩංගුය. බිත්තර කහමදය, පලාවර්ග,(ගොටුතොල,නිවිතිය වැනි) වියළි මිදි, රට ඉදි, තල,මුං,නිවුඩු හාල්,වියළි පලතුරුවල ඇත්තේ හිම් නොවන යකඩය.
         


        ඌනතා රෝගය සහ රෝග ලක්ෂණ

•                         නීරක්තය, හතිය, සුදුමැලි බව, අලස බව, ඉක්මනින් විඩාවට පත්වීම, පහසුවෙන් ලෙඩ              රෝග වලට ගොදුරු වීම.




අද අප රටතුල ජනතාව අතර දිනෙන් දින ඉහල යන ඉහත තත්වයන්ගෙන මිදීමට දිනකට අවශ්‍යය යකඩ ප්‍රමානය ආහාර සමග සිරුරට ලබාගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යය මෙන්ම කාලෝචිත වේ.


W.A.R සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
නිකවැරටිය

පිළිකාව වනසන්න සිරුරටම හැකි බව හෙළිවේ .

 
පිළිකාමය ගෙඩි  විනාශ කිරිමට ශරීරයට ඇති හැකියාව සොයා ගනිමින් විද්‍යාඥයන් විශාල ඉදිරි පිම්මක් පැන ඇත.  පිළිකා රෝගය සමඟ සටන් කිරීමට උපකාර වන ප්‍රෝටීනයක් සක්‍රීය කරන  TIC- 10  ලෙස ප්‍රසිද්ධ අණුවක් පෙන්සිල්වේනියා  ප්‍රාන්ත සරසවියේ පර්යේෂකයන් හඳුනාගෙන ඇත.

ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සිරුරේ පිළිකා සෛල සොයා ගමන් කරන අතරේ TRAIL කියා හඳුන්වන ප්‍රෝටීනය මගින් පිළිකාව වර්ධනය වීම මර්ධනය කෙරේ. පිළිකාව වර්ධනය වන විට මේ ක්‍රියාවලිය නැති වී යයි. මේ නිසා පිළිකා පටක වර්ධනය  හා පැතිරීම පාලනයකින් තොරව සිදුවේ.

පිළිකා සෛල සටන් කිරීමේ ක්‍රමයක් හැටියට TRAIL යොදා ගැනීමේ ප්‍රධාන  ප්‍රයෝජනයක් වන්නේ එය දැනටමත් ප්‍රතිශක්තිකරන පද්ධතියේ කොටසක් නිසාය.ඒ නිසා එය රසායනික චිකිත්සාවකදී හා විකිරණ චිකිත්සාවකදීමෙන් සිරුරට විෂ වන්නේ නැත.

ඊටක් වඩා වැදගත් වන්නේ පසුගිය සොයාගැනීම් වලට වඩා TIC-10මඟින් වඩාත් ඵලදායී කරන නිසාය. එයට හේතුව වන්නේ TIC-10 වලට ලේ සමඟ මොළයේ බාධක හරහා ගමන් කරන්නට හැකි නිසාය. ඒ මඟින් මොළයේ පටක වලට ඖෂධ වල බලපෑමට බාධා ඇති කෙරේ.


“මොළයේ ගෙඩි වලට ප්‍රතිකාර කිරීමට මේ අනුවට හැකි යැයි අප ඇත්ත වශයෙන්ම අනුමාන නොකලෙමු. එය ප්‍රසන්න පුදුමයක් උණා.“ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන පෙන්සිල්වෙනියා  ප්‍රාන්ත සරසවියේ වැෆික් එල් -ඩෙයිරි පැවසීය.

 තවත් වාසියක් වන්නේ පිළිකාමය සෛල තුළ TRAIL ජානය සක්‍රීය නොවීමයි.එහෙත් එය නිරෝගී පටක තුල සක්‍රීය වේ. මෙය හඳුන්වන්නේ “පසෙකින් බලාසිටින්නාගේ බලපෑම“ කියාය. ඒ අනුව පිළිකාමය සෛල අසල තිබෙන සෛල ද මරා දමයි.මේ වන විට මෙම අධ්‍යනය මීයන්ට පමණක් සීමාවී ඇතත් මිනිස් සිරුරේ ද ඒ හා සමාන බලපෑමක් ඇති කරනු ඇති බවට දොස්තර එල් -ඩෙයරි විශ්වාසය පළ කරයි.


