Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 7, 2014

ශ්‍රී ලංකාවේ කඩොලාන ප්‍රජාව

"කඩොලාන" යන්නෙහි අර්ථය ලවණ සහිත ජලයේ වැවෙන ශාක යන්නයි. ගංගා මෝය හා කලපු සහ දූපත් ආශ්‍රිත මුහුදු තීරයන්හි හරිත වර්ණ ජීවී වගාව ලෙස කඩොලාන හැඳින්විය හැකිය. කඩොලාන පරිසර පද්ධතිය ජෛව විද්‍යාත්මකව ඉහළ නිෂ්පාදකතාවයක් දක්වන බවට වර්ග කර ඇත. මේවා අන්තර්උදම් කලාපයේවැවෙන ශාක ප්‍රජාවක් බැවින් ඒ ආශ්‍රිත ශාක හා සතුන් බහුල වශයෙන් මෙහි දක්නට ලැබේ. මෙම පරිසරය කඩොලාන විශේෂයන්ගෙනුත් ගිංපොල් වැනි තාල වර්ගයේ ශාකයන්ගෙනුත්, ශාක මුල් හා අතු පතර ජීවත්වෙන විවිධ සතුන්ගෙනුත් ගහණය. කඩොලාන ආශ්‍රිත භූමිය කලු පැහැති මඩ තට්ටු වලින් හෝ වැලි සහිත භූමියෙන් සමන්විතය.


එසේම මෙම භූමිය මිරිදිය අවශ්‍යතාවයකින් යුතු එහෙත් ලවණාධික පරිසරයක් බැවින් එහි වැඩීමට හැඩගැසී ඇති ශාකා වලින් සමන්විතය. අන්තර් උදම් කලාපයේ නිරතුරුව විචලනය වන ලවණතාවයකින් හා ජල ප්‍රවාහයකින් යුතු මෙම පස තරමක් ආම්ලිකතාවයකින්ද යුක්තය. මෙම පසේ ඔක්සිජන් ප්‍රමාණයද සීමිත බැවින් කඩොලාන ශාක එම තත්ත්වයන්ට ද අනුවර්තිතය. කඩොලාන වැඩීමට යෝග්‍ය PH අගය 7-8 අතර වේ.
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කඩොලාන වඩදිය බාදිය මට්ටම අතර වෙනස සෙ.මී. 75 ඉක්මවන්නේ ඉතා කලාතුරකිනි. මධ්‍යන මුහුදු මට්ටමේ සිට කිලෝමීටරයකට අඩු ප්‍රමාණයක් රට තුලට විහිදෙන අන්තර් උදම් කලාපයේ පටු තීරුවක් ලෙස ශ්‍රී ලංකාවේ කඩොලාන විසිරී ඇත. වෙරළ තීරයේ කඩොලාන තැනින් තැන විහිදී පිහිටා ඇත. රළ වේගය වැඩි ප්‍රෙදේශවල කඩොලාන දක්නට නොලැබේ.
ශ්‍රි ලංකාවේ කඩොලාන ප්‍රජාව "සත්‍ය කඩොලාන" හා "ආශ්‍රිත කඩොලාන" විශේෂ වලින් ද සමන්විත වේ. ඒ අනුව දැනට ප්‍රධාන වශයෙන් කඩොලාන වර්ග 17ක් පමණ සොයාගෙන ඇත. ශ්‍රි ලංකාවේ දිවයින වටා ඇති කඩොලාන ප්‍රජාව වැසී පැතිරී ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 10000ක් පමණ වේ.

ශ්‍රි ලංකාවේ සුවිශේෂී කඩොල් ශාක වර්ග

1.කඩොල්   කුලය Rhizophoraceae  
  ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි.                                                                                                                                                                                                                                                                                                                                                                                              

i. Rhizophora Mucronata

මෙම කඩොලාන ශාක විශේෂය මීගමුව,රැකව,පුත්තලම,කහඳමෝදර ආදී කඩොලාන ශාක ප්‍රජාවන් තුළ වඩාත් ප්‍රචලිතව ඇත. සදාහරිත ශාකයක් වන මෙ‍හි කරු මුල් විශාල සංඛ්‍යාවක් දැකිය හැක. පත්‍ර ඉලිප්සීය ආකාරයක් ගන්නා අතර පත්‍ර අග්‍රයේ සිහින් කෙන්දක් වැනි කොටසක් දැකිය හැකිය. පත්‍ර මතුපිට ලා කොළපාට,තද කොළ පාට වන අතර යට පැත්ත ලා කොළ පාටය. පත්‍ර යට පැත්තේ කලු තිත් රාශියක් දැකිය හැකිය.
පුෂ්ප මංජරියේ බොහෝ විට පුෂ්ප හතරක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇත. පුෂ්පය කහ සුදු පාටය. පුෂ්පයේ රේණු අටක් ඇති අතර සූත්‍රිකාව කෙටිය. මේරූ ඵලය තද කොළ දුඹුරු පාටය. ජලාබුජ ප්‍රරෝහණය පෙන්නුම් කරන ඵලය මේරූ පසු ජලය‍ට පතිත වී ජලය මතුපි‍ට පාවී ගොස් සුදුසු ස්ථානයක දී පොළව හා සම්බන්ධ වී බීජ වර්ධන‍ය වේ
ii. Rhizophora Apiculat

සාමාන්‍යයෙන් මීටර් 5-8ක් පමණ උසට වැඩේ. නමුත් මාදු ගඟේ බලපිටිය ආශ්‍රිත කඩොලාන ප්‍රජාවේ මීටර් 10-15ක් තරම් උසට වැඩී ඇත. කයිරු මුල් විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. පොත්ත දුඹුරු පාටය. අතු වල පිට පැත්තේ පත්‍ර හා උප පත්‍ර වැටීමෙන් පසු ඇතිවන කළල පැහැදිලිව පෙනේ. පොත්ත සිහින්ව ඇලි වල‍ට බෙදී පවතී. අතුවල පත්‍රවලට පහළින් වැටුණු පත්‍ර කක්ෂවලින් පුෂ්ප හට ගනී. පුෂ්ප දුඹුරු පාටය. ලා දුඹුරු පාට ඵලය ජලාබුජ ප්‍රරෝහණය පෙන්වයි. මෙම ජලාබුජ ඵලය ළපටි අවස්ථාවේ දී දුඹුරු කොළ පාට වේ.

