සුදුහඳුන් |
ශ්‍රී ලංකාව
තුල සුදුහඳුන් ශාකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීතයේ සිට අද දක්වා මෙම ශාකයේ
කොටස් විවිධ ප්‍රයෝජනවත් කාර්යන් සදහා යොදා ගැනේ. දේශීය ඖෂධයක් වශයෙන් ආයුර්වේද
වෙදකමේදී මෙම ශාකයට හිමි වන්නේ ඉතා ඉහල පිලිගැනීමකි. ඖෂධීයව ඉතා වැඩි
වටිනාකමක් ඇති මෙම ශාකය ලෝකය පුරා විවිධ ප්‍රයෝජනවත් කාර්යන් රැසකට යොදාගනී. ඒ අතර
සුදුහඳුන් තෙල් නිස්සාරණය, සුවඳ විලවුන් හා රූපලාවන්‍යය කර්මාන්තය මේ අතර සුවිශේෂී
තැනක් හිමිකර ගනී. එසේම ගැමියන් අතර විවිධ අත්බෙහෙත් සදහා සුදුහඳුන් යොදාගන්නා අතර
දලු ආහාරයක් වශයෙන්ද ප්‍රචලිතයි. කොකේන් ශාකය
ලංකාවට ආගන්තුක වන අතර සීමිත ඖෂධීය වටිනාකමකින් යුක්තයි. ඒ අතර ශල්‍යකර්ම වලදී ලේ
ගැලීම නැවැත්වීමට, සිහිමුර්ජා කිරීමට යොදා ගනී. බහුල වශයෙන් ලොව පුරා නීතිවිරෝධී
මත්ද්‍රව්‍ය වශයෙන් වැඩිදුර භාවිතා වේ.
සිංහල
වෙදකමේදි හා අත් බෙහෙත් වශයෙන් ශාක යොදා ගැනීමේදී නිවැරදි ශාකය තෝරා ගැනීමට අප
කටයුතු කල යුතුයි. නැතහොත් ඉන් ඇතිවිය හැකි අනිටු ප්‍රථිඵල ජීවිතයක් මරණයට බිලිවීම
දක්වාම දික්ගැස්සිය හැකිය. අප රට තුල බොහෝමයක් ජනතාව සුදුහඳුන් ශාකය හා කොකේන්
ශාකය හරිහැටි හඳුනාගැනීමට අපොහොසත්ව ඇත. මේ නිසා සුදුහඳුන් යොදා ගනිමින් සිදුකරන
ඇතැම් වෙදකම් සදහා කොකේන් ශාකය යොදාගත් බවට වාර්තා වී ඇත. ඇතැම් විට ශාක අලෙවි කරන
පැල තවාන් කරුවන් සුදුහඳුන් ලෙස හඳුන්වමින් කොකේන් පැල විකුණූ අවස්ථාද වාර්තාවී
ඇත. මේ හේතුව නිසා ජනතාව මේ පිළිබද දැනුවත් වීම වඩාත් යෝග්‍යය බව පෙනී යන කරුණකි.
මේ සදහා
සදුහඳුන් හා කොකේන් සතු විශේෂිත උද්භිධ
විද්‍යාත්මක ලක්ෂණයන් හදුනා ගැනීම ඉතා වැදගත් වේ.
සුදුහඳුන් පුෂ්ප |
සුදුහඳුන් ඵලයක් |
Santalum
album නම් උද්භිධ
විද්‍යාත්මකව හැඳින්වෙන මෙම අර්ධ පරපෝශී ශාකය (Santalaceae) ශාක කුලයට අයත් වේ. ඉන්දියාව නිජබිම කරගත්
මෙම ශාකය ශ්‍රී ලංකාවේ මධ්‍ය කදුකරයේ බදුල්ල, බණ්ඩාරවෙල, ප්‍රදේශ වල වැඩිපුර ව්‍යාප්තව
ඇති අතර වියළි හා අතරමැදි කලාප තුලද ව්‍යාප්තියක් පෙන්වයි. ගෙවතු ආශ්‍රිතව හා
විශේෂයෙන් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව මෙම ශාකය රෝපනය කර ඇති බව දැකගත හැකිය.
සාමාන්‍යෙයන් මීටර් 3 - 4ක් උසට වැඩෙන මෙම ශාකය ඇතැම් විට මීටර් 20ක් දක්වාද වැඩී
තිබෙනු දක්නට හැකිය. ශාක පත්‍ර ඉලිප්සාකාර හැඩතිය, දිගටිය. ලා කොල පැහැයකින් දිස්
වේ. සරල පත්‍රයක් වන මෙය ද්විකාන්තරික පත්‍ර රටාවක් සහිතව කඳට සවිවේ. එනම් එක්
පර්වයකට පත්‍ර 2ක් දෙපසින් සවි වන අතර කදේ ඉහලින් හා පහලින් ඇති පත්‍ර යුගල්
තිරස්ව හා ඊට ලම්බක තලයක පිහිටයි. අත්ත කෙලවරද පතු යුගලකිත් අවසන් වේ.
ඉදුණු සුදුහඳුන් ඵලයක් |
සුදුහඳුන් ද්විකාන්තරික පත්‍ර රඨාව |
සුදුහඳුන්
පුෂ්ප ඉතා කුඩාය. මි.මි. 4 – 5 පමණ විශ්කම්බයක් සහිතයි. රතුපාට දල පත්‍රයන්ගෙන්
සමන්විත වේ. ඵල ගෝලාකාර කුඩා මාංසල ස්වභාවයක් දරයි. කොලපැහැ ගෙඩි පසුව රතු පැහැ වී
හොදින් ඉදුනු විට කලු පැහැ ගැන්වේ. ඵලයේ කෙලවර කුඩා වෘත්තාකාර කොටසක් දැකිය හැකිය.
සුදුපාට ගෝලාකාර බීජ නිපදවයි. බීජ ප්‍රරෝහනය තරමක් දුර්වලයි. මුල් මගින් පැල
හටගනී.
කොකේන්
ඒකාන්තර පත්‍ර රඨාවක් සහිත කොකේන් පත්‍ර |
ඉදුණු කොකේන් ඵල |
කොකේන් පඳුරක් |
දකුණු ඇමරිකාව
නිජබිම කරගත් මෙම ශාකය (Erythroxylum coca) යන උද්භිධ
විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අතර (Erythroxylaceae) කුලය යටතට
අයිති වේ. මෙම ශාකය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති අතර මත්ද්‍රවයක්
ලෙස ප්‍රචලිතය. නොදැනුවත් කමින් මෙම ශාකය සුදුහඳුන් ලෙස වගා කර ඇත. මෙය පදුරකි. උස
මීටර් 1 – 2 පමණ වේ. සරල පත්‍ර පවතී. ඒවා ඒකාන්තරව කදෙහි පිහිටා ඇත. එනම් කඳේ එක්
පුරුකකට එක් පත්‍රයක් සවිවන අතර ඉහලින් හා
පහලින් ඇති පත්‍ර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවන්ගේ හටගනී. ලා කොල පැහැති, සිනිදු, තුනී,
පත්‍ර පවතී. පත්‍ර මැද නාරටිය දෙපස දිගු
අතර පිහිටි ව්‍යාජ නාරටි 2ක් මගින් පැහැදිලිව වෙන්වූ පෙදෙසක් හඳුනාගත හැකිවේ. පත්‍ර
යටි පැත්තේ මෙය වඩාත් පැහැදිලිව දිස්වේ. මෙම ලක්ෂණය කොකේන් ශාකය හදුනාගැනීමට ඇති
පහසු හා ඉතා වැදගත්ම ලක්ෂණයකි. කොකේන් ශාක කුලයේ “බටකිරිල්ල” ශාකයේද මෙම ලක්ෂණය පැහැදිලිව දැකිය හැකි වේ.
ශාකය කුඩා අවදියේදීම මල් හා ඵල හටගනී. මල් ලා කහ පැහැයට හුරු සුදු පාටකින් දිස්
වේ. මි.මි. 4 – 5 පමණ වේ. ඉතා කුඩාය. දිගටි ඕව්ලාකාර රතු දීප්තිමත් ඵල දැකගත
හැකිය. දිලිසේ. ඇට වඩා පහසුවෙන් රෝපණය වේ.
ඉහත ශාක ලක්ෂණ ගලපා ගැනීමෙන් මෙම ශාකයන් වඩාත් පහසුවෙන්
හදුනාගත හැකි වේ.
වනසංරක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් 2011 ජාත්‍යාන්තර වනාන්තර වර්ෂය වෙනුවෙන් එලි දැක්වුනු වනාන්තර සුරකුමට වන විද්‍යා ග්‍රන්තය ඇසුරෙනි.
2 comments:
Please read every stoe's. Introduce true sandalwood plant to people. Don't promote drug in our country.
Ecselante
Post a Comment