නවයුගය සගරාව හා අන්තර්ජාලය ඇසුරෙනි

අකුණු සහ ජංගම දුරකථන භාවිතය.

අකුණු ඇති විට ජංගම දුරකථන අක්‍රිය කිරිමට බොහෝ දෙනා පෙළබෙති. එහෙත්, අකුණු පවතින අවස්ථාවක ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීම අනවශ්‍ය දෙයකි.  ජංගම දුරකථනය භාවිතා කරමින් සිටියද අනතුරුදායක නැත. එහෙත් ස්ථාවර දුරකථන භාවිතයෙන් වැලකිය යුතුය. ජංගම දුරකථනයට වඩා මිනිස් සිරුරට අකුණු ආකර්ශනය වීමේ හැකියාව වැඩිය. මෙ නිසා අකුණු ඇති විට ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම අවශ්‍ය දෙයක් නොවේ.

අකුණු පිළිබඳ සාමාන්‍ය ජනතාවට බොහෝ දුරට අදාල වන්නේ අතුණු වලින් ජීවිතය හා දේපළ ආරක්ෂා කරගන්නේ කෙසේද  යන කාරණයි.නමුත් අකුණු පිළිබඳ වඩා පුළුල් ලෙස අවධානය යොමු කිරීමට හේතුවන තවත් කාරණා ඇත.ස්වීඩනය වැනි රටවල සමස්ථ දුම්රිය ධාවන පද්ධතියම විද්‍යුතය හා සම්බන්ධ සංඥා ආදි සියල්ල විදුලිය මගින් පාලනය කරයි අකුණු සහිත අවස්ථාවක එම සංඥාවන්ට බාධා ඇති වේ. යම්  හදිසි අවස්ථාවකදි මහජනයාට අනතුරු ඇගවීම සදහා නළ පද්ධතියක් මෙවැනි රටවල පිහිටුවා ඇත.

අනතුරක් ඇති විට නිවසේ රැදි සිටින ලෙස දැන්වීම සදහා මේ නළා ශබ්ද කිරීම සිදුවේ. අකුණු ඇති අවස්ථාවකද මේ අනතුරු ඇගවීමට නළා ක්‍රියාත්මක වීම සිදුවේ. ගිනි නිවීමේ ඒකක වෙතට හ දසි ගින්නක් ඇති වූ විටක මෙවැනි නළා ක්‍රියාත්මක වී අදාළ සංඥාව ලබා දේ. එහෙත් අකුණු අවස්ථාවක ගින්නක් නැතිව වුවද  මේ නළා ක්‍රියාත්මක වීමට පටන් ගනි. ඇතැම්විට පැයක් තුළ එවැනි නළා හැඩවීම් සංඥා 2000ක්  පමණ සිදු වූ බවට වාර්තා විය. එහෙත් ගින්නක් ඇතිව නොතිබුණු අතර අකුණු නිසා විදුලි පද්ධතියට ඇති වූ බාධා එම නළා හඩ නිකුත් වීමට හේතුවයි.  මෙවැනි අවස්ථාවක ගිනි නිවීමේ අංශ මුහුණ දෙන දුෂ්කරතාව බරපතළය.
kමුත් , රට දියුණු වන විට යටිතල පහසුකම් නැංවෙන විට අකුණු ගැන මීට වඩා වෙනස් විය අන්දමින් සිතන්නටද අප තුළ පෙළවීමක් ඇති වේ. ස්වීඩනය වැනි රටවල ආණ්ඩු අකුණු නිසා විය හැකි හානි අවමකරගැනිම සදහා වූ පර්යේෂණවලට  මුදල් වැය කරන්නේ මේ කියන යටිතල පහසුකම් වලට ළංවිය හැකි හානි වළක්වා ගැනීමටයි.ලංකාව හා එවැනි රටවල් අතර වෙනස එයයි. අනාගතයේදි ලංකාව ද ඒ රටවල් අද සිටින තැනට ලගාවනු ඇත.

