November 14, 2014

දියවැඩියාව පූර්ණ සුවයට මිල අඩු ඖෂධයක් (Diabetes cure)

රුධිර පීඩනය සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ඉතා මිල අඩු ඖෂධයක් මීයන්ගේ දියවැඩියාව 1 වර්ගය (ඉන්සියුලින් එන්නත් කළයුතු) සම්පූර්ණයෙන් සුව කිරීමට සමත් වී තිබේ. එපමක් නොව එමඟින් දියවැඩියාව නිසා හානි වු එම සතුන්ගේ සමහර අවයව සුව වීමද සිදු වූ බව වාර්තා වේ.
බ්‍රිමින්හැම්හි ඇලබමා විශ්ව විද්‍යාලයේ ආචාර්ය අනත් එලිව් වසර 12ක කාලයක් කරන ලද පරීක්ෂණාත්මක සොයාගැනිම් මෙම සුවිශේෂි සොයාගැනීම සඳහා පාදක වී තිබේ. එහි සාර්ථකත්වය නිසා දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස මෙම ඖෂධය සාන මට්ටමේදී මිනිසුන් සඳහා අත්හදා බැලීම් ආරම්භ කර ඇත.

අධ්‍යාතතිය (Hypertension), හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා සහ සමහර හිස රුදා සඳහා ප්‍රතිකාරයක් ලෙස Verapamil ඖෂධය අවු. 30 කට වැඩි කාලයක් රෝගීන් විසින් භාවිතා කර තිබේ. කැල්සියම් නාල අවහිර කරන ඖෂධයක් වූ Verapamil වෙනත් ඖෂධ කිහිපයකට අන්තරා දායක ලෙස ප්‍රතික්‍රියා දක්වයි. එහෙත් ම අනතුරු බරපතල හෝ මා්තික නොවේ. කෙසේවෙතත් ඔක්කාරය, කකුල් ඉදිමීම වැනි මෙම ඖෂධය නිසා ඇතිවන අසාත්මිකතා දියවැඩියා රෝගයට වඩා සරලය. තවද රෝගන් විසින් දීර්ඝ කාලයක්  Verapamil භාවිතා කර තිබීම නිසා එහි සායන ප්‍රතිකාර අත්හදා බැලීම් ඉක්මනින් නිත්‍ය ප්‍රතිකාරයක් ලෙස අනුමත වීමට ඉඩ සලසනු ඇත.

ආචාර්ය අනත් එලීව්ගේ සොයා ගැනීම අනුව අග්න්‍යාශයේ බීටා සෛල වල ඇති TXNIP නම් ප්‍රොටීන මට්ටම අඩු කිරීමට Verapamil ට ඇති හැකියාව නිසා එය දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස සැලකිය හැකිය. අමතර ග්ලූකෝස් මට්ටම සඳහා ප්‍රධාන වශයෙන් අග්න්‍යාශයේදී  හේතු වන ජාන පිළිබඳව එලීව් 2002 වසරේදී මිස්කොසින්  - මැඩියන් විශ්ව විද්‍යාලයේදී පරීක්ෂණ වල නියැලුනි. එහිදී අග්න්‍යාශයේ අමතර ඉන්සියුලීන් නිපදවීම සදහා වඩාත් හේතුකාරකය ලෙස තියෝරෙඩොසින්-ඉන්ටඇක්ටීන් ප්‍රෝටීන (Thioredoxin – Interacting protein) හෙවත් TXNIP නම් ජානය හඳුනා ගෙන තිබේ. තවද අග්න්‍යාශයේ ඉන්සියුලීන් නිපදවන බීටා සෛල දීපිකා සජීවීව තබා ගැනීම සඳහා තියොරෙඩොසින් වැඩියෙන් තිබීමේ අවශ්‍යතාවය අධ්‍යනය කර ඇත. ඒ අනුව දියවැඩියාවට එරෙහි සටනේදි TXNIP පාලනය කිරීම මූලි අවශ්‍යතාවයක් බව එලීව් අනුමාන කළාය.

 
සායන මට්ටමේ අත්හදා බැලිම් ආරම්භ කරමින් එලීව් මෙසේ පැවසුවාය,
Verapamil වලට දියවැඩියාව වැළැක්වීමට හැකි බව පමණක් නොව එමගින් රෝගය ආපස්සට හැරවිය  හැකි බවත් මීයන් ඇසුරින් සාර්ථකව පෙන්නුම් කළා. තවද මිනිස් බීටා සෛල දීපිකා වල  TXNIP ප්‍රමාණය අඩු කළා. එම නිසා මෙම ප්‍රතිකාර මිනිසුන් සඳහා ඵලදායි  ලෙස බලපාවි
උපුටා ගැනීම:

Cheep Blood pressure drug cures diabetes in Mice, Human trial announced – Stphen Luntz 

 https://www.youtube.com/watch?v=De1NCk3hhqw

0 comments:

Post a Comment