November 11, 2014

රස ගුණ පිරි දෙහි


දෙහි උගුරේ ආසාදන, මළබද්දය, දන්තාබාධ, උණ, අභ්‍යන්තර රුධිරවහනය, රක්තවාතය, පිලිස්සුම, තරබාරුව, දියවැඩියාව ස්වසන ආබාධ, කොලරාව සහ අධික රුධිර පීඩනය , කෙස් සහ සමෙහි ආරක්ෂාව සදහා යෝග්‍ය වේ. තවද දෙහි වලින් අන්තරාසර්ග පද්ධතිය ශක්තිමත් කිරීම ආමාශය පිරිසිදු කිරීම සහ රුධිරය පිරිසිදු කිරීම ද සිදුකරන බව සලකනු ලැබේ.

දෙහි යුෂ වකුගඩු ගල් සදහා හොද ප්‍රතිකාරකයකි. තවද හදිසි හෘදයාබාධ ඇතිවීම අවම කිරීම සහ දේහ උෂ්ණත්වය අඩු කිරීම සදහා ද යෝග්‍ය වේ. සිසිල් බීමක් ලෙස භාවිතා කල හැකි දෙහි යුෂ වලින් සිරුරට සිසිලසක් ලබා දෙයි.

දෙහි වල පෝෂණියගුණයට හේතු වන්නේ එහි අන්තර්ගත විටමින් සී, විටමින් බී, පොස්පරස්, ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේටවේ. මෙහි අන්තර්ගත රසකාරක නිසා එය පළතුරක් ලෙසද සැලකේ. තවද දෙහි වල ප්‍රතිඔක්සිකාරක  සංඝඨක සහ පිළිකා සෛල වලට විරුද්ධව ක්‍රියා කල හැකි සංඝඨක අන්තර්ගතය. තවද ඇමරිකානු යුරෝලොජිකල් සංගමය දෙහි හෝ දෙහි යුෂ  මගින් වකුගඩු වල ගල් ඇති වීම වලක්වන බව පෙන්වා දී ඇත.

දෙහි පාණයක් ලෙස භාවිතයට අමතරව ඉන් කහට පැල්ලම් ඉවත් කල හැකි නිසා පිරිසිදුකාරකයක් ලෙස ද යොදා ගනී. දෙහි වල ඇති සුවද මදුරුවන් පලවා හැරීමට ද යෝග්‍ය වේ. දෙහි යුෂ ඔලිව් තෙල් සමග පානය කිරීමෙන් පිත්තාශයේ ගල් ඉවත් කිරිමට උපකාරිවේ. සතුන් යොදා ගෙන කරනු ලබන පරීක්ෂණ වලදී රූමැටික උණ වැනි බොහොමයක් ආතරයිටිස් රෝග සදහා  දෙහි යෝග්‍ය බව සොයා ගෙන ඇත. මේ අනුව දෙහි වල ඉතා අගනා ඔෂධීය බලයක් ඇති අතර විවිධ කාර්යයන් සදහා ද දෙහි යොදා ගනි.

දෙහි යුෂ උණ සෙමිප්‍රතික්ෂාව සදහා ප්‍රතිකාරකයක් ලෙස යොදා ගත හැක. මෙහිදී ශරීරයේ  දහදිය දැමීම වැඩි කර ශරීර උෂ්ණත්වය පහත හෙලීම සිදු කරයි.

‍දෙහි  යුෂ දත් වල ආරක්ෂාව සදහා ද යොදා ගනී. අලුත පිළියෙල කරන ලද දෙහි යුෂ දත් කැක්කුම තිබෙන ප්‍රදේශයේ ගැල්වීමෙන් වේදනාව අඩු කිරීමට උපකාරීවේ. විදුරුමස දෙහි වලින් සමිභාහනය කිරීමෙන් විදුරුමසින් ලේ ගැලීම නතර කල හැක. තවද දුර්ගන්ධය ඉවත් කිරීම සහ විවිධ විදුරුමස් රෝග තත්වයන් දුරු කිරීමේ හැකියාව දෙහි යුෂ වලට ඇත. ඊට අමතරව දත් පිරිසිදු කිරීමේ හැකියාව ද දෙහි වලට ඇත. නමුත් දෙහි ඉතා ආම්ලික බැවින් මුඛයේ දැවිල්ල ඇතිවිය හැකි බැවින් හැකි ඉක්මනින් මුඛය සහ විදුරුමස ජලයෙන් සෝදා දැමිය යුතුය .

දෙහි යුෂ හිස කෙස් වල ආරක්ෂාව සදහා මහා පරිමාණයෙන් යොදා ගන්නා  ප්‍රතිකාරකයක් ලෙස සැලකිය හැක. හිස් හොරි කෙස් වැටීම ආදි කෙස් හා සම්බන්ධ රෝගී තත්ව සදහා දෙහි යුෂ යොදා ගනී.‍ දෙහි යුෂ කෙස් වල ආලේපනයෙන් ස්වාභාවික දීප්තියක් කෙස් කලඔට ලබා දෙයි.