2. මල් කඩොල්  කුලය-Rhizophoraceae                                                                                                                                     ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ තුනකි.
i. Bruguiera Gymnorhiza
සදාහරිත ශාකයක් වන මෙය ශ්‍රි ලංකාවේ සෑම කඩොලාන ප්‍රජාවකම පාහේ දක්නට ලැබේ. කඳෙහි පාමුල දණහිස් මුල් දැකිය හැකිය. පත්‍ර තරමක් විශාලය. යටි පැත්ත අඳුරුය. උඩ පැත්ත තද කොළ පාටය. පත්‍ර අග්‍රය උල් වී ඇත. පත්‍ර මුල තීව්ර හෝ අති තීව්ර හැඩයක් ගනී. උප පත්‍ර යුගළ ලෙස පිහිටයි. පුෂ්ප තනිව පිහිටා ඇත. පුෂ්පය සෙන්ටි මීටර් 3-4 ත් අතර පමණ පළලය. මල් පෙති මිනි මීටර් 13-15 ත් අතර දිගය.ජලාබුජ ඵලයේ බීජ පත්‍රවල අක්ෂය සෙන්ටි මීටර් 8-12 ක් පමණ විශාලව වඩේ. කොළපාටය. ඵලය මේරූ පසු තද කොළ පාටට හැරේ. ඵලය ජලය මතුපිට වැටී පාවී සුදුසු ස්ථානයකට ස්ථාපිත වූ විට බීජ ඵලය වර්ධනය වීමට ප‍ටන් ගනී.
ii. Bruguiera Sexangula                                                                                         පුත්තලම සිට රැකව දක්වා ඇති සෑම කඩොලාන ප්‍රජාවකම පාහේ දැකිය හැකිය. පත්‍ර ඉලිප්සාකාර-ඕවාකාරය. Bruguiera Gimnorhiza පත්‍ර වලට වඩා කුඩා‍ය. සෙන්ටි මීටර් 2-4 ක් පමණ පළල අතර, දිග සෙන්ටි මීටර් 6-8 ක් පමණ වේ. පත්‍ර තුනී වන අතර මතුපිට ලා කොළ පාටය. පත්‍ර අග්‍රය උල්ය. පුෂ්ප තනිව පිහි‍ටයි.පුෂ්පය සෙන්ටි මීටර් 3-4 ක් පළල් වන අතර පත්‍ර නාරටි අසළින් ඇති වේ. දළ සාමාන්‍යයෙන් කහ පාටට හුරුය.ජලාබුජ ඵලයේ බීජ පත්‍ර අක්ෂය සෙන්ටි මීටර් 6-10 ක් පමණ දිගට වර්ධනය වන අතර Bruguiera Gimnoorhiza විශේෂයේ ඵලය‍ට සමාන වේ.

iii. Bruguiera Cylindrica
මීටර් 2-4ක් පමණ උසට පඳුරක ස්වභාවයෙන් වැඩෙන සදාහරිත ශාකයකි. දණහිස් මුල් ඇත. සෙන්ටි මීටර් 2-6ක් පමණ පළල සෙන්ටි මීටර් 7-15ක් දිග ඉලිප්සාකාර කුඩා පත්‍ර සහිතය. පත්‍ර නාරටිය රතු පැහැයක් ගනී. උප පත්‍ර සෙන්ටි මීටර් 3ක් පමණ දිගය.
පුෂ්ප මංජරියේ පුෂ්ප 3ක් ඇත. පුෂ්පය අනෙක් මල් කඩොල් විශේෂ වල පුෂ්ප වලට වඩා කුඩා වන අතර පැහැයෙන් කොළ පාටය.
ඵලය ජලාබුජතාවය පෙන්වයි. බිජ, පත්‍ර අක්ෂයට පහළින් ඇත. අනෙක් මල් කඩොල් විශේෂ වල ඵලයට වඩා කුඩා සිහින් සෙන්ටි මීටර් 4-5ක් පමණ දිග ඵලයක් සහිතය. ඵලය වක්ව පිහිටා ඇති අතර කොළ පාටය.

3. පුංකණ්ඩ/රතු ගස්                                                                                                                                      කුලය- Rhizophoraceae
ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි.

i. Ceriops Tagal
කුඩා මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. සෑම ශාකයකම ඇටුවම (Buttress) දැකිය හැක. කුඩා කයිරු මුල් ඇත. ශාකයේ පොත්ත ලා දුඹුරු පාටය. පොත්තේ කුඩා ඇලි පිහිටා ඇත. සම්මුඛව පිහිටි අතු විශාල සංඛ්‍යාවක් ඇත.
පත්‍ර සම්මුඛව පිහිටයි. සෙන්ටි මීටර් 3-5 ක් පමණ පළලය. සෙන්ටි මීටර් 6-12 ක් පමණ දිගටිය. පත්‍රය ඕවලාකාර ඉලිප්සාකාරය. පත්‍ර අග රවුම්ව පිහිටා ඇත.
පුෂ්ප මංජරියේ පුෂ්ප දෙක තුනක් ඇත. පුෂ්ප මංජරිය,අක්ෂය ඒකාකාරීව සිහින්ව ඇත. දිග සෙන්ටි මීටර් 1-2 ක් පමණ වේ. මේවායින් පුෂ්ප නලයක් සාදයි. ඵලය ජලාබුජ ප්‍රරෝහණය පෙන්නුම් කරන අතර බීජ පැළ විශාල සංඛ්‍යාවක් එක ගසක දැකිය හැක. මේවා පහළට එල්ලෙමින් පවතී.

ii. Ceriops Decandra
Ceriops Tagal ශාකයට ඉතාමත් සමීපය. මෙම ශාකය ව්‍යාප්තිය සීමිත අතර රැකව කලපුවේ කඩොලාන ප්‍රජාවේ සුළු වශයෙන් දැකිය හැකිය. Ceriops Tagal විශේෂය විසින් මෙම විශේෂය අභිබවා වර්ධනය වී මෙම වි‍ශේෂයේ වර්ධනය හා පැවැත්ම සීමා කරයි.
පුෂ්ප මංජරිය තරමක් වෙනස්ය. මෙහි පුෂ්ප මංජරියේ අක්ෂය කෙටිය. සෙන්ටි මීටර් 1.5ක් පමණ ඝණකම්ය. ශක්තිමත්ය. පුෂ්පයේ රේණුවල සූත්‍රිකාව ඉතා කෙටිය. බීජ පත්‍ර අක්ෂය Ceriops Tagal වල මෙන්ම වර්ධනය වේ.

4. මට්ටි කඩොල්                                                                                                                                          කුලය - Meliaceae
ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි.

    i. Xylocarpus Granatum
    මීටර් 3-10ක් පමණ උසට වැ‍ඩෙන ශාකයකි. තද දුඹුරු පාට පෙත්ත කොටස් වශයෙන් ගැලවේ. කඳ කොටස් වලට බෙදී සිහින් මුල් දක්වා බෙදී යාම පැහැදිලිව දැකිය හැකි වේ. අතු බෙදීම ඉතා අඩු අතර බෙදුනු අතු කිහිපය පළුල්ව විහිදී ඇත.
    සංයුක්ත පත්‍රිකාවල පත්‍රිකා යුගළ දෙකකි. පුෂ්ප මංජරිය පත්‍රයක අක්ෂයෙන් ඇති වී වර්ධනය වේ. සාමාන්‍යයෙන් එක් පුෂ්ප මංජරියක එක් ඵලයක් ඇති වේ. ඵලය ගෝලාකාරය. බීජ ජලාබුජ ප්‍රරෝහණය පෙන්නුම් කරයි.

    ii. Xylocarpus Mekongensis
    මීටර් 3-6ක් පමණ උසට වැඩෙක ශාකයකි. බොහෝ දුරට Xylocarpus Granatum විශේෂයට සමානය. කඳ රළු වන අතර තද දුඹුරු පාට පොත්තක් ඇත. අතු ප්‍රමාණය අඩු‍ය. හොඳින් වර්ධනය වූ පටි මුල් ඇත.
    සංයුක්ත පත්‍ර ඒකාකාරීව පිහිටා ඇත.තද දුඹුරු පාට නාරටියක් සහිත එක් පත්‍රයක පත්‍රිකා යුගළ දෙකකි. එක් පත්‍රයක් සෙන්ටි මීටර් 2-4ක් පමන පළල වන අතර සෙන්ටි මීටර් 4-6ක් පමණ දිගය.
    එක් පුෂ්ප මංජරියක පුෂ්ප 2-3ක් ඇත. පුෂ්පයක මනි පත්‍ර හා පුෂ්ප දළ 4 බැගින් ඇත. ඵලයේ විශ්කම්භය සෙන්ටි මීටර් 8ක් පමණ වේ.

