Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 30, 2017

වසර මිලියන ගණනක් ආරක්ෂා වූ සලමන්දරාගේ ආහාරය

 
අදටද සුවිශේෂි ලෙස ආරක්ෂිතව පවතින වසර මිලියන 35 - 40 කට  පෙර විසු සලමන්දරා (කටුසු වර්ගයක්) සත්වයකු උගේ අන්තිම ආහාරවේලද සමග වූ පොසිලයක් ලෙස සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබේ. Phosphotriton sigei නම් එම වර්ගයේ එකම සත්වයකුට අයත් මෙම පොසිල 1870 වසරේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද නමුත් විස්තරාත්මක අධ්‍යනයකට එය පාත්‍රවුයේ මෑතකදීය. ඒ සදහා මුලිකව කටයුතු කර ඇත්තේ ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ පාෂාණධාතු පිළිබද විද්‍යාඥයින් (paleontologist) කණ්ඩායමක් බව Peer j සගරාව වාර්තා කර තිබේ.

ප්‍රංශයේ Grenoble හි සින්ක්‍රෝට්‍රෝන කිරණ ස්පුර්ණ (ESRF) පහසුකම භාවිතා කර පොසිලය පිළිබද දීර්ඝ අධ්‍යනයක් මගින් පුදුම සහගත විස්තර අනාවරණය කරගෙන තිබේ. වර්තමානයේ ජිවත්වන fire salamander පරම්පරාවට මෙම පොසිල අයත් වේ. Phosphotriton sigei පොසිල කටුස්සාගේ අමාශයේ මැඩියෙකුගේ අස්ථි තවමත් පවතින බව හඳුනාගෙන ඇත. එහෙත් සලමන්දරා සතුන් බොහෝ විට මැඩියන් ආහාරයට නොගන්නා නිසා මෙම වර්ගයාට පමණක් සීමාවූ ආහාර වේලක්ද එසේනැතිනම්  ආහාර සදහා පැවතී අවසාන සම්පතද යන්න පැහැදිලි නැත.
 
මෙම සත්වයා මියගොස් වසර මිලියන 35 කට පසු සහ පොසිල සොයාගෙන තවත් අවරුදු 140 කට පසුත්  එම පොසිලය පිළිබද පරීක්ෂණ කිරීමට නවීන විද්‍යාව හා තාක්ෂණය සමත් වූ බව පැරිසියේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ Michel Laurin පවසයි. පෙනහළු, ස්නායු සහ බඩවැල් ඇතුළු මෘදු අභ්‍යන්තර ඉන්ද්‍රියන් උගේ සම සහ අස්ථි තුල හොදින් ආරාක්ෂා වී ඇති බව අධ්‍යනයේදී පැහැදිලි වී තිබේ. බාහිර ශරීරයේ කොටස් වලින් කඳ,තුනටිය හා පස්සගාත පමණක් ආරක්ෂා වී ඇති අතර synchrotron තාක්ෂණය භාවිතය නිසා කැපීම මගින් සිදු කරන විවෘත කිරීම්වලින් තොරව පොසිලයේ අභ්‍යන්තරය අධ්‍යයනය කළ බව පරීක්ෂණ කණ්ඩායම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/TIkHS6cpRZk?t=99

