June 5, 2014

ජංගම කාලගුණ ස්ථානයක් වු කුඩය


අව්වැසි  වලින් ආරක්ෂා වීම සඳහා භාවිතා වන කුඩය ජංගම කාලගුණ ස්ථානයක් ලෙසද ඉදිරීයේදී සේවය සලසනු ඇත. මෙම කුඩය විද්‍යාඥයින්ට වර්ෂාපතනය මැනීම සඳහා ඉමහත් සේවයක් සලසනු ඇතැයි එහි නිර්මාතෘ නෙදර්ලන්තයේ ඩෙලෆ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොල්ෆ් හට් පවසයි. ඔහු විසින් නිෂ්පාදිත ආකෘති කුඩයේ ඝනරෙද්ද (කැන්වසය) මත පතිත වන වැහි බිංදු හඳුනා ගැනීමට හා මැනීමට හැකිය.

 BBC වාර්තා කරන අයුරු එහි ක්‍රියාකාරීත්වය මෙසේය.
කුඩ ඝනරෙද්ද(canvas) ඇතුළතින් සවිකර ඇති Piezo  සංවේදකය මඟින් වැහි බිංදු වැටීමෙන් ඇතිවන කම්පනය මනිනු ලැබේ.සංවේදක රැහැන් වලින් ජංගම දුරකථන බ්ලුටූත් සවන්කඩ (earpiece) ට සම්බන්ධ කර ඇත. එමඟින් දත්ත ප්‍රතිලේඛනයන් හරහා ජංගම ජාල ඔස්සේ  laptop (ජංගම ක්ෂූද්‍ර) පරිගණකයට ලබාදේ. මේ සම්බන්ධව ආචාර්ය හට්ගේ මිදුලේ සිදු කළ පරීක්ෂණයේදී සාර්ථක ප්‍රතිඵල ලැබී තිබේ. එහිදි මද වැස්සක් කුඩය මත පතිත වීමෙන් ලද දත්ත කාලගුණ විද්‍යාවට අදාල ඉතා වැදගත් තොරතුරු ලබාදී ඇත.

පෙර කාලයේදී තරම් වර්ෂාමානක (Rain gauges) දැනට භාවිතා නොවේ. ඊට හේතුව මෙම වර්ෂාමානක නඩත්තු කිරීමට අධික වියදම් දැරිය යුතු වීමයි. යථාකාලින(real time) දත්ත ලබාදිය හැකි ලොව පුරා ඇති වර්ෂාමානක ප්‍රමාණය පාපන්දු ක්‍රිඩාංගනයකට වඩා කුඩා බව NASA විද්‍යාඥ ක්‍රිස් කිඩ් පවසයි. එනිසා ජල කළමනාකරණය හෝ ජලවිද්‍යාව (hydrology) පිළිබඳ පර්යේෂණ සඳහා අවශ්‍ය තරම් දත්ත ලබාගැනීමට නොහැකි බව හට් BBC ආයතනයට ප්‍රකාශ කර තිබේ.හට් සඳහන් කරන පරිදි එම ගැටළුවට විසඳූම් ලෙස මෙම නව තාක්ෂණික කුඩ භාවිතා කළ හැකිය. Smart umbrella (බුද්ධිමත් කුඩ) ලෙස ඒවා යථාකාලින තොරතුරු ලබාදෙනු ඇත. එවිට කාලගුණය පිළිබඳ වඩා නිවැරදි අනාවැකි පලකළ හැකිය. නාගරික ජල ගැලීම් වැනි දරුණු අවස්ථාවලදී Smart umbrella තොරතුරු නිසා කාලගුණ විද්‍යාඥයින්ට වඩාත් කාර්යක්ෂමව තම කාර්ය ක්‍රියාත්මක කළ හැකිවේ.

උපුටා ගැනීම:-
Turn your Umbrella into A mobile weather station - Douglas Main     

0 comments:

Post a Comment