Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 2, 2014

සොබා දහමේ නැනෝ තාක්ෂණයේ යෙදුම් කිහිපයක්

Lotus Effect (නෙළුම්) 
නෙළුම් කොළයක් මතට වතුර බිඳුවක් වැටුන විට සිදුවන දෙය ඔබ අප කවුරුත් දැක ඇත. එමෙන්ම එහි මතුපිට පෘෂ්ඨය ඉතාමත් සුපිරිසිදුය. එබැවින් නෙළුම් ශාකය ස්වයංසේදුම් ශාකයක් ලෙස හදුන්වයි. නෙළුම් කොළය ඉතාමත් ජලභීතිකය (Hydrophobic). මතුපිට පෘෂ්ඨය හා ජල පෘෂ්ඨය අතර ස්පර්ශ කෝණය මත ද්‍රව්‍යයක් ජලභීතික ද ජලකාමී ද (Hydrophillic)යන්න තීරණය වේ. ස්පර්ශ කෝණය (Contact Angle) අංශක 90 ට අඩුනම් ජලකාමීද,
ස්පර්ශ කෝණය අංශක 90 ට වැඩි නම් ජලභීතික ද වන අතර සමහර ශාක ස්පර්ශ කෝණය අංශක 160 කට වඩා වැඩි වන අතර එම ශාක සුපිරි ජලභීතික(Super Hydrophobic)ලෙස හදුන්වයි.නෙළුම් පත්‍රවල මතුපිට පෘෂ්ඨය හා ජල පෘෂ්ඨය අතර ස්පර්ශ කෝණය අංශක 170 කට පමණ ළඟා විය හැක.නෙළුම් කොළයේ ඇති නැනෝ ව්‍යුහ සැකැස්ම (නැනෝ අංශු ගැටිති ) නිසා ජලභීතික බව ඇතිවී ඇත.එම නැනෝ ගැටිති මගින් පත්‍රය මත වැටෙන ජල බිංදු ගැස්සේ. එසේ වන්නේ ජලයේ පෘෂ්ඨික ආතතිය වැඩිවීම හේතුවෙනි. එවිට ජලබි ගෝලාකාර වී මතුපිට නොරැදී ගලා යයි. ඉන්පසු ජල බින්දු ගුරුත්වය සමග පහළට ගලා යාමේදී නෙළුම් කොළය මත ඇති දූවිලි අංශූන්ද ඉවත් කරගෙන යයි.
 හූනාගේ පාද
හූනාට ඕනෑම පෘෂ්ඨයක පහසුවෙන් ඇවිද යා හැක. හූනාගේ පාද වල ඇති විශේෂ නැනෝ ව්‍යුහ සැකැස්ම හේතුවෙන් ඇලෙන සුළු භාවයක් ඇතිවී ඇත. ඉතා කුඩා(නැනෝ) පරිමාණයේදී හූනාගේ පාද වල ඇති නැනෝ නාලිකා සහ ඇලුම් පෘෂ්ඨය අතර ඇතිවන අන්තර්අණුක ආකර්ෂණය හේතුවෙන් ඇතිවන වැන්ඩවාල්ස් බල නිසා හූනාගේ පාද වලට මෙම ඇලෙන සුළු භාවය ඇතිවී ඇත.
ඇලුම් පෘෂ්ඨය සමාන්තරව පහළට ඇදෙන විට වැන්ඩවාල්ස් බල වල ඇති ප්‍රබල තාව හේතුවෙන් ඇලීම සිදුවේ. පෘෂ්ඨයට ලම්භක වන විට ඇලීම සිදු නොවේ. එනිසා හූනාට පහසුවෙන් ඕනෑම පෘෂ්ඨයක ගමන් කළ හැක.