    5.කොන්තාලන් (Xylocarpus Rumphii)

    කුලය-Meliaceae
    මීටර් 20-40ක් පමණ උසට වැඩෙන ඉතා හොදින් අතු බෙදී ඝනව පත්‍ර පිහිටා ඇති ගසකි. සාමාන්‍ය කඩොලාන ප්‍රජාවට ඈතින් වැලි සහිත පොළොවේ වඩදිය මට්ටමට ඉහළින් හට ගනී.
    කඳ ඉතා ශක්තිමත්ය. කඳේ බාහිර පොත්ත අළු දුඹුරු පාටය. ඇතුලත පොත්ත දුඹුරු රතු පාටය.
                                                                                                                                                                                                                                                                6.බැරිය  (Lumnitzera Racemosa)

    කුලය-Combretaceae
    මෙම ගණයේ Lumnitzera විශේෂ දෙකක් හදුනාගත හැකි අතර Lumnitzera Racemosa ලංකාවේ සෑම කඩොලාන ප්‍රජාවකම දැකිය හැකිය. බුන්දල කඩොලාන ප්‍රජාවේ ඇති එකම කඩොලාන විශේෂය මෙය වේ. මීටර් 1-3ක් පමණ උසට වැඩෙන හොදින් අතු බෙදී ගිය ශාකයකි. පඳුරක් ලෙස දැකිය හැකි වේ. කඳ තද දුඹුරු පාටය. ඇලි පිහිටා ඇත. සදාහරිත මෙම ශාකයේ පත්‍ර කුඩාය. පුෂ්ප ද ඉතා කුඩාය. එක් ශාකයක ඵල විශාල සංඛ්‍යාවක් ඇති වේ.ජලයේ පාවී තිබෙන ඵල රාශියක් එක වරකට දැකිය හැකිය.

    7. රත මිල්ල (Lumnitzera Littorea)          

    කුලය-Combretaceae
    මීටර් 10-15ක් පමණ උසට වැඩෙන ශාකයකි.කඳේ පාදස්ථය තරමක් ඉදිමී ඇත. මතුපිටින් දුවන මුල් පද්ධති වර්ධනය වී ඇත. බොහෝ විට වඩදිය මට්ටමේ හෝ ඊට උස් බිම් වල සෑදේ. කඳ දුඹුරු පාටය. අතු වියනක් ආකාරයට සැකසී ඇත.
    පුෂ්ප සෙන්ටි මීටර් 1ක් පමණ වේ. පුෂ්පයේ පෙති 4ක් වන අතර රතු පැහැතිය.                                                                                                                 
    8. කිරල
    කුලය - Sonneratiaceae                                                                                                                              ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ හතරකි.                 

    i. Sonneratia Alba
    මෙම විශේෂය තෙත් කලාපීය පරිසරයන් වන  කළුතර කළු ගඟේ මෝය ආශ්‍රිත ශාක ප්‍රජාව, ගාල්ල දිස්ත්‍රික්කයේ මාදු ගඟ ආශ්‍රිත ශාක ප්‍රජාව තුළ වේ. සාමාන්‍ය කිරල ලෙස හඳුන්වන Sonneratia Caceolaris ශාකයට ඉතා සමීප රූපීය ලක්ෂණ පෙන්වන අතර පුෂ්ප වල වෙනස්කම් පමණක් පැහැදිලිව හඳුනාගත හැකි වේ. මෙහි පුෂ්පය කෝප්පාකාර මනියකින් යුක්ත වන අතර ඵලයේ මූලස්ථ කොටස් ‍මෙයින් ආවරණය වේ. ඵලයේ අග්‍රස්ථය රවුම්ය මෘදු දළ සහිත පුෂ්පයක් හට ගනී.

    ii. Sonneratia Caseolaris
    ශුෂ්ක වියළි හා තෙත් කලාපීය යන දේශගණික කලාප තුනටම අයත් කඩොලාන ප්‍රජාවල පැතිර ඇති මෙම කිරල විශේෂය බහුලව ඇත්තේ තෙත් කලාපයේ කඩොලාන ප්‍රජාවලය. මීටර් 2-20ක් පමණ උස‍ට වැඩෙන ශාකයකි. සමහර ශාක වල අධික ලෙස අතු බෙදෙන අතර අතු පහළට එල්ලී වැටුණ ආකාරයෙන් ඇත. නිපත්‍ර නොමැත. පත්‍ර සම්මුකව පිහිටා තිබේ. හොඳින් වර්ධනය වූ මූල පද්ධතියක් ඇත.
    විශාල පුෂ්ප අතුවල පත්‍ර අතර හෝ කුඩා අතුවල අංකුර වලින් ඇති වේ. සමහර අවස්ථාවල 2-3ක් ඇති වේ. කොළ පාට මනි පත්‍ර 6-8ක් පමණ ඇත. ඵලය කොළ පාටය. මේරූ ඵලය මතුපිට දිළිසෙන සුළු ස්වභාවයක් පෙන්වයි.ඉදුණු ඵල‍ය ආහාරයට ගනු ලැබේ.

    iii. Sonneratia Griffithi
    සීමිත ව්‍යාප්තියක් සහිත කිරක විශේෂයකි. වායුධර මුල් ශාකයේ සිට මීටර් 10ක් පමණ දුර‍ට විහිදී ගොස් ඇත. ඝන අරටුවක් සහිත කඳ තද දුඹුරු පාටය. කඳේ පහළ සිටම අතු විහිදී ගොස් ඇත. පත්‍ර තද මාංසල ගතියකින් යුක්ත වන අතර ළපටි පත්‍ර ලා කොළ පාටය. පත්‍ර ඕවලාකාරය. පුෂ්පයේ දළ නොමැති අතර,රේණු සහ කීලය සුදු පාට වර්ණයෙන් යුක්තය. ඵලය සෙන්ටි මීටර් 5-7ක් පමණ විශ්කම්භයක් ඇති පැතලි,ඕවලාකාර හැඩයක් ගනී.
    iv. Sonneratia Ovata
    ව්‍යාප්තිය ඉතා සීමිතය. අනෙකුත් කිරල විශේෂ වලට වඩා අඩුවෙන් අතු බෙදී ඇත. කඳේ පොත්ත කොළ දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර මැරුණ පොත්ත කොටස් වශයෙන් ගැලවී යයි. අනෙකුත් කිරල විශේෂවල ළපටි අතු එල්ලා වැටෙන ස්වභාවයකින් යුක්ත වේ. නමුත් එම ලක්ෂණය මෙම කිරල විශේෂයේ දක්නට නොමැත. ඵලයේ අඩක් පමණ මනියෙන් ආවරණය වී ඇත. කීලය ඵලයට සවි වන ස්ථානයේ නෙරාගිය ආවාටයක් සේ සැකසී ඇත.