ආතතියෙන් අත්මිදීම

"ආතතිය" (Stress) වත්මන් සමාජය තුළ සුලබ ව ඇසීමට ලැබෙන තේමාවක්‌ ලෙස දැක්‌විය හැකි ය. දැඩි කාර්යබහුලත්වය හා අසීමිත අවිවේකී බව ආතතිය ඇති කිරීමෙහි ලා දායක වන ප්‍රධාන සාධක වේ. සරල අර්ථයෙන් ගත් කල ආතතිය (Stress) යනු යම් සංසිද්ධියක්‌ හේතු කොටගෙන සිත තුළ ඇති වන අසීමිත පීඩනයයි. මෙකී මානසික ආතතිය ඇතැම් කායික රෝග ඇති කිරීමෙහි ලා සෘජු දායකත්වයක්‌ ලබා දෙන බව තරයේ සැලකිල්ලට ගත යුතු ය. ඒ අනුව අධික රුධිර පීඩනය (High blood pressure), රුධිරගත සීනි (Blood suger) කොලෙස්‌ටරෝල් (Cholesterol) ආදී අවදානම් සහිත සාධක සියල්ල ම ආතතිය සමඟ ඉතා සමීප ව බැඳී ඇති බව වෛද්‍ය විද්‍යාව පැහැදිලි ව සනාථ කොට ඇත. තව ද ආතතිය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ අධික කලහකාරී බව (Aggression) ඇති වීමේ අවකාශය ඉතා ඉහළ බැවින් එය යම් යම් මානසික ව්‍යාකූලතා ඇති කිරීමෙහි ලා බලපානු ඇත. හුදෙක්‌ ඉන් සිදු වන්නේ මිනිසා ගේ සමාජ ජීවිතය තුළ විවිධ ගැටලු පැන නැඟීමයි. 



ඇතැම් පුද්ගලයන් මානසික ආතතියෙන් මිදීම උදෙසා මත්පැන් හා දුම්වැටි පානය, අධික ලෙස ආහාර ගැනීම, හුදෙකලා වීමට උත්සාහ දැරීම ආදියට පෙලඹීම පොදුවේ දක්‌නට ඇත. එහෙත් එමඟින් සිදු වන්නේ පවතින ගැටලු ක්‍රමයෙන් වර්ධනය වීම මිස අවම වීම නො වේ. ආතතිය පිළිබඳව විවිධ සමාජ විග්‍රහයන් පැවතිය ද, ඉන් මිදීමට අවශ්‍ය මඟපෙන්වීම සෑහීමකට පත් විය හැකි අයුරින් සමාජගත වී නොමැති බව ද සඳහන් කළ යුතු ව ඇත.

ආතතියෙන් අත්මිදීමේ මාර්ග සෙවීමට ප්‍රථමයෙන්, ආතතිය ඇති වීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව නිසි අවබෝධයක්‌ තිබීම ඉතා වැදගත් වේ. පුද්ගලයකු මානසික ආතතියට ලක්‌ වන අවස්‌ථා විවිධාකාර වේ. පොදුවේ ගත් කල පුද්ගලයන් තුළ පවතින අධික තරගකාරී බව, විවිධ වගකීම් හමුවේ ඇති වන කලබලකාරී බව, දෛනිකව නිම කිරීමට ඇති කාර්යයන් අධික වීම හා විවිධ පීඩාවන්ට ලක්‌ වෙමින් රැකියාවල නිරත වීමට සිදු වීම ආදිය ආතතිය ඇති කිරීමෙහි ලා සෘජු ව ම දායක වන සාධක වේ. ඒ අනුව පුද්ගල භේදයකින් තොර ව, පවුල, පාසල, රැකියා ස්‌ථානය ආදී සියලු සමාජ යන් තුළ දී විවිධාකාරයෙන් ආතතීන්ට ගොදුරු වීම සිදු වන බව පැහැදිලි වේ.



බොහෝ දෙනා නිතර සඳහන් කරන හිසේ කැක්‌කුම, ඇඟපතේ වේදනාව, අමතක වීම, අධික කෝපකාරී බව, පපුවේ කැක්‌කුම ආදිය ආතතිය මුල් කරගෙන ඇති වන අපහසුතා ලෙස දැක්‌විය හැකි ය. ප්‍රාථමික ව මේ ලක්‌ෂණ මතු වූව ද පසුකාලීන ව හෘදයාබාධ මානසික රෝග ශාරීරික ක්‍රියාකාරීත්වය අඩපණ වීම (Paralise) ආදී බරපතළ රෝග තත්ත්වයන් ඇති කරලීමේ විශාල අවදානමක්‌ ආතතිය සමග බැඳී ඇත. මෙකී අවදානම් සහගත තත්ත්වයන් හේතුකොටගෙන ආතති කළමනාකරණය (Stress management) යන සංකල්පය සමාජයට මුසු වී ඇත. කෙසේ වෙතත්, ආතතියට ලක්‌ වීම ඉතා පහසු වූව ද, ඉන් මිඳීම ඉතා අපහසු බව ද කිව යුතු ය. 



