November 21, 2014

රුධිර වාහිනී අච්චු ගැසීම (ත්‍රිමාණ මුද්‍රණය)

පටක ඉංජිනේරු විද්‍යාව සඳහා රුධිර වාහිනී නිෂ්පාදනය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන තිබේ.
බ්‍රිග්හැම් හා කාන්තා රෝහලේ (Brigham and Women’s hospital  ) විද්‍යාඥයින් කණ්ඩායමකගේ මෙම ක්‍රියාව ත්‍රිමාණ ජෛව මුද්‍රණයේ සුවිශේෂි ඉදිරි පියවරකි. එම අධ්‍යනයේ තොරතුරු Labona Chip සඟරාවේ පළ කර තිබේ.

මෑත කාළයේ දී පටක ඉංජිනේරු විද්‍යාව විශාල ලෙස ඉදිරියට පැමිණ තිබේ. විද්‍යාඥයින්ට vascularization  (වැසුකුලම) බාධකය ජය ගැනීම ඉතා අපහසු විය. සෛල මරණයට පත් වීම වැළැක්වීම සහා පටකවල නිෂ්පාදිත අපද්‍රව්‍ය ඉවත් කිරීම යන කාර්යයන් සඳහා පහසුකම් සලසන vascular network (ධමනි /වාහිණික ජාලය ) මඟින් ඉංජිනේරු ඉදිකිරිමේ ජීවකාලය වර්ධනය විම සිදු වේ. තවද මෙම ඉදි කිරිම් බද්ධ ක විට පටක තුල රුධිර වාහිනි සෙමෙන් කාවදියි (penetrate). මේ අනුව බද්ධ කිරිමේ  සාර්ථකත්වයධමනි /වාහිණික ජාලයේ  සංවර්ධනය මත රඳා පවති.

හදවත, අක්මාව සහ පෙනහළු වැනි අවයව වල කෘතිම පටක නිර්මාණයේ සුවිශේෂි වර්ධනයන් පෙන්නුම් කරන බව ජ්‍යෙෂ් කතෘ  Ali Khademhosseni ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් කෘතිම රුධිර වාහිනි  නිර්මාණය පටක ඉංජිනේරු විද්‍යාවේ තීරණාත්මක අභියෝගයකි. මෙම අභියෝගය ජය ගැනීමට vascularization හි හයිඩ්‍රොජෙල ඉදිකිරීම්  (Hydro gel)  සඳහා අසාමාන්‍ය උපාය මාර්ග භාවිතා කර තිබේ. මෙමඟින් ජෛව ද්‍රව්‍ය සහ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ සංවර්ධනයන් ඒකාබද්ධ කර ඇත. 
එක් එක් රෝගියාට අවශ්‍ය හා අවශ්‍ය වු විට බද්ධ කළ හැකි පටක නිර්මාණය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ (අච්චු ගැසීම) තාක්ෂණ ය අනාගතයේදී උපයෝගී කරගනු ඇත. තවද සංකීර්ණ අවයව සඳහා සුදුස ඖෂධ පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා ඒවා බාහිරව නිපදවීමට අවශ්‍ය පටක නිර්මාණයද ප්‍රයෝජනවත්වේ.
 උපුටා ගැනීම:-
 Scientists use 3D printing to produce blood vessels  – Justine Alford

0 comments:

Post a Comment