Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 1, 2016

ඉඟුරු

Zingiberaceae කුලයට අයත් ඉඟුරුවලට උද්භීද විද්‍යාත්මක නාමය Zigibera Ffficinalis  ය. යනු ඉඟුරුවලට ඉංග්‍රීසි බසින් ව්‍යවහාර කරනු ලබන නාමයයි. විශ්වෞෂධ යනුවෙන් ඉඟුරු හඳුන්වන වෙනත් නමකි. සියලු ලෙඩට බෙහෙත යනු මෙහි අදහස වේ. ඉඟුරු ප්‍රභේද 5කි. එනම්
අප්‍රිකානු ඉඟුරු
කොචින් ඉඟුරු
කල්කටා ඉඟුරු
කැලකට් ඉඟුරු
ජැපනීස් ඉඟුරු ය.

සෙම සහ වාතය නසන ඉඟුරු අල ඖෂධ හා ආහාර පිණිස යොදා ගන්නා අතර ඉඟුරු කොළ කැඳ පිසීමේදී  මිශ්‍ර කිරීමට ස්වල්ප වශයෙන් යොදා ගනී. කැම්පේන්(Camphene), පිලෙන්ඩෙන්(Phellandrene), සින්ජිබරින්(Zingberene), සයිනෝල්(Cineol), බර්නෝල් (Borneol), ජින්ජරෝල්(Gingerol) යන රසායනික උපාදාන ඉඟුරුවල අඩංගු වේ.

ඉඟුරු කිරි කෂාය මුත්‍ර මාර්ගයෙන් ලේ යන රෝගීන් සඳහා ඉතා සුදුසු ප්‍රතිකාරකයකි. මළ බද්ධය නසන ආහාර රුචිය ඇති කරන ඉඟුරු හෘදයට හා ආමාශයට හිතකර ඖෂධයකි. එහෙයින් හෘද රෝගවලදී මෙන්ම ආමාශ ගත අජීර්ණ රෝගවලදී භාවිතා කෙරේ. අජීර්ණවල මෙන්ම සෙම් රෝග, වාත රෝග සඳහා ඖෂධ පිණිස හා ආහාර ලෙස ගැනීමෙන් වහා ගුණ ලබා දෙනු ඇත. නමුත් පිත් රෝග බහුල අයට ඉඟුරු ආහාරයක් හා ඖෂධයක් ලෙස සුදුසු නොවන අතර, ඉඟුරු හා මඤ්ඤොක්කා දෙක එකට ආහාරයට ගැනීම සුදුසු නොවේ. ශරීර අවයව උත්තේජනය කරන ගුණය මෙන්ම දහදිය වඩවන ගුණයද ඉඟුරුවල අඩංගු වේ.