Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 3, 2014

කරවල සෑදීමට අත්වැලක්

දේශීය පරිභෝජනය සඳහා කරවල සෑදීම සම්බන්ධ මෙම විඩියෝව කොටස් 7 කින් ඉදිරිපත් කර ඇත්තේ පහසුව සඳහා. විඩියෝ කොටස සහ ඊට අදාල විස්තරයද කියවන්න. සම්පුර්ණ විඩියෝව මෙම ලිපිය අවසානයේ ඉදිරිපත් කර ඇත.
කරදිය මාළු වියළීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල පිළිබඳ අත්වැලක් පහත දැක්වේ.
ක්‍රියාපිළිවෙල
a)  මාළු තෝරා ගැනීම, මිලදී ගැනීම සහ වෙන් කිරීම
b)   අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ සේදීම
c)   පෙරීම (ස්‍රාවය) සහ මුලික සකස් කිරීම
d)   ලුණු නොමැතිව වියළීම සහ ලුණු ස්වල්පයක් දමා වියළීම
e)  තදින් ලුණු ගල්වා වියළීම
f)  වියළීම සහ ගබඩා කිරීම
පරීක්ෂා කිරීම, මිලදී ගැනීම සහ වෙන් කිරීම
මිලදී ගැනීමට පෙර මාළු හොඳින් පරීක්ෂා කරන්න. අපවිත්‍ර හෝ නරක් විය හැකි මාළු නොව හොඳ තත්වයේ මාළු තෝරා ගත යුතුය. මිලදී ගත් මාළු ඕනැම පිරිසිදු භාජනයකට දමන්න. අයිස් වලින් භාජනය හොඳින් පුරවන්න. එසේ නැතහොත් තෙත රෙදි කඩකින් ආවරණය කරන්න.
 වෙන් කිරීම
ප්‍රමාණයෙන් සමාන ලෙස මාළු වෙන් කර ගන්න. ඉන්පසු බේසමකට හෝ ප්ලාස්ටික්, ලී වැනි පෙට්ටියකට අසුරන්න. අයිස් එක් කරන්න.
 
අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ සේදීම
හැකිතරම් ඉක්මණින් මාළුන්ගේ විශාලත්වය අනුව මාළු පිරිසිදු කර ගත යුතුය. මාංශ කොටස් හැර ඉතිරි කොටස් සහ කොරපොතු ඉවත් කරන්න. කෙලවල්ලා, මෝරා වැනි විශාල මාළු අල් 1 ක ඝනකම තීරුවලට හෝ සෘජුකෝණාස්‍රකාර කුට්ටි වලට කපා ගත යුතුය.
සේදීම :-
 විෂබීජ, ඝනීභවනය වු රුධිරය යනාදය ඉවත් කිරීම සහා මුහුදු වතුර, පිරිසිදු ජලය භාවිතා කර මාළු හොඳින් සෝදන්න.
 
ස්‍රාවය(පෙරීම) සහ  වියළීම සඳහා පෙර සැකැස්ම
මාළු වියළීම සඳහා භාවිතා කරන තැටියක අතුරන්න. මෙහිදි මාළු එකිනෙක හා ගැවෙන ලෙස එහෙත් ප්‍රමාණය නොඉක්මවන ලෙස ඇතීරීම කළ යුතුය.තැටිය පිරෙන ලෙස ඇතිරීමට ප්‍රමාණවත් මාළු ඇත්නම් වඩා සුදුසුය. මෙම මාළු සහිත තැටි ආවරණය සහිත ස්ථානයක තැබිය යුතුය. අමතර ජලය ස්‍රාවය වීම සඳහා තැටි ආනතියකින් සහ පැය ½ - පැය 1 ක් අතර කාලයක් තබා ගත යුතුය.
 