ආතතියෙන් අත්මිදීම සඳහා උපයෝගී කරගත හැකි විවිධ මාධ්‍යයන් සමාජයේ දක්‌නට ඇති අතර, මනෝ උපදේශනය ඉන් ප්‍රධාන තැනක්‌ ගනියි. සංගීතයට ඇහුම්කන් දීමල යම් කෙනකු සමග කතා කිරීම ආදිය මඟින් ආතතිය යම්තාක්‌ දුරකට පාලනය කරගත හැකි බවට සමාජයේ පොදු මතයක්‌ පැවතිය ද, ඒවා විධිමත් ක්‍රමවේදයන් ලෙස අර්ථ දැක්‌විය නොහැකි ය. ආතතිය පාලනය කිරීම සඳහා පුහුණු මනෝ උපදේශකවරයකු ගේ මාර්ගෝපදේශනය යටතේ මානසික අභ්‍යාසවල නිරත වීම, යෝග භාවනාවල යෙදීම, ඉහිල් වීමේ අභ්‍යාස, සැහැල්ලු වීමේ අභ්‍යාස ආදිය ඉතා යෝග්‍ය වේ. මන්ද මෙකී මනෝ අභ්‍යාසවල නිරත වීම ඔස්‌සේ ස්‌වකීය මානසික ශක්‌තීන් හදුනා ගැනීමටත්, ඒවා ප්‍රයෝජනයට ගෙන තම දිවිය හැඩ ගස්‌වා ගැනීමටත් ඉතා පහසු වන බැවිනි.

වත්මන් සමාජය තුළ පවතින අධික කාර්යබහුල පුද්ගල ජීවන රටා හේතු කොට ගෙන මිනිසුන් බහුතරයක්‌ මානසික ආතතියට ඉතා ඉක්‌මනින් ගොදුරු වන බව පැහැදිලි ව දක්‌නට ලැබේ. පුද්ගල ජීවිතයේ සියලු ක්‍රියාදාමයන් සඳහා මනසේ නිරවුල්භාවය අනිවාර්ය වන බැවින් ආතතිය වර්ධනය වීම වළක්‌වාගත යුතු වන අතර, ඒ සඳහා මනෝ උපදේශකවරයකු ගේ සහාය ලබාගැනීම ඉතා යෝග්‍ය වේ.
සකස්කළේ:
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,  රත්තොට  
උපුටා ගැනීම : අන්තර්ජාලය ඇසුරුණි.

අප ස්වාභාවික ආහාර ගතයුත්තේ ඇයි?

අවම මට්ටමකට පිරිසැකසුම් කරන ලද, කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය සහ කෘතිම රසකාරක එක් නොකරන ලද ආහාර, ස්වාභාවික ආහාර ලෙස හැඳින්විය හැක. එබැවින් ස්වාභාවික ආහාර, පිරිසැකසුම් කරන ලද ආහාර (Processed foods) වලට වඩා බෙහෙවින් සෞඛ්‍ය සම්පන්න බව කිවහැක.
ස්වාභාවික ආහාර පිරිසැකසුම් කරන්නේ අවම මට්ටමකටය. එහිදී, කෘතිම රසායන ද්‍රව්‍ය කිසිවක් එක් නොකර පොතු ගැසීම, කෙටීම, ඇඹරීම, තැම්බීම, පිසීම, බැදීම, උඳුනේ පිළිස්සීම, වියළීම, පදම් කිරීම, ශීත කිරීම, අධිශීතකරණය වැනි ක්‍රියාදාම වලට පමණක් ලක් කරයි. එබැවින්, ආහාර වල ඇති ස්වාභාවික ගුණය මුළුමනින්ම පාහේ ආරක්ෂා වේ. කෙසේ වුවත්, ඔබේ පෝෂණය සහ සෞඛ්‍යය ගැන සිතා ආහාර අමුවෙන් ගැනීම එතරම් හොඳ දෙයක් නොවේ. මක්නිසාද, ඇතැම් අමු ආහාර වල ආහාරයට නුසුදුසු සංඝටක සහ අපවිත්‍රකාරක පැවතීමට ඉඩ ඇත. එබැවින්, අමු ආහාර හෝ පිරිසැකසුම් කරන ලද ආහාර වලට වඩා ස්වාභාවික ආහාර මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ඉතා ඉහළය.


