June 20, 2014

මොනවද මේ Whey ප්‍රෝටීන්?

Whey ප්‍රෝටීන් ආරම්භයේදී භාවිතා කලේ කාය වර්ධන කෙරෙහි යොමුවූවන් පමණි. නමුත් අද වනවිට සාමාන්‍ය ක්‍රීඩකයන් හා ඕනෑම මට්ටමක සාමන්‍ය ව්‍යායාමයේ යෙදෙන්නන් පවා මෙම ප්‍රෝටීන් භාවිතා කරනු ලැබේ.
Whey ප්‍රෝටීන් යනු චීස් නිෂ්පාදනයේදී  අපද්‍රවයක් ලෙස නිපද‍වෙන දියරයකි. මෙය සෙලවීමෙන් ඝන බවට පත්කර (Protein Powder) අතිරේක ආහාරයක් ලෙස ප්‍රයෝජනයට ගත හැක.

Whey ප්‍රෝටීන් ඉතා වේගයෙන් ජීර්ණය වන පූර්ණ ප්‍රෝටීනයකි. ප්‍රෝටීනමය ආහාරයක ඇමයිනො අම්ල 20ක් ඇත. ඉන් ජීවී දේහයේ අස්ථි මාංශපේෂී අවයව පටක වැනි ශරීරයේ සෑම කොටසක්ම අලුත්වැඩියා කරයි.
ප්‍රෝටීන වල අත්‍යාවශ  ඇමයිනෝ අම්ල 9ක් ඇත. සිරුරට අවශ්‍ය මෙම අත්‍යාවශ ඇමයිනො අම්ල ආහාර වලින් ලබා ගත හැකි නම් එවැනි ආහාර පරිපූර්ණ ප්‍රෝටීන ලෙස හදුන්වයි.
මස්කරි ආශ්‍රිත නිෂ්පාදන බිත්තර සහ quinoa වැනි දුර්ලභ එළවළු පරිපූර්ණ ප්‍රෝනටීන ලෙස සලකයි. ඊට අමතරව බොහෝ එළවළු සහල් සහ පිෂ්ඨය පරිපූර්ණ ප්‍රෝටීන් නොවන අතර මෙයට හේතුව ඒවායේ අත්‍යාවශ ඇමයිනො අම්ල එකක් හෝ කිහිපයක් අන්තර්ගත නොවීමය.
කිසිදු ආහාරයක පරිපූර්ණ ප්‍රෝටීන අඩංගු නැත. නමුත් Whey ප්‍රෝටීන් පරිපූර්ණ ප්‍රෝටීනයකි. ගුනාත්මකභාවයෙන් ඉහළ මට්ටමේ Whey ප්‍රෝටීන් භාවිතයෙන්
දේහ බර අඩු කිරීම
පිළිකා රෝගයේදී සිදුකරන ප්‍රතිකාර සදහා උපකාර වීම
ශරීරයේ glutathione මට්ටම වැඩිකිරීම(මෙය මිනිස් සිරුරේ තිබෙන ප්‍රධානතම ජලයේ ද්‍රාව්‍ය anti-oxidant එකකි.)
HIV රෝග ලක්ෂණ අඩු කරයි.
Total Cholesterol ප්‍රමාණය අඩු කරන අතර HDL(good cholesterol) ප්‍රමාණය වැඩි කරයි.
ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රායාකාරීත්වය වැඩිකිරීම
ක්‍රීඩාව සදහා අවශ්‍ය ශක්තිය වැඩිකරයි.
ක්‍රීඩා පුහුණුවීම් කාලය තුලදී සිදුවන තුවාල සනීප වීමට ගතවන කාලය අඩුකරයි.

ජීවී දේහයේ යම් විශේෂවූ කාර්යන් සදහා විශේෂණයවූ ඇමයිනො අම්ල ඇත. Whey ප්‍රෝටීන වල ඇති අතිශයින්ම අතුබෙදුනු දාම සහිත ඇමයිනො අම්ල High in Branched Chain Amino Acids (BCAA’s) ලෙස හදුන්වන අතර එවැනි High in Branched Chain Amino Acids වර්ග 03ක් Whey ප්‍රෝටීන වල ඇත. ඉන් ශරීරයේ මාංශපේශි අලුත්වැඩියාව සහ ඒවා ආරක්ෂා කරයි.
ව්‍යායාමයේදී මෙන්ම ඉන් අනතුරුව යථාතත්වයට පත්වීමේදී ජීවී දේහයේ අන්තර්ගත විශේෂිත ඇමයිනෝ අම්ල වලින් ඉතා සුළු ප්‍රමානමාණයක් (1 -5%) ක ඉන්දන වශයෙන් බිද වැටීමක්  සිදුවේ. විනාශවන මාංශපේෂී ආරක්ෂා කිරීමට ජීවී දේහයේ තිබෙන මෙම BCAA’s යොදා ගනී.
කෙසේ වෙතත් සමස්ථයක් ලෙස මෙම වැටීම ඉතා සුළු ප්‍රමානමාණයකි. එබැවින් ශරීරයට BCAA’s වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් ශරීරයේ තිබෙන මාංශපේෂි ආරක්ෂාවේ.
තවද ලියුසීන් වැනි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල මගින් ප්‍රෝටීන සංස්ලේෂණය උත්තේජනය කරයි. ඉන් ශරීරයේ ගබඩා කරන ඇමයිනෝ ප්‍රමාණය වැඩිකරන පණිවුඩය දේහයට ලබාදෙයි.

Whey ප්‍රෝටීන් භාවිතයේ අවදානම
මෙම ප්‍රෝටීන සාන්ද්‍ර කිරීමේදී ලැක්ටෝස් වැඩි ප්‍රමාණයක් නිපදවේ. ඒ අනුව මෙම ප්‍රෝටීන අධික ලෙස භාවිතා කලහොත් සිදුවන බරපතලම ගැටළු සහගත තත්වය නම් මෙය වකුගඩු වලට ඉතා අහිතකර ලෙස බලපෑමයි. නමුත් මේ සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණ වලින් පෙනී යන්නේ මෙම තත්වය එක් එක් පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය මත රදාපවතින බවයි.

උපුටා ගැනීම http://www.builtlean.com/2012/03/16/whey-protein/

ටී.එම්.හේමමාලී
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
මාතර.

0 comments:

Post a Comment