June 19, 2014

ලොව වේගවත්ම භූජලජ රථය



මෙය භූජලජ ( amphibious)  වාහනයකි.  ජලයේ මෙන්ම ගොඩබිම ද යා හැකි අරුම පුදුම වාහනයකි. මෙය ජලයේදී  70 kmph    ක  වේගයෙන් යන රේසිං බෝට්ටුවකි. එමෙන්ම ගොඩබිමේදී 128 kmph  ක වේගයෙන් යන කාරයකි.
ජලයේ මෙන්ම ගොඩබිමද යා හැකි බෝට්ටු මෙන්ම ජලයේ සෙමින් පාවෙන වාහන මීට පෙර නිර්මාණය වී තිබුණ මෙතරම් වේගයකින් යා හැකි ලෙස නිර්මාණය වූ ප්‍රථම  රථය බවට මෙය පත් වී තිබේ.තාක්ෂණික ලෝකයේ පෙරළිකාර වාහනයක් ලෙස “Panther Jeep  රථය මේවන විට එළිදක්වා ඇත.

නිපදවූ අයුරු
මෙම ද්වි මාධ්‍ය රථය අපට දැකගත හැකි වනුයේ පුරා අවුරුදු 13ක් තුල කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම මහා පෙරළිය සිඳු කිරීමට මූලිකව කටයුතු කරන ලද්දේ අමෙරිකාවේ California  ප්‍රාන්තයේ ඩේව් මාර්ච් සහ ඔහුගේ මිතුරු කැළයි. ඩේව් මාර්ච්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ “ fountain valley bodyworks”  නම් සමාගම මේ වන විට මෙකී රථයේ අත්හදා බලන මාදිලි (Proto types) දෙකක් නිර්මාණය කර ඇති අතර පේටන්ට් 27 ක් ලබා ගෙන ඇත. මෙම වාහනය නම් කර ඇත්තේ  “water car python”ලෙසිනි .  මේවන විට මෙම රථය ලෝකයේ වේගවත්ම භූජලජ (amphibious)  වාහනය ලෙස ගිනස් වාර්තා පොතටද ඇතුළත් ව ඇත.

water car python”  රථයේ තාක්ෂණය යොදාගනිමින් කුඩාම මාදිලියේ ජීප් රථයක් ලෙස “Panther Jeep” රථය වෙළඳපළට හදුන්වා දී ඇත්තේ මහජනතාවට මිළදී ගත හැකි වන අයුරිනි. මෙය  jeep cj-8” වාහනයේ ආකෘතියට අනුව නිර්මාණය කර තිබේ. ඒ සඳහා හොන්ඩා මාදිලියේ  v-6 , 3.7L එන්ජිමක් සවි කර ඇත. මෙම රථය අමෙරිකානු ඩොලර් 135000 ට අළෙවි කිරීමට සැලසුම් කර ඇත. අත්හදා බැලීමට සාදන ලද python රථය  96  kmph ක වේගයෙන් ජලය මත ධාවනය වන නමුත්  “Panther Jeep”  රථයේ ජලය මත උපරිම වේගය  70 kmph කි.

 ක්‍රියාකාරිත්වය
“Panther Jeep” රථය ජලයට ගිය පසු එහි රෝද හතර හයිඩ්‍රොලික් තාක්ෂණයට අනුව රථය තුලට ඔසොවා ගනු ලැබේ.ගොඩබිම ගමන් කරන අතර තුර ජලයට ගොස් තත්පර 15 ඇතුළත ජලයට අවශ්‍ය අයුරින් පද්ධතිය වෙනස් කර ගැනීමට මෙයට හැකිය. මෙම රථයේ අඩිය fiber glass  වලින් තනා ඇත. මෙහි කි.ග්‍රෑම් 318 ක බඩු ගෙන යා හැක. දිගින් අඟල් 180 ක් වන අතර පළල අඟල් 72කි. ඉන්ධන ලෙස 91 – octane  භාවිතා  කරයි.
දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයේ “Panther Jeep” රථය තවත් එක් පෙරළිකාර නිපැයුමක් පමණි.


සකසන ලද්දේ
කාංචනා හෙට්ටිආරච්චි
විදාතා කැළණිය

0 comments:

Post a Comment