    9. කටු ඉකිලි                                                                                                                                 කුලය-Acanthaceae
    ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි.

    i. Acanthus Ilicifolius
    කටු සහිත පඳුරක ස්වභාවයක් ගන්නා මෙම ශාකය ශ්‍රි ලංකාවේ සෑම කඩොලාන ප්‍රදේශයකම දැකිය හැකි‍ය. විවිධාකාරයට‍ අතු බෙදී ගොස් මීටර් 2ක් පමණ උසට වර්ධනය වන අතර ක‍ඳේ පහත කොටසෙන් වායුධර මුල් ඇති වේ. පත්‍ර කටු සහිතය. පුෂ්ප මංජරියක පිහිටයි. පුෂ්පයක් සෙන්ටි මීටර් 3-4ක් පමණ දිග වන අතර පුෂ්පයේ දළ නිල් පාටය. අවුරුද්ද මුළුල්ලේම පුෂ්ප ඇත. ඵලය අසම්පූර්ණ ජලාබුජතාවය පෙන්වයි.
    ii. Acanthus Volubilis
    ව්‍යාප්තිය හලාවත කලපුවේ පම්බල කඩොලාන ශාක ප්‍රජාවට සීමා වී ඇත. පඳුරක ස්වභාවයක් ගන්නා ශාකය මීටර් 2ක් පමණ උසට වැඩේ. ශාකයේ කඳ තද දම් පැහැයෙන් යුක්තය. අතුවල සහ කඳේ කටු ඉතා සුළු වශයෙන් ඇත. Acanthus Ilicifolius පුෂ්ප වලට වඩා කුඩාය. පුෂ්ප මංජරියක පිහිටයි. දළ සුදු පාට වන අතර බොහෝ විට නිපත්‍ර දැකිය නොහැක.

    10. කැරන් කොකු                                                                                                                                කුලය -Pteridaceae
    ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි.

    i. Acrostichum Aureum
    කඩොලාන ප්‍රජාවේ දැකිය හැකි එකම පර්ණාංග ශාකයයි. සාමාන්‍ය පර්ණාංගවල මෙන් කඳ රෛසෝමයකි. සංයුක්ත පත්‍ර රෛසෝමයෙන් ඇති වී සෘජුව ඉහළට වැඩේ. පත්‍රිකා කුඩා වන අතර පැහැයෙන් කොළ පාටය. ළපටි පත්‍රිකා දුඹුරු පාටට හුරු කොළ පාටකි.
    පත්‍රයේ අග පිහිටි පත්‍රිකා යුගළ 5-6ක පමණ බීජානුධානී ඇති වේ. පත්‍රයක ඇති බීජානුධානී දුඹුරු පාටට දැකිය හැකිය. අතින් ඇල්ලූ විට බීජානුධානී ගැලවී අත‍ට එන අතර, මේවා සිහින් දුඹුරු පාට කොටස් ලෙස හඳුනාගත හැක.
                                                                                                                             
    ii. Acrostichum Speciosum
    ලංකාවේ වඳ වී යමින් පවතින ශාකයකි. බොහෝ විට Acrostichum Aureum වලට සමානය. වඳ පක්ෂක සහිත ක්‍රමයෙන් ඉහළට පටුවන අග්‍රයක් සහිත පත්‍ර ඇත. පත්‍රයක දිග මීටර් 1ක් පමණ වන අතර පත්‍රයේ අග උල්ය. පත්‍ර තලය ලංසාකාරය.
                                                                                                                                                                                                                                                               11. තෙල (Excoecaria Agallocha)

    කුලය-Euphorbiaceae                  
    පෙත්ත ලා දුඹුරු පාටය. කඳේ පාමුල හා අනෙක් කොටස් වල ලැන්ටි සෛල දැකිය හැකිය.අතුවල වැටුණ පත්‍ර ලප පැහැදිලිව දැකිය හැකිය. කඳේ හා අතුවල මෙන්ම පත්‍රවල ද කිරි ඇත. මෙම කිරි විෂ සහිතය.
    අතුවල අග පත්‍ර ගොනුවක් සේ පිහිටයි. පත්‍ර සරල වන අතර තරමක් මාංශල ගතියකින් යුක්තය. පත්‍ර සාමාන්‍යයෙන් කොළ පාටය. සමහර ළපටි පත්‍ර රතට හුරු කොළ පාටය.
    මීටර් 2-10ක් පමණ උසට වැවෙන ශාකයකි. කඳේ පහළ සිටම අතු බෙදේ. අග්‍රස්ථ අතුවල කක්ෂියෙහි පුෂ්ප මංජරිය ඇති වේ. පුෂ්පය ඉතා කුඩාය. ඵලයේ පිටත ආවරණය කෙඳි සහිතය. මේරූ ඵලය කොටස් 3කට පිහිටන ආකාරයට විවෘත වේ. බීජය මිනි මීටර් 3ක් පමණ පළලය. කළු පාටය.

                                                                                                                                                                                  12. මණ්ඩ/මඬ ගස්                                                                                                                                කුලය - Avicenniaceae

    ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ තුනකි.

    i. Avicennia Marina                                                                                             බහුලව ව්‍යාප්තව ඇති විශේෂයකි. වායුධර මුල් ඇත. ශාක කඳ සුදු පාටය. මීටර් 1ක් පමණ උස කුඩා පඳුරු ලෙසටත්,මීටර් 10-15ක් පමණ උස ශාක ලෙසටත් ඒ ඒ දේශගුණික කලාප අනුව වර්ධනය වේ. පත්‍ර සම්මුකව හා ද්වීකාන්තරිකව පිහිටා ඇත. පත්‍ර ඕවලාකාර ඉලිප්සීයාකාරය. පත්‍ර අග උල්ව පිහිටයි. පත්‍ර මතුපිට ලා අඳුරු කොළ පාටක් ගන්නා අතර යට පැත්ත කහපාටක් ගනී. බූව සහිතය.
    Avicinnia Officinalis වල පුෂ්ප වලට වඩා කුඩා පුෂ්ප හට ගනී. පුෂ්පයේ දළ 4කි. නිපත්‍රවල Avicinnia Officinalis වල මෙන් කළු පාට දාරයක් නැත. ඵලය රවුම් අළු කොළ පාටය.

