November 10, 2014

විශ්මිත ආපදා ඉඟි දෙන වෙස්මාරු පැලෑටි

මී මැස්සන් මීයන් හෝ එවැනි සතුන් වෙනුවට අපවිත්‍රකාරකයන්  හා පුපුරණ ද්‍රව්‍ය  හඳුනාගත හැකි  වර්ණ වෙනස් කරන ශාක ගැන විද්‍යාඥයන් අවධානය යොමු කරති.
 යම් දිනක  ඔබ  ආයතනයේ ඇති සමහර පැලෑටි සුදු පාටට හැරෙන බව දක්නා මිනිසුන් කෑ ගසමින් ගොඩනැගිලි වලින් ඉවතට යනු ඔබට දැකගත හැකිවනු ඇත. ඒ එම සුදු පැහැ වු පැලෑටිය විෂ වායුවක් ඇති බව විදහා දක්වන බැවිනි.පරිගණක නිර්මිත පිරික්සුම් ගති ලක්ෂණයක් උපයෝගි කරගෙන වායුගෝලීය අපවිත්‍රකාරකයක් හෝ  ද්‍රව්‍යයක් ඇතිවිට ක්ලොරොෆිල් නිමැවුම නවත්වන පැලෑටි නිර්මාණය කිරීමට ඔවුහු ක්‍රියාකරමින් සිටිති.
 ඇමරිකා එක්සත්  ජනපදයේ ආචාර්ය ජූන් මෙඩ්ෆර්ඩ්ට අනුව බල්ලෙකුගේ නාසයට (ආඝ්‍රාණයට)වඩා දුම්කොළ පැලෑටිය වායුමය අංශුන් හඳුනා ගැනීමට දක්ෂය. ශාකයක් ඒ සඳහා පුහුණු කිරීමක් හෝ විදුලිමය ලෙස බලය කැවීමකට භාජනය කළ යුතු නොවේ.
සිසුන් හා වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සමකාලීනයන් සමග පරිගණක වැඩසටහන් උපයෝගි කරගෙන ශාකවල ක්‍රියාත්මක ස්වභාවික  ප්‍රතිග්‍රාහී ප්‍රෝටීන යළි සැකසිනි.එලෙස විකරණය කරන ලද ප්‍රතිග්‍රාහක පරීක්ෂිත ශාකවල සෛල බිත්ති මතට ඉලක්ක කරන ලදී.
මෙම මුල් පරම්පරාවේ ශාක ඒවා  අසල වායුගෝලීය අපවිත්‍රකාරක හා පුපුරන ද්‍රව්‍ය වලට ප්‍රතික්‍රියා දක්වමින් ක්ලෝරොෆිල් යටපත් කිරීමට පැය කීපයක් තුල ක්‍රියා කලේය. ඉදිරි පරම්පරා වල ශාක විනාඩි කිහිපයකින් එලෙස ප්‍රතික්‍රියා දක්වන තත්වයට ගැනීමට අපේක්ෂා කෙරේ. ස්වභාවික තත්ත්ව යටතේ ප්‍රදර්ශනය නොකරන වර්ණ වෙනසක් පෙන්වීම තුළින් නිවැරදි උපකරණ භාවිත කරගෙන බෝම්බ නිපදවන්නන්  හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ. අපවිත්‍රකාරකය /පුපුරණ ද්‍රව්‍ය ඉවත්කළවිට ශාක යළි සාමාන්‍ය කොළ පැහැය අත්කර ගනී.
ඉව අල්ලන ශාක ගුවන් තොටුපොළ , සාප්පු ,ක්‍රීඩාංගන, පාසල් , නිවෙස් බඳු ඉහළ ත්‍රස්ත අවදානම් ඉලක්ක කෙරෙහි යෙදවීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. සෑහෙන තරම් ශාක ඇතිවිටෙක චන්ද්‍රිකාවන්ට  වුවද වර්ණ වෙනස් වීම් හඳුනාගත හැකි වනු ඇත.
දීර්ඝකාලීන පරීක්ෂණ සම්පුර්ණ වන තෙක් මේ කිසිවක්  සිදු නොවීමට පුළුවන. මෙලෙස ජානමය ලෙස වෙනස් කෙරෙන ශාක බෙදා හැරීමට  අභියෝගයන්  හා නෛතික අභියෝගයන් ජය ගැනීමට සිදුවනු ඇත. මෙම පරීක්ෂණයන්ට ඇමරිකා එක්සත් ජනපදයේ  ස්වදේශාරක්ෂා දෙපාර්තමේන්තුව ,ආරක්ෂණ උසස් පරීක්ෂණ නියෝජිතායතනය, නාවික පරීක්ෂණ කාර්යාලය හා වෙනත් කණ්ඩායම් මුල්‍යාධාර සපයයි.
කර්තෘ බෙන් කොක්ස්වර්ත් පළපුරුදු නිදහස් ලේඛකයෙකි. වීඩියෝ ශිල්පියෙකි. රූපවාහිනි නිෂ්පාදකයෙකි. ඇල්බර්ටාහි ජීවත්වේ.


         http://listverse.com/2013/01/13/10-bizarre-scientific-inventions/

0 comments:

Post a Comment