අදටත් අකුණු පිළිබද අප හදාරමින් සිටියද එදිනට එසේ හදාරන්නේ ඇයිද යන කාරණය වෙනස් වනු ඇත. එය කාලය අනුව හා රට දියුණු වන විට සිදුවන දෙයකි. නිදසුනක් ලෙස දැනටමත් බොහෝ නි‍වෙස්වල පරිගණකයක් තිබේ. තව අවුරුදු  පනහක් යන විට සෑම නිවෙසක/නම පරිගණකයක් තිබීම විය හැක්කකි.  එවිට අකුණු අවස්ථාවක මේවාට විය හැකි අලාභ හානිද වැඩිය. එනම් රටක් දියුණු වන විට විය හැකි අලාභ හානිද ඉහළ යාම සාමාන්‍ය තත්වයකි. රටක් භෞතික වශයෙන් එපමණ නොදියුණු නම් කළ යුතුව ඇත්තේ මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම පමණි. එහෙත් රටක් දියුණු වන විට මිනිස් ජීවිත පමණක්  නොව රටේ සෙසු යටිතල පහසුකම්ද ආරක්ෂා කිරීමට සිදුවන බව මේ අනුව පෙනී යායුතුය.

අකුණු පිළිබද දියුණු රටවල්ද  තවමත් හදාරමින් සිටින්නේ ඇයිද යන කාරණයට පිළිතුරත් එයමය. 

නවයුගය සගරාව හා අන්තර්ජාලය ඇසුරෙනි

ජෛව තාක්ෂණය හෙවත් ජාන තාක්ෂණ විද්‍යාව

ජෛව තාක්ෂණය හෙවත් ජාන තාක්ෂණ විද්‍යාව යනු ,අප ජීවයේ පදනම මෙන්ම ප්‍රවේනික ද්‍ර‍ව්‍ය වන න්‍යෂ්ටික අම්ල භාවිතා කර සිදුකරන තාක්ෂණික ක්‍ර‍මවේදයකි.
මෙහිදි ජීව පද්ධති හා ජීවින් යොදාගනිමින් නව නිෂ්පාදන බිහි කිරීම නැතහොත් ජීව පද්ධති හා ජීවින් ප්‍රවේනිකව නැතහොත් ජාන විද්‍යාත්මකව වෙනස් කිරීම තුලින් නව නිෂ්පාදන බිහිකිරිම සිදුවේ.


ජීව පද්ධති තුල පවතින DNA සහ RNA යන න්‍යෂ්ටික අම්ල වල තැනුම් ඒකකය වන්නේ නියුක්ලියෝටයිඩ වේ.නියුක්ලියෝටයිඩ දාමයන් දෙකක් ලෙස පවතින ගෙනෝමයේ ක්‍රියාකාරි ඒකකය වන්නේ ජානයයි.

කිසිදු හානියකින් තොරව DNA, සෛල තුලින් පිටතට ගෙන නැවත සෛල තුලට ඇතුලත්කල හැක.එබැවින් DNA අණුව ඡේදනය කිරීම, නව ජාන සහිත කොටස් ඇතුලත් කිරිම, මෙන්ම ජාන වෙනස් කිරිම ආදි සියල්ල සිදුකිරීමට හැකියාව පවති.

ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් සිදුකරන්නාවු මෙවන් විපර්යාස මිනිසාගේ උන්නතිය මගින් නව තාක්ෂණික මෙවලමක් සේ යොදාගැනීම ජෛව තාක්ෂණයේදී සිදු කරනු ලැබේ.වර්තමානයේ විවිධ වු ක්ෂේත්‍ර සදහා ජෛව තාක්ෂණය යොදාගැනේ.

ක්ෂේත්‍ර‍ය
යොදා ගත් ජිවීයා
නිෂ්පාදනය
ප්‍රයෝජන

වෛද්‍ය ක්ෂේත්‍ර‍ය
 
බැක්ටීරියා
ඉන්සියුලීන්
මධුමේහය සදහා ප්‍ර‍තිකාර

බැක්ටීරියා

මානව වර්ධක හෝමෝනය
කුරුබව නැතිකිරීම සදහා

ඊස්ට් සෛල
හෙපටයිටිස්  බි එන්නත
හෙපටයිටිස්  බි වැලදීම වැලැක්වීම

සෛල රෝපිත
ඉන්ටලියුකින්
ප්‍ර‍තිදේහ නිෂ්පාදනය උද්දීපනය හා පිළිකා ප්‍ර‍තිකාර ලෙස
ආහාර නිෂ්පාදනයේදි
බැක්ටීරියා / ඊස්ට් සෛල
රෙනින් එන්සයිමය, කයිමොසීන් එන්සයිමය
චිස් නිෂ්පාදනය සදහා



ඇමයිලේස් එන්සයිමය
බේකරි කර්මාන්තය


පෙක්ටිනේස් වර්ග
බිර හා වයින් නිෂ්පාදනයේදි
කෘෂිකාර්මික ක්ෂේත්‍ර‍ය
තක්කාලි
කල්තබාගතහැකි තක්කාලි