ලුණු නොමැතිව වියළීම සහ ලුණු ස්වල්පයක් දමා වියළීම
  මාළු  සහිත තැටි වියලනයකට හෝ වියලනයක රාක්කය මත වියළීම සඳහා තැබිය යුතුය.ස්‍රාවයෙන් පසු මාළු බේසම හෝ ප්ලාස්ටික් භාජනය තුල තබා ලුණු ස්වල්ප වශයෙන් ගලවනු ලැබේ. ඉන්පසු වියලනයක හෝ එහි රාක්ක මත මාළු තැටි තැබිය යුතුය.
තදින් ලුණු ගල්වා වියළීම 
Ø  මාළු කිලෝග්‍රෑම් 10 ක් සඳහා ලුණු කිලෝග්‍රෑම් 1 ක් අවශ්‍යය.
Ø  භාජනයේ පතුලේ ලුණු අතුරා ඒ මත මාළු ඇසිරිය යුතුය. මාළු වලට උඩින් නැවත ලුණු ඇතිරීම අවශ්‍ය වේ. අවසාන ස්ථරය ලුණු විය යුතුය.
Ø  මාළු ඇතිරීමේ දී මුහුණත සහ වල්ගය ලෙස හුවමාරු කර ඇතිරීම කළ යුතුය.
Ø  මාළු ස්ථරයේ හිඩැස් වලට කා වැදීමට ලුණු විසිරිම අවශ්‍ය වේ.
Ø  මාළු බඩ ප්‍රදේශයේ නිතරම වඩා ආසන්න ලුණු ස්ථරය දෙසට යොමුවන ලෙස තැබිය යුතුය. එනම් එක් ස්ථරයක පහල මට්ටමේ තිබෙන මාළුන්ගේ උදරය පහලට ද  ඉහල මට්ටමේ තිබෙන මාළුන් උඩු අතට තැබිය යුතුය.
Ø  භාජනය පියනකින් ආවරණය කරන්න.
Ø  වියළීම ආරම්භ කිරීමට සුදුසු වු විට මාළු භාජනයෙන් ඉවත් කරන්න.
Ø  මාළුවල අමතර ලුණු ඉවත් වන තෙක් හොඳින් සෝදා ගත යුතුය. ඉන් පසු වියළීම කරන තැටිවල, ඇතුළත ඉහල සිටින සේ අසුරන්න.
Ø  තැටිය ආතියක් සහිත පැය ½ - පැය 1 ක කාලයක් ආවරණය ඇති ස්ථානයක තබා ද්‍රව  ස්‍රාවය වීමට සලස්වන්න.
Ø  දැන් මාළු තැටි වියලනයේ තබන්න.
වියළීම
සුර්ය බලශක්ති වියලනයක කැබිනෙට්ටුවේ තට්ටු මත මාළු තැටි තබන්න.දිනකට 3 - 4 වරක් බැගින් දින 02 ක් මාළුන්ගේ පැති මාරු කරන්න. වඩා හොඳ උණුසුමක් ලබාදීම සහ පෝෂණය වැඩි කිරීමට මාළු තැටි එකිනෙක හුවමාරු කළ යුතුය. අඟල් 1 ක් ඝනකමට කැපු මාළු වියළීම සඳහා දින 3 - 4 කාලයක් ගතවේ. එහෙත් සාඩින් වැනි කුඩා මාළු හොඳින් හිරු එළිය පවතින එක දිනයකින් වුව වේලාගත හැකිය.
 
කරවල සෑදීමේ ක්‍රියාවලිය  හොඳින් සම්පුර්ණ වී මාළු හොඳින් වියළි ඇතිබව පහසුවෙන් දැගත හැකිය. වියලුණු මාළු කොටසේ වඩාත් ඝනකම සහිත ප්‍රදේශය දබර ඇඟිල්ල සහ ඉතිරි ඇඟිලි හතරෙන් තද කළ විට එබීයාමක් සිදු නොවුනේ නම් මාළු ප්‍රමාණවත් ලෙස වියළී ඇතැයි සැළකිය හැකිය. විවෘත සෘජුකෝණාස්‍රකාරී ප්ලාස්ටික් පෙට්ටියක මෙම මාළු අතුරා පැය 2 – 3 ක් තබන්න.
කරවල පිසීම සහ හුමාලයෙන් වියළීම පිළිබඳ වැඩි විස්තර සම්පූර්ණ විඩියෝවෙන්  නැරඹීය හැකිවේ.