මකුළු දැල්
ප්‍රෝටීනමය නැනෝ පදාර්ථ කෙදි මගින් සෑදී ඇති මකුළු දැල් නැනෝ පරිමාණයේදී වානේ වලට වඩා ශක්තිමත්ය.එහි ප්‍රත්‍යස්ථ බව ඉහළවේ.
1.3 GPa ක පමණ (Tensile Strength) ආතන්‍ය ප්‍රබලතාවක් ඇති අතර තරමක ඝනත්වය අඩු ද්‍රව්‍යයක් ලෙස සැලකේ. තවද එක සමාන බරක් ඇති වානේ සහ මකුළු දැලක් සැලකූ විට මකුළු දැලෙහි ශක්තිය වානේ මෙන් පස් ගුණයක් පමණ වේ යැයි සැලකේ. 


ටෝකන්(Toucan) නැමැති පක්ෂියාගේ හොට 

ටෝකන් නැමැති පක්ෂියාගේ හොට සෑදී ඇත්තේ නැනෝ පරිමාණයේ එකට ඇලී පවතින කෙරටීනමය (Keratin Tiles) ඵලක වැනි ව්‍යුහයකිනි. එනිසා ඒවා ශක්තිමත් මෙන්ම සැහැල්ලු වේ. 
තවද හොටෙහි අභ්‍යන්තරයේ ඇති නැනෝ ව්‍යුහ සැකැස්ම නිසා ශක්තිය අවශෝෂණය කිරීමේ හැකියාවද වැඩිය.
 
විවිධ වර්ණ වලින් සමන්විත සමනල පිහාටු


 ස්ථර වශයෙන් සකස්වූ සමනල පිහාටු වල විශේෂත්වය වන්නේ නැනෝ පරිමාණයේ ඇති ව්‍යුහ සැකැස්ම නිසා විවිධ වර්ණයන්ගෙන් යුත් පිහාටු ඇතිවීමයි. ස්ථර වශයෙන් ඇති නැනෝ ව්‍යුහ අතර ඇති පරතරය හේතුවෙන් ආලෝකයේ ඇතිවන Coherent Scattering නිසා නිල්, කොළ, රතු ආදී වර්ණ ඇති ලෙස පිහාටු වල දිස්වේ.


හිරු පෙරණයක් (Sun screen) වූ හිපොපොටේමස් සතාගේ දහඩිය
 හිපොපොටේමස් නැමැති සත්වයාගේ දහඩිය හිරු ආවරණයක් ලෙස ක්‍රියාකරයි එමෙන්ම එය ප්‍රතික්ෂුද්‍ර ජීවී ද්‍රව්‍යයක් ලෙසත් ජලකාමී ද්‍රව්‍යයක් ලෙසත් හැදින්වේ. ලේ දහඩිය (Blood Sweat) ලෙස හැදින්වූවත් සත්‍යය වශයෙන් එය ලෙයත් නොවන දහඩියත් නොවන  ද්‍රව්‍යයක් වේ. මෙහිදී සිදුවන රසායනික ක්‍රියාවලියේදී පිටවන රතු පැහැති hipposudoric acid  නිසා දහඩිය නැනෝ පරිමාණයේ නැනෝ මීටර 200 -600  තරංග ආයාමය සහිත ආලෝකය අවශෝෂණය කරන ද්‍රව්‍යයක්  බවට පත්වේ. එනිසා එය ස්වභාවික හිරු පෙරණයක්(Sun screen) ලෙස ක්‍රියා කරන අතර ප්‍රතික්ෂුද්‍ර ජීවී ද්‍රව්‍යයක්ද වේ.