    ii. Avicennia Alba
    අනෙක් මණ්ඩ විශේෂ වලට වඩා අඩු ව්‍යාප්තියක් ඇත. සීනි මෝදර හා කල්පිටිය කඩොලාන ප්‍රජාවල දැකිය හැක. ශාකය මීටර් 4-10ක් පමණ උසය. අළු සුදු පාට ක‍ඳේ පාදස්ථයේ නෙරීම් පිහිටා ඇත. වායුධර මුල් තිබේ.
    සෙන්ටි මීටර් 2-3ක් පමණ පළල සෙන්ටි මීටර් 4-6ක් පමණ දිග ලංසාකාර පත්‍ර සම්මුකව පිහිටා ඇති අතර පත්‍ර Avicennia Officinalis විශේෂයේ පත්‍ර වලට සමාන වේ. නමුත් වර්ණයෙන් පමණක් වෙනස්ය. Avicennia Officinalis වල පත්‍රයේ යටි පැත්ත කහපාට වන අතර මෙම ශාකයේ යටි පැත්ත සුදු පාටය.
    මිනි මීටර් 4ක් පමණ කුඩා පුෂ්ප හට ගනී. පුෂ්ප ඈතින් පිහිටා ඇති අතර පෂ්ප මංජරිය ශුකියක්ව පිහිටයි. මෙම ලක්‍ෂණය නිසා Avicennia Marina ශාක විශේෂයෙන් වෙනස් වේ. කෝණාකාර දුඹුරු කොළ පාට ඵලය සෙන්ටි මී‍ටර් 4ක් පමණ දිගය. මේ නිසා අනෙක් මණ්ඩ විශේෂ දෙකටම වඩා වෙනස් වේ.

    iii. Avicennia Officinalis
    මීටර් 5-10ක් පමණ උසට වැඩෙන ශාකයකි. සුදු පාටට හුරු ක‍ඳෙහි පාමුල කොටසේ පිටතට නෙරා ගිය නෙරීම් සැකිය හැක. බොහෝ විට මෙම නෙරීම් වලින් කුඩා අතු වර්ධනය වේ.
    වායුධර මුල් විශාල ප්‍රමාණයක් වර්ධනය වී තිබේ. පත්‍ර සම්මුකව පිහිටා ඇති අතර එක් එක් යුගළය ද්වීකාන්තරිකව පිහිටයි. සෑම අත්තකම ඇති අවසාන පත්‍ර යුගළය එකට එකතු වී අග්‍රස්ථ අංකුරය ආවරණය කරයි. බීජ පැළ අවස්ථාවේ දිගටි පත්‍රයේ අග උල්ය. මෝරණ විටදී රවුම් ආකාරයට වෙනස් වේ. පත්‍ර ‍සෙන්ටි මීටර් 2-4ක් පමණ පළල් වන අතර සෙන්‍ටි මීටර් 3-8ක් පමණ දිගය. මේරූ පත්‍ර මතුපිට දිළිසෙන ස්වභාවයක් ඇත. පත්‍ර යටි පැත්ත කහපාටට හුරු කොළ පාටකි. පුෂ්ප අනෙක් මණ්ඩ විශේෂ වලට වඩා විශාලය. කහපාට මල් පෙති හතරකි. ලා කොළ පාට නිපත්‍ර පැහැදිලිව දැකිය හැක. බූව සහිතය. බූව සහිත සෙන්ටි මීටර් 3ක් පමණ ඵලයේ අග උල් වූ වක් ගැසුණු හොටක් ඇත.

      13. ගිං පොල් (Nypa Fruticans)

      කුලය-Palmae
      පැහැදිලි කඳක් දැකිය නොහැකි ශාකයකි. නමුත් සෙන්ටි මීටර් 70ක් පමණ රෛසෝමයක් වැනි කඳක් ඇති අතර,මෙය බොහෝ විට ජලය තුළ ගිලී ඇත. කඳේ ඇති අග්‍රස්ථ අංකුරයෙන් සංයුක්ත පත්‍ර ඇති වේ. හැඩයෙන්පොල් අතු වලට සමානය. පත්‍රිකා පළලින් අඩුය. පත්‍රයක පත්‍රිකා 30-40ක් එක් පැත්තක පිහිටයි. සෑම පත්‍රිකාවකම පැහැදිලි මැද නාරටියක් ඇත. පත්‍ර මූල හොදින් වර්ධනය වී ඇත. පැතලිය.
      පුෂ්ප මංජරිය දුඹුරු පාටය. ජල මට්ටමට මායිම්ව වර්ධනය වේ. ඵලය පැතලි ස්වභාවයක් ගන්නා අතර ඵලයේ ඇලි පිහිටා ඇත. ඵලයේ පිටත ආවරණය කෙඳි සහිත වීම නිසා ජලයේ පාවීමට හැකිය.

              
                                                                                                                                                                          14. හීන් කඩොල් (Aegiceras Corniculatum)

      කුලය - Myrsinaceae
      මීටර් 1-3ක් පමණ උසට වැඩෙන අතු විහිදී ගිය ශාකයකි. කඳේ පොත්ත අළු පාටය. මෘදුය. දිළිසෙන ගතියකින් යුක්තය. කහමෝදර, රැකව, පුත්තලම, කල්පිටිය, හලාවත කඩොලාන ප්‍රජාවන් තුළ දැකිය හැක.
      සෙන්ටි මීටර් 3-4ක් පමණ පළල සෙන්ටි මීටර් 4-8ක් පමණ දිග කුඩා පත්‍ර හා එම ප්‍රමාණයේම පුෂ්ප සහිතය. නිපත්‍ර දැකිය නොහැක. රළු කෙදි සහිත පත්‍ර දුර්වර්ණ කොළ පාටය. පුෂ්ප මංජරිය ඡත්‍රාකාරය. සුදු පැහැති පුෂ්ප දළ රේණු 5කින් යුක්ත වේ. ඵලයේ බීජ දෙකකි. ලා දුඹුරු පැහැති බීජය ජලාබුජ ප්‍රරෝහණය පෙන්වයි.


      5. එටුන/හෝ මැදිරිය (Heritiera Littoralis)

      කුල‍ය-Sterculiaceae
      රැකව, කහඳමෝදර, මාඳු ගඟ සහ පුත්තලම කඩොලාන ප්‍රජාවල ව්‍යාප්තව ඇත. මීටර් 10-20ක් පමණ උසට වැඩෙන සදාහරිත ශාකයකි. ඉහළ සිට පහළ‍ට ඇලි සහිත කඳේ පොත්ත ලා දුඹුරු පාටය. සෙන්ටි මීටර් 10-20ක් පමණ දිග සරල, රළු, ඕවලාකාර පත්‍ර සර්පිලාකාරව පිහිටා ඇත. පත්‍ර මතුපිට කොළ පාටය. යටි පැත්ත අළු පාටය.
      පුෂ්ප ඒක ලිංගික කුඩා පුෂ්පයකි. ගැහැණු පුෂ්පය මිනි මීටර් 5ක් පමණ දිගටි වන අතර පිරිමි පුෂ්පය ඊට වඩා කුඩාය. පුෂ්ප වල කෝප්පාකාර මනිපත්‍ර ඇත. බූව සහිතය. නොමේරූ ඵලය කොළ පා‍‍ටය. ඵලයේ මතුපිට සිනිදු වන අතර මේරූ පසු දුඹුරු පාට වේ. ඵලයේ පි‍‍ටත ආවරණයේ වායු සිදුරු ඇත.කෙඳි සහිතය.

