June 25, 2014

සාගර දූෂණය වැළැක්වීමට දායක වෙමු


පරිසර දූෂණයේ තවත් වැදගත් අංශයක් ලෙස සාගර දූෂණය පෙන්වා දිය හැකිය. සාගරය යනු මිනිසුන් වන අපට බොහෝ සේ ප්‍රයෝජනවත් වන පරිසර පද්ධතියකි. මේ නිසා සාගර දූෂණය පිළිබවැඩි අවධානයක් යොමු කල යුතුය.
සාගර දුෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ සාගරයට හානිකර විය හැකි ද්‍රව්‍ය එකතු වීමෙන් ඇතිවන බලපෑමයි. මිනිසුන් විසින් සාගරයට එකතු කෙරෙන එවැනි ද්‍රව්‍ය අතර රසායන ද්‍රව්‍ය විවිධ අංශුමය ද්‍රව්‍ය කාර්මික අපද්‍රව්‍ය කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ශබ්දය වැනි ශක්තියද වේ .එසේම ආක්‍රමණික ජිවීන් ව්‍යාප්ත වීමද සාගර දුෂණය ඇති කළ හැකි සාධකයකි.
සාගර දුෂණය සහා හේතුවන සාධක අතරින් වැඩි ප්‍රමාණයක ප්‍රභවය ගොඩබිම් ප්‍රදේශයේ වේ. එක් ගණන් බැලීමකට අනුව එය මුළු දුෂක ප්‍රමාණයෙන් සියයට 80 ක් පමණ වේ.
සාගර දූෂක හා ඒවායේ බලපෑම්
සාගරයට එක්වන ඝන අපද්‍රව්‍ය බරපතල දූෂකයකි විවිධ ද්‍රව්‍ය මේ ආකාරයෙන් සාගරයට එක්වන අතර ප්ලාස්ටික් ඒ අතර මුල්තැන ගනී. ප්ලාස්ටික් හා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් අංශු පරිසරයට එක්වීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ ඒවා සාගරයට එක්වීමයි. ප්ලාස්ටික් ශරීරගත වීමෙන් විශාල සාගර ජීවීන්ට මෙන්ම කුඩා ජීවීන්ටද ගැටළු ඇතිවිය හැකිය. ප්ලාස්ටික් කැබලි හා කුඩා අංශු ආහාරයට ගැනීමෙන් සාගර ජීවීන් තුල සෞඛ්‍යමය ගැටළු ඇතිවේ. ඇතැම් විට ඒවායේ ඇතුලත් රසායන ද්‍රව්‍ය අදාල ජීවීන්ගේ මරණය ඉක්මන් කිරීම සහා හේතුවිය හැකිය.
කෘෂිකර්මයේදී යොදා ගන්නා පොහොර වැනි රසායන ද්‍රව්‍ය ද ඇල මාර්ග ඔස්සේ අවසානයේදී සාගරයට එක්වේ. මේවායින් වෙරළාසන්න සාගර පරිසරයට වැඩි බලපෑමක් ඇති කරයි. මේ නිසා බොකුවැනි සාගර ප්‍රදේශවල සුපෝෂණ තත්ව ඇතිවිය හැකිය. ඇතැම් සාගර කලාප මේ නිසා මළ තත්වයට පත්ව ඇත. පස සෝදා යාමද සාගරයට බලපෑම් කරන්නකි. ජල මාර්ග ඔස්සේ සාගරයට එක්වන පස් නිසා ඇතැම් සාගර පරිසර පද්ධති හායනයට ලක්වේ.

මේ අතර විවිධ කර්මාන්ත ආදියෙන් බැහැර කරනු ලබන රසායන ද්‍රව්‍ය සාගරයට එක්වීමද සාගර දූෂණයට හේතුවක් මෙවැනි අධික විෂ සහිත ද්‍රව්‍ය නිසා සිදුවිය හැකි බලපැම බොහෝ සේ බරපතලය. මේවා නිසා සාගර ජීවීන් මරණයට පත්වීම හා සාගර පරිසර පද්ධති විනාශවීම සිදුවිය හැකි අතර ආහාරදාම ඔස්සේ යලිත් මිනිසුන්ගේ ශරීරගතවීමට පවා ඉඩ තිබේ.
සාගර දූෂක අතරින් වඩාත් ප්‍රකට වන්නේ නැව් හා වෙනත් සාගර යාත්‍රා වලින් බැහැර කරනු ලබන හා අනතුරු වලදී කාන්දු වන තෙල්ය. තෙල් කාන්දුවීම නිසා බරපතල හා දිගු කාලීනව බලපාන හානි ඇතිවිය හැකිය. එසේම නැව් වලින් තුලබරු ජලය බැහැර කිරීමෙන්ද සාගර දූෂණයක් ඇතිවිය හැකිය.
පිළියම් නොකරන ලද අපජලය සාගරයට එක්වීමද සාගර දූෂණයට හේතුවී තිබේ. මේවා අතර ඇති ගෘහස්ථව භාවිතා කරන විවිධ රසායන ද්‍රව්‍ය මළ ද්‍රව්‍ය ආදිය නිසා සාගර දූෂණයක් ඇතිවීමට අවස්ථාව පවතී.
අපට ගත හැකි පියවර
සාගර දූෂණය අවම කිරීම සහා අපට දායක විය හැකි ආකාර කීපයක් මෙසේය. 
  පිළියම් නොකරන ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය හා අපජලය සාගරයට එක්වීමට ඇති අවස්ථා ඇහිරීම
o   අප බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම
o   පිළියම් නොකල අපජලය සාගරයට එක්වීම වැලැක්වීම
·        ප්ලාස්ටික් සාගරයට එකතුවීම වැලැක්වීම සහා
o   වරක් භාවිතයෙන් පසු ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් වැලකීම
o   ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහා යොමු කිරීම
·        විෂ සහිත අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැලැක්වීම
·                                               පොහොර භාවිතය අවම කිරීම
·                                                නිවසේ හෝ ගොවිපලේ පස සෝදායාම අවම කිරීම
·                                                  අපේ බලශක්ති භාවිතය අවම කිරීමෙන් හරිතාගාර වායු විමෝචනය අඩු කර සාගරය ආම්ලිකවීම වැලැක්වීමට දායකවීම
·        අප ජීවත්වන ප්‍රදේශයට ආසන්න වෙරළතීරය පිරිසිදු කිරීම සහා ශ්‍රමදාන සංවිධානය කිරීම
·        සාගරයට එකතුවන ජල මාර්ග වල තත්වය පිලිබව විමසිලිමත්වීම හා ඒවායේ ගැටළු ඇතිවිට බලධාරීන් දැනුවත් කිරීම
·        සාගරයට තෙල්වැනි ද්‍රව්‍ය එක්ව ඇති අවස්ථා සම්බන්ධව බලධාරින් දැනුවත් කිරීමෙන් ඉන් පරිසරයට ඇතිවිය හැකි හානිය අඩු කර ගැනීමට හැකියාවක් ලැබේ
·        සාගර දූෂණය හා එහි බලපෑම් පිළිබව අන් අය දැනුවත් කිරීම
                                               

2 comments:

we must contribute for protectingmarine resources

wee must contribute for protect marine resources

Post a Comment