උපුටා ගන්නා ලද්දේ

ඩී.එස්. උඩහේන්තැන්න
විද්‍යා හා තාක්ෂණ නිළධාරි

September 1, 2014

ඇතුවත් බැරි නැතුවත් බැරි ඇස්ප්‍රින්

ඩිස්ප්‍රින් යනු ඇස්ප්‍රින්හි වෙළද නාමයයි. ඇස්ප්‍රින්,ඩිස්ප්‍රින් වේදනා නාශක ඖෂධ අතර ප්‍රධාන ඖෂධයකි. මෙය වසර සියයක් පමණ පැරණි ඖෂධයකි. ප්‍රධාන ඖෂධ අතර දහවන ස්ථානය හිමි ඇස්ප්‍රින් ලොව පුරා කෝටි සංඛ්‍යාත ඡනයා භාවිතා කරයි. සෑම වසරකම ලෝකයේ මෙට්ට්‍රික් ටොන් හතලිස්දහසක් ඇස්ප්‍රින් නිෂ්පාදනය කරයි. 

අතිතයේදි ඡනයා උණ හෝ හිසරදය සෑදුණු විට විලෝ ගසේ කොළ ඖෂධයක් ලෙස යොදාගත්හ. පසුකලකදි රසායනික පර්යේෂණ වල ප්‍රථිඵලයක් ලෙස1763 දි Edward Stone විසින්  විලෝ ශාඛයේ පිට පොත්තේ ඇස්ප්‍රින්හි ක්‍රියාකාරි සංයෝගය වන සැලිසිලික් අමිලය සොයා ගන්නා ලදි. රසායනික පර්යේෂණ වල ප්‍රථිඵලයක් ලෙස 1897දි සැලිසිලික් අමිලය භාවිතයෙන්රසායන විද්‍යා Felix Hoffmann විසින් ඇස්ප්‍රින් මුලින්ම වෙළදපොළට සුදුපැහැති කුඩක් ලෙස හදුන්වාදෙන ලදි. පසුව 1904 දි පෙත්තක් ලෙස වෙළදපොළට පැමිණ ලොව පුරා සීග්‍රයෙන් ඡනප්‍රිය විය.
මෙය වෙිදනාව ,උණ,රූමැටික් උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, සහ ඉදිමුම සදහා භාවිතා කරන ප්‍රබල වේදනා නාශකයකි. තවද සමහර අවස්ථා වල රුධිරය කැටි ගැසිම වැලැක්විමටද ඇස්ප්‍රින් භාවිතා කරයි.

 
ඇස්ප්‍රින්හි රසායනික ව්‍යුහය හත පරිදි වේ.                      2-(acetyloxy)benzoic acid
  
