ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වූද වෙරළ
බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල්පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය.
කොරල් ඉතා කුඩා ජීවියකුගේ නිර්මාණයකි. මෙම කුඩා
ජීවියා පොලිප් ජීවියා හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. මොවුන් Cnidaria වංශයේ
Anthozoa වර්ගයට
අයත් වේ. එසේම අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මෙම
ජීවීන් නිපදවන බහිස්‍රාවීය ද්‍රව්‍ය වන HN3 ජලයේ දියවූ CO2 සමග ප්‍රතික්‍රියා කර (NH4)2CO2 සාදනු
ලැබේ. මෙම (NH4)2CO2 ජලයේ ඇති Ca සමග
සම්බන්ධ වී CaCO3 සෑදෙන අතර මෙසේ ජලයේ ඇති CaCO3 අවශෝෂණය කරගෙන තම ශරීරයට පිටතින් සැකිල්ලක්
(කවචයක්) නිර්මාණය කර ගනී. මේ සතුන් දහස් ගණනක් නිර්මාණය කරනු ලබන මෙම සැකිලි
කොරල් ලෙස හදුන්වයි.
කොරල් පරය ආරම්භ වන්නේ තනි බුහුබා ජීවියෙකුගෙනි.
සාගර ජලයේ පාවෙමින් සිටින තද මතුපිටක් හමු වූ විට එහි පදිංචි වීමෙන් අනතුරුව
සැකිලි සෑදිම අරඹනු ඇත. බුහුබාවා මියගියද උගේ සැකිලි ඉතිරිවන අතර ඒ සැකිල්ල මත
වෙනත් බුහුබාවන් වර්ධනය වේ. මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක්
මගින් සෑදෙන ඉතා ගණකම සහිත සැකිල් කොරල්පරයක් ලෙස හදුන්වයි.පොලිප් ජීවියා සත්ව
ජලවාෂ්ප ආහාරයට ගන්නා අතර එම ජීවියා සමල සහජීවි ලෙස ජීවත් වන Zooxanthellate නැමැති
ඒක සෛලීය ඇල්ගාවා මත කොරල් පරයේ වර්ධන ශක්තිය රදා පවතිනු ඇත.පොලිප් ජීවියාගේ බහිස්‍රාවීය
ද්‍රව්‍ය සහ හිරු එලිය උපයෝගී කරගෙන Zooxanthellate නැමැති
අන්වීක්ෂීය ඇල්ගාවා ප්‍රභාසංස්ලේෂණය සිදු කරන ප්‍රභාසංස්ලේෂණයෙන් නිපදවන ඔක්සිජන්
පොලිප් ජීවියා ආශ්වාස කරයි. එසේම කොරල්පර වලට විවධ වු වර්ණයන් ලැබෙනුයේ මෙම Zooxanthellate ගෙනි. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම
වර්ගයා බෝ කර ගන්නා අතර ලිංගිකව තම වර්ගයා බෝ කිරීම අභ්‍යන්තරව හෝ බාහිර
සංසේචනයෙන් සිදු කරයි.
සාගර
ජලයේ උෂ්ණත්වය (20-30C0),
ලවණතාවය (කොටස්
30-35) සාගර පත්ලට සූරයාලෝකය වැටෙන ප්‍රමාණය, පිරිසිදු
ජලය පැවතීම ආදී සාධකයන්හි බලපෑම මත
කොරල්පරයක වර්ධනය වෙනස් වනු ඇත. ඉහත සාධකයන් ප්‍රසස්ථ මට්ටමින් නොපැවතිය හොත්
පොලිප් ජීවියාට එම තත්වයන් ඔරොත්තු නොදෙන බැවින් පොලිප් ජීවියා මැරෙනු ඇත. මෙසේ
ජීවියා මැරී විනාශ වූ විට කොරල්පර වර්ධනයක් නොවන බැවින් අජීවි තත්වයට පත් වී විනාශ
වී යනු ඇත.
උපුටා ගැනිම-www.coralguardan.org/coral
reefs ,www.ocenfdn.org
0 comments:
Post a Comment