Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 28, 2014

රැකගනිමු වැලලී යන අපේ ආහාර උරුමය( u.c.)

කුසගින්න සංසිඳුවාලන්නට අපට උරුම අනේක වූ ආහාර පවතිද්දීත් විවිධ කෘතිම පෝෂණ සංඝටකයන්ගෙන් හා රස කාරකයන්ගෙන් පිරි ආහාරයන්ට මේ වන විටත් අප කොටුව සිටී. අපේ පැරැන්නන් පොෂණ සංඝටක වෙන් නොකරමින් හා විවිධ කෘතිම රසායනිකයන් නොයොදමින් තම පෝෂණය යහපත්ව පවත්වාගෙන ගියෝය. ඔවුන් උරුම කරගත් මෙම සුවිශේෂී පෝෂණ විද්‍යාත්මක දැනුම ලැබුනේ ඔවුන්ගේම යාබද අතීත පරම්පරාවෙනි. එසේනම් අප මුතුන්මිත්තන් සතු පෝෂණය සම්බන්ධ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පරිනාමය වූවා මිස පිරිහුනේ නැත. ඔවුන් මෙම දැනුම භාවිතා කරමින් ඔවුන්ගේ ආහාර වේල කලට වෙලාවට ගැලපෙන ආකාරයට සකසා ගන්නා ලදී. තම පරිසරයේ වැවෙන ගස් වැල් වලින් ලබාගත හැකි පොතු, මුල්, අල, ගෙඩි, කොල, කරල්, දළු, ගොබ, දඬු, කඳන් පිළිබද අප්‍රමාණ දැනුමකින් සන්නද්ධව සිටී අතර කිතුල්, තල් වැනි ශාකයන්ගෙන් ලබාගතහැකි පානයන්, එහි බඩයෙන් ලබාගත හැකි පිටි හා ඒවායින් කරනා විවිධ ආහාර නිෂ්පාදන සම්බන්ධව මනා දැනුමක් ඔවුන් සතු විය. ඒවායේ ආහාරමය හා පෝෂණීය ගුණය පමණක් නොව ඹෟෂධීය ගුණය සම්බන්ධවද ඔවුන් සතුව පැවතියේ මහත් දැනුම් සම්භාරයකි.
එහෙත් අද කුසීතයන් බිහිකරණ නව සංවර්ධනයේ විලාසිතාවන් ශ්‍රී ලාංකිකයන් රෝගීන් කර හමාරය. රූපවාහිනිය ඉදිරියේ හිදගන්නා ඕනෑම වෙලාවක කම්මැලියන්ට උචිත ආහාර වේලක් සම්බන්ධව දැනුමින් සන්නන්ධ විය හැකි අතර, ඒ සදහා මාධ්‍ය නාලිකා කුලු මීමන් සේ පොර බදිමින් සිටියි.
එසේම අපේ මුතුන්මිත්තන්  තමන්ට අවැසි පස්ගෝරස තම නිවස තුල ජීවත්වන ගව මහිෂාදින්ගෙන් සපයා ගත් අතර එසේ ලබාගත නොහැකි විටදී ගමේම වෙනයම් අයකුගෙන් සපයා ගන්නා ලදී. තම ප්‍රෝටීන් අවශ්‍යතාවය වැවෙන්, ඇලෙන්, දොලෙන් සපයා ගත් මත්ස්‍ය අස්වැන්නෙන්ද ඇතැම් විට වෙලේ ජල බැදි කාලයන්හිදී ඒ ආශ්‍රිතව වැඩුනු මතස්‍යන්ගෙන්ද සපයාගන්නා ලදී. බිත්තර තම නිවෙස් අවට ඇතිකරන ගංකිකිලියන්ගෙන්, තාරාවන්ගෙන් හා වටුවන්ගෙන් සපයා ගන්නා ලදී. ඇතැම්විට අමු දඩ මසින්ද වේලා පැණියෙහි හෝ ලුණුවල ලා සුරක්ෂිතව තබාගත් දඩ මසින්ද සපයා ගන්නා ලදී.
අද සේ කිරිපිටි වලට ඇබ්බැහි වූවන් එකල නොවූ අතර අමු එලකිරෙන් ඇති පදමට ඔවුන් පෝෂණය විය. උණුසුම් පානයන් ලෙස පරිසරයේ උපදින පොල්පලා, ඉරමුසු, රණවරා, ඉකිරිය (හීරමුල්ලිය), පාවට්ටා, බෙලිමල්, බෙලිගැට, බෙලි මද හා කටු තම්බා පානයට ගන්නා ලදී. ඉගිනි ඇට, මාදං වැනි දේ කබලේ බැද කුබු කර අවැසි විටදී උණුදියේ දා තම්බා පානයට ගන්නා ලදී.
අද මෙන් පිරිසිදු සුදුසීනි එකල නොපැවති අතර කිතුල්, තල්, උක් හකුරු භාවිතයට ගත්හ. මී පැණි හා බඹර පැණි බහුල පෙදෙස් වල ගැමියන් ඒවා ආහාරයට ගත්හ.
කටුක කාලගුණික හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දීම පිනිස විවිධාකාරයේ ආහාර පාන සංකලනයක් අපේ ආහාර සංස්කෘතිය තුල මුල්බැසගෙන තිබිනි. මුරුංගා, සීනි කැකිරි, පත්තක්කා, පුහුල්, කැකිරි, වට්ටක්කා ආදියද මනාව ගලපමින් තම පරිසරයට කාලයට උචිත පරිදි නිමවා ගන්නා ලදී. අධිකව සිරුර වෙහෙසෙමින් වැඩෙහි නිරතවූවන් තම වේලට කුරහන් රොටී, පිට්ටු ආදිය ලබා ගැනීම අමතක නොකලෝය. ඉන් වැඩිපර ශක්තිය ජනනය වන අතර පිපාසය ඇතිවීම හේතුවෙන් වැඩි වැඩියෙන් ජලය පානය කිරීමට හැකි වේ.මෙය මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝගාබාදයන් අවම කරගැනීමට ඉතා වැදගත් විය. වැටකොලු, පතෝල ලෙඩුන්ට නියම කරන ලදී. එසේ වූයේ මෙම එලවළු සතු ප්‍රතිශක්තීකරන පද්දතිය වැඩිදියුණු කිරීමේ මහගු ගුණාංග නිසාවෙනි.
අත්බෙහෙත් පිලිබද පැවති දැනුම පරපුරෙන් පරපුරට පැවත ආ මහත් වූ දායාදයකි. දේශීය වෙදකම ගැනද මනා වැටහීමක් ඇති පැරැන්නන් රෝගාබාදයන්ගෙන් වැලකී සිටීමේ වත් පලිවෙත් මනාව ප්‍රගුණ කර ඇත. තම ගෙවත්තේ අවට ඹෟෂධීය ශාක බහුලව වගාකරගැනීමට ඔවුන් නිතර වගබලා ගත්හ.
දරුවන් රටට බරක් සේ නොසැලකු ඔවුන් සම්පතක් ලෙස සලකමින් දරුවන් වැදුවෝය. මව කිසිදා වැහැරුනේ නැත. දරුවන් කුසගින්නේ හෝ මන්දපෝෂණයෙන් නොපෙලුනේද ඔවුන් සතුවූ ආහාර සුරක්ෂිත භාවයේ ශක්තියට පිංසිදු වන්නටය.
හතු පිපෙන්නාක් වැනි රෝගයන්ගේ විවිධත්වයද එන්න එන්නම වැඩිවේ.  සෑම නිවසක්ම බෝ නොවන රෝග වලින් සංතෘප්ත වෙමින් පවතී. මෙවැනි රෝගියකු නැති නිවසක් සොයා ගැනීම කලුනික සොයන්නාටත් වඩා අසීරුය. එයින් අපට පෙනී යන්නේ අප පොට වරද්දාගෙන ඇති බවය. කොතනක හෝ විශාල වරදක් අප අතින් සිදුකරගෙන ඇති බවයි. කිසිවක් නොව අපේ උතුම් සංස්කෘතිය, අතීතය හා මුත්න්මිත්තන් හා දෙමාපියන් අමතක කිරීමයි. අපට අයිති මගින් අප පිටතට පැන ඇති බවයි.
දැන්වත් ඇල්මැරුණු කමිමැලියන් මෙන් නොසිට වහ වහා අපගේ පාරම්පරික ආහාර සංස්කෘතියට දෑස් විවිර කල යුතු කාලය පැමිණ ඇත. අප බොහෝ ප්‍රමාද වී නැත. අපේ ගම් දනව් වල තවමත් මේ අසාහය ඥානය සහිත ඊට ආදරය කරන්න බුද්ධිමතුන් එමටය. අප කල යුත්තේ අපට උරුම මේ පාරම්පරික දර්ශනය තවදුරටත් පෝෂණය කිරීමට උත්සාහ දැරීමය.

