May 21, 2014

ජංගම දුරකථනය මානව සෞඛ්‍යයට සිදුකරන බලපෑම

ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ සන්නිවේදන මෙවලමක් වූ ජංගම දුරකථනය 2011 වර්ෂය අවසානය වනවිට ජාත්‍යන්තර දුරකථන සන්නිවේදන  සංගමය වාර්තාකළ ආකාරයට ආසන්න වශයෙන් බිලියන 6  ක පමණ ප්‍රමාණයක් එනම් 86%  දුරකථන භාව්තා කරයි.
ජංගම දුරකථනය මගින් මානව සෞඛ්‍ය වෙත සිදුවන බලපෑම පිළිබදව වෛද්‍ය පර්යේෂණ සිදුවන අතර එම පර්යේෂණ මගින් අවධානය යොමුකර ඇත්තේ මොළයෙහි ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්වීම් (changes in brain activity), නින්දෙහි රටාවේ සිදුවන වෙනස්වීම් (changes in sleep patterns), පිළිකා (cancer), විද්්‍යුත් චුම්භක විකිර‍‍‍‍ණ(electromagnetic radiation), විෂබීජ(germs), ගමනාගමනයේ දී සිදුවන අනතුරු(traffic accident) පිළිබදවය.
ජංගම දුරකථනය භාවිතා කිරීමේ දී මොළයෙහි ක්‍රියාකාරිත්යේ සිදුවන වෙනස්වීම (brain activity accelerate near cell phone antenna) ඉහත දක්වා ඇත.
කෙසේ වෙතත් ජංගම දුරකථන භාවිතයෙන් මොළයෙහි පිළිකා ඇතිවන බවට වු පැරණි මතවාදය මේවනවිට ප්‍රතික්ෂේප වී තිබේ.
ජංගම දුරකථනයක් භාවිතා කිරිමේ දී එමගින් කිසියම් ප්‍රමා‍ණයක උෂ්ණත්වයක් මුදාහරිනු ලබයි. එහෙත් සිරුරට ඇතිකරන අහිතකර බලපෑමට ප්‍රධානතම හේතුව වන්නේ උෂ්ණත්වයෙහි බලපෑමකින් තොරව ‘රේඩියෝ තරංග‘ ඇති කරන කැළඕමය.
එබැවින් පහත කරුණු පිළිබද අවධානය යොමු කිරිම මගින් ජංගම දුරකථනය භාවිතයෙන් සිදුවන අහිතකර බලපෑම අවම කරගත හැකිය.
1.         ජංගම දුරකථනය කිසිදුවිටක දී සිරුර හා ස්පර්ශ නොවන පරිදි භාවිතා කිරිම
ජංගම දුරකථනය යටත් පිරිසෙයින් සිරුරට සෙන්ටි මීටර් 5 ක් (අගල් 2ක්) ඈතින් වූ පිහිටීමක පවත්වා ගන්නේ නම් එමගින් නික්මෙන තරංග මගින් සිරුරට ඇතිවන බලපෑම 75% දක්වා පමණ අඩුවෙයි. එය සෙන්ටි මීටර් 18 ක් (අගල් 7ක්) තබා ගැනීම මගින් ඇතිවන බලපෑම1% දක්වා අවම කරගත හැකිය.
ජංගම දුරකථනය රැගෙන යාමේ දී ඉන පටියෙහි හෝ ඉන ආශ්‍රිත සාක්කුවෙහි තබා ගැනීමෙන් වැළතී සිටිය යුතුය. 80% ක් තරම් වූ රතු රුධිර සෛල ප්‍රමාණයක් උකුළු ඇටය ආශ්‍රිත ව වු ඇට මිදුළු තුළ නිපදවෙයි. ජංගම දුරකථන තරංග රතු රුධිර සෛල නිපදවීම මෙන්ම ඉන්ද්‍රිය ක්‍රියකාරිත්වය කෙරෙහි ද  අහිතකර ලෙසින් බලපෑම් ඇති කරන බව විශ්වාස කෙරේ.
අත් බෑගය තුළ ජංගම දුරකථන රැගෙන යන විටදී වුවද එහි අංකන පුවරුව සහිත මුහුණත සිරුර දෙසට වන ලෙසින් තැබීමෙන් දුරකථනයේ තරංග මගින් ඇතිවන බලපෑම සිරුරෙන් ඉවතට දිශාත්මක වෙයි.
මොටර් රථයක්,දුම්රියක්,විදුලි සෝපානයක්,ගුවන් යානයක් වැනි ලෝහමය ආවරණයකින් වටවූ ප්‍රදේශයක් තුළ ගතකරන අවස්ථාවන්වලදී ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් දුරකථනයේ තරංග භාවිතා කරන්නා හා ඒ අවට සෙසු පිරිස් වෙත ද ළගාවීමේ හැකියාවක් පවතීන බැවින් ජංගම දුරක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ථන භාවිතයෙන් වැළකී සිටීම වඩාත් ආරක්ෂකාරී වේ.
2.  ජංගම දුරකථන සංවාද සදහා ගතකරන කාලය සීමා කිරීම සහ දුරකථන සංා (signal) වඩාත්  හොදින් පවතින ප්‍රදේශවල දී පමණක් දුරකථන ඇමතුම් ලබාගැනීමට කටයුතු කිරිම.
විනාඩි දෙකක ජංගම දුරකථන ඇමතුමක් මගින් මොළයෙහි සාමාන්‍ය විද්්‍යුත් ක්‍රියාකාරිත්වය පැයක කාලයක් දක්වා වියවුල් කරනු ලබයි. ඇතැම් පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මානසික ඒකාග්‍රතාවය, මතකය වැනි තත්වයන් කෙරෙහි එමගින් බලපෑම් ඇතිවන බවකි. දිගු සන්නිවේදන අවශ්‍යතාවයන් සදහා වඩාත් යෝග්‍ය වන්නේ සාමාන්‍ය ස්ථාවර දුරකථන වේ.
ජංගම දුරකථන සංා දුර්වල වන අවස්ථාවල දී දුරකථනය තම ධාරිතාව වැඩිකර ගැනීම පිණිස උත්සාහ දැරිම හේතුවෙන් එමගින් විහිදෙන විද්්‍යුත් තරංග ප්‍රමාණය සාමාන්‍ය අවෂ්ථාවට වඩා වැඩිවේ.

3.      කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතයෙන් ඈත් කිරීම සහ ගැබිනි මව්වරුන් ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම.
කුඩා දරුවන්ගේ හිස්කබලෙහි අස්ථිවල ඝනකම වැඩිහිටියන් හා සසදන කල අඩුය. එසේම කුඩා දරුවන්ගේ මොළය ආශ්‍රිතව  පවතින තරල ප්‍රමාණය ද පටකමය කොටසට වඩා වැඩිය. එබැවින් දියරමය ස්වභාවයක් පවතින මොළය හරහා  විද්්‍යුත් තරංග විනිවිද ගමන් කිරිමේ  හැකියාව වැඩිවන හෙයින් ඉන් මොළයට ඇතිවන බලපෑම ද අධිකය
ගැබිනි මව්වරුන් ජංගම දුරකථන භාවිතයෙන් එමගින් නික්මෙන තරංග කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය කෙරෙහි ද බලපෑමක් ඇති කිරිමට අවදානමක් පවති. 

0 comments:

Post a Comment