January 3, 2023

mRNA මගින් වෛද්‍ය විද්‍යාවේ විප්ලවයක් ඇති කළ හැකිද? (mRNA could revolutionize medicine)

 mRNA මගින් වෛද්‍ය විද්‍යාවේ විප්ලවයක් ඇති කළ හැකිද? විද්‍යාඥයෝ දශක ගණනාවක් තිස්සේ mRNA අධ්‍යයනය කරමින් සිටිති. mRNA එන්නත් එහි ආරම්භය පමණක් වන අතර mRNA" වෛද්‍ය විද්‍යාවේ ප්‍රෝටීන ගැන ය. සරලව කිවහොත් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතැම් රෝග වැළැක්වීමට හෝ රෝග වලට ප්‍රතිකාර කිරීමට උපකාර කළ හැකි නිශ්චිත ප්‍රෝටීනයක් සෑදීමට, mRNA ශරීරයට උගන්වයි.

අපගේ ශරීරය තනිවම රෝග වලට එරෙහිව සටන් කරන ආකාරය, මැසෙන්ජර් RNA ඖෂධය (එම් ආර් එන් ඒ්) “උගන්වයි”, එය COVID-19 සඳහා වූ පෙරළිකාර ප්‍රතිකාර වලට මඟ පෙන්වන අතර, අනාගතයේදී, පිළිකා, උණ සහ සහස්‍ර ගණනාවක් තිස්සේ මනුෂ්‍යත්වයට හොල්මන් කරන වෙනත් රෝග සඳහා ප්‍රතිකාරයක් වන බව COVID-19 එන්නත වේගයෙන් නිර් මාණය කිරීමට ප්‍රධාන පෙළේ දායිකාවක් වූ Moderna හි ප්‍රධාන විද්‍යාත්මක නිලධාරිනිය සහ RNA පරයේෂක  Melissa J. Moore පවසන්නීය. ඇය, TED TALKS  (ප්‍රචලිත කිරීමට වටිනා අදහස් ) හි ඉදිරිපත් කළ තොරතුරු ස්වල්පයක් පහත දක්වන අතර සම්පූර්ණ විස්තරය ඔබට රිසි සේ තේරුම් ගැනීමට   https://www.ted.com/talks/melissa_j_moore_  වෙත පිවිසෙන්න.

අප සෑදී ඇත්තේ ප්‍රෝටීන වලිනි අපේ සිරුරේ ඇති සෑම සෛල ට්‍රිලියන 30 කම ප්‍රෝටීන් අණු බිලියන 1ත් 10ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ. එනම් අප දන්නා විශ්වයේ ඇති තරු තරම් ප්‍රෝටීන් අණු අපේ සිරුරේ ඇත. තවද සෑම සෛලයකම ප්‍රෝටීන අඩංගු වේ. ප්‍රෝටීන, සෛලවල "වැඩ අශ්වයන්" වන අතර ශරීරය විවිධ ප්‍රෝටීන වර් ග100,000 කට වඩා සාදයි. ශරීරය නිවැරදි ප්‍රෝටීන් ප්‍රමාණය හෝ වරගය නිපදවන්නේ නැති විට, එය පිළිකා හෝ පරිවෘත්තීය රෝග වැනි තත්වයන් ඇති කළ හැකිය. එනිසා සෞඛ්‍යය පවත්වා ගැනීමට සහ රෝග වැළැක්වීම සඳහා ප්‍රෝටීන් අත්‍යාවශ්‍ය වේ.

උදාහරණයක් ලෙස, ඉන්සියුලින් යනු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ශරීරයට උපකාර කරන ප්‍රෝටීනයකි. ශරීරය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට පළමු වර්ගයේ දියවැඩියා රෝගී තත්වය ඇති වේ‌.    

                  

සමේ ඇති කොලජන් ප්‍රෝටීනය අපගේ සම දැඩි නමුත් නම්‍යශීලී කරයි. අපගේ මාංශ පේශිවල ඇති ඇක්ටින් සහ මයෝසින් ප්‍රෝටීන් අපට චලනය වීමට ඉඩ සලසයි. අපගේ රුධිරය හීමොග්ලොබින් වලින් පිරී ඇත, ඔක්සිජන් රැගෙන යයි. රෝග වලින් අපව ආරක්ෂා කරන ප්‍රතිදේහ සහ අපගේ තුවාල වසා දමන කැටි ගැසීමේ සාධක. මෙය මිනිස් සිරුරේ පරිවෘත්තීය වගුවයි. මේ සියල්ල ඔබගේ ශරීරයේ ඇති ප්‍රතික්‍රියාවන් වන අතර දැන් ඔබව ජීවමානව සහ හොඳින් තබා ගනී. ඒ සෑම ප්‍රතික්‍රියාවක්ම විවිධ ප්‍රෝටීන් මගින් උත්ප්‍රේරණය කරනු ලබයි. (රූපය 1- මිනිස් සිරුරේ පරිවෘත්තීය වගුවයි   රූපය 2 - metabolic pathways-protien in blue වඩා පැහැදිළි රූප වෙබ් පිටු).

එහි නමට අනුව, mRNA (messenger RNA) යනු පණිවිඩකරුවෙකි. එය ප්‍රෝටීන සෑදීමට උපකාර වන සෛලවල අනෙකුත් සංරචක සමඟ අන්තරක්‍රියා  කර" ශරීරයට තමන්ගේම ඖෂධයක් සාදා ගන්නා ආකාරය උගන්වයි. විද්‍යාඥයින් විසින් එක් එක් mRNA නිරමාණය කර ඇත්තේ අවශ්‍ය කරන විශේෂිත ප්‍රෝටීනයක් සෑදීමට සෛල වෙත උපදෙස් ලබා දීම සඳහාය.

mRNA ඖෂධයක් සෑදීමේදී එම mRNA ඖෂධය ආරක්ෂා කිරීමට සහ සෛල තුළට බෙදා හැරීමට උපකාර කිරීම සඳහා, mRNA ලිපිඩ හෝ මේදවලින් ඔතා ඇත. දැන් ශරීරයට mRNA ලබා දෙන්නේ එන්නතක් ලෙසයි. අනාගතයේදී එය තැම්බුම්සාරයක් (an infusion) විය හැකිය. එන්නත ලබා දුන් පසු, ශරීරය mRNA හි උපදෙස් අනුව අදාල නිවැරිදි ප්‍රෝටීන් සාදයි. සෑම mRNA නිශ්චිත ප්‍රෝටීනයක් සෑදීමට උපදෙස් දරයි. මෙම උපදෙස් "බ්ලූප්‍රින්ට්" වැනිය. mRNA මෙම උපදෙස් ලබා දෙන අතර සෛල ප්‍රෝටීන එකට තබයි.

mRNA එහි කාර්යය අවසන් වූ පසු ශරීරය විසින් එය බිඳ දමනු ලබන බැවින් mRNA වැඩි වේලාවක් ශරීරයේ රැඳී නොසිටියි. තවද එය ස්ථිර වෙනස්කම් ඇති නොකරයි. DNA වෙනස් නොකරයි.

 අන්තර් ජාලයේ පිළිගත් වෙබ්ජාල අනුසාරයෙනි.


0 comments:

Post a Comment