ආහාර මනුෂ්‍යයාට පමණක් නොව සතුන්ට සහ ගස්වැල් වලට ජීවත්වීම සඳහා අවශ්‍යම දෙයකි. පෝෂණය සපයන මහඟු දායාදය රැකගැනීම අපගේ යුතුකමකි. අප සියල්ලන්ටම සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම සඳහා පෝෂණය අත්‍යාවශ්‍ය වේ. ප්‍රධාන පෝෂක වන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද ඛණිජ හා විටමින් ආහාර වල අඩංගු වේ. ධාන්‍ය සහ අල වර්ග මගින් කාබෝහයිඩ්‍රේට් ලැබෙන අතර සමහර ධාන්‍ය,මස්,මාළු,කිරි සහ බිත්තර මගින් ප්‍රෝටීන් සපයන අතර විටමින් සහ ඛණිජ බොහෝවිට එළවළු සහ පලතුරු මගින් සැපයේ.
හොඳ සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් ගත කිරීම සඳහා දිනකට එළවළු 200g පලතුරු 120g ද අනුභව කලයුතු බව පෝෂණවේදීන් පෙන්වා දී ඇතත් ශ්‍රීලාංකිකයන් අනුභව කරන ප්‍රමාණය එළවළු 90g ක් ද පලතුරු 40g ක්ද වන බව සමීක්ෂණ වාර්තා මගින් හෙළිවේ.
අප රටේ දළ වශයෙන් හෙක්ටයාර 77046ක් පමණ එළවළු ද පලතුරු හෙක්ටයාර 125764ක් පමණ වාර්ෂිකව වගා කරයි. වාර්ෂික එළවළු අස්වැන්න මෙට්‍රික් ටොන් 660012 ක්ද පලතුරු මෙට්‍රික් ටොන් 581297 ක්ද ලැබේ. මෙතරම් අස්වැන්නක් තිබුණද එයින් 25% -40% ප්‍රමාණයක් පරිහරණයේදී අපතේ යන බව නිරීක්ෂණය කර ඇත.
අප රටේ මෙතරම් අස්වනු හානියක් ඇති වීමට හේතු වනුයේ ක්‍රමාණුකූලව අස්වනු නෙලීම ඇසිරීම ප්‍රවාහණය සහ වෙළඳපලෙහි ප්‍රදර්ශණය නොවන නිසාය. නිසියාකාරව අස්වනු පරිහරණය කරන්නේ නම් පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා එය හොඳ පිටුවහලක් වනු ඇත. අස්වනු හානි අවම කරගැනීම සඳහා ගතයුතු තවත් පියවරක් වනුයේ ලැබෙන අස්වනු වලින් විවිධ ආහාර කර්මාන්ත ඇතිකර ඒවා වෙලදාම් කිරීමයි.
නෙලාගත් කෘෂි භෝගවල නරක්වීමට හේතුවන ප්‍රධාන හේතුසාධකය වනුයේ ඒවායේ පවතින අධික තෙතමනයයි. පෝෂණය හා තෙතමනය නිසා ක්ෂුද්‍ර ජීවීන් ආසාදනයවී ඉක්මනින් නරක් වේ.බැක්ටීරියා පුස් යීස්ට් වර්ග මගින් ආහාර නරක් වේ.නරක් වීමේදී විවිධ විෂ වර්ග සෑදි මිනිසාට අහිතකර බලපෑම් ඇති කරයි. ආහාර නරක්වීම පාලනය කිරීම සඳහා උෂ්ණත්වය හා තෙතමනය පාලනය කළ යුතුය.
ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද කිහිපයක් ඇත ඒවායින් වඩා ප්‍රචලිත ඒවා වනුයේ
v වියලීම
v ටින් කිරීම
v කෝඩියල්/ පළතුරු බීම/ජෑම්/චට්නි වර්ග සෑදීම
v අධි ශීතකරණය හා ශීත කිරීම
v ලුණු දැමීම
v අච්චාරු වර්ග සෑදීම
v පැසවීම
v රසායනික (කල්තබා ගැනීමේ) ද්‍රව්‍ය යෙදීම
v විකිරණයට භාජනය කිරීම
v දුම් ගැසිම
v ඉටි වර්ග ආලේප කිරීම වැනි ඒවාය
ආහාර කල් තබා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ආහාර සකස් කිරිමේ පුරුදු අනුගමනයද ඉතා වැදගත් වේ.එසේ හිතකර ලෙස ආහාර නිෂ්පාදනයේදි යොදා ගනු ලබන සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් මෙලෙස දැක්විය හැක.
¨ පිරිසිදු ඇඳුම්/ඒප්‍රන්/හිස් වැසුම් හා අත් වැසුම් පළඳින්න
¨ ආහාර සකස් කිරීමට පෙර සබන් ගා අත් සෝදන්න
¨ ආහාර සකස් කරන ස්ථානයේ සුරතල් සතුන් සහ කෘමීන් ගැවසීම වලක්වන්න/ ඉවත් කරන්න.
¨ ඇති තරම් පිරිසුදු වාතය සහ ආලොකය ලැබෙන්නට සලස්වන්න
¨ සෑම ක්‍රියාවක් සඳහාම පිරිසිදු ජලය භාවිතා කරන්න.
¨ කිසි විටක ගංගා, ඇල, දොල, අමුණු වලින් ලැබෙන ජලය භාවිතා නොකරන්න.
¨ ජලය හා අප ද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවත් සැලැස්මක් සකස් කරන්න.
¨ ආහාර සකස් කරන ස්ථානය අවට වැසිකිලි හා නරක් වූ කුණුබාල්දි නොතබන්න.
¨ රෝගීන් ඇතුලු වීම වලක් වන්න.
¨ කෙල ගැසීම බුලත් විට කෑම දුම්බීම ආදිය නොකරන්න
මෙවැනි ක්‍රියා පිළපැදීම වැදගත් වන අතර ආහාර සකස් කරන ස්ථානය නිතරම කුණු දූවිලි මකුලු දැල් වැනි ඒවාට භාජනය වීම වලක්වා ගත යුතුය. ආහාර සකස් කරන උපකරන සහ භාජන පිරිසිදුව තබා ගත යුතුය.ලෝහ භාජන පාවිච්චි කරන විට ආහාර මගින් ඒවා අතර ප්‍රතික්‍රියාවක් නොවන ඒවා යොදා ගත යුතුය. ආහාර සකස් කිරීමට වඩා යෝග්‍ය භාජන වනුයේ සුදු යකඩ (Sternal steel) භාජන වේ.එමෙන් ම භාජන පහසුවෙන් පිරිසිදු කරගත හැකි විය යුතුය. ආහාර සකස් කිරීමට පෙර හා ඉන් පසු භාජන හොඳින් සේදීම ඉතා වැදගත්වේ.
සැකසුම
S.M.T.K.සමරකෝන්
විද්‍යා හා තාක්ෂණ නිළධාරී
ගඟවට කෝරළය.
0 comments:
Post a Comment