දෙහි යුෂ ස්වාභාවික විෂ බීජනාශකයකි. දෙහි යුෂ සමෙහි ආලේපනයෙන් හිරු රැස් නිසා සම පිලිස්සීමෙන් ඇතිවන වේදනාකාරී බව අඩු කරයි. එසේම මී මැස්සන් දෂ්ඨ කිරීමෙන් ඇතිවන වේදනාව අඩු කිරීමට ද දෙහි යුෂ යොදා ගනී. සමෙහි හටගන්නා දද වලට ද දෙහි යුෂ හොද ප්‍රතිකරකයකි. දෙහි යුෂ වලට  සම රැලි වැටීම ඉවත් කිරීමේ හැකියාව සහ කෙස් කලු කිරීමේ හැකියාව ඇත. එමගින් වියපත්වීමේ ලක්ෂණ අඩු කිරීමේ හැකියාව ඇත.

දෙහි යුෂ සිසිල්කාරකයකි. මේ නිසා පිලිස්සීම නිසා සමෙහි ඇති වන වේදනාකාරී බව අඩු කිරීමේ හැකියාව දෙහි යුෂ වලට ඇත. තවද පිළිස්සීම නිසා ඇතිවන ලප කැළැල් ඉවත් කිරීමේ හැකියාවද දෙහි යුෂ වලට ඇත.

දෙහි වල ඇති විෂ බීජනාශක ගුණය සහ කැටිගැසීමේ ගුණාංගය නිසා ශරීර අභ්‍යන්තර රුධිර වහනය නතර කිරීමේ හැකියාව දෙහි වලට ඇත.  නාසයෙන් ‍ලේ ගැලීමකදී දෙහි යුෂ වලින් පොගවන ලද කුඩා පුලුන් බෝලයක් නාසය තුල ලේ ගලන ස්ථානයේ තැබීමෙන් ලේ ගැලුම නතර වේ.

දෙහි යුෂ හා මී පැණි  ඇල් මැරුණු ජලය සමග මිශ්‍රකර පානය කිරිමෙන් ශරීර බර අඩු කරගත හැක.

දෙහි යුෂ ඇදුම වැනි ශ්වසන ආබාධ මර්ධනය ස දහා  උපකාරී වන බව එළිදරවු වී ඇත. දෙහි යුෂ වල අන්තර්ගත විටමින් සී නිසා දීර්ඝකාලීන ස්වසන ආබාධ මග ඇරීමට උපකාරීවේ.

තවද දෙහි යුෂ වල ඇති  රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව නිසා කොලරාව මැලේරියාව වැනි රෝග වලට ප්‍රතිකාර කිරීමේ දී දෙහි යුෂ ද ඖෂධයක්  ලෙස යොදා ගනී. කෙසේ වෙතත් දෙහි යුෂ වලින් මැලේරියාව සුවනොවන අතර ඒ සදහා ප්‍රතිකාර කිරීමට ආධාරකයක් ලෙස දෙහි යොදා ගත හැක.

දෙහි වල ඇති රසායනය අනුව එහි ඇරෝමැටික සංයෝග සහ විෂබීජනාශක ගුණය නිසා ඉන්  පාද වලට ලිහිල් බවක් ලබා දෙයි. මද රස්නය ඇති ජලයට දෙහි යුෂ ස්වල්පයක් එකතු කර ඒ තුල පාද ගිල්වා තැබීමෙන් දෙපා වලට ක්ෂනික සහනයක් සහ මාංශ පේෂි වලට ලිහිල් බවක් ලබා දෙයි.

දෙහි මුත්‍රා වර්ධකයක් මෙන්ම රූමැටික උණ සහ ආතරයිටිස් රෝගය සදහාදප්‍රතිකාරකයකි. එසේම බැක්ටීරියා සහ විෂ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත්කිරීමේ හැකියාව දෙහි වලට ඇත.

දෙහි වල ඇති ප්‍රති බැක්ටීරිය ගුණාංගය නිසා උගුරේ ආසාධන වලට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව දෙහි වලට ඇත.

දෙහි යුෂ වල ඇති පොටෑසියම් නිසා, දෙහි යුෂ හෘද ආබාධ වලින් පෙලෙන්නන් සදහා ද සුදුසුය .  තවද අධිරුධිර පීඩනය  කරකැවිල්ල සහ වමනය දෙහි යුෂ මගින් පාලනය වේ. තවද මානසික ආතතිය සහ විශාදිය අඩු කිරීමේ හැකියාවද දෙහි යුෂ වලට ඇති බව සොයා ගෙන ඇත.

දෙහි වල ස්වාභාවිකවම ඇති සිත්ගන්නා සුලු ගුණාංග නිසා  සෞඛ්‍ය හා සමිබන්ධ බොහොමයක් ගැටලු සදහා ප්‍රතිකාරකයක් ලෙස දෙහි යොදා ගත හැක. දිනකට දෙහි ගෙඩියකින් කාලක් හෝ භාගයක් ආහාරයට එකතු කර ගැනීමෙන් උපරිම ප්‍රතිඵල ලබා ගත හැකිය.


උපුටා ගැනීම - https://www.organicfacts.net/health.../fruit/health-benefits-of-lemon.html


0 comments:

Post a Comment