June 24, 2014

ජුරාසික්හි විශාලතම විලෝපියා

පෘතුගාලයේදී සොයාගත් සත්ව  හකු ඇටකොටස් හා තවත් අස්ථි මඟින් ලැබුණු සාක්ෂි අනුව නව ඩයිනෝසෝර්‍ සත්වයකු පිළිබඳ තොරතුරු ලැබී ඇත. මෙම නව ඩයිනෝසොරයන් වර්ගය (Dinosaur/ අධියෝධ උරග විශේෂය) මෙතෙක් හමුවු විශාලතම භෞමික විලෝපියා (Terrestrial  predator) ලෙස වාර්තා වේ.

වසර කිහිපයකට පෙර මෙම ඇටකැබලී පෘතුගාලයෙන් පාෂාණීය ධාතු විද්‍යාඥයින්  (Paleontologists)  විසින් සොයාගත් විට ඒවා Torvosaurus tanneri  වර්ගයට අයත් ලෙස මුලින් සළකන ලදී. එහෙත් Torvosaurus tanneri  සත්ව වර්ගය පිළිබඳ තොරතුරු වාර්තා වී අත්තේ උතුරු ඇමරිකාවෙන් පමණි. ඒනිසා මෙම අස්ථි කොටස් පිළිබඳ විශේෂයෙන් උඩු හකු ඇටය සහ වලිගය වඩාත් හොඳින් හා ගැඹුරින් අධ්‍යයනය කර තිබේ. එමඟින් අස්ථි කොටස් මෙතෙක් හඳුනා නොගත් ඩයිනොසොරස් වර්ගයේ සත්වයකුගේ බව පෘතුගාලයේ Nova de Lisbo (නොවාඩි ලිස්බෝ) විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටෝපර් හෙන්ඩ්‍රික්ස් සහ ඔක්ටාවියා මටෙස් අනුමාන කරන ලදි.මෙම කැබලි එක් කිරීමෙන් නිර්මාණය වු සත්වයා උතුරු ඇමරිකාවෙන් මින් පෙර සොයා ගෙන තිබුණු සත්වයා නොවන බැවින් ඔවුහු Torvosaurus gurneyi ලෙස නව සත්වයා නම් කළෝය.

T. gurneyi ගේ තියුණු උල් දත් අඩි 4ක් පමණ දිගය. අඩි 32 ක් පමණ උස හා ටොන් 05ක බරකින් T. gurneyi සැදී ඇති බව පර්යේෂකයෝ ඇස්තමේන්තු කර තිබේ.එනම් වසර මිලියන 150 කට පෙර ජුරාසික් යුගයේ විසු විශාලතම මාංශ භක්ෂික සත්ව විශේෂයක් ලෙස හැඳින්විය හැක.

උතුරු ඇමරිකාවේ T.tanneri සහ යුරෝපයේ T.gurneyi අතර වු ප්‍රධාන වෙනස්කමක් නම් උඩු හක්කේ  පිහිටි දත් වල සංඛ්‍යාවයි. T.tanneri ට 11ට වැඩි ප්‍රමාණයක්ද T.gurneyi ට 11ට අඩු ප්‍රමාණයක්ද ඇත. උන්ගේ හකු හැඩය, සැකිල්ල සහ අස්ථි එකිනෙකාට වෙනස්ය.

Jurassic යුගයේ සත්ව රූප ඇඳීමේදී මවිත කරන දස්කම් දැක්වු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වු ජෙමිස් ගුර්නි (Jameis Gurneyi) සිහිපත් කිරීම සඳහා මෙම සත්ව වර්ගයා T.gurneyi ලෙස නම් කළ බව හෙන්ඩ්‍රික්ස් සහ මටෙස් පවසති.

උපුටා ගැනීම:-
New dinosaur was largest known terrestrial predator of the jurasic

0 comments:

Post a Comment