Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2015

කෝමාරිකා

කෝමාරිකා ශාකයේ නිජ බිම වන්නේ උතුරු අප්‍රිකාවයි.ඇමරිකාව,ඉන්දියාව,පකිස්ථානය,සහ ශ්‍රි ලංකාව වැනි රටවල උෂ්ණ කලාපිය ප්‍රදේශ ආශ්‍රිතව  වැඩෙන ශාක විශේෂයකි. කෝමාරිකා Liliaceae කුලයට අයත් ශාකයක් වන අතර Alove vera යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වේ.

උපරිමව අඩි 2ක් පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍ර වඩාත් ප්‍රකට වේ. වැඩුණු පත්‍ර අඩියක පමණ දිගින් යුක්ත වන අතර මාංසලය. පත්‍ර ඝනකම්ය. පාදයේ සිට අග්‍රය දක්වා ක්‍රමයෙන් පටුවී යයි. දාරය කටු සහිත වේ. පුෂ්ප කහ පාට වේ. ඵලය ස්ඵෝටිකාවකි.
මිනිස් සිරුරට අවශ්‍යය ඇමයිනෝ අම්ල විසි දෙකකින් විස්සක්ම කෝමාරිකාවල අඩංගුය.ශාරීරයට නිපදවාගත නොහැකි අත්‍යවශ්‍ය ඇමයිනෝ වර්ග හතක්ම ඵහි අඩංගුය.අධිකප්‍රෝටීන ප්‍රමාොණයකින් සමන්විත වේ.මෙහි විටමින් ඵ්, විටමින් ඊ, විටමින් සි, සහ විටමින් බි, අඩංගුය.පැරැන්න් විටමින් ඵ් ඌනතාවය නිසා ඇතිවන රාත්‍රි අන්ධභාවය සඳහා ඹෟෂධයක් ලෙසින් මෙය භාවිතා කර ඇත.සමහර පිළිකා,රුධිරය තුළ ඇතිවන ප්‍රෝටීන ඌනතාවය වැළැක්වීමට පිළියමක් ලෙස කෝමාරිකා යුෂ වලින් සාදන පානයක් භාවිතා කළේය.රෝගියකු දරුණු ආබාධිත තත්වයනට පත්ව ESR නමැති රුධිර පරීක්ෂණයේ ඉහල අගයක් ඇතිවිට ඵය ඉක්මනින් පහළ මට්ටමට ගෙන ඵ්මට කෝමාරිකා යුෂ භාවිතා කෙරේ.
Add caption

අක්ෂි රෝග ,පෝෂණ ඌනතා රෝග,රක්තහීනතාවය,දුර්වල ප්‍රතිශක්තියක් ඇතිවිට ඵය මර්ධනයට,ආමාශික තුවාල,අන්ත්‍රගත තුවාල,ගුදය මගින් රක්තවහනය වීමෙදි, අර්ශස්වලට සම්බන්ධ අන්ත්‍රගත පිළිකා,චර්ම පිළිකා,ලේ පිළිකා ආදියට,ඔසප් චක්‍රය ආශ්‍රිත විවිධ රෝග සඳහා,ආර්තව හරණය නිසා ඇතිවන රෝග,සුවනොවන තුවාල සුවකිරීමට,රූපලාවන්‍ය ප්‍රතිකාර,සම විකිරණ මඟින් ආරක්ෂාව,දියවැඩියා සහ උන්මාද රෝග ආදි විවිධ රෝග සඳහා ප්‍රතිඵලදායක ඖෂධයකි.

වර්තමානයේදී බොහොමයක් නිෂ්පාදන වෙනුවෙන් කෝමාරිකා භාවිතයට ගනී.විශේෂයෙන්ම වෙළදපලේ පවතින ඖෂධීය නිෂ්පාදන බොහොමයක කෝමාරිකා අඩංගුය.ෂැම්පු වර්ග,ක්‍රීම් වර්ග,ඖෂධ,පවුඩර් ,තෙල් වර්ග,බාම් වර්ග මෙන්ම විවිධ පානයන්ද බොහොමයක් වෙළදපලේ පවතී.ස්වභාවික ගුණය ඉහල නිසා භාවිතයට ගැනීමද ඉහල අගයක් ගනී.අතුරු ආබාධ අවමය.අඩු වියදමකින් ඖෂධ සකසා ගැනීමට මෙන්ම මිලදි ගැනීමටද හැකිය.මෙවන් වු වටිනා ඕෂධීය ශාකයන් බිහිවීමත් අපගේ වටිනා සම්පතකි.අමෘතයක්බදු වු ශාක පරිසරයේ නිර්මාණයවීම මිනිසාගේම වාසනාවකි.‍අපගේ ගෙවත්තේස මෙවන් වටිනා ඖෂධ සිටුවීමට උනන්දු වීම අපට ඔබට මෙන්ම මුළු රටටම කරනා සේවයකි. තවද ඖෂධීය ශාකයක් වශයෙන් මෙය වගාවක් ලෙස මහ පරිමාණයෙන් වගා කිරීමෙන් ඉතා විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකිවනු ඇත.
කෝමාරිකා සම්බන්ධ අන්තර්ජාල ලිපි ඇසුරින් සකස් කරන ලදී.

පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ. 

September 28, 2015

මාචු පීචු හි සැරිසරමු

 මාචු පීචු ගොඩනගන ලද්දේ ඉන්කාවරු විසිනි. 15 වන ශතවර්ෂයේදී ගොඩ නගන ලදැයි සැලකෙන මෙම අපූර්ව වූ ස්ථානය ඉන්කාවරු විසින් අතහරින ලදි. 1911 වසරේදී ඇමරිකානු ජාතික හිරාන් බින්ග්හැම් විසින් සොයා ගන්නා ලද මාචු පීචු 1983 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවේ එහි ඇති ඓතිහාසික වටිනාකම සලකාය.
       පුදුම උපදවන සුළු නිර්මාණයක් වන මාචු පීචු නැරඹීමට මේ දිනවල සංචාරකයෝ වැල නොකැඩී පැමිණෙති. කුස්කෝ නගරයේ සිට එක්දිනක සංචාරයක් ලෙස මාචු පීචු නැරඹීමට යා හැකිය. හැම දෙනාම පාහේ මෙම අපූර්ව ස්ථානය දැක බලා ගැනීමට අවස්ථාව උදාවන තුරු මග බලා සිටින්නේ එය අරුම පුදුම වූ ස්ථානයක් නිසාමය. මෙය ගොඩැනැගීමට මෙම ස්ථානය ඉන්කාවරු විසින් තෝරා ගෙන ඇත්තේ එම ස්ථානයේ ඇති හුදකලා බව මෙන්ම තේජස නිසාය. මෙම කඳුගැටයේ උදාර බව මෙන්ම යමෙකුගේ අවධානය යොමු නොවීම පූජකවරුන්ට මෙයින් සරණක් ලැබෙන්නට හේතු විය.
       පසුගිය ශත වර්ෂය වනතුරු මාචු පීචු ඉන්කාවරුන් හා දේශිය පදිංචිකරුවන් විසින් අත්හැර දමන ලද අප්‍රසිද්ධව පැවති ස්ථානයක් විය. මිටියාවතේ පහළ සිට ලංවිය නොහැකි සහ අදෘශ්‍ය මාන ස්ථානයක් ලෙස මාචු පීචු තිබී ඇත. ඉන්කාවරු විසින් අත්හැර දමන ලද ශත වර්ෂ තුනක පමණ කාලය තුල ඝන වලාවෙන් වැසී පැවැතීම මෙම අදෘශ්‍යමාන බවට හේතු වී තිබේ. 1911 වසර අවසාන කාලයේදී ඇමරිකානු සංචාරකයෙකු වූ හිරාන් බින්ග්හැම් විසින් මෙම ස්ථානය සොයා ගනු ලැබුවේ මෙසේ ඝන වනයෙන් වැසී පවතින අතරතුරය.
මාචු පීචු හි ඇති අපූර්වත්වය පිළීබඳව එහි සංචාරය කළ පුද්ගලයෙකුගේ අත්දැකීම් ඇසුරින් අසන්නට ලැබෙන්නේ නම් එයද භාග්‍යයකි. මෙහි පහත පළවන්නේ මාචු පීචුහි සංචාරය කළ පුදගලයෙකු ඒ පිළිබඳව දක්වන ලද අදහස්ය.
           “අහස වළාකුළුවලින් බරවූ දිනක පවා මාචු පීචු නටඹුන් වෙත ළඟාවීම එතරම් පහසු නොවේ. මාචු පීචු වෙත ගමන් කරන අතරතුර ඉන්කාවරුන් විසින් ගෙඩ නගන ලද ඉතා අලංකාරවූ බිම් කබවල් සහ බොහෝ ආකර්ශණිය නටඹුන් පසුකළ යුතු වෙයි.
           සංචාරකයන් බොහෝ විට රාත්‍රිය ගත කරන ඉතා අලංකාරවූ බිම හඳුන්වනු ලබන්නේ හුයිනේ හයානා ලෙසිනි. පඩි දොළහක් සහිත ඉතා උස දිය ඇල්ලක් ඒ තැන පසුබිම් කොට ගලාගෙන යයි.
දිනයක් අවසන් වන මොහොත පැමිණ විට මාචු පීචු වෙත ඇතුල්වන ප්‍රධාන ගේට්ටුව වසා දමනු ලබයි. රැහැයියන්ගේ හා කුරුල්ලන්ගේ නාදයද  පැතිර යයි. ඉන්කා ගල් බිත්ති යෝධයන් සේ නැඟී සිටියි. උරුබාමා ගංගාව ඊට මීටර් සියයක් පමණ පහළින් ගලා බසියි. හරිත පැහැ කඳුගැට හාත්පස විසිර තිබේ.
විශාල ගල් පඩිපෙළවල් චතුරස්‍රාකාර දොරවල් යෙදූ විහාර සංකීර්ණය, නිවාස, දිය මල් ආදිය ඉන්කාවරු විසින් ගො නගන ලද්දේ මීට සහස්‍ර භාගයකට පමණ පෙරය. මෙම අපූර්ව නිර්මාණය මතට සඳ එළිය වැටුණු විට අමුතුම අලංකාරයක් එක් වෙයි.