Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 27, 2014

ලේසර් ප්‍රින්ටර් භාවිතය ප්‍රවේශමෙන්!


ලේසර් ප්‍රින්ටර් වලින් නිකුත් වෙන ටෝනර් කුඩු මගින් මිනිස් සිරුරට ඉතා අහිතකර බලපෑම් ඇති කරන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.ලේසර් ප්‍රින්ටර් වල භාවිතා කරන ටෝනර් අංශු ඉතා සියුම් අංශු බැවින් (Ultra tiny particle)  එම අංශු ඇති ස්ථානයක සිට හුස්ම ගන්න විට එම අංශු පෙනහළු තුලට ගමන් කරන අතර ඒවා පෙනහළු මතුපිට නොරැදී පෙනහළු පටක තුලට කිදා බසී.මෙමගින් ශ්වශන පද්ධතියේ රෝග ඇති කරනු ලබන අතර දීර්ඝ කාලයක් ටෝනර් කුඩු ආශ්වස කලවිට හෘද රෝග හා පිළක සැදීමේ අවදානමක් පවතී.ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ලිඩියා මොරවුස්කා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.
තීන්ත වෙනුවට ටෝනර් යොදා ගන්නා ප්‍රින්ටර් වර්ග හැටක් ඇසුරෙන් මෙම පරීක්ෂණය මෙහෙයවූ පර්යේෂණ කණ්ඩායම අනාවරණය කරගත්තේ වැඩිපුරම ටෝනර්  කුඩු පරිසරයට මුදා හරිනුයේ අකුරු (Text) වලට වඩා පින්තූර( Picture) සහිත ලියවිලි මුද්‍රණයේදී බවයි. එසේම ටෝනර් කාට්‍රිජය ප්‍රින්ටරයෙන් ඉවතට ගැනීමේදී සහ අළුත්වැඩිය කිරීමේදී පරිසරයට නිකුත්වන ටෝනර් අංශු ප්‍රමාණය ඉතා වැඩි බව පර්යේෂකයන් විසින් අනාවරණය කරගන්නා ලදී.
මෙම ටෝනර් අංශු වැඩිපුරම එකතුවී තිබෙන්නේ ප්‍රින්ටරය අසල වටපිටාවේ බැවින් එය ආසන්නයේ සිටින අයහට වඩා වැඩි හානි සිදුකරණු ලබයි. නමුත් ප්‍රින්ටරය වායු සමීකරණය කර ඇති කාමරයක තබා ඇතිවිට එම ටෝනර් අංශු කාමරය පුරා එකසේ පැතිරී යන බැවින් කාමරයේ සිටින සියළුදෙනා හට සමාන අවදානමක් පවතී.
මෙම අවදානමෙන් වැළකී සිටීමට කළහැකි හොදම පියවර වනුයේ ප්‍රින්ටරය සමීපයෙහි වැඩ කිරීමෙන් වැළකී සිටීමයි. එසේම ප්‍රින්ටරය හොදින් වාතාශ්‍රයලැබෙන ස්ථානයක ස්ථානගත කිරීම වඩාත් සුදුසු වන අතර වස ඇති කාමරවලදී ටෝනර් කාට්‍රිජය ඉවතට ගැනීම කිසිසේත් නොකළ යුතුය.


 මුලාශ්‍රය http://pubs.acs.org/journal/esthag