Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 27, 2014

හොද දැක්මක් ඇති බ්‍රිට්ල්ස්ටාර්

බ්‍රිට්ල්ස්ටාර් යනු පසගිල්ලාට සමීප සම්බන්ධයක් ඇති මූදු ජීවියෙකි. උගේ විශේෂත්වය වන්නේ ඇස් දහසකින් දකින්නාක් මෙන් විස්මිත ලෙස පැහැදිලි දෘෂ්‍ය උපකරණයක් ඌ සතුවීමය. ඇමරිකවේ නිව්ජර්සිහි ලුසන්ට් තාක්ෂණ ආයතනයට අයත් බෙල්රසායනාගාරයේ ඉංජිනේරුවරියක වන ජොවානා අයිසන්බර්ග් හා ඇගේ සහයකයන් විසින් අනාවරණය කරගනු ලැබූ පරිදි පළිගුමය ද්‍රව්‍යකින් සෑදී නම්‍යශීලී සන්නාහයක් වන් උගේ සිරුර පුරාම මනා හැඩයකින් යුත් ආලෝකය ඒකරාශී වන කාච පිහිටා තිබේ.  ඒ සැමකක්ම මිනිස් හිසකේ ගසකින් අඩක් තරම් වූ පළලින් යුක්තය.
කාලීන තාක්ෂණය යොදාගෙනවත් ඔවුන්ගේ මේ ස්වරූපය නිමයිය නොහැකි බව ජොවානා පවසයි.
උගේ සිරුරේ පිහිටා ඇති දහස් ගණන් වූ කාච එකට එක්ව විශාල ඇසක් ලෙස ක්‍රියා කරයි. එමගින් ඊට යටින් පිහිටි රූප ග්‍රාහක සෛලවලට ආලෝකය කේන්ද්‍ර ගත කරයි. උගේ සෑම කාචයකින්ම රූප දැකිය නොහැක. එහෙත් විවිධ දිශා වලින් ඒකරාශී වන අලෝකයෙන් බ්‍රිට්ල්ස්ටාර් නම් ජීවියාට උගේ වට පිටාව ගැන දළ චිත්‍රයක් ලබා දෙයි. ඒ සමගම දවසේ කාලය පිළිබද හැගීමක් ද ඉන් ඇති කරයි.
උගේ සිරුරේ අව් කණ්නාඩි යුගලක් ලෙසින්ද ක්‍රියාත්මක වෙයි. දිවා ආලෝකය මැද එය අදුරු පැහැයක් ගන්නේ එහෙයිනි.මේ ජීවියා හමුවන තෙක් ඉංජිනේරුවනට මෙවන් ක්ෂද්‍ර කාච සිහිනයක්ව තිබිනි. දෘෂ්‍ය ජාල නිමැයීමේදී හා ක්ෂද්‍රචිප නිෂ්පාදනයේදී එවන් කාච අතිශයින් වැදගත්ය.
මේ නිසා වසර දහස් ගණන් ජීවත්ව ඇති මේ සත්වයාගෙන් උගේ සැකැස්ම ණයට ගෙන අපට අනුකරණාත්මක නිෂ්පාදනයක් කළ හැකි බව ජොවානාගේ අදහස් වී  තිබේ.