June 20, 2014

මොළය සමඟ කෙලින්ම කතාකරන පරිගණකයක්

හදිසි අනතුරකින් හෝ රෝගයක් උත්සන්න වීමෙන් විසඥ තත්ත්වයකට පත්වන කෙනෙකුගේ කටින් වචන පිටවන්නේ නැහැ. ඔහුගේ හෝ ඇයගේ උප විඤ්ඤානය ක්‍රියා කලත් එහි තැන්පත්ව ඇත්තේ කවර කරුණුද යන්න වෛද්‍යවරුන්ට අනාවරණය කර ගැනීමට හැකි වුනේ නැහැ. මේ නිසා තම යටි හිතේ ඇති දේවල් කියා ගන්නට බැරිව විසඥ තත්ත්වයේ සිටියදී මිය යන අය ඔනෑතරම් ඉන්නවා.
         මේ අතර එබදු විසඥ වූ පුද්ගලයන්ගේ යටි හිත සමග කථා කළ හැකි පරිගණකයක් කැනඩාවේ බටහිර ඔන්මාරියෝ විශ්ව විද්‍යාලයේ විද්වතුන් පිරිසක් නිර්මාණය කර සිටිනවා.
         මේ පරිගණකය හරහා විසඥ වූ කෙනෙකුගේ මනසින් විවිධ ප්‍රශ්න අසන්නට පුළුවන්. මනස පිළිතුරු දිය යුත්තේ ඔව් හො නැහැ යන වචන දෙකින් එක්කින් පමණයි. ඒ උත්තර වලින් ලැබෙන තොරතුරු රෝගියාගේ  උපවිඤ්ඤානය තුල කුමක් තිබෙනවාද යන කාරණය දැනගන්නට  වෛද්‍යවරුන්ට පුලුවන්.
         විශේෂයෙන් Vegetative State ලෙස හැදින්වෙන තත්ත්වයේදී රෝගියකු හිත්න්නේ මොනවාද යන්න මේ මගින් හෙලි කර ගන්නට පුලුවන (vegitatire state කියන්නේ සකල ශරීරයට අකර්මන්‍ය වී මොළය පමණක් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්නා අවස්ථාවයි).
            ඔන්මාරියෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ නායිකා ලොරනා නැසී වෛද්‍යවරියගේ අදහසට අනුව මොලය පමනක් ක්‍රියාත්මක වන කෙනෙකුගේ අදහස් දැන ගැනීමට ලැබීම වෛද්‍ය පර්යේෂණ කර්මාන්තයේ ජයග්‍රහණයක්. සමහර විට අදහස් හෙලි කිරීමට හෝ කථාකර ගැනීමට  බැරි රෝගියා ශාරීරික වේදනාවකින් හෝ සන්තාපයකින් පීඩා විදිනවා වෙන්නට පුලුවන්. සමහර විට ඔහු හෝ ඇය තුල විශාල කලකිරීමක් තිබෙනවා වෙන්නත් පුළුවන් ඒ සදහා සුදුසු ප්‍රතිකර්ම යෙදීමට තම සන්නිවේදන ක්‍රමය නිසා වෛද්‍යවරුන්ට අවකාශ ලැබෙනවා. මේ අතර තවත් සමහර පුද්ගලයන් හදිසි අනතුරු නිසා මොළය මියගිය තත්ත්වයට පත්වෙනවා. ඔවුන්ගේ අභ්‍යන්තර ස්වභාවය දැනගැනීමට නම් ස්නායු පද්ධතිය සමග කථෝපකතනයෙහි යෙදිය යුතුයි. නව පරිගණකයට ඒ වර්ගයේ සන්නිවේදන කටයුතුත් කළ හැකියි.
            පරිගණකය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණ කණ්ඩායමට ගැහැණුන් සහ පිරිමින් රැසක් යොදා ගත්තා. ඔවුන්ගේ හිසට පරිගණක රැසක් සම්බන්ධ කර පරිගණක අසණ ප්‍රශ්න වලට ඔව් හෝ නැහැ යන පිළිතුරු දෙකෙන් එකක් පමණක් සිතන ලෙස උපදෙස් දුන්නා. පරිගණකය එම උත්තර තේරුම් ගෙන මොනිටරය මත උත්තර සටහන් කළා.

(Journal of Neuroscience)

0 comments:

Post a Comment