June 18, 2014

මහ සයුරේ "මළ ප්‍රදේශ" (Dead zones )

Dead zone  යනු සාගරයේ  ඔක්සිජන් සාන්ද්‍රණය අවම වු හෝ කිසිසේත්ම ඔක්සිජන් නොමැති වු කලාපයකි. සාගර ජිවින්ට මෙවැනි  ප්‍රදේශ වල ජීවත් විය නොහැකිය.  එමනිසා මේවා ජීවීන්ගෙන් තොර ප්‍රදේශ බවට පත්ව ඇත. මෙවැනි කලාප 400 ක් පමණ දැනට ලෝකය පුරා සාගරයේ තැනින් තැන දක්නට ඇත. (කලාතුරකින් ගංගා හා විල් වලද මෙම තත්වය ඇතිවනු දැකිය හැක.) මේවායේ වර්ග ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් විශාල වෙමින් පවතී. බෝල්ටික් මුහුද ලෝකයේ විශාලම මළ ප්‍රදේශයකි.
සාගර ජීවින්ගෙන් තොර වු "මළ ප්‍රදේශ"  (Dead zone) 

කොරල් පර හා ඒ ආශ්‍රිත ජෛව ප්‍රජාවගෙන් සමන්විත මනස්කාන්ත  මුහුදු පතුලක අසිරිය කෙතරම්ද?

 Algal Bloom  නිසා කොළ පැහැයට  හැරුනු  ජලය

මේවා ඇතිවන්නේ කෙසේද ?
 ü  මිනිසා විසින් කෘෂිකර්මාන්තයේදී  අසීමිත ලෙස නයිට්‍රජන්, පොස්පරස්  අඩංගු පොහොර භාවිතා කරන අතර එම පොහොර වැසි  ජලය සමග සේදීගොස් ගංගාවලටත් එතැනින් සාගරයටත් එක්වේ.
ü  ඇල්ගී මගින් (විශේෂයේන් Cyanobacteria, Green Algae, Dinoflagellates, Coccolithophores
 සහ Diatom Algae යන ජීවී කණ්ඩායම්) එම අමතර නයිට්‍රජන් ප්‍රයෝජනයට ගනිමින් විශාල වශයෙන් වර්ධනය වේ. මෙය Algae bloom ලෙස හඳුන්වයි.
ü  මෙම ඇල්ගී මගින් ජලයේ දියවූ ඔක්සිජන් ප්‍රයෝජනයට ගන්නා අතර එමගින් ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවේ. මෙම Algae bloom මගින් ජලය තුලට ආලෝකය ගමන් කිරීම වලක්වන අතර  එය ජලය තුල සිටින අනෙක්  ජීවී ප්‍රජාවගේ වර්ධනයට බාධා කරයි.
ü  මෙම ඇල්ගී මිය ගිය වහාම ඒවා මුහුද පතුලට ගමන් කරයි. මෙම ඇල්ගී දිරා පත් වීමේ ක්‍රියා  වලියේදී   ක්ෂුද්‍ර ජීවීන්ද (බැක්ටීරියා ) ඔක්සිජන් භාවිතා කරන බැවින් ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය  තවත් අඩුවේ. මෙම බැක්ටීරියා වල වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය බහුල නිසා  බැක්ටීරියා ඝණත්වය සීග්‍රයෙන් වැඩිවේ. (Bacterial mat).
ü  මෙම බැක්ටීරියා මගින් හයිට්‍රජන් සල්ෆයිඩ් වැනි  විෂ වායුද නිපදවන අතර  එම ප්‍රදේශයේ ජලය වෙනත්  සාගර ජීවීන්ට වාසය කල නොහැකි තත්වයට පත්වේ.
ü  කෘෂිකාර්මික අපද්‍රව්‍ය ලෙස නයිට්‍රජන් අඩංගු පොහොර සාගර ජලයට එක් වීම Dead zone ඇතිවීමේ ප්‍රධාන හේතුව වුවත් කර්මාන්ත අංශයෙන්  බැහැරකරන කාර්මික අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සාගර ජලයට එකතු වීම හා  ඇතැම් ස්වභාවික හේතූන් නිසාද මෙම තත්වය ඇතිවිය හැක.

මෙම තත්වය නවත්වන්නේ කෙසේද?
ü   රසායනික පොහොර භාවිතය සීමා කිරීම සහ කාබනික ගොවිතැන සඳහා යොමුවීම.
ü   සාගර ජීවීන්ට අහිතකර නොවන ලෙස මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම. (ඩයිනමයිට් යෙදීම,සයනයිඩ් යෙදීම වැනි ක්‍රම භාවිතයෙන් වැලකීම.)
ü  ප්ලාස්ටික් භාවිතය නතර කිරීම. ඒ වෙනුවට වීදුරු, ලී, ලෝහ  නිෂ්පාදන භාවිතා කල හැක.
ü  විවිධ  කර්මාන්ත ශාලා  වලින් පිටකරන රසායණික අපද්‍රව්‍ය,  ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, සාගරයට මුදා හැරීමෙන් වැලකීම
ü  කොරල්පර සංරක්ෂණය සදහා සහාය වීම

Dead zone  නැවත යථා තත්වයට පත් කිරීම.
 මේවා ඇති වීම සදහා හේතුවන සාධක සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම හෝ අවම කිරීම මගින් මෙම ප්‍රදේශ නැවත යථා තත්වයට පත්කල හැක. මල ප්‍රදේශ නැවත යථා තත්වයට පත් කල හැකි වීම භාග්‍යයකි.

 උපුටා ගැනීම් :-

0 comments:

Post a Comment