පොලිගැලැක්ටෝයුරිනේස් ජානය  නිරූපනය වැළැක්වීම මගින් සෙමින් ඉදෙන හා මෘදුබව අඩු
තක්කාලි


Rhizobium  බැක්ටීරියාව
කෘමිහානිවලට ඔරොත්තුදෙන රනිල බෝග
Bacillus බැක්ටීරියාවෙන් ලබාගත් ජානය රනිල බෝග තුල සහජීවි  Rhizobium  බැක්ටීරියාවට ලබාදීමෙන් රනිල බෝග කෘමිහානිවලට ඔරොත්තුදේ.

Erwinia නැමැති බැක්ටීරියාව
විටමින් A බහුල රන් සහල්
විටමින් A ඌන තාවයෙන් පෙලෙන දරුවන් සඳහා



තක්කාලි, කෙසෙල්
ප්‍ර‍තිශක්තිකරණ එන්නත්
දැඩි උදරාබාධ ඇතිකරණ  නොවෝක් වෛරසයට එරෙහි ප්‍ර‍තිජීවක නිපදවන බෝග  ,හෙපටයිටිස් ප්‍ර‍තිජීවක බෝග
සත්ව නිෂ්පාදන
එළදෙනුන් , ගවයන්
මානව මව්කිරිවල සංයුතියට සමාන කිරි
කිරි නිෂ්පාදන සදහා

බැටළුවන්
ලොම් ප්‍ර‍මාණයෙන් වැඩි බැටළුවන්
බැටළු ලොම් ආශ්‍රිත නිෂ්පාදන සදහා

සැමන් මත්ස්‍යයන්
වැඩි මාංශ ප්‍ර‍මාණයක් ඇති සැමන් මත්ස්‍යයන්
ටින් මාළු කර්මාන්තය සදහා

           
        එබැවින් ජාන තාක්ෂණයෙන් කෘෂි ක්ෂේත්‍ර‍ය තුල   අප හට අත්වී ඇති වාසි ලෙස අහිතකර තත්ව වලට ප්‍ර‍තිරෝධි , වැඩි අස්වැන්නක් ලබාගතහැකි , අඩු පොහොර ප්‍ර‍මාණයක් හා අඩු ජල ප්‍ර‍මාණයක් අවශ්‍ය, කෘමි ප්‍ර‍තිරෝධි , නයිට්‍ර‍ජන් වැඩි කාර්යක්ෂමතාවයකින් ලබාගතහැකි , හොඳ වයනයක් , රසයක් හා පෝෂණ තත්වයක් ඇති වැඩි කාලයක් ගබඩාකල හැකි එළවළු හා පළතුරු  නිපදවිය හැකි  හා ජනගහන වර්ධනය සමග ආහාර සැපයුම වැඩිකලහැකි කෘෂි නිෂ්පාදන ලබාගැනීමේ හැකියාවද පෙන්වාදිය හැක.
            එනමුත්  ජාන තාක්ෂණයේ අවාසි ලෙස ඇතිවන සුපිරි වල් පැල අනෙකුත් ප්‍රධාන භෝග පරයා ආධිපත්‍ය පතුරුවයි. එය පරිසරය දූෂණයටද මග පාදයි. තවද නොසිතු ජීවීන් සමග ජාන හුවමාරු විය හැක.එය සමහර අවස්ථා වල මිනිසුන්ට හානිදායක වේ. අද වනවිට ලෝකයේ දියුණු රටවල් ජාන තාක්ෂණය පිළිබද පර්යේෂණ සිදු කළද ඔවුන් එම රටවල වැසියන් ජාන තාක්ෂණික ආහාර වලින් ආරක්ෂා කර ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාව ජාන නවීකරණය කරන ලද ඉරිගු මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව පවසා තිබේ.බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුලු රටවල් ගණනාවක් මෙසේ ජාන ආහාර භාවිතය තහනම් කර ඇති අතර ඇතැම් රටවල් සීමා පනවා ඇත. එබැවින් අඩු පහසුකම් සහිත සංවර්ධනය වෙමින් පවතින රටක ජිවත්වන  අපද එම ආහාර ගැනීමේදී තවත් වරක් සිතිය යුතුය.

 උපුටාගැනීම - අන්තර්ජාලය හා පොතපත ඇසුරිනි

              කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
              විද්‍යා හා තාක්ෂණ නිලධාරි