November 20, 2014

මෝඩයෙක්ද? බුද්ධිමතෙක්ද? තීන්දුව ජාන වෙනස්වීමේ වේගය මත

මන්දගාමී ජාන වෙනස්වීම් තුලින් වඩා උසස් බුද්ධි මට්ටමක් ළගා කර ගත හැකි බව වේස් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ අණුක පරාණාම විද්‍යාඥ මොරිස් ගුඩ්මාන් පවසනවා.

ගුඩ්මාන් සහ ඔවුගේ සහයකයන් ප්‍රාථමික සත්ත්ව ප්‍රෙභ්ද දුසිම් තුනකට අධික සංඛ්‍යාවකින් ලබා ගත්, ස්වභාවික තෝරා ගැනීමෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන එනම් කේතායන නොකරන DNA කොටස් විශ්ලේෂණය කළා. මානව වර්ගයා දක්වා පරිණාමය වීමේදී DNA වෙනස් ව්මේ වේගයෙහි විශාල අඩු වීමක් පර්යේෂකයන් සොයා ගත්තා. වඩා වැඩි ඥාණ ශක්තියක් හිමි සත්ව ප්‍රෙහ්ද වල DNA වෙනස් වීමේ වේගය ක්‍රමානුකූලව අඩුයි. විශාලම මොළය සහ දිගුම ජීවිත කාලයක් ඇති මානවයන්ගේ සහ චිම්පන්සීන්ගේ DNA වෙනස්වීම් වේගය අන් සියලු ප්‍රාථමික සත්වයන්ට වඩා අඩු බව සොයා ගැනුණා.


DNA වෙනස්වීම මන්දගාමීවීම නිසා සිදු වන්නේ කුමක්ද?

එවිට වෙනස්වීම් ගණනාවක් එකතු වී සෛල මරණ වැලක් සිදු වීමට අවුරුදු ගණනාවක් ගත වෙනවා. වෙනත් වචන වලින් කියතොත් විශාල මොළයක් සහ එම බුද්ධිය හොදින් ප්‍රෙයා්ජනයට ගැනීමට ප්‍රමාණවත් තරම් දීර්ඝ ආයු කාලයක් ලබා ගැනීමේ රහස DNA වෙනස් වීමට තිරිංග යෙදීම විය හැකියි.

කොහොම වුවත් මානවයාගේ ඉදිරි ගමනට තවත් බොහෝ ඉඩ කඩ තිබෙන බව ගුඩ්මන් විශ්වාස කරනවා. වෙනත් සත්වයන් මෙන් නොව පාරිසරික වෙනස් කම් වලට සංස්කෘතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමට අපට පුලුනි. ඒ තුලින් වර්ධනය කරගනු ලබන චර්යාත්මක හැඩ ගැසීම් ජාන මෙන්ම එක් පරම්පරාවකින් අනෙකට මාරු කළ හැකියි.

ඉතින් අපි කවදා හරි අගහරු ලොවේ මිනිස් ජනපද පිහිටුවන්නට තීරණය කළහොත්, එහි පවතින පරිසරය ජෛව විද්‍යාත්මක පරිණාමයේ නවතම වෙනස් වීම් බිහි කිරීමට ඉඩ තිබෙනවා.
ඒ නිසා පරිණාමය අවසන් වී ඇතැයි සිතීම නුවණට හුරු නැහැ.

ඩිස්කවරි ඇසුරින්

0 comments:

Post a Comment