Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 20, 2015

නිවසේදී චොකලට් හදමු

චොකලට් අප සැමදෙනාම කැමට රුචියක් දක්වන රස කැවිල්ලකි. ලෝකයේ ඇති ජනප්‍රියම රස කැවිල්ල චොකලට් යන්න කාගේත් පිළිගැනීමයි. බොහෝවිට මේවා අධික මිලක් වැය කර වෙළද පොලෙන් මිලට ගැනීමට අප හුරු වී ඇත්තෙමු. මෙම චොකලට් නිවසේ දී සාදා ගැනීමට හැකිනම් කොතරම් අගේ ද?

ඔව් අපට පුළුවන් නිවසේ දීම  චොකලට් සාදා රස විදීමට.
අවශ්‍ය අමු ද්‍රව්‍ය:
1.    කොකෝවා පවූඩර් - කෝප්ප 2 (220 g)
2.    බටර් කෝප්ප ¾ ( 170 g) -කාමර උෂ්ණත්වයට මොලොක් වූ
3.    පවූඩර් කරන ලද සීනි - කෝප්ප ½ (100 g) –
4.    කිරි - කෝප්ප 2/3 (150 ml)
5.    ලුණු - තේ හැදී ¼   
6.    ජලය - කෝප්ප 1 ( 235 ml)

අවශ්‍ය උපකරණ :
පිරිසිදු ලෝහ භාජනයක් , ලී හැන්දක්, අත් බීටරයක්, ඇඹරුම් යන්ත්‍රයක්, චොකලට් අච්චු...

සාදන පිළිවෙල :

1.    පිරිසිදු භාජනයක් ගෙන එයට කොකෝවා කුඩු හා කාමර උෂ්ණත්වයට පත් වූ බටර් දමා අත් බීටරයක් ආදරයෙන් හොදින් ක්‍රීම් වන ලෙස කලවම් කර පල්පයක් සාදාගන්න.

 
2 .සාදාගත් මිශ්‍රණය  වෙනත් බදුනකට දමා එය ජාල තාපකයක දමා මද ගින්නේ රත්කරන්න. රත් කරන අතරවාරයේ දී රබර් හෝ   ලී හැන්දක් ආධාරයෙන් කලවම් කරමින් කැටි ගැසීම වලක්වා ගන්න. රත් කරගත් චොකලට් මිශ්‍රණය ( උතුරවා නොගන්න.) නැවත බීටරයෙන් මෘදූ වන ලෙස කලවම් කර ගන්න.



3.       භාජනයකට සීනි හා කිරි දමා කලවම් කර ගන්න. මෙම කිරි හා සීනි මිශ්‍රණය කලින් සාදාගත් චොකලට් මිශ්‍රණයට සුවල්පය බැගින් කලවම් කරමින් අත් බීටරය ආධාරයෙන් හොදින් ක්‍රීම්වන හා මෘදුවන  ලෙස කලවම් කර ගන්න. දැන් මිශ්‍රණය රස පරික්ෂා කර අවශ්‍ය නම් සීනි හා ලුණු එකතු කරන්න.

 
3.       සාදාගත් චොකලට් මිශ්‍රණය , චොකලට් අච්චු වලට පුරවන්න. පසුව ඝන වීම සදහා ශීත කරණයක තබන්න.
 

4.       හොදින් ඝන වූ චොකලට් අච්චුවලින් ගලවා රස විදින්න..

 

සැකසුම : U. W. V බණ්ඩාර
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරී
                 ( පස්බාගේකෝරලේ)
උපුටා ගැනීම :wikihow.com
 (http://www.wikihow.com/Make-Chocolate-With-Cocoa-Powder)

November 19, 2015

මාංශ ආහාර

වැඩිපුර මාංශ පරිභෝජනයේ යෙදෙන්නන්ට පිලිකා සෑදීමේ අවධානමක් පවතින බව දැනට පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී කාසිජීනීකෘත සංයෝග නිර්මාණය වන බව සොයා ගෙන ඇත.

මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී

2-amino-1-methyl-6-phenyl-imidazo(4,5-b) pyridine (PhIP) and amino-3,8-dimethylimidazo(4,5-f) quinoxaline (MeIQx). නම් කාසිජීනීකෘත සංයෝගය නිර්මාණය වන බව පෙන්වා දී ඇත.
වකුගඩු යනු  ජෛවරසායනික සක්‍රීය ඉන්ද්‍රියක් වන අතර ශරීරයේ ඇති ධූලක පෙරීමෙන් ඉවත් වීමට දායක වේ.
කාසිජිනීකෘත ද්‍රව්‍ය ආහාර වලට නිතර එක් වීම වකුගඩු ආශ්‍රිත පිලිකා ඇති වීමට හේතු වේ.

නිතර මාංශ ආහාර වල යෙදෙන්නට වකුගඩු ආශ්‍රිත පිලිකා ඇති වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්,බේකන් සහ හැම් ආදී මාංශ ආහාර  පිලිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.මෙවැනි ආහාර දිනකට 50 g ආහාරයට එක් කර ගැනීම 18% කින් පිලිකා අවධානම ඉහල යාමට හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
රතු පැහැ මස් වර්ග පිලිකා කාරක ලෙස ක්‍රියා කිරීමේ හැකියාව වැඩි බව පෙන්වා දෙන අතර එම මස් වල පෝෂණ ගුණය අඩු බවද පෙන්වා ඇත.

හොට්ස්ඩෝග්ස් , දශක ගණනාවක් පුරා අමෙරිකානු ආහාර වේලේ ප්‍රධාන අංගයක් ලෙස පවතී. අමෙරිකාවේ ජාතික හොට්ස්ඩෝග්ස් හා සොසේජස් කවුන්සිලයේ වාර්තාවලට අනුව වසරකට අමෙරිකානුවන් හොට්ස්ඩෝග්ස් බිලියන 20 ක් අනුභව කරයි.(බිලියන 1ක් යනු මිලියන දහසකි. එනම් 1යි බිංදු 9 ක් ඇති සංඛ්‍යාවකි - 1,000,000,000 එය අපේ ව්‍යවහරයෙන් පවසනවා නම් කෝටි 100 කි. ඒ අනුව බිලියන 20 ක් යනු කෝටි 2000 ක් බව සිතන්න) තවද එම වාර්තාවෙන් වැඩිදුරටත් ස‍ඳහන් කරන්නේ අමෙරිකානු නිවාසවලින් 95% ක්ම හොට්ස්ඩෝග්ස් පරිභෝජනය කරන බවයි.

වෙළෙඳපලේ විකිණීමට ඇති හොට්ස්ඩෝග්ස් හා එවැනි සකස්කළ මාංශ ආහාරවල වැඩිපුරම ඇත්තේ කුමන සංඝටකදැයි ඔබ දන්නේද? අධිකව යෙදූ ලුණු, MSG, සෝඩියම් නයිට්‍රේට්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෘතිම රසකාරක ද්‍රව්‍ය, ලාබදායි ලෙස සැකසූ සෙඛ්‍යාරක්ෂිත නොවූ මැද පිරවුම් යනාදියයි. නිෂ්පාදනයේදී මාංශ වෙන් කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙනි. බොහෝ පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදනවල පෝෂ්‍යදායි ගුණය ගැන වැටහීමක් නැත. යන්ත්‍රානුසාරයෙන් මාංශ වෙන්කිරීමේදී ඒවා දැඩි උෂ්ණත්වයකට හා පීඩනයකට යටත්වන නිසා ඒවාවල පෝෂ්‍යදායිබව වියැකී යයි. උදාහරණයක් ලෙස මාංශවල ඇති ප්‍රෝටීන් ද මෙම අධිකාර්මික ක්‍රියාව නිසා විකෘතිභාවයට පත්වේ.


උපුටා ගැනීම -Science daily Article

රසායනික පලිබෝධනාශක වෙනුවට Weaver කුහුඹුවෝ

ජෛව පලිබෝධනාශකයක් වූ WEAVER කුහුඹුවන් වඩාත් ඵලදායී හා ලාභදායී විකල්ප රසායනික කෘමි නාශකයක් ලෙස යොදා ගෙන හානිකර රසායනික භාවිතයෙන් වැලකිය හැකි යැයි මෙම ලිපියේ සඳහන් වේ.

