November 3, 2014

පැනිකොමඩු ගැන ඔබ මේවා දන්නවාද?


 පැනිකොමඩු යනු අප කවුරත් අතර ඉතාමත් ජනප්‍රිය ඉතාමත් රසවත් සෞම්‍ය කලාපීය පලතුරකි·මෙම පලතුරෙහි කැලරි ප්‍රමාණය කෝප්පයක 46 පමණ වන අතර විටමින් ඒ සහ සි තන්තු සහ පොටෑසියමි ඉතාමත් ඉහල අගයක් ගනි ·පැනිකොමඩු පලතුරක් ද එසේ නැතිනමි එළවළුවක්ද යන්න ගැන බොහෝ වාද විවාද ඇතත් බොහෝ අය සලකන්නේ පැනිකොමඩු මෙම දෙවර්ගයටම අයිති බවයි·
          
       එසේම ඔබ දන්නවාද ඔබගේ මොලයේ ධාරන ශක්තිය පැනිකොමඩු මගින් වැඩිකරන බව? පැනිකොමඩු වල අඩංගු විටමින් B6 මොලයේ ක්‍රියාකාරිත්වයට වඩාත් දායක වේ· පැනිකොමඩු වල ඉතා ඉහල ජල ප්‍රතිශතයක් අඩංගු වේ· වැඩි දුරටත් පවසනවා නමි මෙම පලතුරෙහි අඩංගු ජල ප්‍රතිශතය අපගේ මොලයේ අඩංගු ජල ප්‍රතිශතයට සමාන බව පර්යේෂණ මගින් හෙලිවි ඇත·

        පැනිකොමඩු වල 91·05 පමණ ජලය අඩංගු බව සොයාගෙන ඇති අතර මෙම  පලතුර  දින පතා කෑමට ගැනීමෙන් හෝ යුශ පානය කිරීමෙන්     ඔබගේ ශරීරය විජලනයෙන් ආරක්ෂාකරගත හැක·

      පැනිකොමඩු වල විටමින් A බහුලව ඇති නිසා මෙවා ඇස් සදහා වඩාත් ගුණදායක වේ· ඇස්වල පෙනීම වැඩිදිය ණු කිරීමටත් විවිධ ආසාදන වලින් වැලකීමටත් මෙය දායක වේ·  දිනකට 100g ආහාරයට ගැනීමෙන් ඔබේ ඇස්  සෞඛය ආරක්ෂිතව තබාගත හැක·

       පැනි කොමඩු යුෂ Muscle soreness රෝගය සුව කිරීමටද දාය‍කවේ˙මෙහි   බහුලව අඩංගු citrulline රැධිර පීඩනය අඩු කිරීමට සහ රැධිර වාහිනි වල මනා ක්‍රියාකාරිත්වයට දායක‍වේ· මෙම පලතුරෙහි Lycopene සහ carotenoid වර්ණක මගින් uv කිරණ වලින් ආරක්ෂාවත් සම පිලිස්සීමත් සහ සමෙ පිලිකා හට ගැනීමෙන් වැලකීමටත් දායක වේ·
 සැකසුම- ඒ ඒ සි වි අතාවුද        

1 comments:

බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. අපට ලින්ක් එක එවන්න. පිවිසුම මෙතැනින්.

http://blogdharshakaya.blogspot.com/

Post a Comment