June 16, 2014

ශාකවලට බුද්ධියක් තිබේද?

ශාක ආලෝකය ආහාරයට ගනියි.
 ශාක වලට සිතිය හැකිද?
ශාක වල කද ආලෝකය දෙසට වැඩෙයි.
ශාක වල මුල් ආලෝකයෙන් ඉවතට වැඩෙයි.
ශාක චලනය නොවන ජීවන රටාවකට හුරැ වී ඇතත් හොදින් වර්ධනය වූ ප්‍රතිග්‍රාහක පද්ධති පරිවහන පද්ධති ශාක තුල ඇත.
ශාක තුල ප්‍රතිග්‍රහන හැකියාවන් 15 -20 අතර සංඛ්‍යාවක් ඇත.
ගන්ධය සහ රසය ප්‍රතිග්‍රහන හැකියාව වාතයේ හෝ දේහය තුල ඇති රසායන ද්‍රව්‍යයක් මගින් පාලනය කරයි.
ආලෝකය සහ අදුර ප්‍රතිග්‍රහන හැකියාව
ස්පර්ශය සහ ශබ්දය ප්‍රතිග්‍රහන හැකියාව
සමනළ කීටයන් පත්‍ර රොල් කිරිම  ශබ්දය ප්‍රතිග්‍රහන  මගින් ශාක විසින් හදුනා ගනියි.ශාකවල ජාන යාන්ත්‍රනයක් මගින් මෙම ක්‍රියාවලියට එරෙහිව ආරක්ෂාකාරි රසායන ද්‍රව්‍යයක් නිකුත් කරයි.
පර්යේෂණ මගින් මෙය පෙන්වා දී ඇත.

ශාක වල මුල් වලට බාහිර නලයක් මගින් ජලය සැපයූ විට ජලය ගලා යන ශබ්දය ශාක වලට හදුනා ගත හැකි බව පර්යේෂණ මගින් මෙය පෙන්වා දී ඇත.
ශාක උත්තේජක
 රසායන ද්‍රව්‍යය , ගුරැත්තවය,ආලෝකය,තෙතමනය,ආසාදන,උෂ්ණත්වය,ඹක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය,පරපෝෂිත ආසාදන,භෞතික හානි,ශබ්දය,ස්පර්ශය
සමහර ශාක යාබද ශාක සමග තොරතුරැ හුවමාරැ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
ආසාදනය වු තක්කාලි ශාක වලින් චලනය වන සුවදක් ස්‍රාවය වේ. methyl-jasmonate ලෙස මෙය හදුන්වා දී ඇත.මෙමගින් යාබද ශාක උත්තේජනය වේ.මෙම ශාක මගින් පරපෝශිත ආසාදනයට එරෙහිව  රසායන ද්‍රව්‍යය සාවය කරයි.
හෝමෝන ශාක වල රෑපිය සහ කාය වර්ධනය සදහා වැදගත් වේ.සත්ව ස්නායු පද්ධති වල  හදුනා ගත හැකි සමාන ප්‍රෝටීන ශාක වලද හදුනා ගත හැක. එනම්
පහත සදහන් උදාහරන මගින් ශාක වල ස්පර්ෂ ප්‍රතිග්‍රහනය මැනවින් විදහා දක්වයි.
ශාකවලට බුද්ධිය හෙවත් මේ විස්මිත හැකියාව විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ගෙන ඇත්තේ නිදිකුම්බා ශාකය පිළිබඳ කළ පර්යේෂණයකින්ය.
නිදිකුම්බා ශාකය තත්පර කීපයක් ඇතුළත සතුන් මෙන් ම අත්දැකීම් තුළින් ඉගෙන ගන්නා බව පර්යේෂණ වලින් තහවුරැ කර ඇත.
ඒ අනුව විද්‍යාඥයන් දැන් කියන්නේ යම්තම් ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන නිදිකුම්බා පැළය වැහි බින්දුවලට එසේ නොකරන්නේ ඒවා තමන්ට අනතුරුදායක නොවන බව තේරුම් ගැනීම නිසා කියලයි.
නිදිකුම්බා ඇඟිලි තුඩු තැබූ පමණින් හැකිළෙන්නේ ඇයි?

නිදිකුම්බා ශාකය විද්‍යාඥයන් හඳුන්වන්නේ මිමෝසා පුඩිකා (Mimosa pudica) යනුවෙනි.
ඇඟිලි තුඩු තැබූ පමණින්ම හැකිළෙන නිදිකුම්බා පැළය තවත් මිනිත්තු කිහිපයකට යළිත් කලින් තිබූ පරිදි යථාතත්වයට පත්වේ. මෙසේ වන්නේ එය ගොදුරු කර ගන්නට එන සතුරන්ගෙන් ආරක්ෂාවක් ලෙසටය.

ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන ශාක අතර නිදිකුම්බා ශාකයට විශේෂ තැනක් හිමි වේ. එහි කොළ රාති‍්‍ර කාලයට හැකිළී නින්දට යන අතර උදේ හිරු එළියත් සමග නැවත යථා තත්වයට පත්වේ.

