May 13, 2020

වෛරස පිළිබඳ ඔබ දැනුවත්ද?

වෛරසයක් යනු ඇසට නොපෙනෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කලහැකි ජීවී අජීවි ලක්ෂණ දෙකම පෙන්නුම් කරන කොට්ඨාශයකි.වෛරසයක් 18-450 nm සීමාවේ පවති.

වෛරසයක ප්‍රමාණය

වෛරස සජීවි පදාර්ථයේ සංයුතිය වන කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන  සහ න්‍යෂ්ටික අම්ල වලින් සෑදී ඇත. න්‍යෂ්ටික අම්ල DNA හෝ RNA  දාම වලින් සෑදී ඇති අතර ප්‍රවේනික ද්‍රව්‍ය ඒ හරහා රැගෙන යයි.ඊට අමතරව එහි පවතින ප්‍රොටීන් ආවරණය ජානමය කොටසට ආරක්ෂාව සපයයි.සමහර වෛරසවල මේදයෙන් සෑදුනු ආවරණයක් පවතින අතර එමගින් ධාරක සෛලයක් තුල අඩංගු නොවන අවස්ථාවලදි ආරක්ෂාව සපයයි. නමුත් ස්වාධීන වෛරස  කිසිදු පරිවෘත්තීය ලක්ෂණයක් හෝ කිසිදු වැදගත් ක්‍රියාවලියක් සම්පුර්ණ කිරීමට හෝ කිසිදු ජීවන ලක්ෂණයක් පෙන්වීමට නොහැකිය. නමුත් වෛරස පරිණාමය වේ.වෛරස තුල අධික විවිධත්වයක් පවති.
වෛරසයක ව්‍යුහය
වෛරසයක් සතුව ඔවුනට ගුණනයවීම සදහා අවශ්‍ය සියළුම එන්සයිම නොමැත.  නමුත් වෛරසයක් සජීවි ධාරක සෛලයක් ආක්‍රමනය කල විගසම ක්‍රියාකාරී ජිවී ලක්ෂණ පෙන්වයි. ඒවා ප්‍රතිවර්තනය හා වර්ධනය සඳහා ධාරක සෛල පද්ධතිය භාවිතා කරමින් නව පරමිපරාවේ වෛරස බිහිකරයි.මෙම ක්‍රියාවලියේදි ධාරක සෛලය යම් ප්‍රමාණයකට හානි සිදුවේ.

ආසාදිත ධාරක සෛල තුල වෛරස වර්ධනය වන්නේ එහි ජානමය ද්‍රව්‍ය වන න්‍යෂ්ටික අම්ල අනුපිටපත් කිරීමෙනි.මෙහිදි න්‍යෂ්ටික අම්ල නව න්‍යෂ්ටික අම්ලයක් නිපදවීමේ අච්චුවක් ලෙසින් ක්‍රියාත්මක වෙම්න් එහි මුල් ස්වරූපයට සමාන න්‍යෂ්ටික අම්ල අනුවක් සෑදීම සිදුවේ.මෙසේ අනන්‍යය සහ සර්වසම පිටපත්  දහස් ගණනක් අසාමාන්‍ය වු වේගයකින්  නිපදවීම සිදුවේ. දැනට වෛරස 2000 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත
විවිධ වු වෛරස ව්‍යුහ කිහිපයක්

උපුටා ගැනීම- https://www.ucl.ac.uk/~zchabg4/viruses.htm
                      https://si.wikipedia.org/wiki

කේ.එච්.එම්.එම්.එම් ජයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිළධාරි
පාතහේවාහැට










0 comments:

Post a Comment