සකස් කලේ
සම්පත් පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
හක්මන. 
 

August 26, 2014

පරිගණක අලූත්වැඩියාවට ප්‍රයෝජනවත් මෘදුකාංගයක්

 ඉවත් කිරීමට සිදුවී ඇති හාර්ඩ් ඩිස්ක් එකක් ලෝ ලෙවල් ෆෝර්මැට් එකක් කිරීමෙන් නැවත භාවිතයට ගත හැකි ආකාරය.(HDD GURU -පරිගණක අලූත්වැඩියාව ස්වයංරැකියාවක් ලෙස සිදු කරන විදාතා ව්‍යවසායකයින් සඳහා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ) - : 
ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හඳුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැන්පත් වන ඩිස්ක් එකේ සිදුවන පලූදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පළුදු වීමක් නිසා හාර්ඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්කය ඉවත දමන්නට පෙර සිදුකළ හැකි අවසාන උත්සාහය ලෙස ඛදඅ කැඩැක දෙරප්එ එක හඳුන්වන්න පුළුවන්. මෙහිදී දෘඩ තැටියේ ඇති සියලූම දත්ත විනාශ වී යන අතර නැවත ලබාගත නොහැකියි. මේ ලෝ ලෙවල් ෆෝර්මැටි එක සිදුකළ හැකි විශේෂ මෘදුකාංගයක් වන ්‍යෘෘ ඨඹඍඹ භාවිතයෙන් ලෝ ලෙවල් ෆෝර්මැට් එකක් කරන ආකාරය මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.
 මෙම මෘදුකාංගය http://hddguru.com/වෙබ් අඩවියෙන් නොමිළේ ලබාගන්න පුළුවන්.
 මුලින්ම කළ යුත්තේ මෙය ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගැනීම. එසේ ඉන්ස්ටෝල් කරගෙන මෙය දියත් කළ විට පහත ලෙස තිරයක් ලැඛෙනවා.


මෙහි fortmat කළ යුතු හාර්ඩ් ඩ්‍රයිව් එක තෝරා continue යන්න ක්ලික් කළ පසු පහත දැක්වෙන මීළඟ තිරයෙන් ඔබට හාඩ් ඩිස්ක් වල තොරතුරු  දැනගන්න පුළුවන්.