ස්වාභාවික ආහාර වල ඇති පෝෂණ ගුණය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ
ස්වාභාවික ආහාර සැකසීමේදී අවම වශයෙන් පිරිසැකසුම් කිරීමකට ලක්වන බැවින්, අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ඉතා ඉහළය. එමෙන්ම, ඒවායේ අඩංගු ආහාරමය තන්තු සහ ස්වාභාවික රසකාරක ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා අතර, එමගින් තවත් සෞඛ්‍යමය වාසි රැසක් හිමිවේ. ස්වාභාවික ආහාර වලින් පිළියෙල කරගත් සහ අවම වශයෙන් පිරිසැකසුම් කරන ලද ආහාර “මන්දගාමී” ආහාර (Slow foods) ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ අවන්හල් වල මෙවැනි ආහාර අලුත්ම ප්‍රවණතාවය බවට පත්වී ඇත. පිරිසැකසුම් කරන ලද ආහාර වලට වඩා මන්දගාමී ආහාර වල ග්ලයිසීමික් අගය (Glycaemic index) බෙහෙවින් අඩුය. එනම්, මන්දගාමී ආහාර මගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ දමන්නේ පිරිසැකසුම් කරන ලද ආහාර වලට වඩා අඩු මට්ටමකිනි.

එමෙන්ම, ස්වාභාවික ආහාර වල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) විශාල වශයෙන් අඩංගු වේ. මෙම ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ ශරීරයේ ඇති පටක සහ සෛල වලට ඔක්සිකාර හානි (Oxidative damages) සිදුකරන මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති හානිකර රසායන ද්‍රව්‍ය උදාසීන කරන බැවින්, ඔබව ආරක්ෂා කරයි. එබැවින්, ස්වාභාවික ආහාර ගැනීම පිළිකා, හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, අකලට වයස්ගතවීම වැනි සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීමට ඇති හොඳ ප්‍රතිකර්මයක් ලෙස හැඳින්විය හැක. ඇතැම් ස්වාභාවික ආහාර වල ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී සංඝටක අඩංගු වන අතර, ඒවා රෝග සමනය කරන සහ රෝග නසන ඖෂධීය ගුණ සහිතය. එමනිසා, ස්වාභාවික ආහාර වලින් මූලික වශයෙන් ලැබෙන්නේ පෝෂණ ගුණය පමණක් නොවේ. ඒවා ඔබේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන අතර, රෝග වැළඳීම වැළැක්වීමද සිදුකරයි. එබැවින්, ස්වාභාවික ආහාර “ක්‍රියාකාරී” ආහාර (Functional foods) ලෙසද හඳුන්වනු ලැබේ. ඒවායේ උපරිම ගුණය සහ ප්‍රතිලාභ ලබාගැනීමට නම්, ආහාර අතිරේකයක් ලෙස නොව ආහාරයක් ලෙස භාවිතා කිරීම අවශ්‍ය වේ.
සකස්කළේ:
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,  රත්තොට  
උපුටා ගැනීම : අන්තර්ජාලය ඇසුරිණි.