Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 1, 2014

ඇස්කණ්නාඩි නැතිව පෙනීම නිවැරදි කරන ලේසර් ක්‍රමය- ලැසික්

 ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක්‍රමයක් ලැසික්යනුවෙන් හැඳින්වෙනවා.

ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ලේසර් ඇසිස්ටඞ් ඉන් සිටු කෙරටෝමිලියුසිස්’ (Laser-Assisted in situ Keratomileusis) යන ඉංග්‍රීසි වදනේ මුල් අකුරු යොදා ගෙනයි. එයට සිංහලෙන් නම් ලේසර් උපයෝගී ස්වාස්ථිත කෙරටෝමිලියුසිස් සැත්කම කියා කිව හැකිය. එය ලේසර් අක්ෂි ශල්‍යකර්මය හෙවත් ලේසර් දෘෂ්ටි නිර්දෝෂණය (laser vision correction) කියාද හැඳින්විය හැකිය. අවිදුර දෘෂ්ටිකත්වය (myopia) දුර දෘෂ්ටිකත්වය (hypermetropia) හා විෂම දෘෂටිකතාව (astigmatism) යන පෙනීමේ ආබාධ තත්වයන් මේ ක්‍රමයෙන් නිවැරදි කළ හැකියි.

ලැසික් (Lasik) අක්ෂි ප්‍රතිකාර ක්‍රම
ලැසික් යනු වඩාත් බහුලව භාවිත කෙරෙන අක්ෂි ශෛල්‍යකර්මයකි. එය විශාල පරාසයක විහිදුණු මයෝපියා හෙවත් අවිදුර දෘෂ්ටිකත්වයට (myopia) අදාළ වර්තන සැත්කම් ක්‍රියාවලියකි. දුරදෘෂ්ටිකත්වය (hypermetropia) නො එසේ නම් ඇසෙහි ආලෝකය හරි තැනට නාභිගත නොවීම ලැසික් සැත්කම මගින් ඉතා ඉක්මනින් නිවැරදි කළ හැකිය. අනිකුත් සැත්කම්වලට වඩා පහසු මෙය ඉතා සියුම් සැත්කමක් වන අතර එමගින් ආබාධ තත්වය අති සාර්ථකව මග හරවා ගත හැකිය. වේදනා රහිත මේ සැත්කමෙන් පසු ඉතා ඉක්මනින් එනම් පසුවදාම සාර්ථක පෙනීම ලබා ගත හැකිය.

එය සිදු කරන්නේ කෙසේද
පියවර 1: මේ ලැසික් සැත්කම සඳහා යොදා ගන්නේ මයික්රොකෙරටෝම් (Microkeratome) නම් උපකරණයකි. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් එමගින් ඇසෙහි ස්වච්චයෙහි හෙවත් කුණීතයෙහි තුනී, වක්‍රාකාර කෑල්ලක් කපා එය මුලින්ම නවාගනු ලැබේ.
පියවර 2: එහි යට ඇති කුණීතයෙහි පටක ඉතා සුළු ප්‍රමාණයක් එක්සයිමර් ලේසරය (Excimer laser) යොදා ගෙන ඉවත් කෙරේ. මේ සඳහා යොදා ගන්නා ලේසරය සැහැල්ලූ පාරාජම්බුල කිරණ ධාරාවකි. මෙහි දී සිදු කෙරෙන්නේ ඇසේ ප්‍රතිබිම්බය නිවැරදි ස්ථානයට පතිත වන ආකාරයට පටක යළි සැකසීමකි. මෙහි දී ආලෝකය නිවැරදි ලෙසට දෘෂ්ටිවිතානය (retina) මතට පතිත වන ආකාරයට නැවත සැකසීමක් කෙරේ.

පියවර 3: ඉන්පසු කලින් කපා නවා තිබූ තැල්ල ආපසු තිබූ ආකාරයටම සකසනු ලැබේ. මේ සැත්කම සඳහා ගත වන්නේ මිනිත්තු කීපයකි. මෙහිදී කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. ළඟ නොපෙනීම හා දුර නොපෙනීම යන ආබාධ තත්වයන්ගෙන් පෙළෙන අයට මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විෂමදෘෂ්ටිකතාවෙන් පෙළෙන අයට මේ එක්සයිමර් ලේසරය යොදා ගෙන ප්‍රතිකාර කළ හැකිය.
මේ සැත්කම සඳහා සුදුසු අය කවුරුන් ?
ඔබේ ඇස් ඔබේ ඇඟිලි සලකුණු වගෙයි. නිසා අපට ඔබේ ඇස් පරීක්ෂා නොකර ලැසික් සැත්කම සඳහා සුදුසු යැයි ඍජුවම කිව නොහැකියි. එහෙත් පහත සඳහන් කරුණු අනුව ඔබට සඳහා සහභාගි විය හැකිද යන්න තීරණය කළ හැකිය.
-
ඔබේ ආබාධ තත්වය ළඟ නොපෙනීම, දුර නොපෙනීම හෝ විෂමදෘෂ්ටිකතාව හෝ නම්,
-
ඔබ වයස අවුරුදු 18 වැඩි නම්,
-
මේ තත්වය උදා වීමට කලින් අවම වශයෙන් වසරක්වත් හොඳින් පෙනීම තිබුණා නම්,
-
අක්ෂි රෝගී තත්වයෙන් තොර නම්,
-
ඔබේ ඇසෙහි කුණීතය නිසි ගණකමින් යුක්ත නම්,
-
ගර්භිණී කාන්තාවක් නොවේ නම්,
ඔබට මේ ලැසික් සැත්කම සඳහා සහභාගි වීමට අවස්ථාව තිබේ.
 www.new science news  ඇසුරිනි.
 පී.ඩී.පී ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