වෙසක් පෙහෝ දිනය මෙන්ම
අනෙකුත් පෙහොය දිනයන්ද බෞද්ධ ජනතාව භක්තියෙන් සමරති. මාසයකට එක් පොහොය බැගින්
වසරකට පොහොය 12 ක් හෝ13ක් යෙදීමට පුලුවන. 2001 වසරට පොහෝ දින 13 ක් යෙදී තිබුණි.
ඔක්තෝම්බර් මාසයට පොහෝ දිනයන් දෙකක් යෙදී තිබුණි. ඒ 2 දා හා 31 දා යන දිනවලයි.
2002 වසරට ඇත්තේ පොහෝ දිනයන් 12 ක් පමණි.
පොහොය දින හදුනා ගන්නේ
අහසේ සද පූර්ණ ලෙස පායා ඇති ආකරයෙනි. සද අපට පෙනෙන්නේ සූර්ය එළිය සද මත වැදී එය
පරාවර්තනය වී අප වෙත එන නිසාය. එනම් සුර්ය රැස් සද මත වැදී පරාවර්තනය වී අපේ ඇස්
කරා පැමිණෙන නිසාය. සද පොළවට හා සුර්යයාට සාපේක්ෂව පිහිටන ස්ථාන අනුව සද මත සූර්ය
එළිය වැටී ආලෝකමත් වන කොටස වෙනස් වේ. ඒ අනුව සදේ ස්වරූපය විවිධ ආකාරයට වෙනස්
වෙමින් අපට දිස්වේ.
සදේ අපට පෙනෙන්නට තිබෙන
මුහුණුත මුලුමණින්ම සූර්යයගේ අාලෝකය වැටී අලෝකවත් වන දිනය පසළොස්වක ලෙස හදුන්වනු ලැබේ.
එදිනට පොහොය දිනය යෙදේ.එසේම සදේ අපට පෙනෙන
මුහුණතට සූර්ය එළිය නොවැටෙන දිනය අහසේ සද දිස් නොවන දිනයයි. එය අමාවක හෙවත් මාසේ
පොය ලෙස හදුන්වනු ලැබේ.
සද පොළව වටා ගමන් කරන්නේ
රවුම් මාර්ගයක නොව ඉලිප්සාකාර මාර්ගයක් ඔස්සේය.මෙසේ සද පොළව වටා යාමට
දින 27 යි පැය 7 කුත් මින්ත්තු 43.2 ක් ගතවන බව තාරකා විද්‍යාඥයෝ ගණන් බලා තිබේ.
එසේම සද පොළව වටා ගමන් කරන ගමන්ම තමන් වටාද කැරකේ. ඒ සදහා ගතවන්නේද පොළව වටා ගමන්
කරන කාලයම බව සොයා ගෙන තිබේ.
සද පොළව වටා භ්‍රමණය වන
ගමන්ම තමන් වටාද එක හා සමාන කාලයක් ත්‍රල භ්‍රමණය වන නිසා සදේ එක මුහුණතක් පමණක්
හැමදාම පොළව වෙත මුහුණලා සිටීම දක්නට ලැබේ.සද පොළව වටා භ්‍රමණය වන
විට එය සූර්යලෝකයට නිරාවරණය වන ස්වරූපය අනුව අපට දිස්වන සදේ ස්වරූපයද වෙනස් වේ. සද
පොලවට මුහුණලා ඇති කොටසේ අඩක් ආලෝකමත් වී අඩක් අදුරේ දිස්වන දින අටවක ලෙස
හැදින්වේ. මේ අනුව අමාවක සිට පසළොස්වක තෙක් ඇති කාලයෙදී පෙනෙන සද පුර සද ලෙසත්
පසළොස්වක සිට අමාවක දක්වා කාලය තුල පෙනෙන සද අව පස ලෙසත් හැදින්වේ.
ඩිස්කවරි ඇසුරින්
0 comments:
Post a Comment