June 25, 2014

ඩ්‍රෝන් තාක්ෂණයෙන් ප්‍රවාහන සේවාවක්, අවශ්‍ය දේ ඔබේ ගෙයි දොරකඩට

Drone munw හෙවත් දුරස්ථ පාලක නියමුවන් රහිත ගවන් යනා තාක්ෂණය මෙතෙක් කලක් පාවිච්චි වූයේ කාර්යන් 2ක් සදහා පමණයි. ඉන් පලමුවැන්න අනතුරුදායක ගුවන් සීමාවන් වෙත ගොස් ඔත්තු බැලීමයි. දෙවැන්න, මිනිසුන් සහිත ප්‍රහාරක යානාවලට ළගා විය නොහැකි අන්තරකාරී තැන්වලට ගොස් බෝම්බ දැමීමයි.
            ඉහත කාරණා දෙකට පමණක් නොව. තවත් වැදගත් කාරණයකට ඩ්‍රොන් යානා යොදවා ගැනීමට ඇමරිකන් සමාගමක් සුදානම් වෙනවා. ඒ තමයි හදිසි ඖෂධ වර්ග සහ භාණ්ඩ බෙදා හැරීම‍. සැත්කමක් සිදුවෙමින් පවතින වෙලාවකට බලාපොරොත්තු විරහිත ලෙස අත්‍යවශ්‍ය වන ඖෂධයක් රෝහලේ දොරකඩටම යැවීමට මේ සමාගම ඩ්‍රොන් තාක්ෂණය යොදා ගැනීමට අදහස් කරවා. මේ සමාගමේ නම Matternet. කැලිෆෝනියාවේ සිලිකන් නිම්න ප්‍රදේශයෙන් ඇඹුණ මේ සමාගම ගුවන් සැතපුම් 6ක් ඔබ්බෙන් පිහිටි හයිටි සහ  ඩොමිනිකන් රිපබ්ලික් යන රටවල් දෙකට කිලෝ ග්‍රෑම්  2 බැගින් වූ හදිසි භාණ්ඩ තොග බෙදා හැරීමේ පර්යේෂණ චාරිකා සාර්ථක කර ගෙන තිබෙනවා.
          කලාපයේ තැන තැන මධ්‍යස්ථාන පිහිට වීමටත් ඒ මගින් ඩ්‍රොන් යානා වල බැටරි රී චාජ් කර ගැනීමටත් අවස්ථාව සැලසීමටත් මේ ආයතනයේ සැලසුමයි.
          කොහොම වුනත් කිලෝ ග්‍රෑම් 2 න් භාණ්ඩ ප්‍රවාහනය නැවැත්වීම මේ ආයතනයේ අදහස නොවෙයි. කිලෝ ග්‍රෑම් 1000 කට වැඩි හදිසි බඩු තොග යැවීමටත් ඔවුන් සැලසුම් කරනවා.
          Matternet ආයතනය Drone ගුවන් යානා මගින් බඩු වැඩිපුර යැවීමට හිතාගෙන ඉන්නේ මාර්ග පහසුකම් නැති තුන්වන ලෝකයේ දුෂ්කර පලාත් වලටයි. මෙය තුන්වන ලෝකය තුළ හැකිද යන්න ප්‍රශ්ණ  කලවිට Matternet ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන විධායක අන්ඩ්‍රෙස් රැප්ටොපොපියුලස් මෙසේ උත්තර දෙනවා.  “ජංගම දුරකථන ලොවට හදුන්වාදීමේදීත් දියුණු රටවල් ඔහොම හිතුවා. එහෙත් අදවන විට දියුණු රටවල් වලට වඩා ජංගම දුරකථන ප්‍රවාහනයක් ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් වල බව අප වටහා ගත යුතුයි.
            Matternet සමාගම ඩ්‍රොන් යානා ඉතාම අඩු මුදලකට නිෂ්පාදනය කරනවා. ඒවා ඉතා සංකීර්ණ යානා විශේෂයක් නොවේ. ඒවායේ එකම කටයුත්ත භාණ්ඩ ප්‍රවාහනය පමණයි.  ඒ සදහා කිලෝ 100 දක්වා බරක් ප්‍රවාහනය කල හැකි ඩ්‍රොන් යානා 50 ක් සහ Recharge station (බැටරි ආරෝහන මධ්‍යස්ථාන) 150 ක් ඩොලර් ලක්ෂ 9 කින් හෙවත් රුපියල් කෝටි 10 කින් පිහිටුවා අවසන් කල හැකි වේ.

(CNN)                        

0 comments:

Post a Comment