ඒ ශාකයේ පත‍්‍ර ඇඟිලි තුඩු ස්පර්ශ කළ විගස මෙසේ උණුසුම් වී සැලීමකට ලක් වීම හැඳින්වෙන්නේ කම්පනාසන්නමය චලනයන් (seismonastic movements) නිසා සිදු වන්නක් ලෙසටය.

මෙය සිදු වන්නේ පත‍්‍රවල ඇතැම් කොටස් තුළ ඇති වන ශූනන පීඩනය (turgor pressure) අඩු වීම නිසාය. සාමාන්‍යයෙන් ශාකයක කඳ හා පත‍්‍ර දැඩි බවට පත් වන්නේ ඊට අවශෝෂණය කර රඳවා ගන්නා ජලය නිසාය. බාහිරව සිදු වන ස්පර්ශයක් වැනි දෙයක දී ශාකයේ අභ්‍යන්තර කි‍්‍රයාවලියක් මගින් මෙසේ පත‍්‍ර  බිත්තිවල ඇති වන ශූනන පීඩනය බිඳ වැටීමට හේතු වේ. එවිට නිදිකුම්බා ශාකය හැකිලේ.

තවදුරටත් එම කි‍්‍රයාවලිය විස්තර කළොත්, නිදිකුම්බා ශාකයට කිසියම් බාධාවක් ඇති වු විට, එහි කඳෙහි ඇති විශේෂිත කොටසකින් පොටෑසියම් අයන ඇතුළු රසායනිකයක් නිපදවේ. ඒ මගින් පත‍්‍ර සෛලවල ඇති ජලය ඉවත් කෙරේ. එවිට නිදිකුම්බා ශාකය හැකිලේ.

සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන මාංශ භක්ෂක ශාක හෙවත් විලෝපික ශාක යනු වෙනත් සත්ව විශේෂ හෝ කෘමි විශේෂ හෝ ගොදුරු කර ගෙන ආහාරයට ගන්නා ශාකයි.
බාඳුරා මර උගුල
බාඳුරා (pitcher plant)යනු  අපේ රටේ බහුලව දකින්න පුළුවන් මාංශ භක්ෂක ශාකයකි.  සෙවණ ඇති මඩ වගුරු බිම්වල වර්ධනය වේ.
බාඳුරා හැඳින්වෙන්නේ නෙපෙන්තස් ඩිස්ටිලාටෝරියා (penthes distillatoria) යන උද්භිද විද්‍යා නාමයෙන්. දුර්වල කඳක් ඇති වැල් ශාකයක් නිසා මෙහි මැද නාරටි දිගින් යුක්තයි. ඒවා වෙනත් වැලක් මෙන් ආධාරකයක එතී වෙළී පිහිටන නිසා මේ ශාකයට සෘජුව පිහිටීමේ ශක්තිය ලැබේ. කෘමීන් අල්ලා ගැනීම සඳහා මෙහි එක් පත‍්‍ර තලයක හැඩය  විකරණය වීකෙණ්ඩියක් (pitcher) සැකසී ඇත.
 බාඳුරා මල ලෙස හැඳින්වෙන්නේ මේ කෙණ්ඩියයි.                                           
කෘමීන් ආකර්ෂණය කර ගන්නා හැටි
කෙණ්ඩියෙහි පෙනුම බොහෝ විට රතු මිශ‍්‍ර රෝස පැහැයක් ගනී. එය කෘමීන් ආකර්ෂණය කර ගැනීමට යෙදු උපායකි. කෙණ්ඩියේ  ඉහළ කෙළවරෙහි පියනක් ඇත. කෙණ්ඩිය ළපටි කාලයේ දී මේ පියන වැසී පවති. එය විවෘත වෙන්නේ හොඳින් මේරුණු පසුවය.එය විවෘත වූ විට පියන සෘජුව පිහිටයි. මෙම කෙණ්ඩිය තුළ ඇත්තේ බැක්ටීරියා අඩංගු ජීර්ණ යුෂකි. කෙණ්ඩියට  ඇදී එන කුඩා සතුන් කෙණ්ඩිය තුළට ලිස්සා වැටේ. කෙණ්ඩියේ ඇතුළත බිත්තිද ලිස්සනසුලූ නිසා වැටුණු කිසිවෙකුට යළි ඉන් පිට වීමට නොහැකිව කෙණ්ඩියේ අඩංගු යුෂවල ගිලීමෙන්  කෘමීන් මිය යයි. එම යුෂ ශාකය මගින් අවශෝෂණය කරයි.
ශාක මේ ආකාරයට හැසිරෙන්නට, මතක තබා ගන්නට, ඉගෙන ගන්නේ කෙසේ දැයි තවමත් තේරැම් ගැනීමට
විද්‍යාඥයන්ට හැකියාවක් නොමැත.
 ඒත් ඔවුන් විශ්වාස කරන්නේ සතුන්ගේ මතක කි‍්‍රයාවලියට සමාන දෙයක් ශාක වල ඇති බවය.

උපුටා ගැනීම- http://en.wikipedia.org/wiki/Plant_perception_%28physiology%29

0 comments:

Post a Comment