June 2, 2014

ගුණ අගුණ කියන උපකරණය

එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝ දේවල්වල ගුණ අගුණ දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් අපි රැවටීමට භාජනය වීම වැළකෙනවා පමණක් නොව අපේ ශරීර සෞඛ්‍යයද ආරක්ෂා කර ගත හැකි වේ.
මේ ආහාරය කොතරම් පෝෂ්‍යදායකද?
මෙම පැළැටියට වතුර අවශ්‍යද?
ලබා දී ඇති බෙහෙත් මාත්‍රාවේ මඟහැරි ඇති බෙහෙත් තිබේද?

වැනි නොයෙක් ප්‍රශ්ණ සඳහා විශ්ලේෂණය මඟින් පිළිතුරු ලබාදිය හැකි උපකරණයක් නිපදවා තිබේ. එය නමින් SICO වන අතර ටෙල්අවිව් නගරයේ සමාගමක් විසින් සංවර්ධනය කර ඇත. එහි නිෂ්පාදකයෝ පවසන පරිදි මෙය භාවිතා කිරීමේදී කළ යුත්තේ අදාල ද්‍රව්‍ය දෙසට SICO තත්පර 1ක හෝ 2 ක කාලයක් යොමු කිරීම පමණි.ඉන්පසු ඒ සමඟ ඇති Bluetooth සම්බන්ධ Smartphone හි ප්‍රතිඵල සටහන්වේ.

 SICO ඇත්ත වශයෙන් කුඩා Spectroscope (වර්ණාවලීක්ෂයක්) වේ. වඩා විශාල අධි බලැති පර්යේෂණාගාර මට්ටමේ වර්ණාවලීක්ෂ මෙන්ම මෙයද පාදක කොට ඇත්තේ දිලිසෙන අධෝරක්ත ආලෝකයන් අදාල ද්‍රව්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවයි. එම ක්‍රියාවලියේදී ද්‍රව්‍යයේ අණු ( Molecules) උත්තේජනය වේ. චලනය වන අණු නිසා පරාවර්තනය වන කිරණ විශ්ලේෂණය කිරීමෙන් අණුවල ප්‍රකාශ (optical) ගුණවල සුවිශේෂතාවය අනුව ද්‍රව්‍යයේ රසායනික සංයුතිය හඳුනාගත හැකිය.

SICO උපකරණ ක්‍රියාත්මක වීමේදී තොරතුරු IOS හෝ Android ක්‍රමවේද හා සම්බන්ධවි කියවීම් Cloud වෙත යවනු ලැබේ. එහිදී යථාකාලීනව(real-time/ඒක්ෂණයෙන්) මෙම කියවීම් ප්‍රතිලේඛනය කර එම මොහොතේදීම ප්‍රතිඵල ජංගම දුරකථනයේ තිරය මත දිස්වේ. මෙවැනි වු තවත් උපකරණයක් සංවර්ධනය වී ඇති අතර එය Tell spec නම් වේ. එහෙත් එය ආහාර වර්ග මුලික කොට සකස් කර තිබේ.   
ආහාර පමණක් නොව පැළැටි සහ ප්‍රතිකාර පවා විශ්ලේෂණය කර ගුණ අගුණ SICO මඟින් ප්‍රකාශ කරයි. ආහාර වලදි එහි  පෝෂ්‍යදායීතාව (කැලරී, මේද, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන්), තත්වය, ඉදුණු බව සහ ආහාර නරක් වීම වැනි ලක්ෂණ/ගුණ විශ්ලේෂණය කරයි. චීස්, පළතුරු, එළවළු, සෝස්,සලාද පිසින තෙල් වැනි බොහෝ අහාර සඳහා යොදා ගත හැක. ප්‍රතිකාර හා ඖෂධ වලදී එහි මාත්‍රාව,අණුක සැකැස්ම සහ ඖෂධ වට්ටෝරුව විශ්ලේෂණය කර අදාල දත්ත ගබඩාව සමඟ සැසඳීමෙන් අඩුපාඩු සටහන් කරයි. පැළෑටි වලදී තෙතමනය(moisture) මැන ජල අවශ්‍යතාවය දැනුම් දේ.
වෙනත් ද්‍රව්‍ය සඳහා අදාල තොරතුරු විශ්ලේෂණය කරන ප්‍රතිලේඛණ සම්බන්ධ කිරීමට තුන්වන පාර්ශවයට ඇති හැකියාව Socio හි විශේෂත්වයක් ලෙස සැළකිය හැකිය. එමඟින් සුවඳ විලවුන් රෙදි,මල්,පස්, ස්වර්ණාභරණ හා මැණික්, සම්,රබර්, ඉන්ධන, ප්ලාස්ටික් යනාදී ද්‍රව්‍ය පමණක් නොව මිනිස් පටක(tissues) හෝ bodily fluid  විශ්ලේෂණය කර පාරිභෝගිකයාට නිවැරදි තොරතුරු එම මොහොතේම ලබාදීමට හැකිවේ.

උපුටා ගැනිම:-
Scio is made to analyze everything – Ben Coxworth
http://www.youtube.com/watch?v=sSiturTkrLw

0 comments:

Post a Comment