Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 1, 2015

අමුතු සතුන්ගේ ඇත්ත විත්ති

සත්ත්ව ලෝකයේ විවිධාකාර සත්වයෝ වෙසෙති. සමහර සත්වයන්ගේ පෙනුම මෙන්ම හැසිරීමද
සමිපුර්ණයෙන්ම වෙනස්ය. එවැනි සතුන් කිහිප දෙනෙකුගේ වත. 

Angler Fish   
Family- Lophiformes  මාංශ භක්ෂකය.හිස විශාලය.අඩ සදක හැඩය ඇති මුඛය පුරා තියුණු දිගු දත් පිහිටා ඇත.අවානක හැඩැතිව දත් පිහිටා ඇත.  මොවුන්ගේ ශරීර බර  45 kg දක්වා අතර පවතී.සිරුරේ දිග 20cm-1m ත් අතර වේ. ගැඹුරු මුහුදේ ජීවත් වේ. ශරීර ශක්තිය වැය නොකර ගොදුරු සොයා ගැනීමට උපායශීලීය. මොවුන් පිහිනීම සදහා 2% ශරීර ශක්තියක් වැය කරයි.
             ගැඹුරු මුහුදේ වෙසෙන Angler Fish ආලෝකය විහිදු වන අතර එය ගොදුරු ආකර්ශනයට ඇති උපාංගයකි.

Kakapo ගිරවා 
විද්‍යාත්මක නාමය - Strigops Habroptillus
Owi Parot යන නාමයෙන්ද මොවුන් හදුන්වයි. කහ,කොළ වර්ණයේ පිල්කඩක් ඇති මෙම ගිරවා නිශාචර පක්ෂියෙකි. තරබාරුය. පිරිමි සතකුගේ දිග 60cm ක් පමණ වන අතර  2kg-4kg අතර වේ.
මෙම පක්ෂීන්ගේ ඉව ඉතා තියුණුය. රාත්‍රියේ හැසිරෙන අතරම ආහාර සපයා ගනිති. ගද මෙන්ම සුවදද Kakapo ගිරවා විසින් හොදින් අවබෝධ කර ගනී. මොවුන් ක්ෂීරපායි සතුන්ගෙන් පරිනාමය වී ඇත. නවසීලන්තයේ තෘණ බිම්, ලදු කැලෑ සහ වෙරලාසන්න බිම් මොවුන්ගේ වාසභූමි වේ.
ආහාරජීර්ණ පද්ධතිය ඉතා කුඩා නිසා හොට ජීරණ ක්‍රියාවලියේ විශාල කොටසක් ඉටු කරනු ලැබේ.

Pygmy Marmoset 
විද්‍යාත්මක නාමය - Cebuclla Pygmace
වානර   කුලයේ කුඩාම විශේෂය වේ. සිරුරේ ප්‍රමාණය 117mm -152mm අතර වේ. වලිගය සමග ගත් විට 171 mm -229 mm  අතර වේ. සදාහරිත වනාන්තර, ගං ඉවුරු අද්දර වනාන්තරයන්හි වාසස්ථාන පිහිටා ඇත.
ශාක මැලියම් මොවුන්ගේ විශේෂිත ආහාරයයි. ඊට අමතරව සමනලයන්ද කෘමීන්ද බුදිති. කණ්ඩායම් ලෙස හැසිරෙන  මොවුන් කණ්ඩායමක පිරිස 9ක් පමණ වේ. ඒ අතර වැඩිහිටි පිරිමි දෙදෙනකු හා ගැහැනු සතුන් දෙදෙනකු සිටිති.

Purple Frog
  
විද්‍යාත්මක නාමය - Nasikabattrachu
මොවුන්ගේ මුහුණ ඌරකුගේ හැඩට සමානය. බටහිර ඝාට්ස් ප්‍රදේශයේ හම්ප් කදු වැටියේ උතුරු දෙස සිට අගස්තිමලේ කදු වැටියේ දකුණු ප්‍රදේශය තෙක් මෙම සතුන් වාසය කරති. මෙම සතුන් ගෝලාකාර, ශක්තිමත් සිරුරක් හිමි අතර හිස කුඩාය. අසාමාන්‍ය හොම්බ සහ අග සිහින්ය. වැඩුනු  සතකුගේ සරුර තද දම් ,අළු පැහැයෙන් යුක්තය.

සකස්කළේ : චරනි අතාවුද
                   විද්‍යා හා තාක්ෂණ නිලධාරි