උපුටා ගැනීම :- http://www.youtube.com/watch?v=PBedIJQO8OY

සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිරව ඇති ග්‍රහලෝක දෙකෙහි කාළගුණ තොරතුරු නිරාවරණය කරයි.

NASA හි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble Space Telescope) මඟින් මෙම ග්‍රහලෝක දෙකෙහි වායුගෝල පිළිබඳ තොරතුරු සෙයාගෙන ඇත.

GJ 436b හෙවත් Gliese 436b ග්‍රහලෝකය, අලෝක වර්ෂ 36ක පමණ දුරකින් සිංහ රාශියේ පිහිටි රතු වාමන තරුවක් වටා ගමන් කරයි. මෙම ග්‍රහලෝකය සෙයාගනු ලැබු වේ 2004 අගෝස්තු මසය. මෙය නෙප්චූන් ග්‍රහලෝකය මෙන් ප්‍රමාණයෙන් විශාල වුවද එහි උෂ්ණත්වය නෙප්චූන්ට වඩා ඉතා අධිකය.

GJ 1214b ග්‍රහලෝකය අලෝක වර්ෂ 40ක පමණ දුරකින් ඔෆියුකස් (Ophiuchus) තාරකා රාශියේ පිහිටි රතු වාමන තරුවක් වටා ගමන් කරයි. මෙම ග්‍රහලෝකය සොයාගනු ලැබුවේ 2009 වසරේ දීය. මෙය පෘථිවියේ විෂ්කම්භය මෙන් 2.7 ගුණයක් හා ස්කන්ධය පෘථිවිය මෙන් 7 ගුණයකින් විශාල වේ. නමුත් මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 450ක් පමණ වේ.
ඉහත ග්‍රහලෝක දෙකෙහි ආකෘති වලට අනුව ඒවායේ වළාකුළු වල පොටෑසියම් ක්ලෝරයිඩ් හෝ සින්ක් සල්ෆයිඩ් තිබිය හැකි බව අනාවැකි පලවී ඇත.

Sci-News.com ඇසුරෙන්.

කතාකරන සජීව ත්‍රිමාණ රූප

දුර බැහැර සිටින කෙනෙකුගේ ජීව ප්‍රමාණයේ ත්‍රිමාණ රූපයක් හා සංවාදයේ යෙදීමට ඔබට හැකිවීම. ඔබට කෙසේ හැගෙන්නේද? එය සැබැවින්ම  අනාගතය හෝ සිහිනයක් විය හැකිය. එහෙත් 21 වන සියවස අගභාගයේ දුර බැහැරකට /රටකට යැමට සැරසි ප්‍රථමයෙන් ඔබ විමසනු ඇත්තේ කෝ මගේ Holographic Projector බැග් එකට දැම්මාද?  එමඟින් ඔබ කොහේ සිටියද ඔබට ඔබේ ඥාතීන්, හිතමිතුරන්, කාර්යාල සමඟ  ජීව ප්‍රමාණයේ සජීව ත්‍රිමාණ කිරණ රූපයක් ලෙස (ළඟ සිටිනවා මෙන්) සංවාදයේ යෙදීමට හැකියාව ලැබේ. කැලිෆෝනියාවේ, චැට්ස්වර්ත් හි ප්‍රොමිසන් ආයතනයට මෙම සිහිනය පියවරකින් සැබැ කිරීම සඳහා ඔවුන්ගේ Holovision (සජීව ත්‍රිමාණ රූප දැක්ම/හොලෝවිසන්) සඳහා ජීව ප්‍රමාණයේ Holographic projector(හොලෝග්‍රැපික්    ප්‍රක්ෂේපණ යන්ත්‍රය) මඟින් උත්සහ කරයි. ලබන වසරේදී මෙය ළිදැක්වීමට සමාගම කටයුතු කරමින් සිටියි.
විශේෂ කණ්ණාඩි හෝ කාච නොමතිව පෙනෙන ත්‍රිමාණ රූප නිෂ්පාදන ක්‍රමයක් වු ariel හෝ volumetric (පරිමාමිතික) රූපකරණය මෙම Holographic projector (හොලෝග්‍රැපික්    ප්‍රක්ෂේපණ යන්ත්‍රය) භාවිතා කරයි. එය ඩිජිටල් LED තිරයක් හා අවතල කාච උපයෝගි කරගෙන ත්‍රිමාණ රූපයක ක, ප්‍රක්ෂේපකයෙන් පිටතට මුදා හරියි. දැනට නිෂ්පාදිත කුඩා ප්‍රමාණය Holographic projector(හොලෝග්‍රැපික්    ප්‍රක්ෂේපකය)දර්ශන මතුපිටෙන් සෙමි.30 ක් පිටතින් සජීව ත්‍රිමාණ රූප කිරණ පතිත කරයි. ජීව ප්‍රමාණයේ සජීව ත්‍රිමාණ රූප දැක්ම සඳහා මෙය තවදුරටත් වර්ධනය විය යුතුය. මෙම තාක්ෂණය මඟින් වඩා පැහැදිලි රූපයක් ජනනය කළ හැකි බවත් එය අපැහැදිලි හෝ බැලීමෙන් අපහසුතාවයට පත්වීමක් ඇති නොවන බවත් ප්‍රොමිසන් ආයතනය පවසයි.
ප්‍රචාරණයක් ලෙස ප්‍රොමිසන් ආයතනය දැනටත් ත්‍රිමාණ ප්‍රක්ෂේපක නිෂ්පාදනය කරයි. එහෙත් වර්තමානයේ ඔවුන් සතු විශාලතම ප්‍රක්ෂේපකයට නිර්මාණය කළ හැකි රූපයේ ප්‍රමාණයඅඟල් 18 (සෙමි. 45.7) ක් පමණ වේ. ඔවුන්ගේ අභිප්‍රාය අඩි 06 ක් උසැති ත්‍රිමාණ රූපයක් අඩි 07 ක් දුරකින් නිරුපණය කිරිමයි (100º තියක් සහිත). මේ සඳහා නව දෘෂ්ටික හා ආලෝක ප්‍රභව සංවර්ධනය අවශ්‍ය වේ. එම තත්වය ලඟා කරගත් පසු පද්ධතිය කුඩා කර ගැනීමට බලාපොරොත්තුවේ. ඉන්පසු එම යෙදුම් අධ්‍යාපනය, ප්‍රතිකාර, විඩියෝ සම්මත්ත්‍රණ යනාදී කේෂත්‍ර සඳහා දියුණු කිරීමට අපේක්ෂිතය.මෙහි ඇති විඩියෝව  Holovision තාක්ෂණය හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කර තිබේ.

උපුටාගැනීම :Holovision aims at life-size 3D projections By David Szondy   July 29, 2013


January 1, 2014

කලලයට හානි නොකරන ප්‍රවේණි පරීක්ෂණය

බාහිර සංසේචන ක්‍රියාවලිය හෙවත් IVF  හී සඵලතාවය ඉහළ නංවමින්, කලලයක් සතු ජානමය දුර්වලතා නැතහොත් විකෘති සොයා ගැනීමේ ක්‍රමයේ වැඩි දියුණු කිරීමක් දැන් හඳුනාගෙන ඇත.
IVF ක්‍රමයට සකස්කළ කලලයක් තැන්පත් කිරීමට ප්‍රථම කලලයේ ජාන අනුපිළිවෙළගත කිරීම හරහා, ජානමය විකෘති සහිත දරුවෙකු බිහිවීමේ අවදානම අවම කරගැනීමට පුළුවන. මෙහිදී  බෙදෙමින් පවතින කලලයේ සෛලයක් ඉන් ඉවත් කිරීම සිදුකරන අතර එමඟින් කලලය ගර්භාෂය තුළ තැන්පත්වීමට ඇති හැකියාව බොහෝදුරට අවදානමට ලක්වේ.
හාවඩ් විශ්ව විද්‍යාලයේ සනීක්සයි සහ ඔහුගේ සගයින් එක්ව කලලයෙන් සෛලයක් ඉවත් නොකර මව් පාර්ශ්වයේ ආවේණික ජීනෝමීය අනුපිළිවෙළ සොයාගත හැකි ක්‍රමයක් වැඩි දියුණු කර ඇත. මෙම ක්‍රමය ඔවුන් හඳුන්වන්නේ MALBAC (Multiple Annealing & Lopping Based Amplification Cycles ) නමිනි. ධ්‍රැවීය දේහ එනම් බෙදෙමින් පවතින ඩිම්බයේ ඉදිරියට නෙරූ සෛල දෙකක් ජාන අනුපිළිවෙල ගත කිරීම සඳහා භාවිතා කෙරේ.
ක්සයි පවසන පරිදි මීට පෙර පැවති ක්‍රම වලදි නිරවද්‍ය ජාන රටාවක් ලබාගැනීම අපහසු වු අතර විශාල වර්ණ දේහ විකෘති මෙන්ම ඉතා කුඩා ජාන අනුපිළිවෙල වෙනස්කම්ද සොයාගැනීමට නොහැකිවිණි. අළුත් ක්‍රමවේදය මඟින් පිය පාර්ශ්වයෙන් ප්‍රවේණිය ලබන ජාන සංකූලතා හඳුනාගැනීමට නොහැකි නමුත් IVF   සඳහා භාජනය වන වයස්ගත කාන්තාවන්ගේ ගබ්සාවීම් සඳහා බොහෝ විට හේතුවන 70% වැඩි වර්ණදේහ විකෘති හඳුනා ගැනීමට පුළුවන. කණ්ඩායමේ සාමාජිකයෙකු වන බිජිං හී පීකිං විශ්ව විද්‍යාලයේ ෆුචෝ ටැන්ග් පවසනුයේ මෙම ක්‍රමය මඟින් සජිවි දරු උපත් සඳහා IVF  සඵලතාවය 30% -60% තෙක් වැඩි දියුණු කළ හැකි බවයි.
පර්යේෂණ කණ්ඩායම මෙම පරීක්ෂණය ආරම්භකර ඇත්තේ ජානමය සංකූලතා සහිත කාන්තාවන් තිස් දෙනෙකුගේ ජීනෝම අනුපිළිවෙළ  ගත කිරීම මඟින් වන අතර 2014 වර්ෂයේදී නිරෝගී MALBAC ළදරුවන් බිහිකිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උපුටා ගැනීම
December 2013 by Alyssa Botelho
New Scientist ඇසුරෙනි

ආහාර වල වස විෂ පෙන්වන TellSpec


ඔබ මිලදි ගන්නා වර්ණවත්, පිරිසිදු, ඉඳුණු පළතුරු, ගුණවත් එළවළු වල කෘමිනාශක අඩංගු දැයි එකවරම හඳුනාගත හැකි උපකරණයක් නිපදවා තිබේ. ගණිතඥ ස්ටේෆෝන් වොට්සන් සහ එක්වු ඉසබල් හෝෆමන් නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය TellSpec (ටෙල් ස්පෙක්) නම්වේ. අතේ ගෙන යා හැකි කුඩා උපකරණයක් වන TellSpec ආහාරය දෙසට යොමු කිරීමෙන් ආහාරයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. එමඟින් ආහාර වල අඩංගු ඔබ විසින් පරිභෝජනය නොකළ යුතු රසායනික, ආසාදිතයන්  සහ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ක්ෂණීකව ඔබට ලබාදේ. මීට අමතරව ආහාර වල සංවේදිතාව සහ ආහාරයෙන් ඔබට ලැබෙන විටමින් ප්‍රමාණය යන කරුණුද දන්වා සිටියි. මෙහිදී එළවළු පළතුරු පමණක් නොව පිඟානක ඇති පිසු ආහාර පිලිබඳ තොරතුරු ද ලබා ගත හැකිය. තමන්ට ලැබෙන ලිපි කියවා බලා තේරුම් ගන්නා සේ ඉතා පහසුවෙන් අනුභව කිරීමට සුදුසු ආහාර තෝරා ගැනීමේ හැකියාව මිනිසුන්ට ලබාදීම තම ඉලක්කය බව සමාගම ප්‍රකාශ කරයි. “ආහාර ඇසුරුම් වල සඳහන් තොරතුරු වලට අමතරව ඇත්ත වශයෙන්ම ඒවායේ අඩංගු දේ පිළිබඳ තොරතුරු ලබාදීමෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට, අසාත්මිකතා ඇති අයට අනතුරු ඇඟවීමට සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර අනුභවය ප්‍රවර්ධනය කිරීමට අපට අවශ්‍යයි.” යැයි ඔවුහු තව දුරටත් සඳහන් කරති.   
                                                                                                
කුඩා රාමන් වර්ණාවලිමානය( Raman Spectrometer), Cloud පරිගණක ක්‍රමය පාදක කර ගත් සුවිශේෂ ගණිත ප්‍රතිලේඛන ක්‍රමය සහ සරල  Smart phone යෙදුමකින් මෙම TellSpec සමන්විත වේ. පිඟානක ඇති පිසු ආහාර හෝ වෙළඳසැලක රාක්කයක හෝ පදික වේදිකාවේ ඇති ආහාර වල පෙරකී  තොරතුරු ලබා ගැනීම TellSpec ආහාරය දෙසට යොමුකර බොත්තමක් එබීම තරම් සරල ක්‍රියාවකි. උපකරණය මඟින් අඩු බලැති කිරණයක් ආහාරය දෙසට ගමන් කර පරාවර්තින ආලෝක කිරණවල තරංග ආයා වලින් ආහාර සැකසි ඇති රසායනිකයන් හඳුනාගනු ලැබේ.

ප්‍රථමයෙන් දත්තයන් විශ්ලේෂක යාන්ත්‍රණයටලබාදෙනු ලැබේ. එහිදී තොරතුරු අදාල වර්ණාවලි සමඟ සන්සනදනය කිරීම, දත්ත ගබඩාවකින් ප්‍රතිඵල අර්ථකතනය කිරීම සහ අවසාන නිගමන භාවිතා කරන්නාගේ  Smart phone  වෙත ලබාදීම සිදුවේ. ආහාර වල මතුපිට පරිලෝකයනය (Scan) කිරීමෙන් ආහාරය සහ එහි අන්තර්ගත ද්‍රව්‍ය ආසන්න වශයෙන් 97.7% ක් නිවරදිව හඳුනා ගැනීමට මෙම උපකරණයට හැකි බව හොෆමන් පවසයි.
ආහාරවල මතුපිට ඇති විනිවද පෙනෙන සුළු බව වැඩිවන විට වඩාත් නිවැරදිව හඳුනාගත හැකිවේ. හොෆ්මන් සඳහන් කරන පරිදි TellSpec ට අමුද්‍රව්‍ය අසීමිත ප්‍රමාණයක් හඳුනාගත හැකි නමුත් මුලික දත්ත ගඩඩාව සඳහා ආහාර වර්ග 3000 ක අඩංගු අමු ද්‍රව්‍ය හඳුනාගෙන ගබඩා කර තිබේ. TellSpec භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයත් සමඟ මෙම දත්ත ගබඩාව වැඩි දියුණු කිරීම සහ භාවිතා කරන්නාට අවශ්‍ය දත්තද එයට ඇතුළු කිරීමට හැකිවනු ඇත. සියළු තොරතුරු විවෘත ප්‍රභවයක (Open Source) පවතින ලෙස සකස් කර ඇත. සෑම එක් පුද්ගලයකුගේ අවශ්‍යතාවය දන්වන මට්ටම දක්වා මෙම ආහාර දත්ත ගබඩාව වර්ධනය වීම හොෆ්මන්ගේ අපේක්ෂාවයි. තවද මෙම උපකරණය අනුභව කරන ආහාරවල ප්‍රමාණය දැක්වීමට සහ අනුභවයෙන් පසු ඇතිවන ආසාත්මිකතාවයට  හේතු දැක්වීමට හැකි ලෙස සංවර්ධනය කිරීමට ඔහු බලාපොරොත්තුවේ.

උපුටාගැනීම : http://www.youtube.com/watch?v=kcNj1DknDpg

 TellSpec hand-held scanner identifies what's in your food  By Lakshmi Sandhana December 23, 2013    http://www.gizmag.com/tellspec-food-scanner/30221/