June 13, 2014

2014 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක පාපන්දු පහර දෙපා නැතිවුණු රෝගියාගෙන්

2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සාමාරම්භක උත්සවය දෙපා නැතිවුණු රෝගියෙකුගේ මූලිකත්වයෙන් වර්ණවත් වන බව වාර්තා වේ. අයන් මෑන් / Irorman” වර්ගයේ තාක්ෂණ ඇඳුම් කට්ටලයකින් සැරසුණු මෙම දෙපා රහිත මිනිසා පාපන්දුවට පා පහරක් එල්ල කර තරඟාවලියේ ආරම්භය සනිටුහන් කිරීම විශ්මයජනක මෙන්ම සතුටට පත්විය හැකි කාරණයකි. තාක්ෂණය සියලු ජීව හා අජීවී වස්තුවල සංවර්ධන සඳහාම විය යුතුය. බ්‍රසීලයේ පවුලෝ නුවර මෙම 12 වෙනි බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිත ලෝවැසි ක්‍රීඩාලෝලින්ගේ අවධානය යොමු වූ 2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ ආරම්භක උත්සවයදී ප්‍රථම වරට exoskeleton (කෘතීම බාහිර සැකිල්ල) නිර්මාණය එළි දක්වනු ඇත.

ලොව පුරා විද්‍යාඥයින් 156 දෙනෙකුගේ කණ්ඩායමක කැපවීම සහ දායකත්වය තුලින් exoskeleton නිර්මාණය වී තිබේ. බ්‍රසීලයේ ස්නායු විද්‍යාඥ මිගෙල් නිකොලෙලිස් එම පර්යේෂණ කණ්ඩායමේ මූලිකයා වේ. ඔහු මෙවැනි exoskeleton නිර්මාණයක් පිළිබ 2002 වසරේ සිට සිහින මවා ඇත. එහි අවසාන අරමුණු පක්ෂඝාත රෝගියෙකුට නැවත ඇවිදීමට සැලැස්වීමයි. ඒ සම බ්‍රසීලය පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව මෙවැනි තාක්ෂණික නිර්මාණ කෙරෙහි යොමු වූ රටක් බව ලොවට හෙළි කිරීමටද ඔහුට අවශ්‍ය වී තිබේ. බ්‍රසීලයේ සාමාන්‍ය ක්‍රම චාර්යාවෙන් බැහැර මෙවැනි තාක්ෂණික නිර්මාණ ප්‍රදර්ශනයක් මින් පෙර පවත්වා නැතැයි ඔහු පවසයි.

කෘතීම සමක් මඟින් මොළයට ඉලෙක්ට්‍රොනික පරිපථයක් හරහා සංඥා නිකුත් කිරීමට exoskeleton හැකිවීම නිසා දෙපා නැතිවුණු රෝගියෙකු පාපන්දු පහරක් එල්ලකිරීම උද්වේගකර සිදුවීමකි.විශාල වුව ද මෙම ශාරීරික ඇඳුම අනාගතය සහා වූ නිර්මාණයකි. ප්‍රථම වරට exoskeleton මොලයේ ක්‍රියාකරකම් මඟින් පාලනය වී රෝගියා වෙනුවෙන් ප්‍රතිචාර දක්වයි.

මෙම නිර්මාණහා පර්යේෂක කණ්ඩායම  200  කට වඩා විද්‍යාත්මක ප්‍රකාශන නිකුත් කර ඇති අතර ගණන් ක නොහැකි තරම් බරපතල චිකිත්සක පර්යේෂණ ක්‍රියාත්මක කර තිබේ. ආරම්භයේදී මෙම කාර්යයට බොහෝ විවේචන එල්ල වූ අතර නිකොලෙලිස් උත්සහය අත්හැර නොමැත.මේසඳහා බ්‍රසීල රජය ඩොලර් මිලියන 14 ක දායකත්වයක් දරා තිබේ. එය ඇමරිකාව යාන්ත්‍රික අතක් නිර්මාණය සහා ආයෝජනය කර ඇති මුදල මෙන් පස් ගුණයක් වේ. 

බ්‍රසීලයේ ගුවන් තරණයේ පියා ලෙස සැලකෙන ඇලිබෙටෝ සැන්ටෝස්- ඩූමන්ට් (Alberto Santos - Dumont) ට උපහාරය කිරීම සහා නව තාක්ෂණික ඇඳුම (exoskeleton) BRA – Santos Dumont ලෙස නම් කර ඇත. ප්‍රායෝගික භාවිතයේ ගැටළු තිබුණද මෙවැනි අවස්ථාවක තාක්ෂණික නිර්මාණ ප්‍රදර්ශනය බාරදූර කාර්යයක් වේ. 

උපුටාගැනීම :
Paraplegic in “Ironman Suit” will take the first kick in The 2014 World Cup – Justine Alford


0 comments:

Post a Comment