මෙහි Low level format යන ටැබ් එකට ගොස්Format this device යන්න ක්ලික් කළ පසු ඔබට ලැඛෙන පණිවිඩයට yes ලබා දීමෙන් එම හාඩ් ඩ්‍රයිව් එක format කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ එම පණිවිඩයයි.

සකස් කළේ - ඒ. ජී. ආනන්ද අබේරත්න - 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
නොච්චියාගම.

August 25, 2014

ලොවම භීතියට පත් කර ඇති Ebola.....

Ebola යනු වෛරස් මගින් හටගන්නා මාරාන්තික රක්තපාත උණකි. මෙම වසංගතය ආරම්භ වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන ගිනී රාජ්‍යයේය. 2013 දෙසැම්බරයේ ව්‍යාපතිය ඇරඹී ඇති මෙය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් වන්නේ 2014 මාර්තුවේදීය. ඒ වනවිට වසංගතය ලයිබීරියාව, සියෙරා ලියෝන් හා නයිජීරියාව දක්වා පැතිර ගොස් තිබුණි. 1976දී එබෝලා වෛරස් රෝගය හඳුනාගැනීමෙන් පසු ඇතිවී විශාලතම එබෝලා වසංගතය මෙයයි. 2014 අගෝස්තු වන විට මෙම වසංගතයෙන් 1229 මියගොස් ඇති බව වාර්තා විය.

1976 දී කොංගෝහි එබෝලා ගංගාව ආශ්‍රිත ප්‍රදේශයෙන් මුල් වරට හදුනා ගත් මෙම නව වෛරසය Ebola virus (EBOV) ලෙස නම් කරනු ලැබුණි. පසු කාලිනව වෛරසයේ නව ප්‍රභේද (sub types) 05 ක් හදුනා ගත් අතර ඒවායින් ආකාර 04 ක් ම මිනිසුන්ට ආසාදනය විය හැකි ආකාරයේ ඒවා වේ. එම ප්‍රභේද නම්
1.      Bundibugyo virus (BDBV)
2.      Ebola virus (EBOV)
3.      Sudan virus (SUDV)
4.      Tai Forest virus (TAFV)
5.      Reston virus (RESTV) ලෙස වේ.

කොන්ගෝව, උගැන්ඩාව, ගැබෝන්, ලයිබීරියාව, අයිවරි කෝස්ට් වැනි අප්‍රිකාවේ දුගී රටවල්වල කලින් කලට වසංගතයක් මෙන් පැතිරෙන එබෝලා රෝගයේ ප්‍රධාන වෛරස ගබඩාව වවුළන් බවට විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. වවුලන් රෝගවාහකයන් ලෙස සිටින මෙම වෛරසය මිනිසාට පැතිරෙන්නේ බොහෝවිට අප්‍රිකානු රටවල වවුල් මස් හා වෙනත් වන සතුන් ආහාරයට ගැනීම මගිනි. වවුල් මස්වලින් මෙම වෛරසය කෙලින්ම මිනිස් සිරුරට ඇතුලුවිය හැකි අතර ඊට අමතරව වවුලන් විසින් බාගෙට කා අතහරින පලතුරු ආහාරයට අගන්නා වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන්ටද මෙම වෛරසය ඇතුලුවෙයි. අප්‍රිකාවේ වඳුරු මස් ප්‍රණීත දඩමසක් ලෙස සැළකෙන අතර ආසාදිත වඳුරන් මස් කරද්දී හා හොඳින් නොපිසූ ආසාදිත මස් ආහාරයේදී එබෝලා වෛරසය ශරීරගත විය හැකිය.

එබෝලා රක්තපාත උණ බෝවීම සඳහා එම වෛරසය ආසාදිත වූයෙකුගේ ශාරීරික තරල (ලේ, කෙළ, සෙම්/සොටු, ශුක්‍රාණු/යෝනි තරල ) ස්පර්ශවී ශරීරයට වෛරසය ඇතුළුවීම මගිනි. වෛරසය ආසාදිතයෙකු භාවිතකල එන්නත් කටු මගින්, ආසාදිත රුධිරය පාරවිලයනය මගින්ද මෙය බෝ විය හැක.

සාමාන්‍යයෙන් වෛරසය ආසාදනයෙන් දින 2 සිට 21 අතර කාලයකදි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. එහෙත් ආසාදිත දින සිටම ධාරකයා රෝගය බෝ කරන්නෙකු ලෙස කටයුතු කරයි. මුල්ම රෝග ලක්ෂණ ලෙස සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයකදි මෙන් හිසරදය, හන්දිපත් වේදනාව, උගුරේ වේදනාව සමග මද උණ ගතිය ඇති විය හැක.  තවද වමනය සමග පාචන තත්වයක්ද ඇති විය හැකිය.රෝගය උත්සන්න වු විටදි සමේ පැල්ලම් ඇති වනු දැක ගත හැකි අතර වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩාල කරයි.

වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව නිපදවන ග්ලයිකොප්‍රොටින (Glycoprotein) වල එක් අකාරයක් ධාරකයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි. වෛරසය සුදු රුධිරාණු වර්ගයක් වන මොනොසයිට වලට ඇතුලුව ඒ තුල ගුණනය වෙමින් එම සෛල විනාශ කිරීම ආරම්භ කරන අතර රුධිර වාහිනි පද්ධතිය හරහා ශරීරය පුරා ගමන් කරයි. වෙනත් ආකාරයක ග්ලයිකොප්‍රොටිනයක් අපිච්ඡද සෛල හා බැදී ඒවා විනාශ කිරීම නිසා අභ්‍යන්තර හා භාහිර රුධිර වහනය වීම් සිදු වනු දැක ගත හැකිය. අක්‍රමවත් රුධිර වහනය හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිද වැටීම සිරුරේ පටක හා අවයව විනාශ වීමට මග පාදන අතර අවසානයේ රෝගියාගේ මරණයට හේතු වේ.කිසිදු රෝග පාලන ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නොමැති අතර වෛරසය අසාදනය වුවන්ගෙන් 50-90% ප්‍රතිශතයක් මරණයට පත් වී තිබේ. ඇතැම් රට වලදී මරණ අනුපාතය 100% ක් වන්නේ වෛරසයේ ප්‍රචණ්ඩතාවය පිළිබදව ලොවටම ඉඟිකරමිනි.