ඇස්ප්‍රින් වල විශේෂත්වය
  • ඇස්ප්‍රින් ඉතා ඉක්මනින් ක්‍රියාකාරි වන අතර දිගු වේලාවක් එහි බලපෑම පැවතිම. 
  •  ඇස්ප්‍රින් වේදනා නාශකයක් පමණක් නොවන අතර අනෙක් වේදනා නාශක වලට වඩා ඖෂධීය ගුණයක් ඇත. 
  •  ශරිරයේ කවර ස්ථානයක හෝ ඇති ඉදිමුම සදහාද ඇස්ප්‍රින් සහනය ලබා දේ. 
  •  දිනපතා ඇස්ප්‍රින් /ඩිස්ප්‍රින් කුඩා මාත්‍රාවක් නිතර ඇතිවන හෘදයාබාධ හෝ හෘදය ආශ්‍රිත රෝගාබාධයන්ගේ අවධානම 50%කින් අඩු කිරිමට දායක වේ. තවද හෘද රෝග සදහා ලබාදෙන අනෙක් ඖෂධ   අතුරු ප්‍රථිඵල සහිත වු අතර ඇස්ප්‍රින් සෑම ඖෂධයකටම සාපේක්ෂව අඩු අතුරු ප්‍රථිඵල සහිත බව හෙලි වි ඇත. 
  •  ඇස්ප්‍රින් වයස අවුරුදු 35-70ත් අතර හෘද රෝගින් සදහා යොදාගන්නා ඖෂධයකි. කාන්තාවන්ගේ කොලොස්ටරෝල් මටිටම ඉහළයාම හෝ දියවැඩියා වැනි අවස්ථා වලදි ඇස්ප්‍රින් භාවිතා කිරිම හෘදරෝග වලට ගොදුරු විමේ අවධානම විශාල ලෙස අඩු කරයි. ඇස්ප්‍රින් සුළු හෝ සාමාන්‍ය හෘදරෝගින් සදහා පමණක් නොව මරණාසන්න හෘදරෝගින් සදහාද හෘද ක්‍රියාකාරිත්වය දිගු වේලාවක් තබා ගැනිමට භාවිතා කරයි.
ඇස්ප්‍රින් ගැනිමේදි සැලකිලිමත් විය යුතු කරුණු
 කිසිවිටෙකත් ඇස්ප්‍රින් සෑමවිටම ආහාර සමග හෝ ආහාර ලබාගත් පසු ගැනිමට මතක තබාගන්න.  නිරාහාරව සිට නොග න්න. නිරාහාරව සිට ඇස්ප්‍රින් ගැනිමෙන් ආමාශයේ ආම්ලිකතාවය වැඩි වි ආමාශ බිත්තියේ තුවාල ඇති විම හා රුධිරය ශ්‍රාවය විම ප්‍රධාන අතුරු ආබාධ ලෙස හැදින්විය හැක.
  •   ඇස්ප්‍රින් සෑම විටම වතුර විදුරුවක දියකර පානයට ගන්න. මෙහිදි වතුර වෙනුවට පළතුරු යුෂ,ශිතකළ බීම වර්ග,තේ හෝ කෝපි සමග කිසිවිටෙක නොගන්න. 
  •  එකවර ඇස්ප්‍රින් පෙති වැඩි ප්‍රමාණයක් නොගන්න. 
  •  දත්කැක්කුම සදහා ඇස්ප්‍රින් දත් අතර රැදවිමෙන් වලකින්න. එය විදුරුමස් වලට හානිදායක වේ. 
  •  ඇස්ප්‍රින් භාවිතා කරන විට  මත්පැන් නොගන්න. එයට හේතුව මත්පැන් අධික ආම්ලිකතාවයක් ඇති නිසා  ඒත් සමග ඇස්ප්‍රින් ගැනිමේදි ආමාශයට හානිදායක විය හැකිය. 
  •  අවුරුසු 18ට අඩු අයට ඇස්ප්‍රින් භාවිතයෙන්  රිඒසිංඩ්‍රොම් නැමති රෝගය ඇතිවිමට ඉඩකඩ ඇති හෙයින් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කිරිම යෝග්‍ය වේ.
 පිලිකා වැලදුනු රෝගින්ටද ඇස්ප්‍රින් ගුණදායකය. පිලිකාවක් වැලදුන  පුද්ගලයෙක්  සෑම මසකම ඇස්ප්‍රින් පෙති දහසකට අධික  ප්‍රමාණයක්  ගනි නම් පිලිකාවක් නිසා මිය යාමේ අවධානම 50%කින් අඩු වනු ඇත.
ඇස්ප්‍රින් වල යම් දුර්ගන්ධයක් වේ නම් ඇස්ප්‍රින් කල් ඉකුත් වි ඇති හෝ නරක් වි ඇති බැවින් භාවිතා කිරිමෙන් වලකින්න.
ඇස්ප්‍රින් වැඩිපුර ගැනිම
වැඩිපුර භාවිතයට ගැනිමෙන් පාචනය,සොටුදියර ගැලිම,රුධිරය වමනය විම,කෙටි ආශ්වාස හා ප්‍රශ්වාස,සහ කනෙන් ශබ්ද ඇති විම දැකිය හැකිය.
එවැනි අවස්ථාවකදි වහාම වෛද්‍ය ප්‍රථිකාර ගත යුතු වේ.                                                  

උපුටා ගැනිම - http://en.wikipedia.org/wiki/Aspirin
කේ.එච්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
හාරිස්පත්තුව