බොහෝ කුහුඹුවන් පළිබෝධකයන් යැයි සාමාන්‍ය යෙන් සලකනු ලැබුවත් Oecophylla වර්ගයේ Weaver (පෙහෙර) කුහුඹුවන් ඉතා හොඳ උපද්‍රව පාලකයෙක් ලෙස ගොවියාගේ වගා ඵලදාව වැඩි කිරීමට සත්‍ය වශයෙන්ම උපකාර කරයි.පසුගිය සතියක Applied Ecology (ආදේශක පරිසර විද්‍යාව) නම් සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව විවෘත ගොවිපලවල ජෛව පාලනය සඳහා මෙම කුහුඹුවන් වඩාත් සුදුසු ලෙස වාර්තාගත වී ඇති උදාහරණයක් යැයි දක්වා තිබේ.රසායනික පළිබෝධනාශක සමඟ තරඟකාරී ලෙස කටයුතු කිරීමට මෙම ක්‍රමය යොදා ගත හැකි අතර එය වඩාත් ලාභදායී වේ.

ජෛව පාලක ලෙස ක්‍රියාත්මක වීමට මෙම රතු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුතු කුහුඹුවන් භාවිතා කිරීම සත්‍ය වශ‍යෙන් නවතම අදහසක් නොවේ.දොඩම් වගා බිම් වලට මුදා හැරීම සඳහා කුහුඹුවන් චීන ජාතික ගොවියන් විසින් වසර 1700 කට පෙර මිළදී ගෙන ඇති බවද වාර්තා වේ.ඉන් බොහෝ කාලයකට පසු වසර 2008 දී වූ අධ්‍යනයකදී Weaver කුහුඹුවන් වගා බිම් වලට හානි කර කෘමීන් ආහාරයට ගන්නා බවත්, එය වඩාත් ඵලදායී ලාභදායී බවත් හඳුනාගෙන තිබේ. Weaver කුහුඹුවන් ඵලදාවේ ආදායම 71% කින් ඉහල දමන බවද වාර්තා වේ.දහස් ගණන් වියට්නාම් ජාතික ගොවියන් කජු වගාව සඳහා Weaver කුහුඹුවන් උපකාර කර ගැනීමව යොමු වී තිබේ.

කල් පවත්නා පළිබෝධනාශකයක් ලෙස කුහුඹුවන් යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ Aarhas විශ්ව විද්‍යාලයේ Joachin Offenberg විසින් විද්‍යාත්මක සමීක්ෂණයක් කරන ලදි.වත්මන් අවශ්‍යතා සහ ක්‍රියාවන්ට ගැළපෙන ලෙස කුහුඹුවන්ගේ නියෝජනය සැලකූ මෙය ‘Integrated Pest Management’ (ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය) ලෙස හැඳින්වේ.කෘමීන් සංඛ්‍යාව අඩු කිරීම මඟින් සිදු වන හානිය අවම කර විවිධාකාර බෝග ඵලදාව වැඩිකිරීමට Weaver කුහුඹුවන් ප්‍රයෝජනවත් වේ.ඊට අමතරව රසායනික කෘමිනාශක වලට වඩා කුහුඹුවන් ඵලදායී බව අධ්‍යයන කිහිපයකදී හදුනාගෙන ඇත.
කෘමි පාලක ලෙස Weaver කුහුඹුවන්ට පමණක් නොව තවත් 13000 ක පමණ කුහුඹු වර්ගවලට කටයුතු කළ හැකිය. අධ්‍යයන වලදී එවැනි කුහුඹු වර්ග කෘමීන්,මල් පැල,පලතුරු වතුවල ඇති රෝග ,කැලෑ සහ ගොවිපල පාලනය කිරීමේ විභවතාවයන් ප්‍රදර්ශනය කර තිබේ.එනිසා ගොවියන් සඳහා Weaver කුහුඹු කූඩු ලබා දීමට යුරෝපීය සමාගම් 02 ක් ඉදිරිපත්ව ඇති බව SCIENCE සඟරාව වාර්තා කරයි.
අප්‍රිකාව තුල කුහුඹු තවාන් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආධාර කිරීමට ඩෙන්මාර්ක් රජය ඉදිරිපත් වී තිබේ.මේ පිළිබඳ උනන්දු ගොවි මහතුන්ට එවැනි කුහුඹු තවාන් මඟින් වැඩුණු කුහුඹු පැටව්ද ලබා දීමට හැකි වේ.