EHV/ EVD රෝග ලක්ෂණ කොලරා, ඩෙංගු, මැලේරියා රෝග වල රෝග ලක්ෂණ වලට සමාන අතර නිවැරදි රෝග විනිශ්චය සදහා ප්‍රතිදේහ පරීක්ෂාවක් (anti body test)හෝ වෛරස RNA පරීක්ෂාවක් (RT-PCR finger printing) සිදු කල යුතුය. රෝගය පැතිරීම වැලැක්වීම සදහා අසාදිත පුද්ගලයන් වෙන් කර තැබීමත් අසාදිත අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමත් වැදගත් වේ.


සාගරයෙන් යැපෙන මිනිසුන්ට ගෝලීය උණුසුම් වීමේ අවධානම(u.c.)

ස්ලොස් බයලොජිහි මෑතකදී පලවූ අධ්‍යයනයක්, අධික හරිතාගාර වායු විමෝචනය මගින් පෘතුවියේ සාගරයන්හි රසායනික වෙනස්කම් විශ්ලේෂනය කර තිබේ. වත්මන් සාගර උනුසුම්වීම හා ආම්ලික ප්‍රවනතා දිගටම පැවතුනොත්, සිදුවිය හැකි සිද්ධි පෙලක් මෙහිදී හඳුනාගෙන තිබේ. එනම්, සාගර ජීවීන්ගේ පරිසර පද්ධතීන් විනාශවීම, සාගර ජීවීන් වඳවී යාම හා අවසානයේදී, පැවැත්ම සඳහා සාගරය මත යැපෙන, නියමිත පරාසය මිලියන 470 සිට 870ක් දෙනාගේ ජීවනෝපායන් වැනසී යාමයි.

ජාත්‍යන්තරව සහයෝගයෙන් කටයුතු කල කන්ඩායමක් විසින් වාර්තාව සකස්කර ඇත. ඊට, දේශගුනික විශ්ලේෂකයින්, භූජීවරසායනඥයින්, සාගර විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් ඇතුලත්ය. සාගර ජීවී පරිසර පද්ධතීන් හා ජීව විවිධත්වයෙන් යුත් "දැවෙන තැන්” ඇතුලත් ගෝලීය ව්‍යාප්තිය දැක්වෙන සිතියම් 32ක් නිර්මානය කරමින් ඔවුහු, විපර්යාසයන්ට ගොදුරු වීමට ඒවායෙහි ඇති විභවය සොයා බැලූහ. ඊට අමතරව, පෘතුවි සාගරයන්හි රසායනික සංයුතිය තුල, වෙරලබඩ ජනගහනය ප්‍රස්ථාරගත විපර්යාසයන්ට ගොදුරුවීම තක්සේරුකර ගැනීමේ අටියෙන් සමාජ අනුගතවීම් ද ඇතුලත් සාගර පදනම් කරගත් භාන්ඩ හා සේවා මත මානව රඳා පැවැත්ම පිලිබඳ ලබාගත හැකි දත්ත ද පරියේෂකයින් විසින් යොදාගෙන තිබේ.

අධ්‍යයනය කල බොහෝ සාගර ජීවි පරිසර පද්ධතීන් අතර කොරල් පර, මුහුදු පැලෑටි හා නොගැඹුරු සුමුදු පතුලේ ඇති නතල වාසී ස්කන්ධයන් වේ. සාගර රසායනයේ විශාලතම විපර්යාස අත්විඳිනු ලබන මෙම ජීවි පරිසර පද්ධතීන්, පලමුවෙන්ම බලපෑමට හසුවන ඒවා බවට පුරෝකථනය කෙරේ. අධික හරිතාගාර වායු කාන්දුවට වැඩි කාලයක් ගන්නා ගැඹුරු ජලයේ පරිසර පද්ධතීන් අවම විපර්යාසයන් අත්විඳීමට බොහෝ දුරට ඉඩ ඇත. කෙසේ වෙතත්, වත්මන් ප්‍රවනතාව යටතේ වසර 2100 වන විට බලපෑමට ලක් නොවිය හැකි සාගරයේ කිසිදු කොටසක් නොතිබෙන බව වාර්තාවෙන් පැහැදිලි කෙරේ.

ප්‍රධාන කතෘ වන මැනෝහි හවායි විශ්වවිද්‍යාලයේ කැමිලෝ මෝරා, හරිතාගාර වායු විමෝචනය ගෝලීය සංසිද්ධියක් වන බැවින්, ලෝකයේ සෑම කොටසකටම එකවිට බලපෑම් ඇති කරන සාගර ආම්ලිකතාවයේ වැඩිවීම ද ගෝලීය ප්‍රපංචයක් බව පෙන්වා දෙයි. වාර්තාව පිලිබඳ මාධ්‍ය නිවේදනයක් තුල ඔහු මෙසේ පවසයි. "එකවිට හා සමාන ලෙස සිදුවන මෙම විපර්යාසයන්හි ප්‍රතිවිපාක දැවැන්තය. සාගර භූජීවරසානයනයේ විපර්යාස, ජලජ සත්ව පැවැත්මේ සිට, බහුලත්වය, පැතිරීමේ ප්‍රමානය, ශරීරයේ ප්‍රමානය, ජීවී පෙහොසත්කම දක්වා වන පරිසර පද්ධතියේ ක්‍රියාකාරිත්වය යන සියල්ල කෙරෙහි බලපෑම් ඇති කරයි.”

