June 24, 2014

අඩ සියවසට ලංවන මුසිකය

පරිගණක සමග කටයුතු කිරීමේදී අත්‍යවශම උපාංගයක් වන මුසිකය ලොවට හදුන්ව දී දැනට වසර 45ක් ඉක්මවා ඇත.මුසිකයක් මගින් පරිගණක තිරයේ ඇති පාඨ කපා ඉවත් කිරීම සහ වෙනත් ස්ථානයක ඇලවීමට හැකි බව , ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ (Stanford Research Institute) ඉංජිනේරුවකු වු ආචාර්ය ඩග්ලස් කාල් එන්ගල්බර්ට් (Douglas Carl Engelbart) විසින් ප්‍රකාශ කරන ලදී. එම  සංකල්පයට අනුව එම පර්යේෂණ ආයතනයේ  පරිගණක ඉංජිනේරුවකු වු බිල් ඉන්ග්ලිෂ්ගේ (Bill English) සහය ඇතිව  ඩග්ලස් එන්ගල්බර්ට් ලොව ප්‍රථම මුසිකය නිර්මාණය කරන ලදී.
1968 සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වූ පරිගණක සම්මේලනයකදී ක්‍රියාත්මක කර පෙන්වන ලද මෙම මුසිකය  නිර්මාණය කර තිබුනේ ලී වලිනි. රෝද දෙකකින් සහ ක්ලික් කිරීම සදහා බොත්තමකින් සමන්විත වූ මෙම මුසිකය පරිගණකයට සම්බන්ධ කර තිබුනේ මහත වයරයකිනි. මෙම කාල වකවනුවෙහි දී පරිගණක යන්ත්‍ර පර්යේෂණාගාර වලට පමණක් සිමාවී තිබුනි. ප්‍රමාණයෙන් ඉතා විශාල වූ මෙම පරිගණක සමග වැඩ කිරීම සදහා ලී වලින් සකස් කරන ලද මවුස් සකසන ලදී.
පරිගණක යන්ත්‍ර සාමාන්‍ය ජනය වෙත පැමිණි අසුව දශකය තුල මුලින් තිබු මවුසය වෙනුවට භාවිතයට පහසු ලෙස මවුසයක් නිර්මාණය කිරීම කෙරෙහි උනන්දු වූ  බිල් ඉන්ග්ලිෂ්, Xerox සමාගම හා එක්ව එකතු වී 1981 දී ප්‍රථම වරට වාණිජ ලෙස නිර්මාණය කරන ලද මවුසය වෙළද පොලට නිකුත් කරන ලදී.
එතැන් සිට මේ දක්වා නොයෙක් නොයෙක් වෙනස් කම් වලට භාජය වෙමින් නව තාක්ෂණය උපයෝගී කරගනිමින් මවුසයට නොයෙකුත් පහසුකම් එක් කරන ලදී.touch Screen  නිසා අනාගතයේදී මුසිකය අභාවයට යා හැකියයි අනාවැකි පල උවත් අදට ද ලොව වැඩියෙන්ම නිපදවෙන පරිගණක පර්යන්ත උපාංගය වනුයේ මවුසයි.
 

0 comments:

Post a Comment