උපුටා ගැනීම :-
Ants might be cheap, effective alternative to chemical pesticides by Janet Fang
http://www.iflscience.com/plants-and-animals/ants-might-be-cheap-effective-alternatives-chemical-pesticides
https://www.youtube.com/watch?v=hXo3Y7qwYaA


November 18, 2015

පිළිකාවෙන් බේරෙන්න සරක්කු?

පිළිකා මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි එරිසිෆෝලීන් (Ericifolin) රසායනික සංයෝගය  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල අඩංගු බව කාර්මික තාක්‍ෂණික ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ආර්.එම්. ධර්මදාස මහතා පවසයි. සරක්කු යනුවෙන් සිංහල නමින්ද හඳුන්වයි.
උතුරු ඇමෙරිකාව නිජබිම කර ගත්  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ විද්‍යාත්මක නාමය වනුයේ පිමෙන්ටා ඩිඔයිකා (Pimenta dioica) ය.  මෙය ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථකව වගා කිරීමේ හැකියාව ඇති අතර මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ ශාකයේ පත්‍රවල ඇති එරිසිෆෝලීන් (ericifolin) නම් රසායනික සංයෝගය ප්‍රබල පිළිකා නාශකයක් නිසා එය පිළිකා මර්දනයට යොදා ගත හැකිවීමය. කුරුඳු, සාදික්කා හා කරාබුනැටිවල අඩංගු රසය, සුවඳ සහ ඖෂධීය ගුණයත් මෙහි අඩංගුවීම තවත් සුවිශේෂී ලක්‍ෂණයකි.
මීට පෙර මෙම ශාකය පිළිබඳව පර්යේෂණ සිදුකර තිබුණද, මේවන විට සිදු කළ පර්යේෂණ වලට අනුව  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය වන ෆීනෝල් (Phenol), ෆ්ලෙවනොයිඩ් (Flavonoid) සහ ප්‍රති ඔක්සිකාරක (Antioxidant) ගුණයන්ගෙන් සමන්විත අතර ආහාර රසකාරක ගුණාංග වන ඉයුජිනෝල් (eugenol), බීටා කැරියොතිලීන් (beta-caryophylene)  යන සංයෝග ද ඉතා ඉහළ මට්ටමක පවතින බව සොයාගැනීමට හැකිවිණි. උතුරු ඇමරිකාවේ ග්‍රේටර් ඇන්ටිල්ස් දුපත්, දකුණූ මෙක්සිකෝව, දකුණු ඇමරිකාව නිජබිම වු මෙම ශාකය සමකය ආසන්න කලාපයේ වැඩේ. ශාක පත්‍රයේ ඉයුජිනෝල් (eugenol) 65 %ක් අන්තර්ගත වන අතර ඉවත දමන දඩුවට වුවද නැවත පණක් ලැබෙන සිරිලක් පොළවේ දී එය 85 % ක් පමණ අන්තර්ගත වෙනවා.
මෙම ශාකය පිළිකාවලටත් කොලෙස්ටරෝල්වලටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. ඖෂධීය ගුණයෙන් හා සුවිශේෂි ආහාර රස කාරකයක් වශයෙන් යොදා ගත හැකි මෙම ශාකය නුදුරු අනාගතයේදී ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වගාවක් ලෙසද ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට හැකිවන බව මගේ විශ්වාසයයි.

දැනට ශ්‍රී ලංකාවේ ඖෂධීය පැළ විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කර ඇති අතර ඒ සියලූම අධ්‍යයන කටයුතු වලට ඖෂධ පැළෑටි යොදාගෙන තිබෙනවා. Allspice ශාකය පිළිබඳ කරන ලද පර්යේෂණයේ වාර්තාව ඇමරිකාවේ Universal Journal of Agriculture Research සඟරාවේ පළකර තිබේ.
Allspice ශාකය

පුවත්පත් ඇසුරිනි
සකස් කලේ,
කේ ජේ ඒ වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
මීගමුව.