සිය ප්‍රස්ථාර සැකසීමට පරියේෂනය, දේශගුනික විපර්යාස පිලිබඳ අන්තර්ආන්ඩු මන්ඩලයේ වාර්තාවෙහි පස්වන තක්සේරුව සඳහා වර්ධනය කර ඇති දේශගුනික විපර්යාස රටාවන් යොදාගෙන තිබේ. සාගර උෂ්නත්වය, ආම්ලිකතාවය හා අම්ලකර අන්තර්ගතයේ ලෝක පරිමාන වෙනස්කම් පිලිබඳ දත්ත යොදාගනිමින් ඔවුහු, දසුන් දෙකක් ඉදිරිපත් කරති. පලමුවැන්න, අංඟාරිකාම්ල විමෝචනය (CO2) පරීක්ෂාවට භාජනය නොකර ඇති හා 2100 වන විට වායුගෝලයේ සංකේන්ද්‍රනය මිලියනයකට කොටස් 900ක් (ppm) කරා ලඟාවී ඇති තැන්, දෙවැනුව, CO2 මට්ටම් ppm 550 දක්වා පමනක් පැමින තිබෙන් තැන් ය.CO2 විමෝචනය වහාම අවසන් කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයක් දැරීමේ අවශ්‍යතාව පවතියි. 2013 ඔක්තෝබරය වන විට ලෝකයේ CO2 සංකේන්ද්‍රනය ppm 394ක් විය. මෙය 1961 තිබුනාට වඩා ppm 312ක වැඩිවීමකි.  මෙම අවස්ථා දෙකෙහිදීම, ලෝකයේ සාගර මතුපිටෙහි වැඩි කොටසකට බලපෑම් ඇති කරන බව පරියේෂකයින් සොයාගෙන තිබේ. එහි මෙසේ සඳහන්වේ.

"2100 වන විට, සාගරයේ මතුපිට ස්ථරය, සෙල්සියස් 1.2 සිට 2.6ක උෂ්නත්වයේ වැඩිවීමක් අත් විඳිනු ඇත. ද්‍රාවනයවූ අම්ලකර සංකේන්ද්‍රනය වත්මන් තත්වයෙන් සියයට 2 සිට4 දක්වා අඩුවනු ඇත. pH 0.15 සිට 0.31දක්වා අඩුවනු ඇති අතර ශක ප්ලාංඟ නිෂ්පාදනය වත්මන තත්වයෙන් සියයට 4 සිට සියයට 10 දක්වා හීන වනු ඇත. මුහුදු පත්ල උෂ්නත්වය හා pH හි සුලු වෙනස්කම් ද ද්‍රාවනයවූ අම්ලකර හීනවීම ඒ සමානව ද සිදුවනු ඇති බවට ප්‍රක්ෂේපනය කෙරේ.”

පෘතුවි ජීවිතයේ පදනම වන්නාවූ සාගර ආහාර පෙල අවශ්‍යයෙන්ම බිඳ වැටෙනු ඇත.
එය ආරම්භ වන්නේ, වත්මන් කර්මාන්තය විසින් නිෂ්පාදනය කරන CO2 විමෝචනයේ ඉහල මට්ටම් සමගය. CO2 වායු ගෝලයට මුදාහරින නමුදු, එයින් අඩක්ම අවසානයේදී උරගනු ලබන්නේ සාගරයන් මගිනි. පසුගිය සියවසේ සාගර ජල මට්ටම් අඩියකින් පමන ඉහල නැඟීමෙන් පසුව මූලික වශයෙන්ම මේ වන තෙක්, තරමක් ඉහල සාගර උෂ්නත්වයේ ප්‍රතිපල වශයෙන් මෙය සිදුව තිබේ. කෙසේ වෙතත්, තව තවත් අංඟාරිකාම්ල සාගරයන් තුලට මුදාහරින තතු තුල අවසානයේදී එය සංකීර්න කාබනික අම්ලයක ආකෘතිය ගන්නා අතර එය, සාගර මතුපිට සාමාන්‍ය වශයෙන් සියයට 30ක වැඩි ආම්ලිකතාවක් නිර්මානය කරයි.

සාගරයන්හි ආම්ලික සංයුතිය තුල ඇතිවන එවන් විශාල වෙනස්කම්, කටුවක් සහිත සාගර ජීවීන් කෙරෙහි ප්‍රගාඪ බලපෑමක් ඇති කරයි. කකුලුවන්, බෙල්ලන්, මෘද්වංශිකයින් හා පාවෙන ජීවින් සිය කටු හෝ සැකිලි නිර්මානය කර ගන්නේ, කැල්සියම් කාබනේට් මුහුදු ජලය තුල ද්‍රාවනය කර කැල්සටිට් හා ඇරගනයිට් ඛනිජ සකසා ගැනීමෙනි. කොරල් පර ද එම ක්‍රියාවලියම යොදා ගනියි. කෙසේ වෙතත් කාබනික අම්ල, කටු ගොඩනැඟීම හා ඒ වන විටත් පවතින කටු ද්‍රාවනය කිරීම යන ක්‍රියාවලීන් දෙකම අවහිර කරයි. මෙය නිසැකයෙන්ම එම සතුන් මරනයට පත්කරන අතර බොහෝ ආහාර සැපයුම් ජාලයන්හි මූලික දෙයක් වන ජලයෙහි පාවෙන ජීවීන් සම්බන්ධයෙන් ගත් කල මෙය විශේෂිතය.

මෙය සියලු වර්ගයේ මත්ස්‍යයන් හා අනෙකුත් නෙලාගනු ලබන මුහුදු ජීවින්ට බලපානු ඇත. ඉහල යන ආම්ලිකතාවය නිසා, ඇසිඩෝසිස් යනුවෙන් හඳුන්වන ශරීර ද්‍රව තත්වය වර්ධනය කරයි. එය වැඩීමට, ප්‍රති නිෂ්පාදනයට හා ස්වසන පද්ධතියට ගැටලු ඇතිකරයි. අධි මත්ස්‍ය නෙලීම, සාගර හා ගංඟා වලට පෙට්රෝරසායන හා අප ද්‍රව්‍ය මුදාහැරීම යන සියල්ල එක්ව ගත් කල, සමුද්‍රාශ්‍රිත ජීවින් වඳවී යාමේ වැඩෙන අනතුරක් තිබේ.

මුහුදු ජීවීන්ට එල්ල වන තවත් අනතුරක් වන්නේ, ඇල්ගී වැඩීම දැවැන්ත ලෙස වැඩි කරන පොහොර හා අපද්‍රව්‍ය සාගරයට බැහැර කිරීමයි. ඉහල ඇල්ගී සංයුතියක්, ජලයේ අම්ලකර මට්ටම පහත හෙලයි. එය අනෙක් අතට "මල කලාපනිර්මානය කරන අතර ඒවා තුල මත්ස්‍යයන්ට හා අනෙකුත් මුහුදු ජීවීන්ට ප්‍රති නිෂ්පාදනය කෙසේ වෙතත් පැවතීම පවා අහිමි කරයි.

ධ්‍රැවීය කලාප යම් ආකාරයක වෙනස්වූ ගැටලුවලට මුහුන දෙනු ඇති බවට අනාවැකි පලවේ. එහි ආම්ලිකතාව අඩු වන නමුත් ධ්‍රැවාශ්‍රිත පරිසර පද්ධතීන්ට, ජීවත්වීම වඩ වඩාත් අපහසු පහත් අක්ෂාංශ කලාප වලින් පලායාමට උත්සාහ දරන සාගර ජීවීන්ගේ හදිසි ආක්‍රමනයන් දරා ගැනීමට සිදුවෙයි. මෙහි ප්‍රතිපල වශයෙන්, ස්වදේශික ජීවීන්ට හා ඒ මත යැපෙන ජනතාවට තර්ජනයක් එල්ල වෙයි.
හොඳින් නොදන්නා කාරනය වන්නේ, පෘතුවි තලයෙන් වැඩි කොටසක් වසා පැති ඇති ගැඹුරු මුහුදු පතුලේ ජීවීන්ට කුමක් සිදුවනු ඇත් ද යන්නයි. ඒවා, මුහුදු පත්ලේ අවසාදිත තුල කාබන්සාන්ද්‍රනය පහත හෙලීම, සාගර ආම්ලිකතාවට බාධකයක්ව පිහිටීම හා ජීව විධත්වයේ දැවැන්ත තටාකයක් සම්පාදනය කිරීම ඇතුලු, දැන හඳුනන විවිධාකාර පරිසර ක්‍රියාකාරිත්වයන් සම්පාදනය කරයි. කෙසේ නමුදු, මෙම කලාපයන් කෙරෙහි දේශගුනික විපර්යාසයන්හි බලපෑම පිලිබඳව අධ්‍යයනයන් කර ඇත්තේ ඉතා සුලු වශයෙනි. අඩු කාල පරාසයක් මත නමුත් මතුපිටට සමාන ප්‍රතිවිපාක ඇතිකරන බව පොදුවේ කල්පනා කරයි.

දේශගුනික විපර්යාස හේතුකොටගෙන මිලියන සිය ගනනක් ජනතාව තම සියලු ජීවනෝපායන් අහිමි වීමට මුහුනපා සිටීම, එලඹීමට නියමිතව ඇති පාරිසරික ව්‍යසනය ජය ගැනීම සඳහා මානව වර්ගයා සතු තාක්ෂනික හා සමාජ සම්පත් යොදාගැනීමේ අවශ්‍යතාව මතු කරයි. කෙසේ වුව ද අනියාමන හා නිර්බාධක පෞද්ගලික ලාභ සූරාකෑම ඔස්සේ දුවන ධනේශ්වර ක්‍රමය යටතේ එය කල නොහැකිය. ලෝකයේ සාගරයන්හි පැවැත්ම සහතික කල හැක්කේ, සමාජ අවශ්‍යතා පදනම් කරගත්, තර්කානුකුල හා සැලසුම්ගත සමාජයක් තුල පමනි.

හෙන්රි ඇලන් සහ බ්‍රයන් ඩයන් විසින් රචිත වාර්තාවක පරිවර්තනයකි.


ජපානය “Fire Ice” වලින් මීතේන් (Methane) නිස්සාරණය කරයි

මුහුද පතුලට යටින් ස්වාභාවික වායු සංචිත නව තාක්‍ෂණික ක්‍රම භාවිතා කර මතුපිටට ගැනීමට ලැබීම ලොව ඉන්ධන අර්බුදයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. මුහුදු පතුලේ ඇති මෙම මීතේන් වායු සංචිත (gas hydrates) ලොව පළමු වතාවට මතුපිටට ගැනීමට ජපානය සමත් වේ.
මුහුදු පතුලට හා “permafrost” වලට යටින් ඇති අයිස් ස්ථරයේ තුහීන වන සිදුරුවල මෙම වහා ගිනි ඇවිළෙන වායුව ඇත. මෙම වායු සංචිත ප්‍රමාණයක් ලෙස ඝන අඩි සිවුද්‍රිලියන 10 ක් පමණ ඇති බවත් මෙම ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපදයේ වසර 400ක ඉන්ධන වායු අවශ්‍යතාවය සම්පුර්ණ කල හැකි බවටත් ඇස්තමේන්තු කර ඇත.

පසුගිය දශකය පුරාවට පර්යේෂකයන් විසින් “permafrost” හි සිර වී ඇති “onshore hydrates” නිස්සාරණය කර ගැනීමට ගවේෂණය කරන ලදී. නමුත් “Japan’s Oil, Gas and Metals National Corp” ආයතනයට පෙර කිසිවෙක් මෙම වායු සංචිත නිස්සාරණය කිරීමට නොහැකි විය. ජපන් වෙරල තීරයට ආසන්නයේ “Nankai Trough” හි සුළු ප්‍රමාණයේ පරීක්‍ෂණයක් කර ඇත.

ජපන් පර්යේෂණ කණ්ඩායම සමුද්‍ර අවසාධිත අඩි 1000 ක් පමණ හා ජලය සැතපුම් භාගයක් පමණ චුෂණය කළේය. මෙම චුෂණය නිසා “gas hydrate වල පීඩනය අඩු වූ අතර අයිස් උණු වීමද වායු නිදහස් වීමද සිදු විය. මතුපිටට ගත් මීතේන් මිශ්‍ර ජලය වෙන් කරන ලදී. ජපන් කර්මාන්ත හා වෙළද අමාත්‍යාංශය පවසන පරිදි දින 6 ක් තුල මීතේන් ඝන අඩි මිලියන 4.2 ක් නිස්සාරණය කර ඇත.
නමුත් “Fire Ice” වලින් මීතේන් (Methane) නිස්සාරණය කිරීම කිරීම ආර්ථික හා තාක්ෂණික මට්ටමින් එහි විය හැකියාව සංවාදයක්ම වේ. නමුත් ජපන් හා කොරියානු රජයන් පාරිසරික හා තාක්ෂණික බාධා ඇති වුවත් “gas hydrate” වලින් මීතේන් වෙළදමය නිෂ්පාදනයක් ලෙස ආරම්භ කිරීමට අදහස් කරයි.


Translated from written by Lisa Raffensperger
[This article originally appeared in print as "Fuel From Fire Ice."] 

විද්‍යාගාරයක් තුල නිපදවන ලද ප්‍රථම බෝරෝන් බකි බෝලය

ක්‍රි. ව. 1985 දී නැනෝ කුහර ගෝල නිපදවීම සදහා කාබන් 60 පරමාණු වලින් සාදන ලද බකි බෝල භාවිතා කරන ලදී.මෙම අණු ඉතා ඉහළ උෂ්ණත්ව හා ඉතා ඉහළ පීඩන වලදී ස්ථායි තත්වයේ පවතී. එබැවින් පර්යේෂකයින් විසින් මෙම අණු වැඩි ඝනත්වයෙන් යුත් හයිඩ්‍රජන් තුල ගබඩා කරන ලදී.

ආවර්තිතතා වගුවට අනුව  කාබන් වලට පසුව බෝරෝන් මුල ද්‍රව්‍යය පිහිටයි. බෝරෝන් ද විශේෂිත වූ ලක්ෂණ පෙන්නුම් කරන මුල ද්‍රව්‍යයකි. නමුත් කාබන් 60 පරමාණු මෙන් බෝරෝන් පරමාණු මගින් ව්‍යුහ සැදීමේ සාර්ථකභාවය ගැටළු සහගත විය.
“Rhode Island” හි “Brown” විශ්ව විද්‍යාලයේ “Lai-Sheng Wang” හා ඔහුගේ සගයන් විසින් බෝරෝන් 40 පරමාණු භාවිතා කර බකි බෝල සැදීමට පර්යේෂණ ආරම්භ කළේය. මුලින් ඔවුන් විසින් බෝරෝන් 40 පරමාණු ලේසර් සමග වාෂ්පීකරණයට ලක් කර පසුව හීලියම් මගින් ශීත කිරීම මගින් බෝරෝන් සමුහ (Cluster) කරන ලදී. මෙම බෝරෝන් සමුහ (Cluster) වල ශක්ති වර්ණාවලිය (Energy Spectrum) පරිගණක ආදර්ශ (Computer Model) 10000 ක් සමග තිබිය හැකි ආකාර පිළිබද සංසන්දනයක් සිදු කරන ලදී. එම සංසන්දනයෙන් පසුව සුදුසු ගැලපෙන සංයුතිය තෝරා බෝරෝන් බකි බෝලය නිපදවා ඉදිරිපත් කළේය.

කාබන් බකි බෝල වල මුහුණත පංචාශ්‍ර හා ෂඩශ්‍ර හැඩ වේ. නමුත් බෝරෝන් බකි බෝල ත්‍රිකෝණ , ෂඩශ්‍ර, හා සප්තාශ්‍ර ආකාරයට නිපදවිය හැකි විය. එහෙත් එහි හැඩය ගෝලාකාර නොවූ සංවත හැඩයක් විය. ඔහු විසින් මෙය “borospherene” ලෙස නම් කරන ලදී.
එහි ඇති ආවේණික විද්‍යුත් ලක්ෂණ හේතු කොට ගෙන මෙම කණ්ඩායම එක් පරමාණුවක ඝනකම ඇති තැටියක් “ Boron Analogue of Graphene” නිර්මාණය කිරීමට වර්තමානයේ ගවේෂණය කරමින් සිටී.



Journal reference: Nature Chemistry, DOI: 10.1038/nchem.1999
Source Web : www.newscientist.com

අපිරිසිඳු ජල ප්‍රභවයකින් පිරිසිඳු ජලය-Solar Still ක්‍රමය


අපගේ මේ ජීවිත ගමන තුලදී අප නොසිතූ විටක, නොසිතූ අවස්ථාවන්හි විවිධ ආපදාවන්ට, ජීවිත තර්ජනයන්ට මුහුණ දීමට  සිදුවේ. ආහාර පාන, ජලය  වාසස්ථාන යනු මිනිස් ජීවිතයේ මුලිකම අත්‍යාවශ්‍ය අංගයන්ය. මෙයිනුත් ජලයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මන්ද මේ මිහිපිට ජලය නොමැතිව සාමාන්‍ය  මිනිසෙකුට ජීවත් විය හැක්කේ දින 04 ක් පමණි.


හදිසි අවස්ථාවකදී විශේෂයෙන්ම විනෝද චාරිකාවක් අතරමැද දී ස්වාභාවික උවදුරක දී    බීමට ජලය බිදක් සොයා ගැනීමට අපහසු වුවහොත්?  එසේ නොමැති නම් තමා ළඟ තිබෙන ජලය ප්‍රමාණවත් නොවුනහොත් ?  එසේම තමා අවට ඇත්තේ අපිරිසිඳු ජලය පමණක් නම් කළ හැක්කේ  කුමක් ද ? කොටින්ම කියතොත් ජලය බිඳක් නොමැතිව මහත් අසරණභාවයකට , ජීවිත තර්ජනයකට මුහුණ දීමට සිඳුවුවහාත්  අපට  කුමක් සිතේවි ද ? මෙවන් අවස්ථාවකදී  ජලය ලබා ගත හැකි සරල කෙටි ක්‍රමයක් පිළිබඳව අප දැනුවත් නම්,  එසේත් නොමැති නම් අපිරිසිඳු ජල ප්‍රභවයකින් පිරිසිඳු  ජලය ලබා ගතහැකි ආකාරය පිළිබඳව අප දැනුවත් නම් කෙතරම් භාග්‍යයක් ද ? එසේ නම් ජලය  ලබා ගත හැකි මෙම සරල ක්‍රමය ඔබත් අත්හදා බලන්න.
මේ සදහා ඔබට බාහිරව සපයා ගත යුතු වන්නේ , පොළිතින් කොලයක් , කෝප්පයක් සහ රබර් බටයක් පමණි.
ක්‍රමය
හොදින් හිරු එළිය වැටෙන ස්ථානයක (රූප සටහනේ පෙන්වා ඇති පරිදි) 2x2x2 ප්‍රමාණයේ වළක් කපා ගන්න. එහි මැදට වන්නට පිරිසිදු ජලය එකතු කර ගතයුතු භාජනය තබන්න. මෙම භාජනයේ සිට වළ තුලින් පිටතට එන ලෙස රබර් බටය (Surgical Tube ) සම්බන්ධ කරන්න. වළ තුලට අමු කොළ , තෙත පස්, අපිරිසිදු ජලය , පෙගුනු රෙදි ආදිය දමන්න. පොළිතින් කොළයෙන් වසා එය සුළඟින් ගසාගෙන නොයන පරිදි ගල්කැබලි කීපයක් වටේට තබන්න. පොළිතින් කොළයේ මැදට වන්නට පුංචි බරක් තබන්න. (රූප සටහනේ පෙන්වා ඇත)
ඔබ කළ යුත්තේ මෙපමණයි. හෝරා කිහිපයකින් ඔබේ පිපාසය නිවා ගැනුමට අවශ්‍ය ජලය ඔබට ලබා ගත හැකිවනු ඇත.

විද්‍යාත්මක පැහිදිළි කිරීම
වළ තුල ඇති අමු කොළ වලින් ජලය වාෂ්ප වේ.(උත්ස්වේදනය) එමෙන්ම වළ තුල ඇති තෙත ද්‍රව්‍ය වලින්ද හිරු වැටීමත් සමගම ජලය වාෂ්ප ලෙස පිටවවේ.මෙම පිටවෙන වාෂ්ප පොළිතින් කොළයේ ඇතුලු පැත්තේ එකතුවේ. ඒවා ඝනීභවනය වී පොළිතීන් කොළය හරහා පැමිණ වළ තුල ඇති කෝප්පයට එකතු වේ. කෝප්පය තුල ඇති ජලය රූප සටහනනේ පෙන්වා ඇති ආකාරයට රබර් බටය (Surgical Tube  ) මගින් බීමට ගත හැක.

ඔබ කැලෑවක අතරමං වුවහොත් , කදු තරණය කිරීමේදී ඔබ ළග ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවුනහොත් ජලය ලබා ගක හැකි මෙම සරල ක්‍රමය ඔබ දැන සිටින්නේ නම් එය කෙතරම්  ප්‍රයෝජනවත් වනු ඇත්ද? මොහොතක් සිතා බලන්න.
ඔබේ දරුවන් සමග මෙය ඔබේ ගෙවත්තේ අත්හදා බලන්න
Survival hand book in association with the Royal Marine Commandos
ග්‍රන්ථය ඇසුරින් සකසන ලද්දේ

කාංචනා හෙට්ටිආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැලණිය