June 27, 2014

ත්‍රිමාණ රූප නිර්මාණය කරන Creo-pop

පසුගිය වසර  තුලදීම Creo-pop  ආයතනයේ නිර්මාණකරුවෝ උණුසුම් (අධික උෂ්ණත්වයක්) නැති ත්‍රිමාණ රූප නිර්මාණය කළ හැකි උපකරණයක් සෑදීමට උත්සහ කළෝය. Wobble works නිපදවු 3 Doodles උපකරණයේ ABS  හෝ PLA  ප්ලාස්ටික් සුත්‍රිකාව මඟින් උණුසුම් කිරීම වෙනුවට නව තාක්ෂණයේ Creo-pop  පෑන සැහැල්ලු සංවේදී තීන්ත භාවිතා කරයි. මෙම තීන්ත පාරජම්බුල කිරණ සඳහා නිරාවරණය වු විට ඝනීභවනය වේ. මේ නිසා වැඩිහිටි හෝ ළාබාල රූපකරණ නිර්මාණ ශිල්පීන්ට උපකරණයේ ඇති අධික උෂ්ණත්වය සහිත කොටසක් පිළිබඳව ආරක්ෂාකාරී වීම අවශ්‍ය නොවේ.

විදුලි ඉස්ත්‍රික්කයට අනපේක්ෂිත ලෙස පිළිස්සුණු කෙනෙකු එහි භයානක බව හොඳින් දනී. ප්ලාස්ටික් දිය කිරීම සඳහා 270ºc ක උෂ්ණත්වයක් භාවිතා කරන ත්‍රිමාණ රූප අඳින පැනක් භාවිතය ආරක්ෂාකාරී නොවේ. කුඩා දරුවන්ද චිත්‍ර ඇඳීම කරන බැවින් එය වඩාත් භයානකය. සාමාන්‍ය හිරු එළියේ රස්නය සහිත බව ප්‍රකාශිත පාරජම්බුල කිරණ ඩයෝඩ භාවිතා කරන Creo-pop  ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය .මෙම පාරජම්බුල කිරණ ඩයෝඩය, පෑන් තුඩින් නිකුත් වන ද්‍රව්‍ය එනම් තීන්ත වර්ගය ඝනීභවනය කරයි. එපමණක් නොව මෙහිදී ප්ලාස්ටික් උණුවිමේදී ඇතිවන සැර ගන්ධයද ඇති නොවේ.
සෑම විෂ සහිත නොවන තීන්ත කැප්සියුලය (Capsule) ක් මඟින් මීටර 14 (අඩි 46) ක් දිගක සහ මිලිමී 3ක ඝනකම සමාන ප්‍රමාණයකට නිර්මාණ කළ හැකිය.තීන්ත කාටි්‍රජරය නැවත පිරවීමට තත්පර කිහිපයක් පමණක් ගතවේ.Photo polymer විවිධ වර්ණ වලින් නිර්මාණය කර ඇති අතර සමාගමට තීන්ත වල ගුණාංග වෙනස් කළ හැකිය. දැනට සාදා ඇති තීන්ත අඳුරේදී එළිය විහිදුවයි. විවිධ උෂ්ණත්ව වලදී විවිධ වර්ණ ගැනේ. චුම්භක, ඇඳෙන සුළු (elastic), සන්නායක, සුවඳැති, ශරීරයේ ආලේප කළ හැකි සහ දිලිසෙන යන ගුණාංග සහිත තීන්ත වර්ගද නිෂ්පාදනයේ පවති.

උපුටා ගැනීම:-
Cordless Creo- Pop pen makes 3D sketching cool

0 comments:

Post a Comment