      16. Pemphis Acidula
      17. Scyphiphora Hydrophyllacea                           


      උපුටා ගැනීම :- 



      සහ පොත පත ඇසුරිනි.



      සැකසුම : -

      ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය

      December 5, 2014

      Online Backup යනු කුමක්ද?

      බොහෝ පිරිස් තමන්ගේ පරිගණකයේ දත්ත බැකප් කිරීම සඳහා භාවිතා කරනුයේ CD  හෝ DVD තැටිය. ඇතැම් අය Flash drive හෝ අමතර  ද්‍රෘඩ තැටි (Hard Disk) පවා භාවිතා කරනු ලබන බව දක්නට ලැබේ. නමුත් මෙවැනි ආකාරයට දත්ත බැකප් කිරීමේදී  පරිශීලකයාට (User) සත්‍ය වශයෙන්ම ගබඩාකරන ලද දත්ත නැවත ලබා ගැනීම පිළිබඳ  සම්පූර්ණයෙන්ම තහවුරු විය නොහැක. ඒ වාගේම පරිඝණකයේ දෝෂ, මෙහෙයුම් පද්ධතියේ  දෝෂ , අනිෂ්ට මෘදුකාංග (malware), ගංවතුර ගැලිමක් වැනි  හදිසි ආපදා අවස්ථාවකදී වැනි විවිධ හේතු නිසා එසේ අප ගබඩා කර ඇති වැදගත් තොරතුරුවලට හානි සිදුවිය හැකිය. Online backup ක්‍රමයකදී මෙවැනි අවධානමක් දක්නට නොලැබිම සුවිශේෂි ලක්ෂණයකි. Online backup සේවා සපයන්නන් විසින් බැකප් කිරීමට ඕනැම ගොනු වර්ගයකට හෝ යෙදුම් මෘද්‍රකාංග වලට අවස්ථාව ලබාදේ. ඵ්වා ගොනු හෝ පැතුරුම්පත් හෝ දත්ත ගබඩාවක් හෝ පිංතූර හෝ MP3  හෝ ඊමේල් හෝ පරිගණක වැඩසටහනක් ආදීය විය හැකිය.
      මුලික වශයෙන්ම Online backup යනු තමන්ගේ පරිගණකයෙන් පිටත බාහිර ස්ථානයක දත්ත තැන්පත් කිරීමක් ලෙස සරලව හැදින්විය හැකිය. ඒවා ලේඛණ හෝ ගොනු හෝ ‍ෆෝල්ඩර හෝ ද්‍රෘඩ තැටියේ සම්පූරණයෙන්ම අඩංගු දත්ත විය හැකිය. ඒවා දුරස්ථ සර්වර් පරිගණකයක හෝ පරිගණක ජාලයකට සම්බන්ධ වෙනත් පරිගණකයක ගබඩා කල හැකිය. Online backup සේවා පහසුකම් සපයන ආයතන විසින් මෙම පහසුකම් සපයා දෙනු ලැබේ. එය ඇත්තටම අපට ප්‍රයෝජනයක් වන්නේ අපගේ පරිගණකයේ දත්ත ආපදාවකට ලක්වීමක් හෝ  නැතිනම් නැති වු හෝ හානි වු විටකදීය.
      Online backup යනු ඉතා සරල ක්‍රමයකි. ඔබගේ පරිගණකයේ දත්ත නිරතුරුව දුරස්ථ ද්‍රෘඩ තැටියක ගබඩා කිරීම තුලින් පරිගණකයේ ගොනු වලට හානි  වීම මගින් එම දත්ත නැතිවීමේ අවධානම ප්‍රායෝගිකව ඉවත් කරගත හැකිය. ඔබ සතු වේගවත්  අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතා කරමින් වඩා ආරක්ෂාකාරී  ලෙස ඔබගේ දත්ත ගොනු නැවත ස්ථාපිත කරගැනීමේ හැකියාවක් ඇත. ඒවාගේම එම දත්තවල පුද්ගලිකත්වය සහ ආරක්ෂාකාරි බව මුරපද මගින් සහ encryption මගින් ආරක්ෂා කර දෙනු ලැබේ.
      තවද Online දත්ත සේවා සපයන්නන් දත්තවල ආරක්ෂාකාරි බව අතිශයින්ම ආරක්ෂාකිරිමට බැදී සිටී. දත්ත Online backup කිරීමේදී එකී දත්ත ජාලය තුල සම්ප්‍රේෂණය වන විට ඒවා encrypted කර දුරස්ථ සර්වර් පරිගණකයේ ගබඩා කරනු ලැබේ. ඒ වාගේම පරිශීලකයාට තමන්ගේ දත්ත සදහා  තමන්ගේම ආරක්ෂාරි encryption Code භාවිතා කිරීමට හැකියාව ඇති බැවින් එම දත්ත වෙනත් පාර්ශවයකට විවෘත කිරීමේ හැකියාවක් නොමැත. ඔබ Online දත්ත ගබඩා කිරීමේ පහසුකම් සේවා සපයන Web අඩවියක සේවය ගැනීමට පෙර ඔවුන් ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට යොදාගන්නා ක්‍රමෝපායන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව මතකයේ රදවා ගත යුතුය. අන්තර්ජාලය  හරහා සම්බන්ධ වන ඕනෑම පරිගණකයක් හරහා තමන්ගේ දත්ත නැවත ස්ථාපිත කර ගැනීමේ හැකියාව මෙහි ඇති වැදගත් ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. 
      Reference:

      ඇලුමීනියම් නිසා ඇල්ෂයිමර් අවධානමක්

      ඇලුමීනියම් යනු පෘථිවි කබොලේ සුලභ ලෝහයක් වන අතර පාංශු හා ජල මාධ්‍යයන් ඔස්සේ ශාක මගින් අවශෝශණය වන බැවින් ආහාර තුලද ස්වභාවිකව අංතර්ගත වන ලෝහයකි. බොහොමයක් ඇලුමීනියම් සංඝටකයන් අප පරිභෝජනය කරන ආහාර හා ඖෂධ ඔස්සේද රූපලාවන්‍ය සදහා භාවිත විවිධ ආලේපනයන් ඔස්සේද බහුලව ශරීර ගතවේ. එසේම බොහොමයක් සැකසූ ආහාර, තේ,බිස්කට් හා කේක් සදහා යොදන වැඩුම් කාරක, ඇසපිරීන්,ජල පිරිපහදු සදහා යොදන රසායනිකයන්, ප්‍රථි ආම්ලික ඖෂධ හා වැක්සීන් තුල ඇලුමීනියම් බහුලව ඇති අතර ආහාර පිසීමට යොදාගන්නා උපකරණ හා ඇසුරුම් මෙම අවධානම දෙගුණ තෙගුණ  කරයි.
      මෑතකදී කරනලද සොයාගැනීම්වල ප්‍රථිඑලයක් ලෙස, ඇලුමීනියම් සංඝටක හේතුවෙන් මිනිස් මොලය ආශ්‍රිතව හානිකර තත්වයන් ඇතිවිය හැකිබවට රතු එලි දැල්වී හමාරය. මේ පිළිඹදව පර්යේෂණයක යෙදුන කීල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන පරිදි මෙසේ ඇලුමීනියම් සංඝටක මගින් මොලය ආශ්‍රිතව ඇතිකරන බලපෑම හේතුවෙන් ඇල්ෂයිමර් රෝගය ඇතිවීමේ සම්භාවිතාවය ඉතාඉහල අගයක් ගන්නා බවය.  

