June 25, 2014

පොල් කිරි වලින් අයිස්ක්‍රීම්



අයිස්ක්‍රීම් යනු සෑම අයෙකු අතරම ඉමහත් ජනප්‍රිය අධි ශීතකරණ ලද අතුරුපසක් වේ. එය ප්‍රධාන ලෙස කිරි ,මේදය, සීනි, තෛයිලෝදකාරක වර්ණක හා රස කාරක යොදා කරනු ලබන නිෂ්පාදකයකි .
අයිස්ක්‍රීම් ප්‍රධාන වශයෙන් ම එළකිරි යොදාගෙන නිෂ්පාදනය කරන අතර එළු කිරි, බැටළු කිරි මෙන්ම වෙනත් ආදේශක කිරි වර්ග වන සෝයා මගින්ද නිෂ්පාදනය කරනු ලබයි. ලැක්ටෝස් අසාත්මිකතාව, වෙනත් කිරි ප්‍රෝටීන වලට ඇති අසාත්මිකතාව ඇති සහ ශාක ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා පුද්ගලයන් හට (vegetarians) සත්ව කිරි මගින් නිෂ්පාදනය කල අයිස්ක්‍රීම් ආහාරයට ගත නොහැකි වේ. මේ සහා කදිම පිලියමක් වන්නේ ආද්ශක,කිරි මගින් නිපදවන අයිස්ක්‍රීම්ය.
දැනට වෙළපොලේ බහුලව පවතින එකම ආදේශක අයිස්ක්‍රීම් වර්ගය වන්නේ සෝයා අයිස්ක්‍රීම් පමණි. එම නිසා පොල් අයිසික්‍රීම් සත්ත්ව කිරි ආහාරයට නොගන්නා ජනතාවට මෙන්ම අයිස්ක්‍රීම් ප්‍රිය කරන ජනතාවට මෙම අයිස්ක්‍රීම් යෝග්‍ය වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
·        පොල් කිරි ලීටර් 4
·        සීනි කිලෝග්‍රෑම් 01
·        වැනිලා රස කාරක මේස හැි 2
·        ස්ට්‍රෝබෙරි රස කාරක මේස හැි 2
·        ග්ලුකෝස් සිරප් මේස හැි 02
·        ස්ථායිකාරක (Stabilizer ) මේස හැි 2
·        බඩඉරිු පිටි (Corn Flour) මේස හැි 4
·        මාගරින් ග්‍රෑම් 100
·        වර්ණක (රෝස) මේස හැි 2

පොල් අයිස්ක්‍රීම් වල සංයුතිය
 මුළු ඝනද්‍රව්‍ය 37.3 %
 මුළු මේද ප්‍රමාණය 9.3 %
මුළු සීනි ප්‍රමාණය 30.6%
මුළු ප්‍රෝටීන් ප්‍රමාණය 0.3 %
සාදා ගන්නා ක්‍රමය
පොල් කිරි ලබා ගැනිමේදී කුරුට්ට රහිත පොල් බ්ලෙන්ඩරයක් ආධාරයෙන් මිරිකා ගන්න. ගෙඩි 4 ක පොල් වලින් පොල් කිරි ලීටර් 4 ක් ලබා ගත හැකිය.  
අයිස්ක්‍රීම් මිශ්‍රණය සැකසීම සහා පලමුව පොල්කිරි සමග සීනි, අයිස්ක්‍රීම් ස්ථායිකාරක හා බඩඉරිු පිටි මිශ්‍ර කරන්න. දැන් මේ මිශ්‍රණය ලිප මත තබා හැඳි ගාමින් රත්කරන්න. මිශ්‍රණය  75 0C පමණ උෂ්ණත්වයට රත්වන විට ග්ලුකෝස් සිරප් එකතු කරන්න. 90 C0 දී මාගරින්ද එක්කර විනාඩි 5 ක් රත්කර ගන්න.
දැන් මේ මිශ්‍රණය කාමර උෂ්ණත්වයට සිසිල් කල යුතුය සකසාගත් අයිස්ක්‍රීම් මිශ්‍රණය ලීටර් 2 කොටස් 2 කට වෙන්කර ස්ට්‍රෝබෙරි හා වැනිලා රස කාරක මේස හැඳි 2 බැගින් වෙනවෙනම එක් කරන්න. ඉන්පසු එම මිශ්‍රණ 2 අයිස්ක්‍රීම් සැකසුම් යන්ත්‍රය දෙපස භාජන වලට දමන්න. යන්ත්‍රය ක්‍රියාත්මක කර විනාඩි 20 ක් වැනි කාලයක් තුලදී පොල් කිරි අයිසික්‍රීම් සැකසේ .මෙය මෘදු අයිස්ක්‍රීම් වර්ගයක් වන අතර කෝන් වල දමා පිලිගැන්වේ.  පොල් කිරි ලීටර් 4 කින් පොල් අයිස්ක්‍රීම් කෝන් 60 ක් 80 ක් පමණ එකවර නිපදවීමට පුළුවන.
පොල් අයිසික්‍රීම් නිෂ්පාදන ක්‍රියාවලිය
පොල් කිරි ලීටර් 4
සීනි කිලෝග්‍රෑම් 1
ස්ථායිකාරක මේස හැ 2
හා කෝන් ලවර් මේස හැඳි 4 එකට මිශ්‍ර කර පොල් කිරි වලට එකතු කිරීම
රත් කිරීම (75 0C )
ග්ලුකෝසිරප්  ( මේස හැඳි 2 )
උෂ්ණත්වය(90 0C ) දක්වා ඉහල නැංවීම
මාගරින් ග්‍රෑම් 100
රත්කිරීම  (90 0C ) දක්වා විනාඩි 5 ක්
කාමර උෂ්ණත්වයට සිසිල් කිරීම.
වර්ණක රසකාරක
අයිස්ක්‍රීම් යන්ත්‍රයට දැමීම

0 comments:

Post a Comment