November 12, 2014

හුණු ගල් කර්මාන්තයෙන් ආර්ථිකයට සහ සෞඛ්‍යයට ඇතිවන බලපෑම

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ශීඝ්‍ර වර්ධනයත් සමග ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා ඉහල ඉල්ලුමක් පවතී. එනම් හුණූ  භාවිතය සඳහා සිමෙන්ති ආදියයි. තවද තේ කර්මාන්තයේ දී  භාවිතා වන ඩොලමයිට් සඳහාද විශාල ඉල්ලුමක්  පවතී. එය අපේ රටේ ප්‍රධානතම අපනයන භෝගය වන තේ නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් භාවිතා කරයි.

අපේ රටේ වායු දූෂණය පාලනය සඳහා ප්‍රමානවත් නීති රීති නොමැත. එබැවින් වායු දූෂණය ප්‍රධාන ප්‍රශ්ණයක්ව පවතී. ශ්‍රී ලංකාවේ හුණු කර්මාන්තය දෙස බැලූවිට එයින් පිටවන විෂ දුම හා දූවිලි අංශු මගින් වායු ගෝලයේ පිරිසිදු භාවය සම්පූර්ණයෙන් විනාශ කර ඇත. අවට ජීවත් වන මිනිසුන්ට හා එහි වැඩ කරන මිනිසුන්ට මෙහි බලපෑම විශාල ලෙස පවතී. මෙහි ප්‍රතිඵලය ඒ ආශ්‍රිතව ජීවත්වන මිනිසුන්ගේ ස්වසන රෝග විශාල වශයෙන් වැඩි වී ඇති බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත. මෙවැනි කර්මාන්ත අවට ජිවත්වන මිනිසුන්ගේ මුදල් වැඩි වශයෙන් වැය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහායි. කර්මාන්තවලින් පිටකරණ අප ද්‍රව්‍ය මගින් පරිසර තුලනයට බෙහෙවින් බලපායි. එමෙන්ම මෙම කර්මාන්ත අවට පරිසරය ගත් විට ඉතා වියළි බවක් පෙන්වයි. එයට හේතුව හුණු කර්මාන්තයේ ක්ෂුද්‍ර අංශු හා දුම මගින් ශාක පත්‍ර වැසී පැවතීමයි.

එමෙන්ම මෙම ප්‍රදේශවල උෂ්ණත්වය අනෙක් ප්‍රදේශවලට වඩා ඉහල අගයක් ගනී. ක්ෂුද්‍ර අංශු වායු ගෝලයේදී අක්‍රිය හෝ සක්‍රීය විය හැක. මේ සඳහා නව තාක්ෂණික උපාංග නිෂ්පාදනය සඳහා විද්‍යා දැනුම මෙහෙයවීම අවශ්‍ය වී ඇත.


සැකසුම
S.M.T.K.සමරකෝන්
විද්‍යා හා තාක්ෂණ නිළධාරී
ගඟවට කෝරළය.

0 comments:

Post a Comment