      මිනිස් මොලය ඇලුමීනියම් තැම්පත් වීමේ ඉලක්කගත ස්ථානයකි. ශරීරගත වන ඇලුමිනීයම් වලට සාපේක්ෂව බහිශ්‍රාව්‍ය ඔස්සේ බැහැරලන ප්‍රමාණය සාපේක්ෂව අඩුවීම හේතුවෙන් තැම්පත්වීම සීඝ්‍රෙ වේ. මෙම අතිරික්ත ඇලුමීනියම් අස්ථි, මොලය, වකුගඩු, හෘධය, මාංශපේෂී ආශ්‍රිත පඨකයන්ගේ තැම්පත්වේ.
      එසේම මොලය තුල අංතර්ගත ඇලුමීනිම් සාන්ද්‍රනයන්හී උපරීම හා අවම විෂ සීමාවන් පවතින අතර එම ප්‍රමාණයන් හේතුවෙන් ඇතිවන විෂවීම මොලයේ කිනම් ස්ථානයන් වෙත  ඉලක්කගතවේදැයි තවමත් හරිහැටි අනාවරනය කරගෙන නැත.කෙසේවෙතත් මෙලෙස මොලයේ ඇලුමීනියම් සංචිතයන් ඇතිවීම හා හානිකර මට්ටම ඉක්මවීමෙන් නියුරෝන සෛලයන්ගේ මනා පාලනයට භාධා ඇතිවන බව පර්යේෂකයන් තහවුරුකරගෙන ඇත.මෙලෙස ශරීරගතවන ඇලුමීනියම් පාලනය කිරිමටනම් මිනිසා විසින් ඇලුමීනියම් වෙත නිරාවරනය වීම පාලනය කල යුතුව ඇත. මේ සදහා උපකරණ භාවිතයෙන් හා රසායනික ක්‍රම භාවිතයෙන් ශරීරගත හානිකර ඇලුමීනියම් ඉවත්කරනවාට වඩා අවබෝදයෙන් හා අවධානයෙන් යුක්ත භාවිතය ඉතා වැදගත්බව පර්යේශකයින්ගේ අදහසයි.

      ශ්‍රීලාංකිකයින් වන අපද මේ සම්බන්දව දැඩි අවදානයක් යොමුකල යුතු කාලය පැමිණ ඇත. මන්ද යත් අපරටේ කඩපිල්වල බහුලව අලවිවන ආහාර පිසීමට භාවිතා කරන උපකරණ බොහොමයක් ඇලුමීනියම්කරණය වී ඇති අතර  නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීමයි. තවද වෙළද පොලේ කුණුකොල්ලයට අලවිවන ඇග ගල්වනයන් වඩාත් ප්‍රචලිත වී ඇති අතර අසීමාන්විතව තරුණ පරපුර මේවා පසුපස හඹා යති. මේ සම්බන්ධව නිසි හා කඩිනම් විසදුම් නොගන්නේනම් ඇල්ෂයිමර් රෝගයඅප රට තුලද හිසඹසවනවාට කිසිදු සැකයක් නැත.

      www.dailymail.co.uk    ඇසුරිණි. 

      December 4, 2014

      යෝගට් වල වැදගත්කම

      නව පර්යේෂණයකට අනුව වැඩිපුර  යෝගට් ආහාරයට ගැනීම තුලින් දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු වන බව සොයාගෙන ඇත.BMC මෙඩිසින් සගරාව මේ බව අවධාරණය කොට යෝගට් ආහාරයට ගැනීමේ වැදගත්කම දක්වා ඇත.

      දියවැඩියාව 2 වර්ගය ලෙස හැදින්වෙනුයේ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින්  අවශ්‍ය ප්‍රමාණයට නිපදවිම අඩුවිම හෝ ශරීරයේ සෛල මගින් ඉන්සියුලින් කෙරේ ප්‍රතිරෝධයක් ඇති කිරීමයි.මෙම තත්වය පුද්ගල ඡීවිත රටාව අනුව වැඩි වීමට හැකියාවක් ඇත.දැනට මිලියන 366 මිනිසුන් ප්‍රමාණයක් ලෝකයේ මෙම දියවැඩියාව දෙවන වර්ගයෙන් පීඩා විදින අතර එය 2030 වන විට මිලියන 552 දක්වා වැඩිවන බව සොයාගෙන ඇත. 

      තවද ඉහත පරික්ෂණය මගින් යෝගට් වල ඇති ca,mg හා fatty acid මගින් දියවැඩියාව 2 වර්ගය අඩු කිරීමට බලපාන බව ආවරණය කරයි.මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනුයේ යෝගට් වල ඇති ප්‍රෝබයෝටික් බැක්ටිරියා මගින් මේද තත්වය හා ඇන්ටි ඔක්සිඩන්ට් තත්වය වැඩි කර  දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු කරන බවයි.

      මිට අමතරව පහත සදහන් සෞඛ්‍ය තත්ව යෝගට් එකක් දිනකට ආහාරයට ගැනීම තුලින් වර්ධනය කර ගත හැකි බව සොයා ගෙන ඇත.

      1  1.ඔස්ටියෝපෝරෝසිස් වැලදීම වැලැක් වීම
      Ca වලට අමතරව විටමින් D අන්තර්ගත යෝගට් මගින් වයස් ගත ඔස්ටියෝපෝරෝසිස් වැලදීම අඩු කරගත හැක.

      2  2.  අධි රුධිර පීඩනය අඩු කිරීම
                         දිනකට යෝගට් එකක් ආහාරයට ගැනීමෙන් රුධිර පිඩනය අඩු කර ගත හැකි බව සොයා ගෙන ඇත.

      3 ආහාර මාර්ගයේ විවිධ රෝග සදහා ගුණ දායකය
         උදා-ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සහිත පුද්ගලයින්ට
                මල බද්ධය සහිත පුද්ගලයින්ට
                ආහාර මාර්ගයේ පිලිකා සහිත පුද්ගලයින්ට

      උපුටා ගැනීම-www.sciencedaily.com          

      December 1, 2014

      සුෂුම්නා අනතුරක් යනු කුමක්ද?

      යම් අනතුරක් නිසා (බොහෝ විට මාර්ග අනතුරු, උස් ස්ථානවලින් වැටීම් වැනි හදිසි අනතුරු නිසා) සුෂුම්නාවට සිදුවන  තැලීමක්, සම්පීඩනයක් හෝ තුවාල වීමක් සුෂුම්නා අනතුරක්  ලෙස හඳුන්වයි.                                           
      මොළයේ සිට කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාව මැදින් පහළ ප්‍රදේශය දක්වා ගමන් කරන සුෂුම්නා‍වේ, හදිසි අනතුරු හේතුවෙන්  කැඩී බිදී ගිය කොදු ඇට කැබලි  ඇනීම නිසාද, කොදු ඇට විස්ථාපනය වීම නිසාද, සුෂුම්නාව තෙරපීමට ලක්විය හැක. ඊට අමතරව සුෂුම්නා වටේ ඇති අනෙකුත් ව්‍යුහයන්ට සිදුවන හානිද සුෂුම්නා හානියට බලපෑමක් ඇති කළ හැක.


       සුෂුම්නා අනතුරු වර්ග කිරීම 
      මෙහිදී ප්‍රධාන කරැණු දෙකක් සැලකිල්ලට ගනු ලැබේ.                                        සුෂුම්නාවට සිදු වූ හානියේ ප්‍රබලතාව                                                                                    සුෂුම්නාවේ හානිය වූ ස්ථානය                                                                                    
      සුෂුම්නාවට සිදු වූ හානියේ ප්‍රබලතාව                                                                              සම්පූර්ණ සුෂුම්නා අනතුරු                                                                                                   අසම්පූර්ණ සුෂුම්නා අනතුරු  ලෙස   වර්ග2කි.                                                                            අසම්පූර්ණ සුෂුම්නා අනතුරු වර්ග කීපයක්ම ඇත. එයට හේතු වන්නේ සුෂුම්නාවේ කිසියම් මට්ටමක ඉදිරිපස, පසුපස, මධ්‍යය කොටස යන ස්ථානවලින් එක් කොටසකට පමණක් හානි වී අනෙකුත් ස්ථාන සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කිරීමයි. 
      සුෂුම්නාවේ හානිවූ ස්ථානය (මට්ටම)
      සුෂුම්නාව මොළයේ පහල කෙළවරින් පටන් ගෙන කොන්දේ පහල කොටස  දක්වා ගමන් කරයි. එබැවින් සුෂුම්නාවේ කුමන ස්ථානයට හානි වී ඇත්දැයි දැන ගැනීම වැදගත් වේ.
      සුෂුම්නාව ප්‍රධාන ප්‍රදේශ 4කට බෙදනු ලබයි. එනම් ග්‍රෛවි (බෙල්ල ප්‍ර‍දේශය) උරස්, කටි හා ත්‍රිකාස්ටික යනුවෙනි. සුෂුම්නාවේ ස්නායු යුගල 31ක් ඇති අතර එම ස්නායුවලට අදාල සුෂුම්නාවේ ස්ථානද ඇත.

      එනම් ග්‍රෛවි ප්‍ර‍දේශයේ සුෂුම්නාවේ C1,C2,C3,C4,C5,C6,C7,C8  යන ස්ථාන 8කින් ආරම්භ වන (වම් හා දකුණු වශයෙන්) ස්නායු යුගල් 8ද
      උරස්ප්‍ර‍දේශයේ  T1,T2,T3,T4,T5,T6,T7,T8,T9,T10,T11,T12 වශයෙන් ස්ථාන12කින් ආරම්භ  වන ස්නායු යුගල 12 ද   
      කටි ප්‍ර‍දේශයේ L1,L2,L3,L4,L5 වශයෙන් ස්ථාන 5කින් ආරම්භ  වන ස්නායු යුගල 5 ද  
      ත්‍රිකාස්ටික ප්‍ර‍දේශයේ S1,S2,S3,S4,S5 වශයෙන් ස්ථාන 5කින්  ආරම්භ වන ස්නායු යුගල 5 ද 
      අනු ත්‍රිකාස්ටික ප්‍ර‍දේශයේ ස්නායු යුගල 1 ද වශයෙනි.
      යමෙක්ගේ  සුෂුම්නාවට හානියක් සිදුවී ඇති නම් ඉහත සඳහන් සුෂුම්නාවේ ස්ථානවලින් එක් ස්ථානයකට හෝ ස්ථාන කීහිපයකට හානි සිදු වී තිබිය හැක.එබැවින් සුෂුම්නා හානියක් සිදු වී ඇත්නම් එය කුමන ස්ථානයෙන්ද යන්නත් එය සම්පූර්ණ හෝ අසම්පුර්ණ හානියක්ද යන්නත් දැන ගත යුතුය.
      මේ සඳහා ලොව බහුලවම භාවිතා කරන්නේ,
      ASIA (American  Spinal  Injury  Association) ඇඟයීම් ක්‍රමවේදයයි.ඇ‍මෙරිකා සුෂුම්නා අනතුරු සංගමය විසින් සම්මත කරගෙන ඇති මෙම ඇඟයීම් ක්‍රමවේදයට අනුව                                                                             
       ASIA – A යනු සම්පූර්ණ සුෂුම්නා අනතුරකි. එනම් අනතුරෙන් පහල චලන හා සංවේදන නොමැත. 
      ASIA – B යනු අනතුර වූ ස්ථානයෙන් පහළ කොටසේ සංවේදන ඇත. නමුත් චලන නොමැත.
      ASIA – C යනු අනතුර වූ ස්ථානයෙන් පහළ කොටසේ චලන ඇති නමුත් එම චලන එදිනෙදා කාර්යයන් කර ගැනීම සඳහා ප්‍රමාණවත් නැත.    
      ASIA – D යනු අනතුර වූ ස්ථානයෙන් පහළ කොටසේ චලන ඇති නමුත් එම චලන එදිනෙදා කාර්යයන් කිරීමට ප්‍රමාණවත් වේ.
      ASIA – E යනු අනතුර වූ ස්ථානයෙන් පහළ කොටසේ චලන හා සංවේදන සාමාන්‍ය ආකාරයෙන්ම පවතින බවය.
      Eg:- ASIA – A – C5 යනු සම්පූර්ණ සුෂුම්නා අනතුරක් වන අතර සුෂුම්නාවේ C5 ස්ථානයෙන් පහළ කොටසට මොළයේ සිට පණිවිඩ සම්පූර්ණයෙන්ම නොයෙන බවයි.
      Eg:- ASIA – C – T5 යනු සුෂුම්නාවේ C1 ස්ථානයේ සිට T5 දක්වා ස්ථාන අතර සාමාන්‍ය ආකාරයට ක්‍රියාකරන බවත් T6 පහළ කොටසට මොළයේ සිට පණිවිඩ එන නමුත් එමඟින් යම් මට්ටමකට චලන සිදුකර ගත හැකි වුවත් එදිනෙදා වැඩ කරගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවත්ය.


       උපුටා ගැනීම :- 


      සහ පොත පත ඇසුරිනි.

      සැකසුම : -

      ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය